මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

    සුපෙම්වත් කුකුලනි / කිකිලියනි / බ්‍රොයිලර් පැටවුනි!

    අද මා මෙතනට සපැමිණියේ AMT කතා වස්තුව ගෙනහැර පෑමටයි :)

    හරි හරි, මාතෘකාවට බහිමුකෝ. ගොඩ දෙනෙක් එක්ක කතා කරද්දී තේරිච්ච දෙයක් තමයි මේ අලුතෙන් ආපු AMT system ගැන ගොඩ දෙනෙක් හරියට දන්නේ නැහැ කියන එකයි. ඉතින් මම හිතුව දන්න දේ බෙදා ගන්න. මේ දැනුම ලබාගත්තේ පාවිච්චි කරපු අය වගේම බෙදා හරින අය සමග කතා කරල තමයි. ඉතින් ගොඩක් දුරට නිවැරදියි කියල හිතන්න පලුවන්.

    තව දෙයක් අවදාරණය කරන්න ඕනේ. මේක Indian වාහන වලට කඩේ යමක් වත් promote කිරීමක් වත් නෙමේ. දැනුම බෙදා ගැනීමක් පමණි.

    මොකක්ද මේ AMT?

    AMT කියන්නේ - Automated Manual Transmission කියන එකයි. නමෙන් කියවෙනවා වගේම මේකෙන් වෙන්නේ සාමාන්‍ය manual gear box එකක ක්ලච් එක automate කරන එකයි. කියමනෙන් සරලයි වගේ තෙරුනට වැඩේ එච්චරම ලේසි නැහැ. අනික වැදගත්ම දේ තමයි මේක එලවන්න ඕනේ manual එලවන විදිහට වත් auto එලවන විදිහට වත් නෙමෙයි. මම එකත් මෙනත කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

    තාක්ෂනෙට යන්න කලින් අපි බලමු මොන වගේ වාහන වලද මේක එන්නේ කියල.

    1. Alto K10 AMT
    2. Celerio AMT
    3. Nanon GenX AMT
    4. TATA Zest AMT
    5. Mahindra Quanto AMT

    දැනට ටෙස්ට් යටතේ තියෙන ඒවා. හැබැයි මාකට් කරලද දන්නේ නැහැ. මොකද Indian එවුන් පෙරේද හොයාගත්ත එකත් අද දාල එවනවනේ. එච්චරටම Dynamic ඔන්න.

    1. Wagon R AMT
    2. Kwid AMT
    3. Swift AMT
    4. Dzire AMT

    ඔයිට අමතරව තව ගොඩක් තියෙනවා. නමුත් ලංකාවට එන එකක් නැහැ ලොවෙත්. එයි කියල හිතෙන ඒවා තමයි දැම්මේ.

    හරි දැන් බහිමු තාක්ෂනෙට.

    ඔයාලට ඔය උඩ තියෙන ලිස්ට් එක බැලුවනම් තේරෙයි කවුද මාර්කට් ලීඩර් කියල. පහලින් මම දාන්නම් එයාලගේ වීඩියෝ එකකුත්. හැබැයි මේ තක්ශනේ අද ඊයේ ආපු එකක් වත් Indian සොයා ගැනීමක් වත් නෙමේ. මේක 1986 දක්වා පස්සට යනවා. මුලින්ම බාවිතා වෙලා තියෙනෙන් Ferrari වගේ රේසින් වාහන වල. මොකද මේකෙන් පුළුවන් ක්ලච් එක මාරු කිරීමේදී රියදුරු අතින් වෙන අකර්යක්ෂමතාවයන් මග හරවා ගන්න. සරල සිංහලෙන් කියනවනම් ෆුල් experience ඩ්රැවේක් වගේ ගියර් කඩන්න පුළුවන්. 2014 දී තමයි ඉන්දියාවට මුල්ම AMT හදුන්වා දීම වෙලා තිය්නෙනේ.

    මුලින්ම බලමුකෝ හැඩහුරුව, ඔය පහලින් තියෙනේ ගියර් කොටසට ඇදුනු AMT unit එකයි.

    Maruti-Auto-gear-Shift.jpg




    AMT වල ප්‍රදාන වශයෙන් කොටස් 2ක් තියෙනව.

    1. Hydraulic clutch උපාංගය
    2. හියර තීරණය කිරීමේ විද්‍යුත් කොටස

    පහත රූපේ කහ පාටින් තියෙන්නේ hydraulic clutch arm එක. ගියර් මාරු වෙනකොට ඔය කොටස තමයි ඇදෙන්නේ. රතු පාට කොටුවේ තියෙන්නේ main unit එක. දැනට නම් ඕක 400K + වෙනවා අලුතෙන් ගන්නවා නම්. එතකොට නිල් පාටින් තියෙන්නේ gear oil කන්ටෙනරේ.


    AqNbK77.png



    පහල රුපෙන් මේක වඩාත් සමීපව පෙන්නලා තියෙනවා.


    Rh5BcUy.jpg



    හරි දැන් අපි කොටස් අදුන ගත්තනේ. දැන් බලමු කොහොමද මේක පාලනය කරන්නේ කියල. Basic info ටික පහල රුපෙන් බලා ගන්න පලුවන්.


    0y6RVsh.png



    වාහනේ පන ගන්වනකොට හරි නවත්තල තියල D එකට දානකොට හරි break සම්පුරනෙන් පෑගෙන්න ඕනේ. එහෙම උනේ නැත්තම් පහල තියෙන ලයිට් එක එනවා පොඩි වෝනින් සවුන්ඩ් එකක් එක්කම. ඔය සපත්තුව වගේ තියෙන්නේ එක තමයි.


    HAQiG4b.jpg



    වාහනේ පන ගන්නනකොට අනිවාර්යයෙන්ම N එකේ තියෙන්න ඕනේ. පන ගන්වල ඔටෝ විදියට යන්න ඕනේ නම් D එකට දාන්න ඕනේ. එතකොට පුවරුවේ සටහන් වෙනවා Auto විදිහට. සහ පදවනකොට එයා ඉන්න ගියරයත් ලොකු ඉල්ලක්කමෙන් පෙන්වනවා. මේ ක්‍රමයේ වාසිය තමයි අවශ්‍ය නම් manual ආකාරයට යන්න පුළුවන් වීම. D වල ඉදන් වමට ලිවරය ගෙනාවම මැනුවල් ඇක්ටිව් වෙනවා. එකත් පුවරුවේ පෙන්නනවා.

    මැනුවල් ක්‍රමය සාමාන්‍ය triptronic ආකාරයම තමයි. පහලට ගියර වැඩි වෙනවා, ඉහලට අඩු වෙනවා. පහල රූපේ බැලුවම තේරෙන්න ඕනේ. යම්කිසි විදිහකින් අඩු වෙගයකදී ගියර වැඩි කිරීමට හෝ වැඩි වෙගයකදී ගියර අඩු කිරීමට උත්සහ කලොත් වාහනේ තේරුම් ගන්නවා මේක මේ වෙලාවේදී හොද දෙයක් නොවන බවට. රියදුරුට මේක අගවනවා පුවරුවේ තිබෙන gear number එක blink වීමෙන්.

    OEdopIL.jpg


    හරි අපි දැන් බලමු මේකේ Best practices මොනවද කියල. මෙන්න මේවා තමයි ගොඩක් අය නොදන්නේ.
    1. කවම දාකවත් බ්රේක් එකයි, අක්සලරෙටරෙයි එකට පාගන්න බැහැ. එහෙම උනොත් ගොඩක් වෙලාවට වෝනින් ලයිට් එකක් එනවා හැබැයි අපහු නැති වෙන්නේ නැහැ. රීසෙට් කරන්නම වෙනවා.
    2. වංගු ගැනීමකදී වාහනේට වැඩි බරක් එනවා. මේක වැරදියට තේරුම් ගෙන ගොඩක් වෙලාවට වන්ගුවේ මැදදී ගියර් මාරු වෙන්න පුළුවන් ලු. ඒ ගැන අවදානයෙන් ඉන්න වෙනවා.
    3. කදු මැදදී නවත්තල අදිනවානම් ගොඩක් වෙලාවට hand break සහය ගන්න වෙනවා. මොකද ක්ලච් එකක් නැහැනේ, පස්සට ගිහින් ගත්තොත් clutch ride වෙන්න පුළුවන්.
    4. අනිත් වාහන වගේ නෙමේ මේකේ ලොකුම වෙනසක් තියෙනවා අදින්න අමාරු තැන වලදී. උදාහරනෙකට ගමුකො හම්ප් එක්ක. වාහනේට කොයිම වෙලාවක වත් තේරුනොත් දැන් නම් අදින්න අමාරුයි කියල දේවල් දෙකක දෙනවා. මුලින්ම ක්ලච් එක එන්ගේජ් වෙනවා. ඊළගට EFI එකෙන් ෆිඋල් කැපෙනවා. එහෙම වෙන්නේ rev වෙන එක නවත්තන. ඔතනදි බොරුවට කලබල වෙන්න හොද නැහැ. හිමිට පස්සට ගිහින් අපහු ගන්න ඕනේ.
    5. ලොකු පල්ලම් වලදී ඒ බව වාහනේ තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගත්තම බර ගියර් එකකකට ඉබේ වැටෙනවා. අවශ්‍ය නම් අක්සිලේටරේ පාගල ඊලග ගියර් එකට ගන්න පුළුවන්.
    6. ඔවටෙක් කිරීමකදී බලය මදි කියල හිතුනොත් දේවල් දෙකක් කරන්න පුළුවන්. එක, අක්සිලේටරේ kick down එකක් කරන්න පුළුවන්. එක වාහනේ තේරුම් අරගෙන අහල ගියරට ගිහින් අවශ්‍ය බලය ලබා දෙනවා. නැත්තම් සේනිකවම ගියර් පොල්ල වමට සහ උඩට කරන්න පුළුවන්. එතනදිත් ගියර් එක පහලට ගිහින් අවශ්‍ය බලය ලබා දෙනවා.
    7. වාහනේ මැනුවල් පදින කොට කවදාවත් ගියර් වැඩි වෙන්නේ නැහැ. හැබැයි වාහනේ වේගේ අඩු වෙනකොට එන්ගිම නොක් නොවී තියා ගන්න අඩු වෙනවා. ගියර් වැඩි වෙන්නේ නැති නිසා මාරු නොකර පගුවොත් එන්ගිම rev වේවි තියෙනවා. කවදාවත් 5500 පන්නන්න එපා. අමතක කරන්න එපා, මේක ඉන්දියන්.
    8. මේකේ ගියර් ක්‍රමය වෙනස් වෙනව පදවන කෙනා අනුව සහ traffic අනුව. ඒ කියන්නේ අම්බානකට පොඩ්ඩක් වැඩි ට්‍රැෆික් එකේදී ගියර් ලෝ RPM එකෙන් මාරු වෙනවා. හැබැයි දුර යනකොට pick up වැඩි වෙන්න ඕනේ නිසා high RPM එකක් එනකම් ඉන්නවා. ඔන්න ඕක නම් හොදටම අල්ල ගන්න ඕනේ. මොකද ට්‍රැෆික් එකේ ගිහින් වෙනද පුරුද්දට පාගල ඕවටෙක් කරොත් ලොවෙත් හැප්පෙනවා. මොකද ස්පීඩ් වෙන්නේ නැති නිසා. ඔය වෙනස වෙන්න සමන්යයෙක් විනාඩි 10 වත් පදින්න ඕනේ.
    9. ඔය AMT අපුවගේ clutch ride වෙන ලෙඩක් අවා. හැබැයි අපරාදේ කියන්න බැහැ AMW එකෙන් නොමිලේම ක්ලච් එක මාරු කරලා දෙනවා. ඔය ප්‍රශ්නේ තියෙන්නේ 10000 පදිනකම් විතරයි. ඊට පස්සේ එහෙම ලෙඩක් නැහැ.
    10. Celerio එකට සාපේක්ෂව K10 එක සමුත්. මොකද දෙකේම තියෙන්නේ එකම එන්ගිම. නමුත් Celerio බර වැඩියි. ඉතින් අදින කොට පනින ගතියක් තියෙනවා කියල customer complain තියෙනවලු.

    අවසාන වසයෙන් බලමු මේ වාහනේ ගැලපෙන්නේ කොයි තැන වලටද කියල.
    1. ගොඩක් වෙලවට මේක හොදයි city traffic එකට. මොකද අපි හැමෝම දන්නවා traffic එකේ මැනුවල් එකක් පදින කොට කකුලට දැනෙන සනීපෙ.
    2. මැනුවල් පදින්න දන්නේ නැති හෝ කම්මැලි වගේ නම් කියපු වාහනේ.
    3. Brand new නිසා ඕනේ වෙලාවක full lease දෙනවා. අතේ මිටේ මුදල් වැඩිය නැත්තම් කියපු බාන්ඩේ.
    4. තව වාහන ගැන වැඩිය දැනුමක් නැත්තම් පරණ ජපන්නු ගන්න බැහැනේ. ඒ වගේ අයටත් පට්ට.
    5. ආරක්ෂාව අතින් බින්දුවයි. එක නිසා නගර සිමාවෙන් පිට ගැලපෙන්නේ නැහැ කියල තමයි මගේ අදහස.

    තව දෙයක් කියන්න අමතක උන. මේකේ දැනට ගොඩක් සාර්ථක වෙලා තියෙන්නේ Alto K10 සහ Celerio කියන මාදිලි 2 තමයි. අනිත් ඒවා ආවත් තවම ලොකුවට නැහැ. විශේෂෙන්ම Kwid AMT එකේ එන්නේ නිකන්ම නිකන් රවුමක් ගියර් එක වෙනුවට. ඔය පහලින් තියෙන්නේ එක තමයි. අඩුම ගානේ මැනුවල් ඔප්ෂන් එක වත් නැහැ.


    tUvo07y.jpg



    අම්මෝ කෙටුව අත කැඩෙන්නම. දැන ගන්න ඕනේ දෙයක් තියෙනවනම් කියන්න දන්න හැටියට කියනම්. අඩු පාඩුවක් උනා නම් සමාව බජනයකට දාල දෙනවා. තව මෙතනට එන්න ඕනේ දෙයක් තියෙනවනම් කියන්න.

    පුළුවන් නම් සලකල යන්න, නැත්තම් අඩුම ගානේ බම්පියක් වත් දාන්න.

    ජයවේව!!!
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    තෙරෙන්නෙ නැ. ඔක bmw, benz, audi වගෙ සුපිරි වාහන වලත් එනව නෙ. හැබයි එකෙ parking (P) එකක් එනව. හදුන්වන්නෙ automatic maual trasmission කියල නෙ බන්. dual clutch එනව. මැනුවල් mode එක එන්නෙ sport mode කියල.M/S කියල ගියර් පොල්ලෙ ලියල තියනව. paddle shift තියනව. මෙ වාහන start කරන්න N කරන්න ඔන නැ. P එකෙ පුලුවන්.
    ලංකාවෙ තියන prado එකෙත් ඔය විදියට තියන්නෙ. P N R D M/S.
    එ ඔක්කොගෙම P එකක් තියනව. ඉන්දියන් කාරයොන්ගෙ නැ නෙ.
    පොඩ්ඩක් කියන්න....??