රන්ජන් චෝදනා කරන වාහන 1600
පිටකෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක පවත්වගෙන ගිය වාහන අංගනයේ ඇති වාහන 53 සම්බන්ධයෙන් එජාප රජය විසින් පසුගිය මාසයේ විශාල ආන්දෝලනයක් මතු කරනු ලැබුවා. ලලිත් වීරතුංග මහතා පහත වීඩියෝවෙන් ඒ ගැන පැහැදිළි කරනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී භාවිතයට ගත් වාහන පවා එම අංගනයේ තියෙනවා.
එම වාහන අධි ආරක්ෂිත වාහන වන බැවින් සාමන්‍ය වෙළඳපොලේ විකිණීමට හෝ භාවිතයට දීමට නොහැකියි.
එලෙස බෝම්බ ප්‍රහාරයකට ලක් වූ වාහන අසළ තිබී සුළු අලාභ වුණ රජයට අයත් අනෙක් වාහන පවා මෙහි ගාල් කර තිබෙනවා.
මේවාට අදාල පරීක්ෂණ අවසන් වුවද ඉදිරියේදී යම් හෙයකින් නැවත පරීක්ෂණ සිදු කරන්න වුවහොත් මේ වාහන ඊට සාක්ෂි ලෙස තබා ගත යුතු වීම මෙලෙස ගාල් කර තිබීමට තවත් හේතුවක්.
පහත දැක්වෙන්නේ එහි තිබූ වාහන වලින්, බෝම්බ ප්‍රහාරයන්ගෙන් සෘජුවම අනතුරට ලක් වූ වාහන කිහිපයක පින්තූරයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔය අතරේ කවුරුත් දන්නා රන්ජන් රාමනායක මහතා මේ ගැනත් මෙසේ තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.
![]()
අදාල BBC ලිපියේ සඳහන් වෙලා තියෙන්නේත් වාහන 53 ක් ගැනයි. ඒත් රන්ජන් රාමනායක මහතා අතිනුත් වාහන 1547 ක් දාලා වාහන 1600 ක චෝදනාවක් රාජපක්ෂවරුන්ට බැර කරනවා.
![]()
u dekala tiyenne wahana tika witarai



Munge redde badu pita badu gahana anduwata kelawelama yanna ona



