ඩොල්කි තාලෙට අපේ නාට්‍ය ගීත

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඩොල්කි තාලෙට අපේ නාට්‍ය ගීත

    මේ ගීත හා ඒවායේ විස්තර පෙලගස්වලා තිබ්බේ යමු.lk කියල වෙබ් අඩවියකින්. එහි නම් සදහන් කර තිබ්බේ ඩොල්කි ගහලා නටන්න පුළුවන් ගීත කියලා. එත් එන එහාට මේවගේ රසවිදින්න දෙයක් තියනවා කියල හිතුන නිසා. ඒ දාලා තිබ්බ කරුණු යම් යම් වෙනස් කම් කරලා මේකේ පලකලා අපේ අයටත්




    1. ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්




    දික්තල කාලගෝල නාට්‍යයෙ එන මේ ගීතයෙන් කියවෙන්නෙ දික්තලාව කරකාර ගන්න අවුරුදු ගාණක් බැලමෙහෙවරකම් කරපු කාලගෝල, දික්තලාව කරකාර බැඳගෙන ගමට යන ගමනෙදි දෙන්න අතරෙ ඇති වෙන දෙබසක්. ගීතය නිර්මාණය කරන්නෙ එම්. ඩී. චන්ද්‍රපාල මහත්තය.

    2. හනික වරෙව් කොල්ලනේ




    හිරු දෙවියන්ගෙ නැතිවුනු හරක් රැළ හොයල දෙන්න අපේ රටේ ඉඳපු යක්ෂ ගෝත්‍රිකයො පිරිසකට බාර දෙන අවස්ථාවෙ එළඹෙන එකඟතාවයක් ගැන තමයි මේ ගීතයෙ කියවෙන්නෙ. ගිවිසුමේ තියෙන වාසි ටික යක්ෂ නායකයා අනික් යක්ෂයින්ට කියන වචන ටික ඩොල්කි තාලයකින් ගීතයෙට නගන්නෙ රොඩ්නි වර්ණකුලසූරිය මහත්තය. මේ වේදිකා නාට්‍යයෙ නමත් 'බෙර හඬ'මයි.




    3. පොම්බුලේ මගේ පොම්බුලේ





    අරිසෙන් අහුබුදු ශූරීන්ගේ සක්විති රාවණ වේදිකා නාට්‍යයෙ එන මේ ගීතයහැදුවෙ කවුද කියන එක ගැන නම් හරි හමන් විස්තරයක් නෑ. කොහොම වුනත් සීතා දේවි බේර ගන්න එන හනුමන්තා,සුග්රිව සමග කරන කතා බහ. තමයි මේ විදියට ලස්සන ඩොල්කි රිද්මයකින් සංගීතවත් වෙන්නෙ.


    4. යස ඉසුරු පිරුණු තැනා




    රොඩ්නි වර්ණකුලසූරිය මහත්තය ගායනා කරන මේ ගීතය පද පේලිය ලියවෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහත්තයගෙ අතින්. අපූරු ඩොල්කි තාලයක් එකතු කරල සංගීතයකින් මේ ගීතය හැඩ කරන්නෙ ඔස්ටින් මුණසිංහ මහත්තය. රතු හැට්ටකාරි නාට්‍යයෙ එන මේ ගීතය විශේෂත්වය තමයි පද පේලියෙන් කියවෙන කතාව. යස ඉසුරින් පිරිච්ච අපේ රටේ ඉතිහාසය වගේම ඒ ඉතිහාසයෙ පෞඪත්වයත් ඒ දේවල් රැක ගන්න අපේ මුතුන් මිත්තො ගත්තු උත්සාහයත්, වර්තමාන තත්වයත් හරිම උපහාසාත්මක විදියට මේ ගීතයේ විස්තර වෙලා තියෙනව.


    5. සුවඳ සබන් ඇඟ ගාලා




    රට පුරාම ඉන්න ලස්සන ගෑණු ළමයින්ට මෙන්න නියම අවස්ථාවක්. රජතුමාට අග මෙහෙසියක් තෝරන්න රාජ සභාවෙ කට්ටිය එනව. ඒ පණිවුඩය දෙන්න එන අණබෙර කාරය කියන පද පේලිය තමයි රාජ කපුරු නාට්‍යයෙ 'සුවඳ සබන් ඇඟ ගාලා' කියල ගීතයකට නැගෙන්නෙ. රවීන්ද්‍ර යසස් මහත්තය ගායනා කරන මේ ගීතයත් ඩොල්කිය බාවිතා කරලා සංගීතවත් කරලා තියනවා



    6. සෝබාව දේ





    ලූෂන් බුලත්සිංහල මහත්තයගෙ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙ එන සිංගප්පූරු වර්ණනාව නියම සංගීත තාලයකින් ගායනා කරන්නෙ යූ. ආරියවිමල් සහ ගාමිණී සමරකෝන් කියන මහත්තුරු දෙන්න.


    7. හා හා ලඳේ





    බිසෝ වේදිකා නාට්‍යයෙ එන රජ බිසවගෙ රූප සුන්දර වර්ණනාව තමයි රොඩ්නි වර්ණකුලසූරිය මහත්තය හරි ලස්සන තාලයකට මේ විදියට ගායනා කරන්නෙ. මේ වර්ණනාවෙ පද පේලිය ලියවෙන්නෙ හෙක්ටර් කුමාරසිරි මහත්තයගෙ අතින් වුනාට සංගීතවත් කෙරෙන්නෙ නම් ඔස්ටින් මුණසිංහ මහත්තය අතින්.





    8. සිරි සඟ බෝධි මාලිගාවෙදි



    වෙස්සන්තර ජාතක කතාව අපි ගොඩ දෙනෙක් හොඳට දන්නවනෙ. අන්න ඒ කතාවට සම්බන්ධ වෙස්සන්තර නූර්තිය් එන ගීයක් තමයි නිස්සංක දිද්දෙනිය, ජයලත් මනෝරත්න, රත්නා ලාලනී මහත්ම මහත්මීන් අතින් මේ විදියෙ වෙනස් වගේම අපූරු තාලයකින් රසවත් වෙන්නෙ.



    9. ගෝවේ ගෑණු පරාදයි



    ඉන්දියාවෙ ගෝව, පෘතුගීසීන්ගෙන් නිදහස් කරගන්න කාලෙ ලංකාව පැත්තට ආපු පෘතුගීසි හමුදා කාරයෙක් අපේ රටේ කාන්තාවන්ගෙ ලස්සන දැකල හිතට ආපු සිතුවිලි ටික තාලයකට එළියට දානව. මේ ගීතය ගායනා කරන්නෙ සඳුන් විජේසිරි මහත්තය.







    https://www.yamu.lk/10-old-stage-drama-songs/
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇඟට, හිතට දෙකටම දැනෙන අපේ ගීත

    සිරි සඟබොදි මාළිගාවෙදි එකේ වචන ටික එහෙම
    9.gif
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇඟට, හිතට දෙකටම දැනෙන අපේ ගීත

    සිරි සඟබොදි මාළිගාවෙදි එකේ වචන ටික එහෙම
    9.gif

    නටන කෙන්ක්ට නටන්නත් පුළුවන්
    එහෙම නොකරන කෙන්ක්ට සබැ අරුත තෝරලා විදින්නත් පුළුවන්
    ඔය 2 මත පුළුවන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    ඩොල්කි තාලෙට අපේ නාට්‍ය... 06-30-2016 07:58 PM 2008 di mathakada pan gediyak ada 35 heta 38 anidda 40 i ethakota dan 60. anura kumara 2008th adi 4.5 2016 th 4.5 ko yako eke wenasak nane


    මහින්ද අරලිය ගහ මන්දිරෙන් පිටත් වෙන මොහොතේ ටීවී එක බලන් ඉන්නකොට උළු කැටයක් ඔලුවට පත බෑවිච්ච එකෙක් තාම මරු කියෝනවනේ :lol: :lol: :rofl:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Ela..
    +++

    reputation_neg.gif
    ඩොල්කි තාලෙට අපේ නාට්‍ය... 06-30-2016 07:58 PM 2008 di mathakada pan gediyak ada 35 heta 38 anidda 40 i ethakota dan 60. anura kumara 2008th adi 4.5 2016 th 4.5 ko yako eke wenasak nane


    මහින්ද අරලිය ගහ මන්දිරෙන් පිටත් වෙන මොහොතේ ටීවී එක බලන් ඉන්නකොට උළු කැටයක් ඔලුවට පත බෑවිච්ච එකෙක් තාම මරු කියෝනවනේ :lol: :lol: :rofl:

    :lol::lol: කොහොමද ජෙප්පෝ රිද්දපු රිද්දිල්ල
     
    • Like
    Reactions: Robinhood wage ekek

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බෙරහඬ වේදිකා නාට්‍යයේ හනික වරෙන් කොල්ලනේ ගීතය ජැක්සන් ඇන්තනි කියන ගීතය තමයි සුපිරියටම කියන්නේ රොඞ්නි පසු නිෂ්පාදනයේදි තමයි ඒ ගීතය ගායනා කරන්නේ

    මේ නුතන කාලගෝල ගැන කියැවෙන ගීතය

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බෙරහඬ වේදිකා නාට්‍යයේ හනික වරෙන් කොල්ලනේ ගීතය ජැක්සන් ඇන්තනි කියන ගීතය තමයි සුපිරියටම කියන්නේ රොඞ්නි පසු නිෂ්පාදනයේදි තමයි ඒ ගීතය ගායනා කරන්නේ

    මේ නුතන කාලගෝල ගැන කියැවෙන ගීතය


    :):)ow eka hoya ganna bari una. mata