ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට දැන් ෆීල්ඩින් කෝච් කෙනෙක් නැද්ද?. අනේ මන්දා දැන් කාලෙක ඉදලා ටීම් එකේ උන් මාරම කම්මැලියි.කැච් මිස් කරනවා හිටු කියලා.හරියට ෆීල්ඩ් කරන්නේ නෑ.දුකයි බන් සිරාවටම.රොශාන් මහනාම,උපුල් චන්දන,ටී එම් ඩිල්ශාන් වගේ හොද ෆීල්ඩර්ස්ලා හිටපු ටීම් එකක්.අද සිම්බාබ්වේ ටීම් එකටත් වැඩිය පහලට වැටිලා ෆීල්ඩින් අතින්.....
මැච් දිනන්න ඕනේ නෑ බන්.හැමදාම දිනන්නේ නෑ කියලා දන්නවා.ඒ උනාට මුන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ.මුන් හරියට සෙල්ලම් කරන්නේ හරියට මුන්ට පඩි ගෙවන්නේ නෑ වගේ.
කිසිම ගෝ ඒකක් නෑ.එකෙක්ට එකෙක් කතා කරන්නේ නෑ.තරහකාරයෝ 11 ක් ටීම් එකේ සෙල්ලම් කරනවා වගේ.සංගා ,මහේල හිටිය කාලේ මෙහෙම නෑ බන්.මුන් ෆිට්නස් අතින් අන්තිමයි.හරියට කන්න දෙන්නෙ නෑ වගේ.වැඩක් නෑ බන් මැච් බලන අපිට ගහන්න ඕනේ.