Colombo Awissawella Road blocked by area residents

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,061
    16,788
    113
    ගෙවල් දොරවල් විනාශවෙලා
    පාරට වැටුණු අප ගැන බලන්න කවුරුවත් ආවේ නෑ
    සාලාව අවට ජනතාව කියති

    අවි ගබඩාව පිපිරීමෙන් විනාශ වෙච්ච අපේ නිවාස ගැන බලන්න කව්රුත් ආවේ නැහැ. තාවකාලිකව වහලයට දාගන්න ටකරන් කෑල්ලක්‌වත් දුන්නේ නැහැ. ඒත් සාලාව කෑම්ප් එක ටකරන් දාලා වහ ගත්තා. අපි මහ පාරේ දුක්‌ විඳිනවා යෑයි කොස්‌ගම සාලාව ප්‍රදේශයේ ජනතාව "දිවයින"ට ඊයේ (8 දා) කියා සිටියහ.කොස්‌ගම සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විනාශයට පත්වූ ප්‍රදේශයේ දිවයින ඊයේ කළ සංචාරයකදී ප්‍රදේශවාසීහු එසේ කියා සිටියහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සාලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ මෙසේද පැවසූහ.

    අපි අවුරුදු ගාණක්‌ හරි හම්බකරපු දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. කෑම්ප් එක කිට්‌ටුව තියෙන රණවිරුගම පදිංචි අය ගැන විතරයි ආමි එක හොයල බලන්නේ. ඒ අය ආමි එකේ හිටිය අය නිසා වැඩි සැලකිල්ලක්‌ දක්‌වනවා.

    ඒත් අපි ගැන බලන්න නිකමටවත් කව්රුත් ආවේ නැහැ. අද අපට ඉන්න හිටින්න තැනක්‌ නැහැ. අපේ දුක බලන්න කව්රුත් එන්නේ නැහැ.

    රජයේ නිලධාරීන් වාහනවල ඇවිත් මාධ්‍ය සංදර්ශන තියලා යනවා. දැන් දවස්‌ තුනක්‌ වෙනවා අපිට ඉන්න හිටින්න තැනක්‌ තාවකාලිකව හරි හදලා දීලා නැහැ.

    කෑම්ප් එක අවට පදිංචිවෙලා හිටිය අයගේ ගෙවල් 450 ක්‌ විතර විනාශ වෙලා. සමහර ගෙවල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින්. මුරුතගම, කටියගම, ආනන්දගම ඇතුළු තවත් ගම්මාන කීපයක මිනිස්‌සු අද ඉන්නේ මහ පාරේ. අපට කන්න බොන්න ටික විතරක්‌ ලැබෙනවා. අනිත් කිසිවක්‌ ලැබිලා නැහැ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,061
    16,788
    113
    සාලාව අවි ගබඩාව විනාශවීමත් සමග යුද හමුදාවේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සඳහා චෙක්‌ රාජ්‍ය සහ ස්‌ලෝවැකියා යන රටවලින් ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙයට හේතුවී ඇත්තේ යුරෝපා සංගමය තම සාමාජික රටවලට ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ සැපයීම තහනම් කිරීමයි.වන්නි මෙහෙයුමේදී සිවිල් ජනතාව වෙත මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාර එල්ල කළ බවට ඊළාම් ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය වෙත සාවද්‍ය පැමිණිල්ලක්‌ යොමු කර තිබුණි.

    ශ්‍රී ලංකා හමුදාවේ දැඩි ප්‍රහාරක බලයක්‌ තිබුණේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මත බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.

    සාලාව අවි ගබඩාව ගිනි ගන්නා අවස්‌ථාවේ එහි ග්‍රාඩ් රොකට්‌ 20000 ක්‌ පමණ තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,061
    16,788
    113
    6-1.jpg

    කොස්‌ගම සාලාව අවි ගබඩාව විනාශවීමට මුල්වූ හේතුව මෙතෙක්‌ හෙළිවී නැත. අකුණු ගැසීමේ සිට විදුලි කාන්දුවක්‌ දක්‌වා සිදුවී ඇති බවට තොරතුරු ප්‍රචාරය වී ඇත.

    එක්‌ මේජර් ජනරාල්වරයෙක්‌ පැවසුවේ අවි ගබඩා පිපිරීම සාමාන්‍ය සිදුවීමක්‌ බවයි. ඔහු යුද්ධ සමයේ සේවයට බැඳී හමුදා මූලස්‌ථානයේ සේවය කළ අයෙකි.

    එහෙත් කොස්‌ගම සාලාව ප්‍රදේශයේ පිපිරී ගියේ සාමාන්‍ය අවි ගබඩාවක්‌ නොවේ.

    මෙම පිපිරීම සිදුවන අවස්‌ථාවේ ගිනි නිවීමේ අභ්‍යාසයක්‌ පැවැති බව ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. කොතරම් ආශ්චර්යමත් ප්‍රකාශයක්‌ද? අවි ගබඩාවක්‌ සමීපයේ ගිනි නිවීමේ අභ්‍යාස පවත්වන රටවල් ලොව තිබෙන්නේ කොහේද?

    කොස්‌ගම සාලාව අවි ගබඩාවේ පසුබිම හා මතුවී ඇති ප්‍රශ්න මෙසේයි.

    1. වන්නි මෙහෙයුම සමයේ අතිශයින්ම රහසිගත අවි ගබඩාව වූයේ මෙයයි.

    2. මෙම අවි ගබඩාව සතුරන් අතට පත්වීමේ අවදානමක්‌ ඇතිවූවොත් එය විනාශ කිරීමේ චාජරයක්‌ද තිබුණි.

    3. එය තිබුණේ කවුරුන් ළඟද?

    4. කොස්‌ගම සාලාව කඳවුරේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර යන්ත්‍ර සඳහා ග්‍රාඩ් හෙවත් හේල් නමින් හඳුන්වන බලවත් රොකට්‌ තැන්පත් කර තිබුණි. මේවායේ තිබුණේ අධිබල පුපුරණ ද්‍රව්‍යයයි.

    5. වන්නි මෙහෙයුමේදී ප්‍රභාකරන්ටවත් විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව එම මෙහෙයුම අවසන්වී වසර 7 කට පසු හදිසියේ ගිනිගෙන පිපිරී ගියේ කෙසේද?

    6. අවි ගබඩාව පිපිරීම විමර්ශනය කිරීමට බුද්ධි අංශ යෙදවීමෙන් වැළකී ඇත්තේ මන්ද?

    7. රජය අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක්‌ද?

    කොස්‌ගම සිද්ධිය සුළුපටු සිදුවීමක්‌ නොවේ.

    මෙහි තැන්පත් කර තිබූ උණ්‌ඩවලින් ඉතා බලගතු උණ්‌ඩ වන්නේ මි.මී.122 ග්‍රාඩ් රොකට්‌ හෙවත් ඩෙඩ්ලි තන්ඩර් නමින් හඳුන්වන රොකට්‌ විශේෂයයි. මේ රොකට්‌ විශේෂය ගැන සාමාන්‍ය ජනතාව දන්නේ නැත.

    මේ රොකට්‌ උණ්‌ඩ දැන් චෙක්‌ සහ ස්‌ලෝවැකියා රාජ්‍යවලින් අපේ හමුදාවට ලබාගැනීමට නොහැකිය. ඊට හේතුව වී ඇත්තේ යුරෝපා සංගමය ඒ සඳහා ඉඩ නොදීමයි.

    ඉහළ පෙලේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ග්‍රාඩ් රොකට්‌ 20000 ක පමණ තොගයක්‌ සාලාව අවි ගබඩාවේ තිබී ඇත.

    එහෙත් සාලාව විනාශවීමෙන් අපට එම වටිනා රොකට්‌ විශේෂය අහිමිවී ඇත. මේ සත්‍ය තොරතුරු වසන් කිරීම සඳහා ඇතැම් හමුදා නිලධාරීන් ජනතාව වෙත සාවද්‍ය ප්‍රකාශ කරන බව අනාවරණය වේ. ඇතමුන් වන්නි මෙහෙයුමට කිසිසේත් දායකවූවන් නොවේ.

    මේ පසුබිම මැද සාලාව අවි ගබඩාව විසින්ම ගින්නක්‌ ඇතිකර පිපිරීම් සිදුකළ බව කිව හැකිද?

    ප්‍රභාකරන් වඩාත් බියට පත්වූයේ ග්‍රාඩ් රොකට්‌ හා මල්ටිබැරල් රොකට්‌ යන්ත්‍ර නිසාය.

    2000 වසරේදී ප්‍රභාකරන් යාපනය දොරටුව අසලට පැමිණ 40000 ක හමුදා භටයන්ට සුදු කොඩි ඔසවා යටත්වන ලෙස නියෝග කරද්දී අපට පිහිටවූයේ චෙක්‌ මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ය.

    මේ ග්‍රාඩ් රොකට්‌ කොළඹ වරායේ සිට හමුදා කන්ටේනර්වලින් සාලාව අවි ගබඩාවට ගෙන එන අවස්‌ථාවේත් ඒවා විනාශ කරලීමේ හැකියාවක්‌ ප්‍රභාකරන්ට නොතිබුණි.

    එසේ නම් වන්නි මෙහෙයුම සමයේ විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව වසර 7 කට පසු මුළුමනින්ම විනාශ වූයේ කෙසේද?

    එහෙත් මෙතරම් බරපතළ විනාශයක්‌ සිදුවී තිබියදී කිසිවෙක්‌ ඉල්ලා අස්‌වූයේ නැත.

    කොස්‌ගම සාලාව අවි ගබඩාවේ ගිනිකෙළි සංදර්ශනයක්‌ පවත්වා නැත. එහි තිබූ ග්‍රාඩ් රොකට්‌ තොගය විනාශ කිරීම යනු හමුදාවේ අධි ප්‍රහාරක බලය වැනසීමයි.

    වන්නි මෙහෙයුම ජයගනු ලැබුවේත් මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ නිසාය.

    එසේම ග්‍රාඩ් වැනි රොකට්‌ ඇති ස්‌ථානයක ගිනි අභ්‍යාස පවත්වන්නේද?

    සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනය චෙච්නියාවේ ග්‍රොස්‌නි නුවරට රුසියානු හමුදාව රොකට්‌ ප්‍රහාරයක්‌ එල්ල කිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනයට සමානය.

    මෙම සිදුවීමේ වගකීම දැරිය යුත්තේ යුද හමුදා බලධාරීන්ය.

    මෙයට වසර ගණනකට පෙර එක්‌ හමුදාපතිවරයෙක්‌ යම් සිදුවීමක්‌ නිසා වගකීම බාරගෙන සිය ඉල්ලා අස්‌වීම ඉදිරිපත් කළේය. එහෙත් මෙතෙක්‌ මෙම සිදුවීමේ වගකීම බාරගැනීමට කිසිම හමුදා නිලධාරියකු ඉදිරිපත්වී නැත.

    කීර්ති වර්ණකුලසූරිය

    Last edited:

    witaramage

    Member
    Feb 14, 2016
    57
    3
    0
    ලක්ෂ 150ක් ඉතුරුලු ජනධිපති මන්ධිරය පාවිචිචි නොකරන නිසා.එහෙම කියල කෝටි ගානක් ඉල්ලනවා වාහන ගන්න.සමහර වාහන 1ක් කොටි 7ටත් වැඩි. තව කෙනෙකුට ගෙයක් හදන්න කෝටියකට වඩා ඉල්ලනවා.ගංවතුරට අහුඋන මිනිස්සු,කොස්ගම මිනිස්සුන් ගෙවල් හදල දෙන්න මේ තරම් හදිස්සියක් නැනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඕවගේ දෙයක් දෙමලු ඉන්න පැත්තක් උනා නම් බලන්න තිබ්බා වෙන දේ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඕවගේ දෙයක් දෙමලු ඉන්න පැත්තක් උනා නම් බලන්න තිබ්බා වෙන දේ.
    Did you born after 2009??? War was established in Tamil populated area in North not in Colombo.. please don't escape from your geology class.
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Did you born after 2009??? War was established in Tamil populated area in North not in Colombo.. please don't escape from your geology class.

    yes but the tamils ,themselves started it .LTTE had made this country into a fucking inferno for last decades.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ලක්ෂ 150ක් ඉතුරුලු ජනධිපති මන්ධිරය පාවිචිචි නොකරන නිසා.එහෙම කියල කෝටි ගානක් ඉල්ලනවා වාහන ගන්න.සමහර වාහන 1ක් කොටි 7ටත් වැඩි. තව කෙනෙකුට ගෙයක් හදන්න කෝටියකට වඩා ඉල්ලනවා.ගංවතුරට අහුඋන මිනිස්සු,කොස්ගම මිනිස්සුන් ගෙවල් හදල දෙන්න මේ තරම් හදිස්සියක් නැනේ.
    Why tax payers should build these houses or buy suvs to mps???? Why??????? Do mps need 4×4 to serve citizens?? And in this careless army exploded this and why we pay??? From that money we can buy 10 pet scan machines to whole island citizens. Why we should give 10 billion to Kosgama??? Why? Rest of the island's tax money should pump to this village??? Why???
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    yes but the tamils ,themselves started it .LTTE had made this country into a fucking inferno for last decades.
    100% agreed. LTTE dug a hell hole that we could end up decades. Before war we were same as singapore. War is the number one curse for the economy crisis in sl.
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    PAw ung me minissu me kala kanni unp ballo koti 9ye wahana genna hadanwa me minisunta kanna bona na

    pahugiya aandu kaleth oya balu wada kara ban.wenasa thibbe un ona hora thakkadi wadak karala maha ekawa stage naggala rata jathiya gana kiyala form karapu gaman minissunta siddiya amathakai.kiyapan balanna ara instant aathal ekakata CHOGM ekata genapu BENZ.ewa ganth katha karapanko
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    pahugiya aandu kaleth oya balu wada kara ban.wenasa thibbe un ona hora thakkadi wadak karala maha ekawa stage naggala rata jathiya gana kiyala form karapu gaman minissunta siddiya amathakai.kiyapan balanna ara instant aathal ekakata CHOGM ekata genapu BENZ.ewa ganth katha karapanko

    Ow Ei genapu S class okkamawa auction kara machn Public ekata godak umba dakina ei year eke Sclass s300 okkama wage ei auction karapuwa :yes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    සාලාව අවි ගබඩාව විනාශවීමත් සමග යුද හමුදාවේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සඳහා චෙක්‌ රාජ්‍ය සහ ස්‌ලෝවැකියා යන රටවලින් ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙයට හේතුවී ඇත්තේ යුරෝපා සංගමය තම සාමාජික රටවලට ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ සැපයීම තහනම් කිරීමයි.වන්නි මෙහෙයුමේදී සිවිල් ජනතාව වෙත මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාර එල්ල කළ බවට ඊළාම් ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය වෙත සාවද්‍ය පැමිණිල්ලක්‌ යොමු කර තිබුණි.

    ශ්‍රී ලංකා හමුදාවේ දැඩි ප්‍රහාරක බලයක්‌ තිබුණේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මත බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.

    සාලාව අවි ගබඩාව ගිනි ගන්නා අවස්‌ථාවේ එහි ග්‍රාඩ් රොකට්‌ 20000 ක්‌ පමණ තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.

    dan multi barrel gahalath ewarai..!! :angry: