***ජනතාවට පටි තද කර ගන්න කියලා ඇයි ඔබතුමන්ලා මෙපමණ මුදලක් වැය කොට වාහන මිළදී ගන්නේ?***
***කෝටි ගණනක් වැය කිරීමට අවශ්‍යද?***
****ඇමතිවරුන් කැප කිරීමක් කරන්නේ නැද්ද?****
ඉන්දියාවේ ඇමැතිවරුත් දැන් අපි වගේ - රාජිත
***කෝටි ගණනක් වැය කිරීමට අවශ්‍යද?***
****ඇමතිවරුන් කැප කිරීමක් කරන්නේ නැද්ද?****
ඉන්දියාවේ ඇමැතිවරුත් දැන් අපි වගේ - රාජිත
රුපියල් කෝටි ගණනක් වැය කොට මෝටර් රථ මිලදී ගනු ලබන්නේ ඇමතිවරුන්ගේ වැඩ කිරීමට නොව ජනතාවට සේවය කිරීමට බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.
අද බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීමේ තීරණය පිළිබඳ බීබීසී සංදේශය ප්‍රශ්න කළ අවස්ථාවේදී.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති මන්දිරයට පමණක් මෝටර් රථ 1500ක් පමණ ලබාගෙන තිබූ බව සඳහන් කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක අවශ්‍යතාවයට සරිලන ලෙස නියමිත ක්‍රමවේදයට අනුව තම රජය මෝටර් රථ මිලදි ගන්නා බවයි කියා සිටියේ.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ වසර විස්සකින් පමණ නිසි ලෙස අමාත්‍යංශවලට වාහන මිලදී ගෙන නොමැති බවයි.මෝටර් රථ මිලදී ගැනීමේදී නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක්කේ ඇයිදැයි යන්න සංදේශය අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත මෝටර් රථ අවශ්‍ය බවයි.
අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් දාහත් කෝටි පනස් පන්ලක්ෂයක (117,5500000) මුදලක් ඉල්ලා පරපුරක ඇස්තමේන්තුවක් රජය විසින් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.




Munge redde badu pita badu gahana anduwata kelawelama yanna ona