ජීවිතයේ අමුතු කතා

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ සිද්දිය උනේ ඉස්කෝලේ 9-10 වසරේ වගේ. දවසක් මට ඉස්කෝලේ යන්න හිතුනෙම නෑ මොකක් හරි වෙයි කියලා. ඒත් මොකක් වෙයිද කියලා අවබෝධයක් නෑ.ඕනේ එකක් කියලා ගෙදරටත් කිව්වා අද ඉස්කෝලේ යන්න බෑ අමුත්තක් දැනෙනවා කියලා. ඒ කාලේ හිටපු ගෙදර කුස්සි දෙකක් තිබුනා. එලියේ එක පස්සේ හැදුවේ. හැබැයි ඒකේ තිබ්බේ ග්‍රිල් දොරක්.ග්‍රිල් දොර වහලා තිබ්බට මෙහා පැත්තේ කුස්සියේ දොර ගේ ඇතුලට නිතරම ඇරලා තියෙන්නේ.මම ඉස්සර නිතරම කූල් වතුර බිව්වේ. වතුර එකක් බොන්න ෆ්‍රිජ් එක ගාවට ගියා විතරයි මොකෙක්ද කකුලට කෙටුවා වගේ දැනුණා.ඒ ගමන්ම කකුල පිටිපස්සට ගත්තා. මොකෙක්වත් පේන්න හිටියේ නෑ. ෆ්‍රිජ් එක ගාව අඳුරු පාට පාපිස්සකුත් තියෙනවා. මම අම්මට කතා කරන්න සාලේ පැත්තට ගියා. අම්මත් ඇවිල්ලා බැලුවම අපි දැක්කා නයෙක් හරි කුනකටුවෙක් වගේ එකෙක් ඇදිලා යනවා(අනිවා විෂ එකෙක්) අනික් කුස්සියේ ග්‍රිල් දොර පැත්තට.පස්සේ බැලුවම කකුලේ ඇඟිල්ලක හිරීමක් වගේ තියෙනවා අරූගේ දත් පාර වැදිච්ච එක.99 බේරිලා තියෙන්නේ. දශමයක් එහා මෙහා උනා නම් ඇඟිල්ල හිල් වෙන්න වදින්නේ.ඉස්කෝලේ ගියානම් වාහනේකට හරි යට වෙන්න තිබ්බ දවසක්. කාපු එකා කෑවේ ගෙදර ඇතුලටම ඇවිල්ලනේ. අපි ඒ ගෙදර හිටපු කාලේ එහෙම සතෙක් ආපු පළවෙනි වතාව. පස්සේ කාලෙක Final Destination ෆිල්ම් එක බැලුවම ඔය සිද්දිය මතක් උනා.
     
    Last edited:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මම මුලින්ම මගේ කතාවක් දානව පලවෙනි පෝස්ට් එක විදියට.:yes:

    මේක මම කැම්පස් යන කාලෙ වෙච්චි සීන් එකක්. මගෙ කැම්පස් එක මොරටුව.

    මම තුන් වන වසරේ ඉන්න කාලෙ පවුල් ලොකු ආර්ථික ප්රශනයක් තිබ්බ. තාත්තට කිඩ්නි එකක් බද්ධ කරන්න සිද්ධ උනා. ඉතින් ගොඩක් අග හිග කම් මැද්දෙ තමයි ජීවිතේ ගෙනිච්චෙ.

    දවසක් හවස ලෙක්චර්ස් ඉවර වෙලා මම ගෙදර යන්න පිටත් උනා (ගොඩකවෙල - රත්නපුර ඇඹිලිපිටිය පාරෙ තියෙන්නේ ) සල්ලි අහේනිය නිසා ගෙදර යන්න ගානට සල්ලි තිබ්බෙ. මට බස් හතරක යන්න තියෙනව. (කැම්පස් - කටුබැද්ද, කටුබැද්ද - පානදුර, පානදුර - රත්නපුර, රත්නපුර ගොඩකවෙල.) රත්නපුර ගොඩකවෙල අන්තිම බස් එක තිබ්බේ ඒකාලෙ හවස 06 ට රත්නපුරෙන්. ඊට පස්සෙ බස් නෑ. ඒක නිසා පානදුර රත්නපුර ඒ සී එකක තමා යන්නෙ.

    ඔන්න කටුබැද්දෙ ඉදන් පානදුරේට ගිහිල්ල රත්නපුර බස් එකේ නැග්ග. ඒ බස් එකේ සීට් ගානට විතරයි සෙනග උන්නෙ. ඒ සී එකක් නිසා 30 ක් වගේ ඉන්න ඇති. ඔය බස් එක බණ්ඩාරගම හරියට යද්දි තමා කොන්ද ටිකට් කඩන්නෙ. කොන්ද සල්ලි ගන්න කියන කොට තමා මට මතක් උනේ යකොව් කටුබැද්දට ආපු බස් එකේ ඉතිරි සල්ලි ඉල්ල ගත්තෙ නෑ නේද කියල.( ඒ කාලෙ කැම්පස් - කටුබැද්ද රුපියල් දෙකයි. දහයක් දුන්නෙ, ඉතිරි ගන්න බැරි උනා. )

    දැන් රත්නපුරට ගිහින් ඉතුරු දුර යන්න සල්ලි නෑ. බැහැල ඊලගට එන නෝමල් එකේ නැග්ගොත් රත්නපුරේ තමා ඉන්න වෙන්නෙ. මට එදා ගෙදර යන්නම ඕනි සීන් එකක් තිබ්බ මතක හැටියට තාත්තගෙ මෙඩිකල් ටෙස්ට් රිසල්ට්ස් වගයක් දෙන්න. හරියට මත නෑ. මේ කියන්නෙ 2000 අවුරුද්දෙ.

    වෙන දෙයක් වෙච්චාවෙ පුලුවන් දුර ගිහින් ඉතුරුටික පයින් හරි යනව කියල හිතාගෙන සල්ලි අතට අරන් ලෑස්ති උනා.

    මට පිටිපස්සෙ සීට් එකේ දෙන්නෙක් උන්න. මගෙ සීට් එකේ උන්නෙ මම විතරයි.

    කොන්ද ටිකට කඩාගෙන ඇවිත් (ඒ කාලෙ එක ටිකට් එකයි, 50යි ගාන, ඒක දෙනව බහින තැනක් ඇහිල්ලක් නෑ) මගෙ ගාවට ඇවිත් ටිකට් එක දුන්න. මම සල්ලි දුන්නම මිනිහා ඒක නොගෙන ඊගාව එක්කෙනා ගාවට ගියා.

    අහම්බයක් වෙන්න පුලුවන්. ඒත් එහම වෙන්න තියෙන චාන්ස් එක හෙනම අඩුයි. ඒසී බස් එකක්, සෙනගත් වැඩිය නෑ. මම කවදාවත් නොදැක්ක කොන්දේක්. මම සල්ලි දෙනව නොදැකත් නෙමෙයි, ඉබ්බ ගහන සීන් එකක් තිබ්බෙත් නෑ. මිනිහ ආයෙ මගෙ දිහාවවත් බැලුවෙ නෑ.

    කොහොම හරි ඒ නිසා මම කරදරයක් නොවී ගෙදර ගියා. ගෙවල් හන්දියෙන් බැහැල ප්ලේන්ටී එකයි වඩෙකුත් කාල ගියෙ.

    මමනම් හිතන්නෙ කවුරු හරි නොපෙනෙන කෙනෙක් මට ඒ වෙලාවෙ පිහිට උනා කියල තමයි. තව ඔය වගේ සිද්ධි තියෙනවා. හිමින් කොටන්නම්කො.

    කොන්දට උබේ මූණ දැක්කම සල්ලි නෑ කියල තේරෙන්න ඇති. දවසට ඒ වගෙ එක මනුස්සයෙක් හරි සෙට් වෙනව ඇති බස් එකෙ. කැම්පස් කියලත් තේරෙන්න ඇති. ඉතින් හිතලම සල්ලි ඉල්ලුවෙ නැතුව ඇති.
     
    • Like
    Reactions: Inigo Montoya

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මේක මගේ අත්දැකීමක්.................... මේක උනේ මට හනිමුන් ගිහිල්ල............ ගියේ බියගම විලේජ් එකට........ අපේ හෝම් කමින් දවසෙ උදේ පාන්දර මම හීනයක් දැක්ක අපිට සර්විස් එක දුන්න රූම් බෝයි දොරට තට්ටු කරල මට කියනව "සර් මගෙ අම්ම අසනිප‌ වෙලා, එක නිසා මම නිවාඩු යනවා බදුල්ලෙ. මට මහත්තයලට දුන්න සර්විස් එකට දෙන ටිප් එක ඉල්ලන්න ආවෙ, නිවාඩු යන්න කලිං" කියල. එකට මට රිඇක්ට් කරන්න ඉස්සෙල්ල එකපාරටම මට ඇහැරුනා නිකං ගැස්සිලා වගේ. (වෙලාව හරියටම 0330යි) වයි‌ෆුත් ඇහැරුනා ඒ එක්කම මගෙන් ඇහුව මොකද කියලා. ඉතිං මම සීන් එක කිව්ව. පස්සෙ එහෙම්මම නින්ද ගියා. එදා හවස හනිමුන් ඉවර වෙලා එන දවසේ අපිට සර්විස් එක දුන්න රූම් බෝයිට කියල බිල් එක ගෙන්න ගෙන බිල් එක සෙට්ල් කලා. ඊට විනාඩි 20ට 30ට විතර පස්සෙ මතක් උනා මම මේ මනුස්සයට ටිප් එකක් දුන්නෙ නැහැ නේද කියල....... පස්සෙ මම ආයෙත් කාමරේ බෙල් එක ගහල බලං හිටිය මේ මනුස්සය එනකං.... දොර ඇරල බලනකොට වෙන කෙනෙක් ඉන්නෙ...... ඉතිං මම ඇහුව අපිට සර්විස් එක දුන්න නෙකා කෝ කියල..... ආ ...... එයාගෙ අම්ම අසනීප වෙලා ගෙදර ගියා කියල කිව්ව...... මම තක්කු මුක්කු උනා මේ මොකද්ද මේ උනේ කියලා........ පස්සෙ මම ඇහුව එයාගෙ ගෙවල් බදුල්ලෙද කියලා. මෙයා කිව්වනෙ ඔව් කියලා මම තවත් ශොක් උනා. මේක කොහ‌ොමද උනේ කියලා...... තාමත් හිතා ගන්න බෑ ......... හරිම පුදුමයි.....................වයිෆ්ට ඇන්දුවෙ අපේ ඥාති අක්ක කෙනෙක්..... එයා කිව්ව මම හීනෙ දැකපු වෙලාව අනුව සමහර වෙලාවට හීන හැබෑ වෙනව කියල...... මම නං ඒ වෙනකං ඒ වගක් දැන උන්නෙ නැහැ..... කෙහොම උනත් ඒකනං මාරම මාර සිද්දියක් තමයි........
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    dannema nati kenek gena dekapu amuthu heenayak mcho.. mara siddiyak..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    මාරයිනෙ
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    උබලට මතකද මේ ලඟදි අර ඉන්දියන් ෆ්ලයිට් එකක් කඩන් වැටුන .. ඔන්න ඔය සිද්දිය වෙන්න දවසකට කලින් අපේ වයිෆ් හිනෙන් දැකල තියනවා ෆ්ලයිට් එකක් කඩන් වැටෙනවා හැබැයි රටක් දන්නෙනැ හැබැයි ෆ්ලයිට් එකක් කඩන් වැටෙනවා ..
     
    • Like
    Reactions: Inigo Montoya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මමත් කථාවක් එකතු කරන්නම් අපේ මාමා ගැන. එයා මැරෙන්න කලින් දවසේ ගමේ එයාගේ යාලුවෝ නෑදෑයෝ එයා ආශ්‍රය කරපු හෙමොගේම වගේ ගේදර ගිහිල්ලා හැමෝ එක්කම කියලා "නොදැන හරි මගෙන් වරදක් උනානම් සමාවෙන්න කියලා" හැමෝටම ඒ වෙලත් පුදුම හිතිලා එයාගහැසිරීම ගැන, එදාම හවස 6 ට විතර එයා ගේදර පිටිපස්සේ පොල් ගහට නැගල වසකුප්පියක් කටේ හලාගෙන මැරුණා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මමත් කථාවක් එකතු කරන්නම් අපේ මාමා ගැන. එයා මැරෙන්න කලින් දවසේ ගමේ එයාගේ යාලුවෝ නෑදෑයෝ එයා ආශ්‍රය කරපු හෙමොගේම වගේ ගේදර ගිහිල්ලා හැමෝ එක්කම කියලා "නොදැන හරි මගෙන් වරදක් උනානම් සමාවෙන්න කියලා" හැමෝටම ඒ වෙලත් පුදුම හිතිලා එයාගහැසිරීම ගැන, එදාම හවස 6 ට විතර එයා ගේදර පිටිපස්සේ පොල් ගහට නැගල වසකුප්පියක් කටේ හලාගෙන මැරුණා
    ඒකෙ අමුත්තක් නෑනේ