ජීවිතයේ අමුතු කතා

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ජීවිතයේ අමුතු කතා

    අපේ ජීවිත ගත කරන කොට එදිනෙදා එක එක සිද්ධි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව. සතුටුදායක සිද්ධි, අසතුටුදායක සිද්ධි.:yes: සමහරවෙලාවට අපි කොච්චර උත්සාහ කලත් යම් යම් දේවල් කරන්න බෑ.:eek: සමහර දේවල් වැඩි උත්සාහයක් නැතිවම කරගන්න පුලුවන්.:D ඒ වගේ දේවල් අපි එක එක විදියට පැහැදිලි කරනව.:yes: සමහරු වාසනාව නැත්නම් ලක් එක / අවාසනාව, එහෙම නැත්නං කරුමෙ, පරණ පින්, ලබා උපන් හැටි, දේව බැල්ම / දේව කෝපය ආදී වශයෙන් පැහැදිලි කරනව. සමහරු හදි හූනියම් විදියට සලකනව. :yes:

    මේවගෙ නොයෙක් සිද්ධීන් වෙනව. අපි ඒවයින් වෙලාවකට පුදුමයටත්:oo:, වෙලාවකට දුකටත්:sorry:, වෙලාවක කෝපයටත්:angry:, වෙලාවක සතුටටත්:D පත් වෙනව. මේ හැම සිද්ධියටම පොදු දේ තමයි ඒව එහෙම උනේ ඇයි කියල පැහැදිලි කරන්න බැරි එක. :yes::yes:
    ඔයාලගේ ජීවිත වලත් එහෙම කතා ඇති.:cool: ඒවට තමයි මේ හුයේ ඉඩ හසර.:cool::cool:

    මේක හොල්මන් අවතාර පිලිඹද නූලක් නෙමෙයි. :no:ඒකට තම එලකිරි භූත කොටුව තියෙන්නෙ.:yes:
     
    • Like
    Reactions: hzr27 and Ditzone

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    දැන් අපිට මොනවද කරන්න කියන්නේ?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම මුලින්ම මගේ කතාවක් දානව පලවෙනි පෝස්ට් එක විදියට.:yes:

    මේක මම කැම්පස් යන කාලෙ වෙච්චි සීන් එකක්. මගෙ කැම්පස් එක මොරටුව.
    මම තුන් වන වසරේ ඉන්න කාලෙ පවුල් ලොකු ආර්ථික ප්රශනයක් තිබ්බ. තාත්තට කිඩ්නි එකක් බද්ධ කරන්න සිද්ධ උනා. ඉතින් ගොඩක් අග හිග කම් මැද්දෙ තමයි ජීවිතේ ගෙනිච්චෙ.
    දවසක් හවස ලෙක්චර්ස් ඉවර වෙලා මම ගෙදර යන්න පිටත් උනා (ගොඩකවෙල - රත්නපුර ඇඹිලිපිටිය පාරෙ තියෙන්නේ ) සල්ලි අහේනිය නිසා ගෙදර යන්න ගානට සල්ලි තිබ්බෙ. මට බස් හතරක යන්න තියෙනව. (කැම්පස් - කටුබැද්ද, කටුබැද්ද - පානදුර, පානදුර - රත්නපුර, රත්නපුර ගොඩකවෙල.) රත්නපුර ගොඩකවෙල අන්තිම බස් එක තිබ්බේ ඒකාලෙ හවස 06 ට රත්නපුරෙන්. ඊට පස්සෙ බස් නෑ. ඒක නිසා පානදුර රත්නපුර ඒ සී එකක තමා යන්නෙ.

    ඔන්න කටුබැද්දෙ ඉදන් පානදුරේට ගිහිල්ල රත්නපුර බස් එකේ නැග්ග. ඒ බස් එකේ සීට් ගානට විතරයි සෙනග උන්නෙ. ඒ සී එකක් නිසා 30 ක් වගේ ඉන්න ඇති. ඔය බස් එක බණ්ඩාරගම හරියට යද්දි තමා කොන්ද ටිකට් කඩන්නෙ. කොන්ද සල්ලි ගන්න කියන කොට තමා මට මතක් උනේ යකොව් කටුබැද්දට ආපු බස් එකේ ඉතිරි සල්ලි ඉල්ල ගත්තෙ නෑ නේද කියල.( ඒ කාලෙ කැම්පස් - කටුබැද්ද රුපියල් දෙකයි. දහයක් දුන්නෙ, ඉතිරි ගන්න බැරි උනා. )
    දැන් රත්නපුරට ගිහින් ඉතුරු දුර යන්න සල්ලි නෑ. බැහැල ඊලගට එන නෝමල් එකේ නැග්ගොත් රත්නපුරේ තමා ඉන්න වෙන්නෙ. මට එදා ගෙදර යන්නම ඕනි සීන් එකක් තිබ්බ මතක හැටියට තාත්තගෙ මෙඩිකල් ටෙස්ට් රිසල්ට්ස් වගයක් දෙන්න. හරියට මත නෑ. මේ කියන්නෙ 2000 අවුරුද්දෙ.

    වෙන දෙයක් වෙච්චාවෙ පුලුවන් දුර ගිහින් ඉතුරුටික පයින් හරි යනව කියල හිතාගෙන සල්ලි අතට අරන් ලෑස්ති උනා.
    මට පිටිපස්සෙ සීට් එකේ දෙන්නෙක් උන්න. මගෙ සීට් එකේ උන්නෙ මම විතරයි.

    කොන්ද ටිකට කඩාගෙන ඇවිත් (ඒ කාලෙ එක ටිකට් එකයි, 50යි ගාන, ඒක දෙනව බහින තැනක් ඇහිල්ලක් නෑ) මගෙ ගාවට ඇවිත් ටිකට් එක දුන්න. මම සල්ලි දුන්නම මිනිහා ඒක නොගෙන ඊගාව එක්කෙනා ගාවට ගියා.

    අහම්බයක් වෙන්න පුලුවන්. ඒත් එහම වෙන්න තියෙන චාන්ස් එක හෙනම අඩුයි. ඒසී බස් එකක්, සෙනගත් වැඩිය නෑ. මම කවදාවත් නොදැක්ක කොන්දේක්. මම සල්ලි දෙනව නොදැකත් නෙමෙයි, ඉබ්බ ගහන සීන් එකක් තිබ්බෙත් නෑ. මිනිහ ආයෙ මගෙ දිහාවවත් බැලුවෙ නෑ.

    කොහොම හරි ඒ නිසා මම කරදරයක් නොවී ගෙදර ගියා. ගෙවල් හන්දියෙන් බැහැල ප්ලේන්ටී එකයි වඩෙකුත් කාල ගියෙ.

    මමනම් හිතන්නෙ කවුරු හරි නොපෙනෙන කෙනෙක් මට ඒ වෙලාවෙ පිහිට උනා කියල තමයි. තව ඔය වගේ සිද්ධි තියෙනවා. හිමින් කොටන්නම්කො.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    විශ්වාස කරන්නත් බැරි, ඒත් ඇත්තටම සිද්ධවෙන, උනේ කොහොමද කියල පැහැදිලි කරගන්න බැරි සිදුවීම්....
    ඇහැට පේන, කණට ඇහෙන පරාසයට වඩා එහා ගිය දේවල්...
    අපි හැමෝටම අත්විඳින්න ලැබෙනවා....පුළුවන් උනොත් හිමීට එකක් දෙකක් කොටන්නම්

    11.gif
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මේක මම කලින් දාපු එකක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1734644

    මචන්ලා උඹල නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරනවද, එහෙම නැත්නම් එහෙම දේවල් තියනව කියල හිතනවද?

    මමත් මතක ඇති කලේ ඉඳල එහෙම දේවල් වලට හිනා උනා කෙනෙක්. ඒත් පෙරේද උන සිද්දියක් නිසා තවත් මේ දේවල් ගැන හිනා වෙන්න පුළුවන් කමක් නැහැ.

    මේක පොඩි සිද්දියක් වෙන්න පුළුවන් ඒත් මගේ හිතට මේක සැහෙන ගැටළුවක්.

    කෙටියෙක් කියන්නම් කියවල කියන්න බලන්න මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද එහෙම නැත්නම් මගේ හිතේ මවුන දෙයක්ද කියල.

    මම දැනට ඉන්නෙ ලංකාවෙන් පිට රටක. මෙහෙ ජොබ් එකක් කරනව. හැමදාම 9 ඉඳල 5 වෙනකන් වැඩ කලත් සාමාන්යෙන් වැඩ වැදී දවසකට රෑ 12, 1 විතරත් වෙනව.

    පෙරේදත් ඔහොම වැඩ ඉවර වෙනකොට වෙලාව 1. වාහනේ නැති රෑ වෙන දවස වලට මම ගෙදර යන්නේ එහා පැත්තේ 7elevan එකේ වැඩ කරන පොර එක්ක, පොර ඉන්නෙත් මම ඉන්න කිට්ටුවම තමා.

    එදත් ඔය වගේ වැඩ ඉවර වෙලා පොර කතා කලා මට ගෙදර යන්න, මාත් එලියට ගිහින් උගේ කාර් එකට ඇවිදගෙන යනකොට මීටර් උනේ ෆෝන් එක තාම ඇතුලේ නේද කියල.

    අපහු ගිහින් ෆෝන් ඒක අරං එලියට එනකොටම මතක් උනා අතේ තිබුන bag එක මේසේ උඩ කියල.

    අයෙත් ගිහින් ඒකත් අරං එනකොට මාව කකුල පැටලිලා වැටෙන්න ගියා, යාළුවා දැන් බලන් ඉන්නව මම එනකන්. ඒත් දැන් මගේ හිතට හරි අමුත්තක් දැනෙනව, කව්රුහරි කියනව වගේ දැන් යන්න එපා කියල.

    ටව ටිකක් ඉඳල කැබ් එකක් අරං යනව කියල මම පොරට යන්න කිව්ව. එහම පයක් විතර ඉඳල ගෙදර ගිහින් නිදා ගත්ත.

    ඊයේ දවල් වෙනකොට තමා ආරංචි උනේ මගේ යාළුවා ගිය වාහනේ accident වෙලා. සැහෙන්න damage උනත් පොරගේ ජීවිතේ බේරෙයි කියල තමා කිව්වෙ. මම ගිහින් වාහනේ බැලුවහම තමා අංග සීතල වෙලා ගියේ.

    හරියටම වැදිලා තියෙන්නෙ driving seat එකට අනිත් පැත්ත. ඒ පැත්තක් නෑ රොටියක් වෙන්න චප්ප වෙලා. මම එතන හිටියනම්...

    මට හිතෙන්නෙම මාව කව්රු හරි බේරුව කියල.. මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද බන්. උඹලගේ අදහසුත් කියල යන්න.
     
    ඔව් එහෙම දේවල් වෙන්න පුලුවන්. මම ඔය සුනාමි කෝච්චියට නගින්න හිටියෙ. කොහොමහරි වෙන සීන් එකක් නිසා කලුතර ස්ටේසමට ගිහිනුත් නැග්ගෙ නෑ. නැග්ගනම් බඩුම තමා. භාදාවක් වෙලා නැවතුනා. :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම මුලින්ම මගේ කතාවක් දානව පලවෙනි පෝස්ට් එක විදියට.:yes:

    මේක මම කැම්පස් යන කාලෙ වෙච්චි සීන් එකක්. මගෙ කැම්පස් එක මොරටුව.
    තන්නෙ කවුරු හරි නොපෙනෙන කෙනෙක් මට ඒ වෙලාවෙ පිහිට උනා කියල තමයි. තව ඔය වගේ සිද්ධි තියෙනවා. හිමින් කොටන්නම්කො.

    uba ahala polawa gata gagaha salli ganinawa
    aulen innawa dakinna ati bn manussaya
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේක නං චා සීන් එකක්,

    මට අවුරුදු දෙකක වගේ කාලයක් තිබ්බා ජොබ් සෙට් වෙන්නෙම නැ දාන දාන ජොබ් එක කෙල වෙනවා, එක සිද්දියක් කියන්නම්,

    ඔන්න ඉන්ටවිව් එකකට යන්න ලෑස්ති වෙලා තාත්තාගෙන් කාර් එකත් ඉල්ලන් යන්න කියල ටයි එහෙම දාලා කාර් එකේ යතුර හෙව්වා,

    දැන් දාඩිය දාගෙන හොයනවා බඩු නැ,

    නිකමට කාර් එකේ දොරෙවත්ද කියලා බලන්න යද්දී යතුර ඇතුලේ දාලා ලොක් කරලා කියහන්කෝ,

    මට ජීවිතේට ඔය වැඩේ වෙන්නේ නැ,

    දැන් ඉතින් බස් එකේ යන්න වෙලාවකුත් නැති නිසා ඕනේ මගුලක් කියල කොහොම හරි අර ගන්නවා කියලා ගේමට බැස්සා (අර හැගර් එකේ කම්බිය දාලා දොරවල් අරින්න මම හෙන දක්ෂයා යාලුවන්ගේ කාර් ලොක් උනහමත් මාව තමා එක්කන් යන්නේ) මාත් ඉතින් ඉස්කුරුප්පු නියන ගහල කම්බිය බස්සන්න හැදුවා විතරයි ග්ලාස් එක ක්‍රැක් වුණා කියහන්කෝ, නිකන් ඉස්කුරුප්පු නියන තිබ්බ විතරයි.

    දැන් ඉතින් මේකේ යන්නත් බැනේ යාලුවෙක්ට කෝල් කරලා උත් එක්ක ගියා පට්ට ට්‍රැෆික් එකකුත් සෙට් වෙලා එදා ඉන්ටවිව් එකට බඩු.

    ගෙදර ඇවිත් තාත්තා එන්න කලින් ග්ලාස් එක දැම්මා, ගිය ගොඩක් ඉන්ටවිව් වලට වෙලාවට යන්න හම්බුනේම නැ,

    බැරිම තැන AL qualification විතරක් අහන ජොබ් වලටත් දැම්මා,

    එකකට ගියා ටෙස්ට් එකක් තිබ්බා IQ එකෙන් ලකුණු වැඩිම තිබ්බේ මට, අනිත් ඔක්කොම වගේ හිටියේ පොඩි කොල්ලෝ මම නාකියා (නාකියා කිව්වේ අර අවුරුදු 18 කොල්ලෝ එක්ක මට ඒ කාලේ 24ක්) එකටත් ඉන්ටවිව් එකට ඇතුලට ගියා නෝමල් එකේ ප්‍රශ්න ටික අහලා සිර්ටිෆිකෙට් ෆයිල් එක බලලා මුන් කියපි ඔයාට තමා ලකුණු වැඩියෙන්ම තිබ්බේ ඔයාව තමා ගන්න හිටියේ එත් මේ තියන කොලිෆිකසන් එක්ක ඔයාව මෙතනට ගන්න එක අපරාදයක් එක නිසා ගන්න වෙන්නේ න කිව්වා නේ,

    දැන් කරන ජෝබ් එකේ ඉන්ටවිව් එකට නං කිසිම අව්ලක් නැතුව වෙලාවට ඇවිල්ලා ඉන්ටවිව් බෝඩ් එකත් කොර කරා (ඒ තරමට ඉන්ටවිව් වලට ෆේස් කොරල තිබ්බා) ....................
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    uba ahala polawa gata gagaha salli ganinawa
    aulen innawa dakinna ati bn manussaya

    ඌ දැක්කෙ නෑ මචං. ඌ හිටියෙ ඩ්‍රයිවර් ගාව ජම්පිං සීට් එකේ වාඩිවෙලා කැසට් පීස් තෝරන ගමන්.:D ජර්නි බස් එකක්. සීට් එකක් පිටිපස්සෙ මම වාඩි වෙලා උන්නෙ. ඒකා දැක්කෙ නෑ කියල සුවර්.:yes:
     
    • Wow
    Reactions: Inigo Montoya

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මටත් පොඩි සිද්දි දෙක තුනක් වෙලා තියෙනවා.දැන් අව්රුද්දකට වගේ කලින් උනු සිද්දියක් මේ .ඉස්සර අපේ OFFICE එකේ පඩි දෙන්න ගොඩක් පරක්කු වෙනවා (දැනුත් එහෙම තමා )සමහර වෙලාවට පඩිය දෙන්නේ තුන් පාරකට.ඉතින් මාසේ වියදම් ටික කර ගන්නේ හෙන අමාරුවෙන්.කොහොම හරි මාසේ අන්තිමට ණයටත් එහෙන් මෙහෙන් ඉල්ලා ගන්නවා.එක මාසෙක ඕක තදින්ම බලපැව බස් එකේ යන්න වත් සල්ලි නැති උන.එක දවසක් උදේට එන්න විතරය් අතේ සල්ලි තිබුනේ කාගෙන් හරි පොඩි රෝලක් ගහගන්න හිතාගෙන හිටියට එදා කොහෙන් වත් හොයා ගන්න බැරි උනා.හවස බස් එකට RS 20/=ක් යනවා පාරට ගිහින් පර්ස් එකේ බලනකොට තිබුනේ RS 8/=.ය් කරන්නම දෙයක් නැති නිසා 8 ටිකට් එකක් අරගෙන යන්න හිතාගෙන බස් එකට නැග්ග .සෙනගත් වැඩිය නැති නිසා ලේසියෙන්ම අය්නක හිටගෙන ටික දුරක් එනකොට බිම බැලුන.අම්මට සිරි මෙන්න RS 20/= ක් මගේ කකුල් දෙක ගාව බිම .මගෙ නොවෙන දෙයක් ගන්න එක වැරද්දක් උනත් ඒ වෙලාවේ වෙන කරන්නම දෙයක් නැති නිසා ඒ 20 අරගෙන ටිකට් 1ක් ගත්ත .