මුලින්ම කියන්න ඕනා මේක මම sriboysl ගේ රෙසිපිය බලන් හැදුවේ. කලින් හදලා නෑ සහ ගොඩක් cookery skills නැහැ මට. නමුත් පොඩි වෙනස් කම් කිහිපයක් කළා.
මම ඉන්නේ ලංකාවෙන් පිට නිසා ගෝදම්බ රොටී හොයාගන්න බැරි උනා. ඒ වෙනුවට පරාතා පාවිච්චි කලේ. රසේ වෙනසක් නෑ. හරිම රසයි.
හරි මෙන්න චිකන් කරියට උවමනා කරන බඩු:
අවශ්‍ය දේවල් -
ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, බීලූනු, තක්කාලි
රතු මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු තේහැදි 2 බැගින්
ලුණු , ගම්මිරිස් තේ හැන්ද බැගින්
කහ කුඩු, සුවද කුඩු (එනසාල්+කරාඹුනැටි+කුරුදු) තේහැදි 1/2 බැගින්
පොල් කිරි කොප්ප 2ක්
තෙල් මේස හැදි 2ක්
කුකලු මස් ග්‍රෑම් 500 -750ක් (මම 915g පාවිච්චි කළා)
* රම්පෙ, කරපිංචා, සේර මෙහෙ හොයාගන්න හම්බුනේ නෑ. ඒ නිසා මම ඒවා අත ඇරලා හැදුවේ.
මුලින්ම මේ විදියට කුකුල් මස් පොඩි කැබලි වලට කපා ගන්න. ඉන්පසු ඒවා වෙනම භාජනයකට දාලා ලුණු, ගම්මිරිස්, අමු තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, සූදුරු, එනසාල්, කරාබුනැටි කුරුදු සහ අබරපු ගොරකා ආදී කුළුබඩු වලින් හැන්දක් පමණ හොදට අතගාලා කවලම් කරගන්න. ඉන්පසු මේ චිකන් කැබලි ටික Refrigerator එකේ උපරිම පැයක පමණ කාලයක් තබන්න. මෙහෙම තියන්නේ හොදට තුනපහ සහ අනෙකුත් Spices වල රස මස් වලට උරාගන්න.
මේවා තමයි අනෙකුත් උවමනා කරන බඩු. මස් ටික හොදට season උනාට පස්සේ අපි හදන්න පටන් ගමු.
එහෙනම් ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, තක්කාලි, ළුණු පොඩියට කපා ගන්න. ළුණු මේ වගේ. (රම්පෙ, කරපිංචා, සේර මට හම්බුනේ නැති නිසා ඒවල photo නෑ. මේ සදහා original post එක බලන්න)
දැන් මද ගින්නේ තෙල් ලිප තබා රත්වන විට ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, ලූනු දමා බැදගන්න.
මිනිත්තු 3-5 ගිය පසු හෝ මදක් ළුණු රන්වන් පාට වූ විට ඉතිරි වූ කුළුබඩු මෙලෙස එකතු කරගන්න. (ඉතුරු වූ හැන්දක පමණ අනෙකුත් කුළුබඩු ප්‍රමාණය සහ බැදපු තුනපහ කුඩු)
පසුව මිනිත්තු 2-3 අතර කාලයක් කුළුබඩු සහ ළුණු හොදට රත් කරගන්න. දැන් මස් සහ තක්කාලි මෙලෙස එකතු කර මද ගින්නේ බැද ගන්න(මිනිත්තු 5-10).
ටික වෙලාවක් යද්දී සීතල මස් මෙහෙම soft ගතියට පත් වේවි. ඒ වෙලාවට පොල්කිරි මෙලෙස එකතු කරගන්න.
මෙලෙස පොල්කිරි එකතු කල පසු චිකන් කරිය මිනිත්තු 30-45 අතර කාලයක් මද ගින්නේ, භාජනය මුඩියකින් වසා පිස ගන්න. විටින් විට හැදි ගාන්නත් අමතක කරන්න එපා.
ඒ අතර තුර අපි කොත්තුවට අවශ්‍ය කළමනා ලෑස්ති කරගමු.
උවමනා කරන බඩු:
අවශ්‍ය දේවල් -
කැරට්, ලීක්ස්, ගෝවා, මාලු මිරිස් හෝ බෙල් පෙපර්බී
ලූනු, තක්කාලි, ඉගුරු, සුදුලූනු, බිත්තර 3-4ක්, තෙල්
සෝයා සෝස් මේස හැදි 2ක්, ලුණු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
එහෙනම් මේ විදියට පොඩියට එළවලු ටික කපාගමු.
චිකන් කරිය ලෑස්ති වූ පසු එයින් අවශ්‍ය පමණ මස් කැබලි කිහිපයක් මෙලෙස කුඩා කැබලි වලට කපාගන්න.
පසුව තෙල් ටිකක් මද ගින්නේ රත් කර සුදුළුනු, ඉගුරු මෙලෙස තෙම්පරාදු කරගන්න.
ගින්දර වැඩිකර කැරට්, ගෝවා, ලූනු මෙසේ බැද ගන්න.
මද වේලාවකින් බිත්තර කඩා කුඩා කැබලි වනතෙක් හොදින් පිසගන්න.
දැන් ඉතිරි එළවලු එක්කර බැදගන්න.
පසුව මෙලෙස සකස් කල ගොදම්බ රොටී එකතු කර හොදින් මිශ්‍ර කරගන්න. පසුව පහත පරිදි කුඩාවට කපාගත් කුකුල්මස් කැබලි එකතු කර සෝයා සෝස් සමග එයද හොදින් මිශ්‍ර කරගන්න.
දැන් ලිපෙන් අයින් කර අමුත්තන්ට හෝ පවුලේ අයට මෙලෙස පිළිගන්වන්න.
PS: සමහර පින්තූර මගේ අතින් මග හැරී ඇති බැවින් ඒ පිලිබදව සමාව අයැද සිටිනවා.
Last edited:



+++


