විනිසුරුට අසූචි ඇටෑක් එකක්...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    විනිසුරුට අසූචි ඇටෑක් එකක්...

    [FONT=&quot]විනිසුරුට අසූචි ඇටෑක් එකක්[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]මේක සත්‍ය කතාවක්.... ඕනෑම රටක අධිකරණය යනු සර්වසාධාරණ වූ නීතියේ දෙව්දුවගේ අණසකට යටත් වුණු තැනක් කියල තමයි අපි දන්නේ.... මොනව වුණත් අධිකරණයේ ඉන්නෙත් මිනිස්සුම බැවින් සමහරක් වෙලාවට අධිකරණයේ ගරුත්වයට හානි වෙන විදියට මිනිස්ගති ඉස්මතු වෙනවා.... සමහරක් කතා අහපුවහම හිතෙනවා ඒවා මිනිස්ගති වලට වඩා තිරිසන් ගතිවලට දාන එක හොඳයි කියලා.... ඉතිං මම කියන මේ කතාව දාන්න ඕන කොයි ගොඩට කියල ද කියවන කෙනාම තීරණය කරන එක හොඳයි.... මේක මේ අපේ ලංකාවේ සිද්ද වුණු ඒ වගේ අවාසනාවන්ත සිද්ධියක්....[/FONT]

    [FONT=&quot]එක්තරා පළාතක ඉන්නවා රත‍්‍රං බඩු හදන මිනිහෙක්. හැබැයි මිනිහ වංචා කාරයෙක්... ඒ කියන්නේ මිනිහ බාල රත්තරං බඩු හදල නියම රත‍්‍රං විදියට විකුණනවා... සමහරක් වෙලාවට බැංකුවල උකස් තියෙනවා.... මිනිහට මේක දිගටම කරගෙන යන්න බැරිවෙනවා... මිනිහ පොලිසියේ අත්අඩංගුවට පත්වෙනවා.... පොලිසියෙන් මෙයාව පළාතේ උසාවියට දානවා.... මම කියන විනිසුරු චරිතය ඉන්නේ ඒ උසාවියේ....[/FONT]

    [FONT=&quot]නඩුව දවසක් දෙකක් යන කොට විනිසුරු දකිනව අර මිනිහගේ වයිෆ්.... මිනිහගේ වයිෆ් ඇහැට කණට පෙනෙන ගෑණියෙක්ලූ.... ඉතිං විනිසුරුට ඒ කාන්තාව ගැන අමුතුම ආශාවක් ඇති වෙනවා.... එදා ඉඳන් විනිසුරු ට‍්‍රයි එක දෙන්නේ ඒ ගෑණිව අල්ලගන්න... ඉතිං අර මිනිහට ඇප දෙන්නේ නැතිව දිගින් දිගටම කූඩුවේ තියෙනවා.... අර ගෑණි දැන් මාස ගණන් උසාවි එනවා මිනිහව බේරගන්න... ඒත් මිනිහට නෝ ඇප.... [/FONT]

    [FONT=&quot]එක නඩු දවසකදී මේ ගෑණිට ලෝයර් කෙනෙක් ඇවිල්ල පොඩි කොල කෑල්ලක් දෙනවා.... දීල කියනවා මේ නම්බරේට කතා කරන්න එතකොට ඔයාට පුලූවන් ඔයාගේ හස්බන්ඞ් බේරගන්න කියලා.... අර අසරණ ගෑණි කොල කෑල්ල අතේ ගුලි කරගන්නවා.... ඉතිං දවසක් ගෑණි අර නම්බරේට කතා කරනවා... උඹ විශ්වාස කළත් නැතත් ඒ නම්බර් එක අර උසාවියේ ගරු කටයුතු විනිසුරුගේ.... ඉතිං ඒ විනිසුරු ගෑණිට කියනවා[/FONT], ”[FONT=&quot]මට ඔයාගේ මිනිහව බේරල දෙන්න පුලූවන්... හැබැයි ඔයාගෙන් විශේෂ ප‍්‍රකාශයක් ගන්න ඕන.... ඒ හින්ද අහවල් තැනට එන්න කියලා...[/FONT]” [FONT=&quot]ඉතිං ගෑණිට සතුටුයි.... තීන්දුව දෙන විනිසුරුම කියනවා නම් මිනිහ බේරගන්න පුලූවන් කියල ආයේ සතුටු නැද්ද... ඉතිං දවසක් මිනිහව බලන්න ගියාම ගෑණි මේ කතාව මිනිහට කියනවා... මිනිහා දන්නවා එන පොට හොඳ නැති විත්තිය... මිනිහ ගෑණිට කියනවා [/FONT]‘[FONT=&quot]මම මැරෙනකම්ම හිර කරල තිබ්බත් නඩුකාරයා හම්බුවෙන්න යන්න එපා[/FONT]’ [FONT=&quot]කියලා...[/FONT]

    [FONT=&quot]ඉතිං ඊට පස්සේ තියෙන හැම නඩු වාරෙකම වෙන්නේ කලින් කතන්දරයම තමයි.... මිනිහට ඇප නෑ... ගෑණි ආර්ථිකය අතින් අන්තිම අසරණ තත්වයට පත්වෙනවා.... ලෝයර්ට වියදම් කරන්නයි[/FONT], [FONT=&quot]එදිනෙදා වියදම් ගැට ගහගන්නයි බැරි හින්ද මිනිහව ඉක්මණින් එළියට ගන්න ඕන.... ඉතිං අන්තිමට මිනිහට නොකියම ගෑණි විනිසුරුට ආයෙත් කතා කරනවා... එන්න ඕන තැන අහනවා.... විනිසුරු තැනයි වෙලාවයි කියනවා....[/FONT]

    [FONT=&quot]ඉතිං කියපු දවසේ කියපු තැන මේ ගෑණි ඉන්නවා.... කාර් එකක් ඇවිල්ල නතර කරනවා... ඒකේ ඉන්නේ විනිසුරු.... ඔහු ගෑණිට කියනවා කාර් එකට නගින්න කියලා... ගෑණි බයෙන් නගිනවා.... දැන් කාර් එක නගරයෙන් පිටවෙලා සෑහෙන දුරක් යනවා... ගෑණිට දැන් බයයි... ඒ වුණත් විනිසුරුට තියන ගෞරවය නිසා නිහඩව ඉන්නවා.... කාර් එක ඇවිල්ල අන්තිමට නතර කරන්නේ කිලෝමීටර් බර ගණනක් ඈත තියන [/FONT][FONT=&quot]guest house[/FONT][FONT=&quot] එකක.... අන්තිමට දෙන්න නතර වෙන්නේ [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] එකක.... ([/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] නීතිය [/FONT][FONT=&quot](click here)[/FONT][FONT=&quot] ගැන මම කලින් කියල දුන්නනේ...[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] හරි ආයෙත් කතාවට...[/FONT]

    [FONT=&quot]දැන් ගෑණි දන්නව වෙන්න යන දේ..... විනිසුරු ගෑණිගේ ඇඳුම් ගලවන්න යන කොට ගෑණි ඒකට විරුද්ධ වෙනවා... ඒ වුණාට ගෑණිට කරන්න දෙයක් නෑ.... ගෑණි ඉන්නේ තනිවෙලා[/FONT], [FONT=&quot]අසරණවෙලා.... ගෑණි කියනවා මම ලෙඩ වෙලා ඉන්නේ ඒ හින්ද [/FONT][FONT=&quot]sex[/FONT][FONT=&quot] කරන්න බෑ කියලා... (ගෑණි එහෙම කියන්නේ ඇත්තටම ඇයට මාසික ඔසප් වීම (මෙන්සස්[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] වෙලා නිසා...[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] විනිසුරු ඒක සත පහකට ගනන් ගන්නේ නෑ... ගෑණිගේ ඇඳුම් ගලවනවා.... උඹ විශ්වාස කළත් නැතත් ඒ වෙන කොටත් ඒ ගෑණිගේ පෑඞ් එක වෙනුවට තියල තිබුණු රෙදි කෑල්ලේ ලේ.... මේ විනිසුරු ඒ රෙදි කෑල්ල පැත්තකට දාලා මෙන්සස් හැදිලා ලේ පෙරාගෙන ඉන්න ගෑණිව දුෂණය කරනවා.... එක පාරක් නෙවෙයි එළි වෙනකම්ම.... ගෑණිගේ ඇඳුම් ඔක්කොම විනිසුරු අරගෙන ඒවා ගෑණිට මුලූ රැම අඳින්න දෙන්නේ නෑ.... ගෑණි මුලූ රැම ඉන්නේ හෙලූවෙන්..... [/FONT]

    [FONT=&quot]ඉතිං විනිසුරු ඊට පහුවදා ගෑණිගේ අතටත් ගාණක් දිලා ගෙදර යවනවා.... ගෑණිට දැන් මැරෙන්න තරම් දුකයි.... ඒත් නීතිය කියන මහ කලූගලේ ගෑණිට ඔලූව ගහගන්න බෑ... ගෑණි අන්තිමට හිත හදා ගන්නවා කතාව කාටවත් කියන්නේ නෑ කියල.... [/FONT]

    [FONT=&quot]ඊට පස්සේ දවසක ගෑණි මිනිහව බලන්න [/FONT][FONT=&quot]prison[/FONT][FONT=&quot] එකට යනවා... මිනිහ දකිනව ගෑණි අමුතුවෙලා ඉන්නේ කියලා.... මිනිහට දැන් සැකයි ගෑණි විනිසුරු හම්බුවෙන්න ගියා කියලා.... ඉතිං සැර කරල සද්දෙ දාලා ඇහුවට පස්සේ ගෑණි ඇත්ත කියනවා.... තමන් කූඩුවක හිරකරල තමන්ගේ ගෑණි දුෂණය කරපු විනිසුරුවරයා මරාගෙන කන්න තරම් කේන්තියක් මිනිහට එනවා.... මිනිහ එදා ඉඳන් කල්පනා කරන්නේ කොහොමද විනිසුරුගෙන් පලිගන්නේ කියලා..... එතනින් පස්සේ තමයි රියල්ම කතාව තියෙන්නේ...... [/FONT]

    [FONT=&quot]මිනිහ ෂොපිං බෑග් දෙකක් අරගෙන යනවා හිරකාරයන්ගේ ටොයිලට් පැත්තට.... ටොයිලට් වළකින් අර මලූ දෙකම පුරව ගන්නවා අසූචිවලින්.... ඊට පස්සේ හොඳට ගැට ගහනවා ගඳ එළියට එන්න නැතිවෙන්න.... ඒ මලූ දෙක තැනක හොරෙන් හංගනවා.... ඊට පස්සේ මිනිහ හදනවා ගෑස් බෝතලයක්... [/FONT][FONT=&quot](ගෑස් බෝතලයක් කියන්නේ ගෑස් දාල සීල් කරන බෝතලයක්.... ඒ වගේ බෝතලයක් කැඩුණම බෝම්බයක් පිපිරුව වගේ සද්දේ... හැබැයි හානියක් වෙන්නේ නෑ...[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඉතිං ඊළග නඩු දවස එනකම් නොඉවසිල්ලෙන් මිනිහ ඉන්නවා....[/FONT]

    [FONT=&quot]මිනිහගේ නඩු දවස ආවා... මිනිහ අර අසූචි බෑග් දෙකයි... ගෑස් බෝතලයයි ඇඳුම යට හංග ගන්නවා.... ගොඩක් කාලයක් හිරේම ඉන්න හින්ද මිනිහ බන්ධනාගාර නිලධාරින් හොඳට අදුරනවා... ඒ හින්ද මිනිහව චෙක් කරන්නෙත් නෑ.... මිනිහව උසාවියට ගෙනල්ල අධිකරණ ශාලාවේ තියෙන විශේෂ කූඩුවට දානවා....[/FONT]

    [FONT=&quot]දැන් මිනිහ අධිකරණ ශාලාවේ රිමාන්ඞ් කූඩුවේ.... අපේ විනිසුරු විනිසුරු අසුනේ.... මිනිහට දැන් ඕන කරන්නේ අර අසූචි බෑග් දෙකෙන් විනිසුරුගේ මුහුණට ගහන්න.... ඉතිං මිනිහ වෙලාව එනකන් බලන් ඉන්නවා.... විටින් විට ඇඳුම යටට අත දාල බලනවා අසූචි බෑග් දෙක [/FONT][FONT=&quot]safe[/FONT][FONT=&quot] කියල.... අවාසනාවට මෙහෙම අත දානකොට එක පාරක් මිනිහගේ නියපොත්ත බෑග් එකක වැදිල බෑග් එක හිල්වෙනවා.... දැන් උසාවි ශාලාව පුරාම අසූචි ගඳ... දවස් ගාණක් බෑග්වල තැම්බුණු අසූචිවලින් එන ගඳ ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ නේද[/FONT]? [FONT=&quot]දැන් අධිකරණ ශාලාවේ ඉන්න හැමෝම නොසන්සුන්.... හැම කෙනාම තම තමන්ගේ කකුල් බලනවා ජරාවක් පෑගිලද කියල.... ආරක්ෂක නිලධාරිනුත් හොයනවා ගඳ එන්නේ කොහෙන්ද කියලා....[/FONT]

    [FONT=&quot]දැන් අපේ මෑන් දන්නව වැඬේ වණ වෙන්නයි යන්නේ කියලා... තව පරක්කු වුණොත් මෙච්චර දවසක් කාපු කට්ට වැඩක් නැති වෙනවා.... ඉතිං මනුස්සය විනිසුරු අසුන තමන් ඉන්න තැන ඉඳන් ටිකක් දුරින් තිබුණත් විනිසුරුගේ මූණට එල්ල කරල එක අසූචි බෑග් එකක් දමල ගහනවා.... ආයේ කියන්න දෙයක් නෑ හරියටම විනිසුරුගේ මූණට.... විනිසුරු අසූචිවලින් නෑවෙනවා... දෙවෙනි එක ගහනවා අධිකරණ ශාලාවේ මැද තියෙන කැරකෙන [/FONT][FONT=&quot]fan[/FONT][FONT=&quot] එකට... [/FONT][FONT=&quot]fan[/FONT][FONT=&quot] එක ලස්සනට ඩියුටිය කරනව.... දැන් අධිකරණ ශාලාවම අසූචි ගොඩක්.... මිනිහ අර ගෑස් බෝතලේ අරගෙන පොළවේ ගහනවා... බෝම්බයක් පිපිරුණ වගේ සද්දේ... ඒ දවස්වල [/FONT][FONT=&quot]LTTE[/FONT][FONT=&quot] තිබුණ නිසා මිනිස්සු බයවෙලා හැරුණු හැරුණු අතේ දුවනවා....[/FONT]

    [FONT=&quot]කොහොම හරි [/FONT][FONT=&quot]STF[/FONT][FONT=&quot] හා කැරලි මර්දන ඒකකයෙන් ඇවිල්ල කට්ටක් කාල මිනිහව අල්ල ගන්නවා.... (පොලිසිය හිතන් ඉන්නේ මිනිහ ළග බෝම්බ තියෙනවා කියලා....[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] අල්ලගත්තට පස්සේ අර විනිසුරුවරයාත් ඇවිල්ල අතින් පයින් මේ මිනිහට ගහනවා..... අන්තිමට පොලිසියෙන් මදි නොකියන්න ගහනවා.... මිනිහ [/FONT][FONT=&quot]hospital[/FONT][FONT=&quot] ගෙනියන්නේ බාගෙට මැරුණු එකෙක් විදියට.... [/FONT]

    [FONT=&quot]ඉතිං කතාව ඉවර වෙන්නේ නෑ.... සම්පූර්ණ කතාවම දැනගන්න ඕන නම් වික්ටර් අයිවන්ගේ [/FONT][FONT=&quot]නොනිමි අරගලය[/FONT] [FONT=&quot]පොත කියවන්න.... ගරු අධිකරණයේ ගරුත්වය නැත්තටම නැති වුණු ගොඩක් සිද්දි ඒකේ තියෙනවා.... ඒවා කියවන්න ලස්සන වුණාට සාමාන්‍ය මිනිස්සු විදියට අපිට නම් ඒ ගැන සතුටු වෙන්න බෑ.... අපි නීතිය ඉස්සරහට යන්නේ ගොඩක් අසරණ වෙලා පිහිටක් නැති වුණුම වෙලාවට... ඉතිං එතනදීත් අපේ අසරණකම තවත් කෙනෙක්ගේ ඕන එපාකම් පිරිමහන්න පාවිච්චි කරනව නම් ඊළගට අපි යන්නේ කොහේට ද[/FONT]?

    [FONT=&quot]මම දන්න ජනාධිපති නීතිඥ මහතෙක් ඉන්නවා.... ඔහු නිට්ටඹුව ආසන්න ප‍්‍රදේශයක සිදුවුණු ලංකාවේ ප‍්‍රසිද්ධ මිනිමැරුම් නඩුවකින් පෝරකයට නියමු වුණු පුද්ගලයෙක් [/FONT][FONT=&quot]appeal[/FONT][FONT=&quot] එකේ දී බේරගත්ත දක්ෂ මෙන්ම පි‍්‍රයමනාප ලෝයර් කෙනෙක්.... (මම එතුමාගේ නම කියන්නේ නැත්තේ මගේ නමවත් නොකිය එතුමගේ නම කියන එක හරි නැති නිසා.... හැබැයි නීතිය ගැන උනන්දුවක් දක්වන අය නම් ඒ කවුද කියල දැන් දන්නවා ඇති....[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඉතිං දවසක් මම එතුමාගෙන් ඇහුවා [/FONT]‘[FONT=&quot]පොලිසිය[/FONT]’ [FONT=&quot]හා [/FONT]‘[FONT=&quot]නීතිය[/FONT]’ [FONT=&quot]කියන එක කෙටියෙන් හදුන්වන්න කිව්වොත් ඔබතුමා මොකද්ද කියන්නේ කියලා.... මට එතුමා කියපු දේ අද වගේ මතකයි....[/FONT]

    [FONT=&quot]පුතා පොලිසිය කියන්නේ බෝතල් කට්ටක්.... ඒක අපිට කොතන[/FONT], [FONT=&quot]කොයි වෙලාවෙද පෑගෙයි කියල කියන්න බෑ..... ඒ නිසා පුලූවන්තරම් පරිස්සමින් අඩිය තියපං.....හැබැයි සමහරක් වෙලාවට නීති දැනුම කියන සෙරෙප්පු දෙක උඹගේ කකුලේ තියෙනවා නම් බෝතල් කට්ටට කැපෙන ප‍්‍රමාණය අඩු කරගන්න පුලූවන්.... හැබැයි නොකැපෙයි කියල සහතික වෙන්න බෑ....[/FONT]

    [FONT=&quot]නීතිය කියන්නේ රිංගන්න බැරි බැම්මක් නෙවෙයි.... නීතිය හරියට කුකුල් දැලක් වගේ.... බැලූ බැල්මට රිංගන්න බෑ කියල පෙනුනට ඒකෙන් රිංගන්න පුලූවන්.... ඒ දැලේ දුර්වල සිදුරක් හොයාගෙන ඒක ලොකු කරගෙන... හැබැයි පුතේ උඹ කවදාවත්ම මගෙන් අහන්න එපා ඒ දුර්වල සිදුර මොකද්ද කියලා.... ඒක තැනේ හැටියට වෙනස් වෙනවා....[/FONT]’‘
    [FONT=&quot]පොතකින්වත් විස්තර කරන්න බැරි තරම් තේරුමක් ඒකේ තියෙනවා කියල මට නම් හිතෙනවා... ආයෙත් හමු වෙමු.... සුබ දවසක්....[/FONT]
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ”පුතා පොලිසිය කියන්නේ බෝතල් කට්ටක්.... ඒක අපිට කොතන, කොයි වෙලාවෙද පෑගෙයි කියල කියන්න බෑ..... ඒ නිසා පුලූවන්තරම් පරිස්සමින් අඩිය තියපං.....හැබැයි සමහරක් වෙලාවට නීති දැනුම කියන සෙරෙප්පු දෙක උඹගේ කකුලේ තියෙනවා නම් බෝතල් කට්ටට කැපෙන ප‍්‍රමාණය අඩු කරගන්න පුලූවන්.... හැබැයි නොකැපෙයි කියල සහතික වෙන්න බෑ....”

    ”නීතිය කියන්නේ රිංගන්න බැරි බැම්මක් නෙවෙයි.... නීතිය හරියට කුකුල් දැලක් වගේ.... බැලූ බැල්මට රිංගන්න බෑ කියල පෙනුනට ඒකෙන් රිංගන්න පුලූවන්.... ඒ දැලේ දුර්වල සිදුරක් හොයාගෙන ඒක ලොකු කරගෙන... හැබැයි පුතේ උඹ කවදාවත්ම මගෙන් අහන්න එපා ඒ දුර්වල සිදුර මොකද්ද කියලා.... ඒක තැනේ හැටියට වෙනස් වෙනවා....’‘
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට. පට්ට ත්‍රෙඩ් එකක්. බොහොම ස්තූතියි මචන්.
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මචං, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු 'silence in the courts' documentary film එකේ තියෙන්නේ ඔය කතාව නේද?

     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,342
    1
    4,029
    113
    This is a fiction, but there was a real life story and it was similar to this but wife did not even come to give evidence when the inquiry was against the judge. This later got lot of publicity and the person was removed though the woman did not give evidence at inquiry. The court was in north western province. There are bad eggs and there were bad eggs and there will be bad eggs specially considering the pathetic behaviour of ex CJ S.N.Silva.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    This is a fiction, but there was a real life story and it was similar to this but wife did not even come to give evidence when the inquiry was against the judge. This later got lot of publicity and the person was removed though the woman did not give evidence at inquiry. The court was in north western province. There are bad eggs and there were bad eggs and there will be bad eggs specially considering the pathetic behaviour of ex CJ S.N.Silva.

    [FONT=&quot]මේක කල්පිතයක් [/FONT][FONT=&quot](fiction) [/FONT][FONT=&quot]කියන්න ගොඩක් උන් [/FONT][FONT=&quot]try[/FONT][FONT=&quot] කරනවා... එදත් මේක අධිකරණයේ ගරුත්වයට හානි පැමිණිවීම කියන ලේබලයෙන් වහන්න හැදුවා... හැබැයි එදා වික්ටර් අයිවන් වගේ කොන්ද පණ තියෙන [/FONT][FONT=&quot]journalist[/FONT][FONT=&quot] ල කීප දෙනෙක් හිටියා... ඒ හින්ද ඒක ගොඩින් බේර ගන්න බැරි වුණා.... කාන්තාව පොලිසියට පැමිණිලි නොකළේ ඕන පොඩි එකෙකුට තේරෙන කරුණක් හින්දා.... විනිසුරුවරයෙකුට පැමිණිල්ලක් කරන්න සාමාන්‍ය මිනිහෙක් කවදාවත් යන්නේ නෑ.... අඩුම තරමේ පොලිසියේ කොස්තාපල් කෙනෙක්ගෙන් තමන්ට වරදක් වුණත් පොලිසියට පැමිණිලි කරන්න දෙපාරක් හිතන එවුන් තවමත් ඉන්නවා.... ඒක සාමාන්‍ය මිනිහගේ අසරණකම.... අන්තිමට තමන්ට හානියක් වුණා කියල ඒ විනිසුරු තමයි පොලිසියේ පැමිණිල්ල දැම්මේ.... හැබැයි අන්තිමට මේක විභාග කළ කොමිසමට පෙනී සිටින්න වුණේ විත්තිය ඒ කියන්නේ කාන්තාව වෙනුවෙන්.... අඩුම තරමේ මේ සම්බන්ධව නිකුත් කරපු වාර්තාව පවා යට ගහන්න හැදුවා ඒ විනිසුරු කරටියෙන්ම අහුවෙන හින්දා... මම කියන්නේ මේ සිදුවීම පිළිබදව ගොඩක් ගැඹුරට හොයන්න ඕන නම් ඒ කාල වකවානුවේ [/FONT][FONT=&quot]news paper article[/FONT][FONT=&quot] එක්ක වික්ටර් අයිවන්ගේ නොනිමි අරගලය පොත කියවන්න.... මම දන්න තරමට මේ වෙනකම් ඒ විනිසුරුට අපහාස කළා කියා වික්ටර් අයිවන්ට නඩුවක් ගොනු කරලා වැරදි කරුවෙක් කරලා නෑ.... අදත් ඒ පොත පුස්තකාල මණ්ඩලයේ අනුමත පුස්තකාල පොතක්.... ඒ කියන්නේ ඒක කැලෑ පත්තරයක් නෙවෙයි කියන එක....[/FONT]

    [FONT=&quot]කොහොම වුණත් එදා මේ සිදුවීමට සෘජුව හා වක‍්‍රව සහයෝගය දුන් කීප දෙනෙක් අද හැසිරෙන ආකාරය දිහා බලපුවම එදා කොහොම හැසිරෙන්න ඇත්දැයි ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලූවන්....[/FONT]

    [FONT=&quot]කතාවක් තියෙනවා එකෙකුගේ හෙලූව වැසීමට තමාගේ අමුඩය දී තමාගේ හෙලූව ලෝකෙට පෙන්නන කොටසකුත් ඉන්නවා කියලා.... තෝප්පිය හරි කෙනා දා ගත්තට වරදක් නෑ....[/FONT]
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම දන්නා පොරකුත් ඉන්නවා, ලංකාවේ පට්ටම සල්ලි කාරයෙකුගේ තාත්ත, පොර ඒ කාලෙත් හෙන මැරය. පොරත් විත්ති කූඩුවේ ඉඳගෙනම වැඩේ කරලා නඩුකාරයාගේ මුනට දමල ගහල නඩු අහන අතරේ පොරට බඩේ අමාරුවක් හැදිලා ටොයිලට් යන්න දුන්නේ නැහැ කියල.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මම දන්නා පොරකුත් ඉන්නවා, ලංකාවේ පට්ටම සල්ලි කාරයෙකුගේ තාත්ත, පොර ඒ කාලෙත් හෙන මැරය. පොරත් විත්ති කූඩුවේ ඉඳගෙනම වැඩේ කරලා නඩුකාරයාගේ මුනට දමල ගහල නඩු අහන අතරේ පොරට බඩේ අමාරුවක් හැදිලා ටොයිලට් යන්න දුන්නේ නැහැ කියල.

    :shocked: