හැදෙන එකෙක්ට හැදෙන්න...

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැදෙන එකෙක්ට හැදෙන්න...

    කාලෙකින් ඇවිත් නිකන් හිතුන නිසා කෙටුවේ..

    පහුගිය ටිකේ ලැබුන අත්දැකීම් එක්ක, දැක්ක දේවල් එක්ක, අහපු දේවල් එක්ක මේ දේවල් ටිකක් ලියන්න හිතුනා...
    හැදෙන එකෙක් හැදේවිනේ...

    අද කාලේ ගොඩක් එවුන් දන්නේ නැහැ ජිවිතේ තියෙන වටිනාකම... මේ දේ කියන්නේ පච්ච ගහගෙන ඉන්න එවුන් ගැනනම් නෙවි...
    ඒක එක එක්කෙනාගේ කැමැත්ත...

    දන්නවද මිනිස් ආත්මභාවයක් ලබන්නත් ගොඩක් පින් කරන්න ඕන කියල...
    සිංහල මුස්ලිම් දෙමල කවුරු උනත් උපදිනකොට ආගමක් අරගෙන ආවෙත් නැහැ... යනකොට ගෙනියන්නෙත් නැහැ...
    ඒ නිසා සියල්ලම පොදුවේ අරගන්නේ මෙතන...
    ඉපදුන දවසේ ඉඳල ගොඩක් දුක් විඳිනවා ඉගෙන ගන්න.. වෙන දේකට නෙවි, අපේ අම්මල තාත්තල අපි වෙනුවෙන් නොකා නොබී උගන්වන්නේ අපෙන් කන්න බොන්න නෙවි...
    එයාලට රජ වෙන්න නෙවි...
    එයාලට වඩා හොඳින් අපි සතුටින් ඉඳීවි කියල හිතලයි....
    ඒත් කීයෙන් කී දෙනාද ඒ බව තේරුම ගන්නේ...
    කොහොම හරි ඉගෙන ගෙන හෝ නොගෙන ජිවිතේ ගෙනියනවා...
    අපි ගෙවන මොහොතක් හරි වටිනවා කියල තේරෙන එකා නොදන්නා දෙයක් හෝ හොයා හොයා ඉගෙන ගන්නවා...
    අනිත් එවුන් කෙල්ලෝ පස්සේ යනවා...
    ඒ ගිහින් එවුන් නිසා ජිවිතේ නිකරුනේ විනාස කරගන්නවා...
    පහුගිය ටිකේ දෙන්නෙක් ගිනිතියාගත්තා...
    මොනවට ඒ අයට ලැබුනේ...
    මැරුණ අයට මරණය හිමි වෙලා, මෙලොවින් යන්න ගියා...
    ගොඩක් දෙනෙක් හිතන්නේ අර කෙල්ලට සතුටින් ඉන්න බැරි වෙයි කියල...
    මොන බොරුද...
    ලස්සනට තව එකෙක් එක්ක සුපුරුදු විදියට ඉඳීවි...
    ගොඩක් දෙනෙක් හිතන්නේ හිත ගිය තැන මාලිගාව කියලනේ...
    ඒ උනාට හිත ගියාට වැඩක් නැහැ මාලිගාවට අයිතිකාරයෙක් ඉන්නවා නම්...
    අනුන්ගේ පවුල් කඩන්නේ නැතිව, ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා නම් වෙන කෙල්ලෙක් හොයාගන්න ඒකනේ ඇත්තේ....
    එහෙම නැතිව බලෙන් ඒකිව අල්ල ගත්ත කියල ඉන්න වෙන්නේ බයෙන්...
    කොයි වෙලේ හරි තමන්ටත් ඒ දේම වෙයි කියල...
    කෙල්ලෙක් නැත්නම් පාඩුවේ හිටපල්ලකො....
    මොකෝ කෙල්ලෙක් නැහැ කියල රජයෙන් බද්දක් ගහනවා කියලයැ...(ඉස්සරහට එහෙමත් වෙයිද මන්ද)
    අනිත් එක බඩු පොට් වලට රිංගන්න ගිහින් ජිවිතේ විනාස කරගන්නත් එපා..
    කෙල්ල වෙන කොල්ලෙක්ගේ ඇඟේ ගෑවුනත් කසන එවුන්, ලස්සනට බඩු ගහල උපාසකයෝ වගේ ඉන්නවා...
    වැරැද්ද නම් කවුරු කලත් වැරදි....
    තමන්ටත් අක්කල නංගිලා ඉන්නවා කියල අපි හනිමුන් එකේදී වැඩේ නොකර ඉන්නේ නැහැනේ...
    ඒත් එදාට ඒ දේ කරන්නේ තමන්ගේම වයිෆ්ට මිසක් වෙන කෙනෙක්ට නෙවි...
    ඒ නිසා එදාට ඒ දේ වලංගු නැහැ, මම කියන්නේ අනිත් අය එක්ක ඒ දේ කරන එක ගැන...
    මගේ යාලුවෙක් ඉන්නවා අනුරාධපුරේ..
    උගේ නංගි නිදහස් වෙළඳ කලාපේ වැඩ කලේ.. දවසක් යාළුවා කොළඹ ඇවිත් බඩුවක් ගහන්න ගිහින්... කරුමෙට එදා මු ගියපු කාමරේ ඉඳල තියෙන්නේ උගේම නංගි...
    මොකද හිතෙන්නේ... කවුද එතන වැරදි.... අයියද නංගිද...
    නංගිට කොළඹ ආවට පස්සේ කොල්ලෙක් සෙට් වෙලා, මු වැඩේ කරලා විකුණලා කෙල්ලව..
    සල්ලි යහමින් ලැබෙන නිසා කෙල්ලත් කැමති වෙලා වැඩේට...
    ඇත්තටම අවංකව ආදරේ කරලා, කෙල්ලව එහෙම විකුණන් කන්න පුලුවන්ද බං...
    කාලකන්නි...
    ඒ වගේම ඉස්සර නම් ලස්සන කෙල්ලෙක් ඉපදුනාම කියන්නේ පවුලේ පිනට ඉපදුනා කියල...
    එදා ඒ ලස්සන එයා ආභරණයක් කරගෙන කොල්ලෝ අල්ලාගත්තේ නැහැ...
    ඒත් අද ඒ ලස්සන එයාල ආයුධයක් කරගෙන...
    අහිංසක කොල්ලෝ අල්ලාගෙන හුරගෙන කනවා...
    මොකක්ද මේ වැඩේ තේරුම...
    බස් එකක හිටගෙන යන්න විදියක් නැහැ.. ඔලුව වදිනවට පහල බලද්දී කුක්කු දෙකෙන් තුන්කාලක් එළියේ... අනේ මන්ද අපි කියල ඇඳගෙන එනවා වගේ ඒ වෙලාවට රවල කොන්ඩේ තියාගන්නවා.. බලන්නේ අපරාධකාරයෙක් දිහා බලන විදියට... නොමිලේ ෂෝ එකක් බැලුව වගේ ඒ වෙලාවට අපිට නෙවි වගේ ඉන්න එක තමයි කරන්න තියෙන්නේ...
    පොත්ත රතු නිසා, තෙල් ටැංකි දෙක පිම්බිල තියෙන නිසා කොල්ලෝ යනවා පස්සෙන්...
    අන්තිමට තමන් දන්නේ නැහැ කරගහන්නේ ගොන් ගහක් කියල...
    උගත් කෙල්ලෙක් බැන්දොත් මනාව ජිවිතේ කළමනාකරණය කරගන්න පුළුවන්...
    නැත්නම් අනාතයි...
    ඒ වගේම තමයි මාස 4කට කලින් තාත්ත සනීප නැතිව බෙහෙත් ගන්න ගියා... එදා එයාගේ බෙහෙත් වලට රුපියල් 9000ක් ගියා... එදා ඉඳල හැම මාසෙම ඒ මුදල යනවා... ෆාමසියෙන් බෙහෙත් ගන්න ගියාම එක තරුණ අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි ඇවිත් හිටිය බෙහෙත් ගන්න අවුරුද්දක විතර දරුවෙක්ට... ඒත් ඒ බෙහෙත ගන්න සල්ලි මදි වෙලා මම ඒ බෙහෙත මගේ ගානේ අරගෙන දුන්නා... එයාල මට පින් දුන්නා.. මම ප්‍රාර්ථනා කලේ මගේ අම්ම තාත්ත නිදුක් නිරෝගී වෙන්න කියල ඒ පිනෙන්...
    අපෙන් එයාල ඉල්ලන්නේ නැහැ... ඒත් අපි පොඩි කාලේ අපිව බලාගෙන සැලකුවේ මේ දේවල් බලාගෙන නෙවි...
    අපි ඉගෙන ගෙන රස්සාවල් කරන්නේ එයාලව වැඩිහිටි නිවාසවල නවත්වන්නත් නෙවි...
    ආදරෙන් ගෙනත් දෙන බනිස් ගෙඩිය පැත්තකට වෙලා කන්නේ, ලොකු පුතේ උඹට ගොඩක් පින්, කියල කිය කියා... පවු ඉතින්.. අපි දෙයක් කනවට වඩා සතුටුයි එයාල ඒ දේ ගෙදර ගෙනත් දුන්නට පස්සේ කනවා දැක්කම...
    මේ ලඟදි youtube එකේ තිබිල ගත්ත යශෝරාවය නාට්‍යය...
    ඒක දැක්කම මට මගේ ගැනම සතුටක් දැනුනා... අපි අපේ අම්මල වෙනුවෙන් මොන තරම් දෙයක් කරනවද කියල...
    ඔයාලගේනුත් ඉල්ලන්නේ, සලකන්න තමන්ගේ දෙමවුපියන්ට...
    පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහල තාත්තාගෙන් ගුටි කාල හැදුන නිසා කාගෙන්වත් නරක කතාවක් අහන්නෙත් නැහැ, පොලිසියෙන් ගුටි කන්නෙත් නැහැ...
    එහෙවුවට කරපු එයාලට හොඳින් සලකන්න...
    කෙල්ලෙක් නිසා ජිවිතේ නාස්ති කරගන්නේ නැතිව, ජිවිතේ සාරවත් කරගෙන සතුටින් ඉන්න...
    අම්මල නැති කාලෙක ඔයාලට තේරේවි එයාලගේ අගේ...
    ඒ නිසා ඉන්නකම් දවසින් සුළු වෙලාවක් වෙන් කරන්න එයාලට... ප්‍රශ්නයක් කතා කරන්න, වෙච්ච දෙයක් කියන්න වගේ දේවල් වලට...
    එයාල සතුටු වෙයි...
    එතකොට එයාලගේ ජිවිතේ සතුටින් නික්ම යන්න පුළුවන්...
    මැරුණට පස්සේ ලක්ෂ ගණන් පෙට්ටි අරගෙන වටේම ඉන්න එවුන්ට බොන්න දෙනවට වඩා කරන්න පුළුවන් දේ ජිවත් වෙලා ඉන්නකම් කරන්න...

    මගේ අම්මලට බනින්නේ නැතිව මට කියන දෙයක් කියල යන්න...
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    .
    ඒ නිසා ඉන්නකම් දවසින් සුළු වෙලාවක් වෙන් කරන්න එයාලට... ප්‍රශ්නයක් කතා කරන්න, වෙච්ච දෙයක් කියන්න වගේ දේවල් වලට...
    එයාල සතුටු වෙයි...
    එතකොට එයාලගේ ජිවිතේ සතුටින් නික්ම යන්න පුළුවන්...
    මැරුණට පස්සේ ලක්ෂ ගණන් පෙට්ටි අරගෙන වටේම ඉන්න එවුන්ට බොන්න දෙනවට වඩා කරන්න පුළුවන් දේ ජිවත් වෙලා ඉන්නකම් කරන්න...

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ලබ්බා ඕව පවුල් පසුබිමින් ම එන ඒවා හුගක් වෙලාවට......
    තාත්තල බඩුකාරයො නං පුතාල අනිවා....එහෙමත් තැනක තමා නැති වෙන්නේ....

    අනික අපි මොන තරං *ක පොලේ ගහං දැන් ඉන්න පරම්පරාවට ඕව කියන්න හැදුවත්, උන් හැදෙනව හරි අඩුයි. මොකද බහුතරයක් ඉන්නේ මංපොර මේනියාව තියන උන්....
    හරි වැරැද්ද උන්ට කියල දෙන්න අපිට හුගක් වෙලාවට බෑ.....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    well said
    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං ලබ්බා ඕව පවුල් පසුබිමින් ම එන ඒවා හුගක් වෙලාවට......
    තාත්තල බඩුකාරයො නං පුතාල අනිවා....එහෙමත් තැනක තමා නැති වෙන්නේ....

    අනික අපි මොන තරං *ක පොලේ ගහං දැන් ඉන්න පරම්පරාවට ඕව කියන්න හැදුවත්, උන් හැදෙනව හරි අඩුයි. මොකද බහුතරයක් ඉන්නේ මංපොර මේනියාව තියන උන්....
    හරි වැරැද්ද උන්ට කියල දෙන්න අපිට හුගක් වෙලාවට බෑ.....

    කතාව හරියටම හරි අයියේ..
    දවසක් ඔෆිස් එක ළඟ කඩේකට ආව වයසක අන්කල් කෙනෙක්... කිලිටු ඇඳුමක් ඇඳගෙන හිටියේ... "මහත්තයෝ බස් එකේ යන්න කියක් හරි දෙන්න පුලුවන්ද" කියල ඇහුවා.. ඒ වෙලාවේ මම තේ වෙලාවට ගන්න බිත්තර පාන් ගන්න ගමන් හිටියේ.. එයා ඒ දිහා බැලුවම මම ඇහුව අන්කල් කාලද ඉන්නේ කියල... බලන් ඉන්න ගමන් ඒ මනුස්සයාගේ ඇස් දෙකේ කඳුළු පිරුන..."මම කාල ඉන්නේ පුතේ" කියල කිවුව...
    මට මගේ තාත්ත මතක් උනා අයියේ..
    එයත් මේ වගේ අසරණ උනා නම් කොච්චර දුක හිතේවිද අයියේ...
    අපිත් වයසට ගිහින් දරුවෝ සලකන්නේ නැතිව මේ වගේ උනොතින් අපිට මොනවා හිතේවිද අයියේ...
    මම එයාව කඩේට එක්කන් ගිහින් මගේ ගානේ කන්න අරගෙන දුන්න බලෙන්ම..
    අන්තිමට ටී එකකුත් දීල බස් එකේ යන්න සල්ලිත් දුන්න..
    මට පින් දීල ගියේ...
    එයා ගියාට පස්සේ කඩේ මල්ලි කිවුව, ගොඩක් වැදගත් පවුලක කෙනෙක්ලු...
    දරුවෝ වැදගත් රස්සාවල් කරනවලු...
    ගෙවල් දොරවල් සේරම ලියල දීල නිසා දැන් දරුවෝ සලකන්නේ නැතිලු...
    මාර දුකයි මෙහෙම වෙද්දී...
    අම්මල තාත්තල මේ තත්වෙට වැටෙනව නම්, ඇයි එයාල දරුවෝ හදන්නේ කියල මට හිතෙනවා අයියේ...
    :( :( :(
     
    blue_in_rio

    Well-known member
  • උබේ උත්සාහය අගය කරනවා මචන්.හැමෝම නැතත්, හැදෙන එකෙක් හරි හැදෙයිනේ.හම්බ කරන එකේ සතුට කියන්නේ, කොහෙවත් ඉන්න බඩුවකටවත්, බීලා පිස්සු කෙලින්නවත් සල්ලි නාස්ති කරන එක නෙමෙයි.තමන්ගේ පවුලට, නැති බැරි මිනිහෙකුට සලකන එකට.ඒ සතුට සල්ලි වලට ගන්න බෑ මචන්. :yes::yes:

    "හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් - දනට පිනට, ගෙදර දොරට දුන්නේ මං, හිතේ මනාපෙන් " :cool::cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    කලිං මට කෑල්ලක් හිටිය ඒක් මට බූට තියල වෙන එකෙක් එක්ක ගියාට පස්සෙ මට කෙල්ලො එපා උනා. ඒකි වෙනුවෙන් මං නොකල දෙයක් නෑ. ඊට පස්සෙ අවුරුදු ගානක් මොන කෙල්ලෙක්වත් හිටියෙ නෑ, රවට්ටන්න බඩු ගහන්න දාහක් එව හිතුනත් කලේ නෑ. මං මේ කියන ඒව මේකට අදාලද නැදද දන් නෑ.

    දැන් හොද කෙල්ලෙක් ඉන්නව බට් මට ඉස්සර වගේ සීරියක් ලව් එකක් වෙන් නෑ හිතෙනව.රවට්ටන්න අවශයතාවක් නෑ. ඒකි හොදයි. දැනුම් තේරුම් තියනව. කිරියටත් එනව. මේ කෙමෙන්ට් එක් දැක්කොත් අනිව වලියක් තමා.

    දැනුත් අවුලෙන් ඉන්නෙ. පොඩි මගුලක් ඇදල ගත්තම කවුරුත් සෙකන්ඩ් වෙන් නෑ. විශේශෙන් මම. ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ.......
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    ආදරෙන් ගෙනත් දෙන බනිස් ගෙඩිය පැත්තකට වෙලා කන්නේ, ලොකු පුතේ උඹට ගොඩක් පින්, කියල කිය කියා... පවු ඉතින්.. අපි දෙයක් කනවට වඩා සතුටුයි එයාල ඒ දේ ගෙදර ගෙනත් දුන්නට පස්සේ කනවා දැක්කම...

    :(:(:(:yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනිවා ගැනියෙක් හින්ද නම් හදාගත්ත අම්ම තාත්තා නොසලකා හරින්නේ නැ.
    පොඩි කාලේ ඉදන් මටත් සැහෙන්න අත්දැකීම් ලැබුන ඔය පැත්තෙන්.
    මට මන් ගැන විශ්වාසයි,කවදාවත් චීත්තයක් ලොකු කරගන්නේ නැ කියල දෙමවුපියන්ට වඩා.

    ගොඩක් හොඳ ලිපියක් මචෝ.
    රේප්++++
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කලිං මට කෑල්ලක් හිටිය ඒක් මට බූට තියල වෙන එකෙක් එක්ක ගියාට පස්සෙ මට කෙල්ලො එපා උනා. ඒකි වෙනුවෙන් මං නොකල දෙයක් නෑ. ඊට පස්සෙ අවුරුදු ගානක් මොන කෙල්ලෙක්වත් හිටියෙ නෑ, රවට්ටන්න බඩු ගහන්න දාහක් එව හිතුනත් කලේ නෑ. මං මේ කියන ඒව මේකට අදාලද නැදද දන් නෑ.

    දැන් හොද කෙල්ලෙක් ඉන්නව බට් මට ඉස්සර වගේ සීරියක් ලව් එකක් වෙන් නෑ හිතෙනව.රවට්ටන්න අවශයතාවක් නෑ. ඒකි හොදයි. දැනුම් තේරුම් තියනව. කිරියටත් එනව. මේ කෙමෙන්ට් එක් දැක්කොත් අනිව වලියක් තමා.

    දැනුත් අවුලෙන් ඉන්නෙ. පොඩි මගුලක් ඇදල ගත්තම කවුරුත් සෙකන්ඩ් වෙන් නෑ. විශේශෙන් මම. ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ.......

    එක කෙල්ලෙක් කරපු දේකට අනිත් එවුන් පලි නැහැ මචං... පලිගන්නවා කියන්නේ වේදනාවෙන් කොටසක් අපිටත් තියෙනවා... පසුතැවෙන්න වෙන්නේ අපිට...
    ඔයාගේ ප්‍රශ්නෙදි මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි...:yes:
    ඉවසීමෙන් වැඩ කරන්න දෙන්නම... කතාබහ කරද්දී දෙන්නම එකට එක කියන්නේ නැතිව, එක්කෙනෙක් කියල ඉවර උනාම අනිත් කෙනා කතා කරන්න.. එතකොට බොහෝ විට දෙන්නගෙම කේන්ති නිවිලා තියේවි... ඒ වගේම මේකත් මතක තියාගන්න, දෙන්නෙක් මැරී කරන්නේ රණ්ඩු වේවි ඉන්නද, නැත්නම් සතුටින් ඉන්නද කියන එකත් දෙන්නම තේරුම් ගන්න...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    එක කෙල්ලෙක් කරපු දේකට අනිත් එවුන් පලි නැහැ මචං... පලිගන්නවා කියන්නේ වේදනාවෙන් කොටසක් අපිටත් තියෙනවා... පසුතැවෙන්න වෙන්නේ අපිට...
    ඔයාගේ ප්‍රශ්නෙදි මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි...:yes:
    ඉවසීමෙන් වැඩ කරන්න දෙන්නම... කතාබහ කරද්දී දෙන්නම එකට එක කියන්නේ නැතිව, එක්කෙනෙක් කියල ඉවර උනාම අනිත් කෙනා කතා කරන්න.. එතකොට බොහෝ විට දෙන්නගෙම කේන්ති නිවිලා තියේවි... ඒ වගේම මේකත් මතක තියාගන්න, දෙන්නෙක් මැරී කරන්නේ රණ්ඩු වේවි ඉන්නද, නැත්නම් සතුටින් ඉන්නද කියන එකත් දෙන්නම තේරුම් ගන්න...

    පලිගැනීමෙ චේතනාවක් නෑ මචං. මං කියන්නෙ මට දැං කවූරුත් ගැන වැඩිය හිත උනු වෙන් නෑ කියල. කොටින්ම මං ආත්මාර්ත්කාමී වෙලා
    2.gif
     
    • Like
    Reactions: labu gediya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව හරියටම හරි අයියේ..
    දවසක් ඔෆිස් එක ළඟ කඩේකට ආව වයසක අන්කල් කෙනෙක්... කිලිටු ඇඳුමක් ඇඳගෙන හිටියේ... "මහත්තයෝ බස් එකේ යන්න කියක් හරි දෙන්න පුලුවන්ද" කියල ඇහුවා.. ඒ වෙලාවේ මම තේ වෙලාවට ගන්න බිත්තර පාන් ගන්න ගමන් හිටියේ.. එයා ඒ දිහා බැලුවම මම ඇහුව අන්කල් කාලද ඉන්නේ කියල... බලන් ඉන්න ගමන් ඒ මනුස්සයාගේ ඇස් දෙකේ කඳුළු පිරුන..."මම කාල ඉන්නේ පුතේ" කියල කිවුව...
    මට මගේ තාත්ත මතක් උනා අයියේ..
    එයත් මේ වගේ අසරණ උනා නම් කොච්චර දුක හිතේවිද අයියේ...
    අපිත් වයසට ගිහින් දරුවෝ සලකන්නේ නැතිව මේ වගේ උනොතින් අපිට මොනවා හිතේවිද අයියේ...
    මම එයාව කඩේට එක්කන් ගිහින් මගේ ගානේ කන්න අරගෙන දුන්න බලෙන්ම..
    අන්තිමට ටී එකකුත් දීල බස් එකේ යන්න සල්ලිත් දුන්න..
    මට පින් දීල ගියේ...
    එයා ගියාට පස්සේ කඩේ මල්ලි කිවුව, ගොඩක් වැදගත් පවුලක කෙනෙක්ලු...
    දරුවෝ වැදගත් රස්සාවල් කරනවලු...
    ගෙවල් දොරවල් සේරම ලියල දීල නිසා දැන් දරුවෝ සලකන්නේ නැතිලු...
    මාර දුකයි මෙහෙම වෙද්දී...
    අම්මල තාත්තල මේ තත්වෙට වැටෙනව නම්, ඇයි එයාල දරුවෝ හදන්නේ කියල මට හිතෙනවා අයියේ...
    :( :( :(
    මනුස්ස සමාජය ඇතුලේ මනුස්සකං වැළලිල යනවා......
    මනුස්සකං තිබීම දුර්වලකමක් කියල වර්තමාන පරම්පාරව හිතනවා....
    කොටින් ම අනිත් කෙනෙක් ගේ දුකේ දී ඇහැට කදුලක් එන එක දුර්වලකමක් කියල තමා වර්තමාන පරම්පරාව හිතන්නේ.....

    නොදනිමි කාගේ දොසා....ඉගෙන ගන්න කාලේ මනුස්සකං දැන් ඉන්න ගුරුවරු කියල දෙන්නෙත් නෑ, ගෙවල් වලිනුත් රේස් එකට පුරුදු කරනව ඇර ඒව කියල දෙන්නෙත් නෑ.....
    ලෙන්නි කිව්වේ ජීවිතයෙන් සහ දේශපාලනයෙන් වෙන් කරල ලද අධ්‍යාපනය බොරුවක් සහ කුහකකමක් කියලා. දැන් අධ්‍යාපනය කොහොමත් බොරුවක් සහ කුහකකමක් තමා බලද්දී.......
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබේ උත්සාහය අගය කරනවා මචන්.හැමෝම නැතත්, හැදෙන එකෙක් හරි හැදෙයිනේ.හම්බ කරන එකේ සතුට කියන්නේ, කොහෙවත් ඉන්න බඩුවකටවත්, බීලා පිස්සු කෙලින්නවත් සල්ලි නාස්ති කරන එක නෙමෙයි.තමන්ගේ පවුලට, නැති බැරි මිනිහෙකුට සලකන එකට.ඒ සතුට සල්ලි වලට ගන්න බෑ මචන්. :yes::yes:

    "හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් - දනට පිනට, ගෙදර දොරට දුන්නේ මං, හිතේ මනාපෙන් " :cool::cool:

    ඔවු මචං... බීල පිස්සු නටනවට වඩා කරන්න දේවල් තියෙනවා... ඒවා මතක් වෙන්නේ හවස බීල නිදියගෙන උදේ ඔලුවේ අමාරුව එක්ක නැගිටිනකොට තමයි...එතකොට ගානක් කුඩු... ආදරේ වගේම මචං ආත්ම තෘප්තිය කවදාවත් බලෙන් ගන්න බැහැ..