software systems

dnet

Active member
  • Dec 14, 2010
    175
    79
    28
    තමන් හදලා තියන software systems වල Screen Shot දාන්න බලන්න කට්ටිය.
    ඒ වගේම හදලා තියන Programing language එකත් database එක සම්බන්ධ කරලා තියන විදිහ ( Local computer , remote database ) ගැනත් දාන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    ඒවා එහෙම දාන්න බැහැ බන්,
    ඔන්න තනියම ෆ්‍රීලාන්ස් වගේ කරපුවා නම් දාන්න පුලුවන්.
    කම්පැනි වල කරපුවා මෙතන දාලා ගෙදර යන්නත් පුලුවන් වෙයි
     
    dnet

    Active member
  • Dec 14, 2010
    175
    79
    28
    ඒවා එහෙම දාන්න බැහැ බන්,
    ඔන්න තනියම ෆ්‍රීලාන්ස් වගේ කරපුවා නම් දාන්න පුලුවන්.
    කම්පැනි වල කරපුවා මෙතන දාලා ගෙදර යන්නත් පුලුවන් වෙයි

    ඒක තමයි තමන් හදපුවා දාන්න කිව්වේ. Company වලින් හදපුවා නෙමේ.
     
    dnet

    Active member
  • Dec 14, 2010
    175
    79
    28
    කොම්පැනි වල ඒවා හදන්නෙත් තමන් තමයි බං :/

    කොම්පැනි වල ඒවායේ අයිතිය වගේම හදන්නෙත් කොම්පැණියනේ .
    ඉන්න Software engineers ලා Programers ලා ඉතින් මාසික වැටුපකට සේවය ලබාදෙන අයනේ. ඉතින්
    Software එකක් සේවකයෝ කට්ටියක් හැදුවා කියලා අයිතියවත් , හැදුවේ තමන් කියලවත් කියන්න බෑ.

    තමන් හැදුවා කියලා වටිනාකමක් තියෙන්නේ තමන් තනියම වෙන කාටහරි
    Software එකක් හැදුවහම
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    ඒක තමයි තමන් හදපුවා දාන්න කිව්වේ. Company වලින් හදපුවා නෙමේ.

    මම නම් හිතන්නේ තමන් තනියෙන් හැදුවත් එක හදල කස්ටමර් ට දුන්නට පස්සේ එකේ ස්ක්රීන්ශෝට් මෙහෙම දාන එක හරි නැහැ...මොකද ඒ කස්ටමර් ට තමයි එක අයිති එතනින් පස්සේ...ඒ මනුස්සය සල්ලි දීලනේ එක ගන්නේ...

    එහෙම නම් තමන් තනියෙන් හදල, තමන්ගේ අයිතිය යටතේ පවතින එකක් වෙන්න ඕනේ...එහෙම ඒවා මොකටද බන් ඉතින් හදන්නේ...:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කොම්පැනි වල ඒවායේ අයිතිය වගේම හදන්නෙත් කොම්පැණියනේ .
    ඉන්න Software engineers ලා Programers ලා ඉතින් මාසික වැටුපකට සේවය ලබාදෙන අයනේ. ඉතින්
    Software එකක් සේවකයෝ කට්ටියක් හැදුවා කියලා අයිතියවත් , හැදුවේ තමන් කියලවත් කියන්න බෑ.

    තමන් හැදුවා කියලා වටිනාකමක් තියෙන්නේ තමන් තනියම වෙන කාටහරි
    Software එකක් හැදුවහම

    සමහර කම්පැනි වල ප්‍රොජෙක්ට් තනියම හදන්නේ :yes:
     
    dnet

    Active member
  • Dec 14, 2010
    175
    79
    28
    මම නම් හිතන්නේ තමන් තනියෙන් හැදුවත් එක හදල කස්ටමර් ට දුන්නට පස්සේ එකේ ස්ක්රීන්ශෝට් මෙහෙම දාන එක හරි නැහැ...මොකද ඒ කස්ටමර් ට තමයි එක අයිති එතනින් පස්සේ...ඒ මනුස්සය සල්ලි දීලනේ එක ගන්නේ...

    එහෙම නම් තමන් තනියෙන් හදල, තමන්ගේ අයිතිය යටතේ පවතින එකක් වෙන්න ඕනේ...එහෙම ඒවා මොකටද බන් ඉතින් හදන්නේ...:D

    සල්ලි දීලා ගන්න එක්කෙනා Source Code එක පිටින් ගන්නවානම් විතරයි කස්ටමට අයිතිවෙන්නේ. නැත්නම් හදපු කෙනාටම තමයි අයිතිය. එතකොට ලක්ෂයකට විතර විකුණන එකක් ලක්ෂ 3-4 ක් විතර වෙනවා. සමහර විට ඊට වැඩියි.

    දැන් එතකොට Microsoft එකේ එකක් අපි සල්ලි දීලා ගන්නකොට අපිට ඒකේ අයිතිය හම්බ වෙනවද ? නෑ. බාවිතා කරන්න විතරයි අවසර ලැබෙන්නේ.

    කම්පනි වලින් සොෆ්ට්වෙයා විකුණනකොට Agreement එකේ තියනවා ‍සොෆ්ට්වෙයා එකේ අයිතිය ලැබෙන්නේ නෑ කියලා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සල්ලි දීලා ගන්න එක්කෙනා Source Code එක පිටින් ගන්නවානම් විතරයි කස්ටමට අයිතිවෙන්නේ. නැත්නම් හදපු කෙනාටම තමයි අයිතිය. එතකොට ලක්ෂයකට විතර විකුණන එකක් ලක්ෂ 3-4 ක් විතර වෙනවා. සමහර විට ඊට වැඩියි.

    දැන් එතකොට Microsoft එකේ එකක් අපි සල්ලි දීලා ගන්නකොට අපිට ඒකේ අයිතිය හම්බ වෙනවද ? නෑ. බාවිතා කරන්න විතරයි අවසර ලැබෙන්නේ.

    කම්පනි වලින් සොෆ්ට්වෙයා විකුණනකොට Agreement එකේ තියනවා ‍සොෆ්ට්වෙයා එකේ අයිතිය ලැබෙන්නේ නෑ කියලා

    True. :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo

    තමන් හැදුවා කියලා වටිනාකමක් තියෙන්නේ තමන් තනියම වෙන කාටහරි
    [/SIZE]Software එකක් හැදුවහම

    එහෙම එකක් නැහැ ෆ්‍රීලාන්ස්/තමන්ගෙම බිස්නස් එකක් වගේ කරනවා නම් තනියම කරපුවායින් තමන්ව හොදට මාකට් කරන්න වටිනකමක් තියනවා

    එහෙම නැතිව කම්පැනි වල ජොබක් කරන්න වගේ නම් තනියම කරපුවා හොදටම කරලා නැත්නම් ඒවා ඉන්ටවිව් වල එහෙම කියන්න ගියාම කරපු කෙනාගෙ සම්පූර්ණ තතත්වෙ එලිවෙනවා මොකද ගොඩක් තනියම කරපුවායෙ හරියට ආකිටෙක්චර් එකක් නැහැ, ඩිසයින් පැටන් හරියට යූස් කරලා නැහැ, DB හරියට නැහැ. ගොඩක් වෙලාවට කොහොම හරි කෝඩ් කරලා විතරයි තියෙන්නෙ

    හැබැයි කම්පැනියකින් කරපුවා ගොඩක් වෙලාවට හොදට ප්ලෑන් කරලා කරන්නෙ අනික කම්පැනි වලින් කරන ඒවා සාපේක්ශව ලොකු ප්‍රොජෙක්ට් සමහර ලොක ප්‍රොජෙක්ට් අනික් කම්පැනිත් දන්නවා එහෙම එකක වැඩකරලා තියනවා කියන්නෙ ලොකු වටිනාකමක් තියනවා

    තමන් හැදුවා කියන වටිනකම කියන එකෙන් මට තේරුනේ කරපු වැඩේ කොතනක හරි කියලා තමන්ව මාකට් කරගැනීමට ඇති හැකියාව කියලා ඒ අනුව තමයි රිප්ලයි එක දුන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සල්ලි දීලා ගන්න එක්කෙනා Source Code එක පිටින් ගන්නවානම් විතරයි කස්ටමට අයිතිවෙන්නේ. නැත්නම් හදපු කෙනාටම තමයි අයිතිය. එතකොට ලක්ෂයකට විතර විකුණන එකක් ලක්ෂ 3-4 ක් විතර වෙනවා. සමහර විට ඊට වැඩියි.

    දැන් එතකොට Microsoft එකේ එකක් අපි සල්ලි දීලා ගන්නකොට අපිට ඒකේ අයිතිය හම්බ වෙනවද ? නෑ. බාවිතා කරන්න විතරයි අවසර ලැබෙන්නේ.

    කම්පනි වලින් සොෆ්ට්වෙයා විකුණනකොට Agreement එකේ තියනවා ‍සොෆ්ට්වෙයා එකේ අයිතිය ලැබෙන්නේ නෑ කියලා

    එක ඉතින් ගන්න සොෆ්ට්වෙයා එක අනුව බන්...:lol: මම ගිහින් මයික්‍රොසොෆ්ට් එකට කියන්නේ නැහැනේ මට මෙහෙම OS එකක් ඕනේ..මේක මට හදල දෙන්න කියල....:rofl: උන් හදල ඔය විකුනන්න දාල තියෙන එකක් තමා ගන්නේ...ඒ වගේ ඒවානම් අවුලක් නැහැ...

    එහෙම කියල හදාගන්න එකක් උන් තියන් ඉන්නේ නැහැ...අනික එහෙම කියල හදාගන්න පොරක් ප්‍රඩක්ට් එක විතරක් නිකන් ගන්නෙත් නැහැ...අපි ෆ්රීලන්ස් කරද්දී කරන්නේ ගොඩක් වෙලාවට කස්ටමර්ට ෆුල් ප්‍රොජෙක්ට් එක දෙන එකනේ...

    උබ ඔය කියන්නේ එහෙනම් අපි මොකක් හරි ප්‍රඩක්ට් එකක් වගේ හදල එක විකුණන සීන් එකක් ගැන...ඒ වගේ ඒවා නම් අවුලක් නැහැ...