වතුර මෝටරේ ගැජමැටික් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    වතුර මෝටරේ ගැජමැටික් එක

    මීට වසර පහකට පමණ පෙර තාත්තාගේ මිතුරෙකු අපේ නිවසේ වතුර මෝටරයට ගැජමැටික් කෑල්ලක් සවි කළ බව මට මතකය. එය සවිකර තිබුණේ ටැංකියේ වතුර ඉතිරීමට ළං වූ විට මෝටරය ඉබේම ක්‍රියා විරහිත වීමට බව මම දැන ගත්තේ පසුවදා හවස් වනතුරු වතුර මෝටර ගැසීමට අවශ්‍යතාවයක් නොවූ බැවිණි, එතැන් පටන් වසර පහක් පමණ ගතවන තුරු අපට වතුර මෝටරය ක්‍රියාත්මක කිරීමටවත් , අක්‍රිය කිරීමටවත් අවශ්‍යතාවයක් නොවුණි , මෙය අපට බෙහෙවින් ප්‍රයෝජනාත් වූයේ අපගේ ලිඳ, සහ වතුර මෝටරය පිහිටා තිබුණේ නිවසේ සිට මීටර ගාණක් දුරින් වීම නිසාය, එනම් ඉඩමේ කෙළවරේය , මෙම ගැජමැටික් එක නිසා අපිට නිදහසේ වතුර ටිකවත් පාවිච්චි කිරීමට හැකි විය, මෝටරය ක්‍රියාත්මක කර වතුර උතුරනකල් එතැනට වී බලන් සිටීමට අවශ්‍ය වූවේ නැත, නාන විටදී වතුර ඉවර වේදැයි බියක් හට ගත්තේද නැත, නමුත් දැනට සතියකට පමණ පෙර මෙම ගැජමැටික් එක කැඩී ඇති බව දැන ගත්තේ ටැංකියේ ජලය උතුරා යෑම නිසා එම ජලය අපේ ගෙමිදුලතෙක් ගලා ආ නිසාය, සිදුව ඇති දේ වැටහුණේ පසුවය අර ගැජමැටික් එක කැඩී ගොස්ය, එය සවිකළ තැනැත්තාද දැන් මෙලොව නැති බව වැටහුණේ එවිටය, දැන අපිට මෝටරය ක්‍රියාත්මක කර ජලය උතුරන තෙක් එතැනට වී බලා සිටීමට සිදුව ඇත, මෝටරය ක්‍රියාත්මක කොට ගෙදරට වී සිටීමට නොහැක්කේ වතුර උතුරා අපතේ යයි යන බිය නිසාය, වතුර ඉවර වේදැයි යන බිය නිසා වෙනදා මෙන් නිදහසේ නාගන්නටද බැරිය, මේ ඉතා කුඩා ගැජමැටික් එක නිහඩව උවද අපට සපයා ඇත්තේ විශාල සේවයකි. මා මෙය රචනා කිරීමට උත්සාහ කළේ අපගේ ජීවිත තුළ වුවද කිසිම ඇයීමක්,වරප්‍රසාදයක් නොමැතිව නිහඬව හිදිමින් අපට විශාල සේවයක් කරන මිනිසුන් බොහෝ දෙනෙකු සිටින බව පැහැදිලි කර දීමටය ගැජමැටික් එකේ වටිනාකම තේරුනේ එය ක්‍රියාවිරහිත වූ නිසාය මේ නිහඬ මිනිසුන්ගේ වටිනාකම අපට වැටහෙන්නේ ඔවුන් අපගෙන් සමුගත් දිනකය
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....

    :yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Uba boga dada innakota wathura iwara una welawaka mala panala liwwa ekak neda?
    Kathawa aththa.
    Uba scurvy ge gedarada dan inne?
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    Sams.Ryo:20257588 said:
    electric item ekakda ban ooke? eekiyanne oya gajamatic ekta current eka denna oneda wada karanna?

    ඔව් බන් පොඩි කෑල්ලක් නන නම් දන්නෙ නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    electric item ekakda ban ooke? eekiyanne oya gajamatic ekta current eka denna oneda wada karanna?

    ෆ්ලෝටින්ග් වෑල්ව් එකක් මචන් ඔය.ඕක හයි කරන එක පට්ට ලේසියි.කරන්ට් එක දෙන්න ඕනි තමයි.ඕක හරියට ස්විච් එකක් විදියට වැඩ කරන්නේ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    shaminda peiris:20257677 said:
    electric item ekakda ban ooke? eekiyanne oya gajamatic ekta current eka denna oneda wada karanna?

    ෆ්ලෝටින්ග් වෑල්ව් එකක් මචන් ඔය.ඕක හයි කරන එක පට්ට ලේසියි.කරන්ට් එක දෙන්න ඕනි තමයි.ඕක හරියට ස්විච් එකක් විදියට වැඩ කරන්නේ.

    එළ
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo