🍲 Chicken Kotthu හදමු 😎

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Kothuporotta.jpg



    මුලින්ම කියන්න ඕනා මේක මම sriboysl ගේ රෙසිපිය බලන් හැදුවේ. කලින් හදලා නෑ සහ ගොඩක් cookery skills නැහැ මට. නමුත් පොඩි වෙනස් කම් කිහිපයක් කළා.
    මම ඉන්නේ ලංකාවෙන් පිට නිසා ගෝදම්බ රොටී හොයාගන්න බැරි උනා. ඒ වෙනුවට පරාතා පාවිච්චි කලේ. රසේ වෙනසක් නෑ. හරිම රසයි.

    හරි මෙන්න චිකන් කරියට උවමනා කරන බඩු:



    අවශ්‍ය දේවල් -
    ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, බීලූනු, තක්කාලි
    රතු මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු තේහැදි 2 බැගින්
    ලුණු , ගම්මිරිස් තේ හැන්ද බැගින්
    කහ කුඩු, සුවද කුඩු (එනසාල්+කරාඹුනැටි+කුරුදු) තේහැදි 1/2 බැගින්
    පොල් කිරි කොප්ප 2ක්
    තෙල් මේස හැදි 2ක්
    කුකලු මස් ග්‍රෑම් 500 -750ක් (මම 915g පාවිච්චි කළා)


    * රම්පෙ, කරපිංචා, සේර මෙහෙ හොයාගන්න හම්බුනේ නෑ. ඒ නිසා මම ඒවා අත ඇරලා හැදුවේ.

    UoQmIU5.jpg

    මුලින්ම මේ විදියට කුකුල් මස් පොඩි කැබලි වලට කපා ගන්න. ඉන්පසු ඒවා වෙනම භාජනයකට දාලා ලුණු, ගම්මිරිස්, අමු තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, සූදුරු, එනසාල්, කරාබුනැටි කුරුදු සහ අබරපු ගොරකා ආදී කුළුබඩු වලින් හැන්දක් පමණ හොදට අතගාලා කවලම් කරගන්න. ඉන්පසු මේ චිකන් කැබලි ටික Refrigerator එකේ උපරිම පැයක පමණ කාලයක් තබන්න. මෙහෙම තියන්නේ හොදට තුනපහ සහ අනෙකුත් Spices වල රස මස් වලට උරාගන්න.

    L5QrZO5.jpg


    lyc3sP5.jpg


    මේවා තමයි අනෙකුත් උවමනා කරන බඩු. මස් ටික හොදට season උනාට පස්සේ අපි හදන්න පටන් ගමු.

    5KCY1zz.jpg

    එහෙනම් ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, තක්කාලි, ළුණු පොඩියට කපා ගන්න. ළුණු මේ වගේ. (රම්පෙ, කරපිංචා, සේර මට හම්බුනේ නැති නිසා ඒවල photo නෑ. මේ සදහා original post එක බලන්න)

    5MDSm5F.jpg

    දැන් මද ගින්නේ තෙල් ලිප තබා රත්වන විට ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, ලූනු දමා බැදගන්න.

    2bOtqm6.jpg

    මිනිත්තු 3-5 ගිය පසු හෝ මදක් ළුණු රන්වන් පාට වූ විට ඉතිරි වූ කුළුබඩු මෙලෙස එකතු කරගන්න. (ඉතුරු වූ හැන්දක පමණ අනෙකුත් කුළුබඩු ප්‍රමාණය සහ බැදපු තුනපහ කුඩු)

    m3R8Idb.jpg

    පසුව මිනිත්තු 2-3 අතර කාලයක් කුළුබඩු සහ ළුණු හොදට රත් කරගන්න. දැන් මස් සහ තක්කාලි මෙලෙස එකතු කර මද ගින්නේ බැද ගන්න(මිනිත්තු 5-10).

    f1X7aRN.jpg


    ටික වෙලාවක් යද්දී සීතල මස් මෙහෙම soft ගතියට පත් වේවි. ඒ වෙලාවට පොල්කිරි මෙලෙස එකතු කරගන්න.

    0XcTM69.jpg


    GhDMLJ4.jpg


    මෙලෙස පොල්කිරි එකතු කල පසු චිකන් කරිය මිනිත්තු 30-45 අතර කාලයක් මද ගින්නේ, භාජනය මුඩියකින් වසා පිස ගන්න. විටින් විට හැදි ගාන්නත් අමතක කරන්න එපා.

    ඒ අතර තුර අපි කොත්තුවට අවශ්‍ය කළමනා ලෑස්ති කරගමු.
    උවමනා කරන බඩු:



    අවශ්‍ය දේවල් -
    කැරට්, ලීක්ස්, ගෝවා, මාලු මිරිස් හෝ බෙල් පෙපර්බී
    ලූනු, තක්කාලි, ඉගුරු, සුදුලූනු, බිත්තර 3-4ක්, තෙල්
    සෝයා සෝස් මේස හැදි 2ක්, ලුණු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්



    එහෙනම් මේ විදියට පොඩියට එළවලු ටික කපාගමු.

    uP5SqBP.jpg


    ENTf9WB.jpg


    kVKq1tO.jpg


    Eueo2fL.jpg



    චිකන් කරිය ලෑස්ති වූ පසු එයින් අවශ්‍ය පමණ මස් කැබලි කිහිපයක් මෙලෙස කුඩා කැබලි වලට කපාගන්න.

    KyWUHvt.jpg


    bRxzBs6.jpg



    පසුව තෙල් ටිකක් මද ගින්නේ රත් කර සුදුළුනු, ඉගුරු මෙලෙස තෙම්පරාදු කරගන්න.

    RKVbHKZ.jpg

    ගින්දර වැඩිකර කැරට්, ගෝවා, ලූනු මෙසේ බැද ගන්න.

    AjgC9sc.jpg



    මද වේලාවකින් බිත්තර කඩා කුඩා කැබලි වනතෙක් හොදින් පිසගන්න.

    e5QUCJX.jpg


    qCTytnu.jpg


    දැන් ඉතිරි එළවලු එක්කර බැදගන්න.

    zbwajpZ.jpg


    0kRbqZW.jpg



    පසුව මෙලෙස සකස් කල ගොදම්බ රොටී එකතු කර හොදින් මිශ්‍ර කරගන්න. පසුව පහත පරිදි කුඩාවට කපාගත් කුකුල්මස් කැබලි එකතු කර සෝයා සෝස් සමග එයද හොදින් මිශ්‍ර කරගන්න.


    දැන් ලිපෙන් අයින් කර අමුත්තන්ට හෝ පවුලේ අයට මෙලෙස පිළිගන්වන්න.

    cSMrQUG.jpg



    PS: සමහර පින්තූර මගේ අතින් මග හැරී ඇති බැවින් ඒ පිලිබදව සමාව අයැද සිටිනවා.



    ZzbOC.png
    cXXnb.png


    එහෙනම් අනික් අයටත් දැනගන්න share කරමු, bump කරමු..!!
    ජය වේවා!!!



    රෙපක් ගහන් යමු..!! ;)
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com


    ela ela..
    You must spread some Reputation around before giving it to The_Killer again.


    Badagini wenawa sinhalayo mewa dakala


    5164996_orig.gif
    5164996_orig.gif
    5164996_orig.gif

    යම්... යම්...


    uba 2yrs withara salli wiyadam karala uni giye UK wala kottu hadannada bola

    Bump kala rep dunna hamotama thanks wewa.
    :love:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    පට්ට මචන්..

    මේකේ ඉන්නවා බං පැරිස්වල පැටිස් හදන අක්ක කෙනෙක්..එයාව contact කලොත් තව රෙසිපි දෙයි