indian or japanese

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    ලඟදි අනතුරු ගොඩක් සිද්දවෙලා ඉන්දියන් වාහන වල safety එක ගැන හැමෝම කතාකරනවා.
    වහනයක් ගද්දි අතේ තියෙන ගානට ගන්න පුළුවන් safe ම වාහන මොකක්ක්ද? ඔන්න ඕක තමයි වැදගත්ම ප්‍රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා.
    ලංකාවේ බහුතරය වාහන කියල කරන්නේ ආයෝජනයක්. නැත්නම් සමහරු ජීවත්වෙන්නේ buying and selling වලින්. ඉතින් කවුරුත් තමන් ගාව තියෙන වාහනයේ අඩු පාඩු කියන්නෑ,මාර්කෙට් බහී කියල

    හැබැයි එක හරියටම දැනගන්න ක්‍රමේ හැමෝටම ෆ්‍රී බලාගන්න පුළුවන් . ඒ තමයි EURO NCAP රේටින් එක.
    හැමෝම හොඳයි කියන ජපන් ටොයෝටා corolla වාහනයේ Euro NCAP රේටින්ග් මෙන්න.

    http://www.euroncap.com/en/ratings-...s=false&selectedDriverAssistanceTechnologies=

    මතක තියාගන්න මේක යුරෝප් වලට ගහන බෙස්ට් කොලිට්ය් export version එකට දීපු rating එක.ඒකනිසා පාවිච්චිකරලා ගෙනාපු ජපන් වාහන ගැන තත්වය මීට වඩා පැහැදිලිවම අඩුයි.

    මේකේ පැහැදිලිව පේනවා pre 2009 මොඩෙල්.(ඔය 110, 121,) උපරිම තරු 4යි110 නම් තරු 3. ලංකාවේ මේවා අවුරුදු 15 විතර දුවල ඉවරයි.බහුතරය පොඩ්ඩක් හරි හැප්පිලා නමුත් රෙපෙයාර් කරලා.හැබැයි ලංකාවේ කවදාවත් structural intergrity එක restore කරන්නේ නැහැ.

    නමුත් අද එන අලුත් perodua axia, picanto වගේ වාහන වලත් euro ncap 4 ස්ටාර් එනවා.

    එනිසා අලුත්ම අලුත් ඉන්දියන් ජරාව වගේම අවුරුදු ගණන් පරණ ජපන් ගත්තත් වැඩක් නැහැ.

    එක්කෝ ජපන් තරමක් හරි අලුත් එකක් ගන්න ඕන( අඩු ගානේ 2007 මෙහා). නැත්නම් අලුත් කොලිට්ය් වහනයක් ගන්න ඕන. අවුරුදු 15 විතර පරණ ජපන් වාහන ගත්තත් අලුත් ඉන්දියන් ගත්තත් ලොකු වෙනසක් නැහැ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,661
    8,452
    113
    In Your Heart
    owa gena tharka karala wedak na . thread dakala dakala athi wela . indian wahana hondai. 50kmh wage drive karanawa nam owath safe . lankawe gobbasenala indian katu aran 100kmh ne yanne . wahane mokakda kiyala hithan newe mun drive karanne 3wheeler karaya hithanneth uta thiyenne BMW ekak kiyala :(

    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    owa gena tharka karala wedak na . thread dakala dakala athi wela . indian wahana hondai. 50kmh wage drive karanawa nam owath safe . lankawe gobbasenala indian katu aran 100kmh ne yanne . wahane mokakda kiyala hithan newe mun drive karanne 3wheeler karaya hithanneth uta thiyenne BMW ekak kiyala :(

    cant agree more, fastest travelling vehicles in sri lankan highways are nanos and marutis.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    LOL......

    අවුරැදු 15 පරණ ජපනකයි අලුත් ඉන්දියන් එකකයි කොලිටිය එක වෙන්නෙ කොහොමද? උඹ කියන්නෙ අලුත් ඉන්දියන් ඒවා අව්රැදු 15 පරණ ජපන් ඒවා ව‍ගේ කියලද?
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    110 එකට තරු තුනයි, 2016 renault kwid, hyundai eon, maruti celerio වලට එකක්වත් නෑ.

    ඒ තරු තුන අවුරුදු 18කට කලින්නේ එනිසා ඒවත් දැන් තරු 1 විතර ඇති..හරි විදයට බැලුවොත් ඔය වාහන දැන් kilometer ලක්ෂ එකහමාරක් වත් අවම දුවල. ගොඩක් ඒවා meter කරකවලානේ තියෙන්නේ.
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    LOL......

    අවුරැදු 15 පරණ ජපනකයි අලුත් ඉන්දියන් එකකයි කොලිටිය එක වෙන්නෙ කොහොමද? උඹ කියන්නෙ අලුත් ඉන්දියන් ඒවා අව්රැදු 15 පරණ ජපන් ඒවා ව‍ගේ කියලද?

    මම නෙවෙයිනේ කියන්නේ.euro ncap ආයතනයෙන්. එකේ විදියට ඔය පොඩි වාහන ගොඩක්ම රේටින්ග් එක 0යි. අවුරුදු 18 පරණ corolla එක බ්‍රෑන්ඩ් නිව් කාලේ තරු තුනයි. ඒවත් දැන් බැලුවොත් සෆෙට්ය් ගොඩක් බැහැල ඇති. එනිසා දෙකේම ලොකු වෙනසක් නැහැ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    එතකොට උඹ කියන්නෙ ලංකාවෙ තියෙන 110 ඔක්කොම structural damages වෙන්න තරම් තදට හැප්පිලා ඇති කියලද :rofl:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    එතකොට උඹ කියන්නෙ ලංකාවෙ තියෙන 110 ඔක්කොම structural damages වෙන්න තරම් තදට හැප්පිලා ඇති කියලද :rofl:

    නැහැ.
    wear & tear
    aggressive driving
    poor maintanace
    rusting
    extreme driving conditions/poor road conditions
    towing
    overloading

    මේ වගේ හේතු ගොඩක් නිසා safety rating එක.අඩුවෙනවා. කාට හරි කියන්න පුළුවන්brandnew අරන් ෆර්ස්ට් owner ගෙදරම තියාගෙන දුවපු වාහනේ කියල. නමුත් ගොඩක් සාදක කාටවත් වලක්වන්න බැහැ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නැහැ.
    wear & tear
    aggressive driving
    poor maintanace
    rusting
    extreme driving conditions/poor road conditions
    towing
    overloading

    මේ වගේ හේතු ගොඩක් නිසා safety rating එක.අඩුවෙනවා. කාට හරි කියන්න පුළුවන්brandnew අරන් ෆර්ස්ට් owner ගෙදරම තියාගෙන දුවපු වාහනේ කියල. නමුත් ගොඩක් සාදක කාටවත් වලක්වන්න බැහැ.

    යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් b/new ඉන්දියන් එකකට වඩා ආරක්ෂිතයි :yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් b/new ඉන්දියන් එකකට වඩා ආරක්ෂිතයි :yes:

    ඔබතුමාගේ මතයට මම ගරු කරනවා. avatar එක අනුවත් ජපන් වාහන ගැන තියෙන උනන්දුව පේනවා.නමුත් objective evidence අනුව බැලුවම වසර දහයකට පහළොවකට එහා ජපන් වාහනයකත් එහෙම එකක් නැහැ කියයි මම කියන්න හැදුවේ. අන්තිමට අපි කවුරුත් ගන්නේ අපට හරියන වාහනේනේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    praskruz කියන කතාවේ යම් දුරකට ඇත්තක් තියනවා. අපි පරණ ජපන් වාහන ගන්නේ Air bag, ABS තියන නිසානේ. නමුත් කොහොමද ඔය Air Bag එක වැඩ කරන තත්වේ තියනවද කියල බලන්නේ? හප්පලා බලන්නද, පත්තු වෙනවා කියල?. දැන් කියයි indicator තියනවා කියල. නමුත්. indicator එක වැඩ කරන්නෙත් යම් sensor reading එකක් මත. සෙන්සර් එක කෙලවෙලා false data නම් එන්නේ අපිට දැන ගන්න ක්‍රමයක් නෑ.ABS උනත් එච්චරයි.
    ගිය සෙනසුරාදා නුවර ගියා. මග 121 එකක් (දැක්ක විදියට) හැපිලා තිබ්බ බස් එකක. මුණ තැලිලා චෝර වෙලාම ගිහින් කාර් එකේ. මම යන ගමන් බැලුවේ ඩ්‍රයිවර් සයිඩ් එක අතුල. air bag එක පත්තු වෙලා තිබ්බේ නෑ. සමහර විට ඩ්‍රයිවර් සිට් බෙල්ට් එක දාගෙන ගියේ නැද්ද දන්නේ නෑ. නමුත් ඩොක්ටර් කෙනෙක්ගේ වහනයක් (වීදුරුවේ cross එක තිබ්බ). එක නිසා සිට් බෙල්ට් දන්නේ නැතුව ගිය කියල හිතන්නත් අමාරුයි. සිට බෙල්ට් දාල නම් ගියේ air bag එක පත්තු වෙන්න ඕන.

    ඉන්දියන් වාහන වලට වැඩ structural integrity එක නම් පරණ උනත් ජපන් වහනෙක හොඳයි, මොකද ඒවා හදන්නේ හරියට ගණන් මිනුම් බලල.(මේක වැලිඩ් වෙන්නේ structural integrity එක කෙළවෙන විදියට හැපිලා නැති හෝ, කවදාවත් හැපිලා නැති ඒවාට විතරයි.)

    structural Integrity එක කෙල උනාට පස්සේ පරණ ජපන් එකයි අලුත් ඇල්ටෝ එකෙයි වෙනසක් නෑ. හැපුනම දෙකම ඇතුලේ උන් එක්කම පපඩම්

    බුද්ධියෙන් කල්පනා කරලා බලන්න.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,841
    113
    ඔබතුමාගේ මතයට මම ගරු කරනවා. avatar එක අනුවත් ජපන් වාහන ගැන තියෙන උනන්දුව පේනවා.නමුත් objective evidence අනුව බැලුවම වසර දහයකට පහළොවකට එහා ජපන් වාහනයකත් එහෙම එකක් නැහැ කියයි මම කියන්න හැදුවේ. අන්තිමට අපි කවුරුත් ගන්නේ අපට හරියන වාහනේනේ

    අනතුරක් නිසා Structural Integrity Compromise වෙලා නැත්නම්, Periodic Maintainance හරියට කරනවානම්, අවුරුදු 15 පරණ ජපන් වාහනයක් අළුත් ඉන්දියන් වාහනේකට වඩා ගොඩක් ආරක්ෂිතයි.

    1. ABS සහ Dual Airbags (ABS / Airbags Expire වෙනවා කියල කියනවනම් පහල ලින්ක් එක බලන්න)

    http://www.edmunds.com/car-safety/do-car-airbags-expire.html

    2. SBR - Seat Belt Reminders
    3. Reinforced Bodyshell - ඉන්දියන් වාහනවල ෆැක්ටරියෙන් එලියට එද්දිම Bodyshell integrity: Unstable (G-NCAP) (Design flaws, cheap metal, not reinforced)
    4. Seat belt pretensioners

    Poorly maintained වාහනයක්ද, Accident වෙච්ච වාහනයක්ද කියල චෙක් කරලා බලන සර්විසස් තියෙනව ලංකාවෙ, Agent ගාවට අරං ගිහිං ෆුල් චෙකප් එකක් දාල ගන්නත් පුළුවන් :yes:

    Lancer 2003 Euro-NCAP: http://www.mynrma.com.au/motoring-s...all-cars/mitsubishi-lancer-20032007-sedan.htm

    Renault KWID(III) 2016 NCAP :
    http://www.globalncap.org/wp-content/uploads/2016/05/2016-Renault-Kwid-III-Driver-Airbag.pdf
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔබතුමාගේ මතයට මම ගරු කරනවා. avatar එක අනුවත් ජපන් වාහන ගැන තියෙන උනන්දුව පේනවා.නමුත් objective evidence අනුව බැලුවම වසර දහයකට පහළොවකට එහා ජපන් වාහනයකත් එහෙම එකක් නැහැ කියයි මම කියන්න හැදුවේ. අන්තිමට අපි කවුරුත් ගන්නේ අපට හරියන වාහනේනේ

    ඔව් අලුත් ජපන් වාහන තරම් ආරක්ෂිත නෑ. ඒක ඇත්ත. නමුත් මීට අවුරුදු 15කට කලින් ආව ජපන් වාහන අද එන ඉන්දියන් ඒවට වඩා අනිවාර්යයෙන්ම ආරක්ෂිතයි මචන්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔච්චර මරාගන්න ඕනේ නැහැ බන් වෙන රටවල වගේ අපේ රටෙත් ගෙන්වන හැම වාහනේකටම ප්‍රමිතියක් ඇති කලානම් .
    කිසිම දෙයක් බලන්නේ නැති නිසා ජපන් කාරය වුනත් ලංකාවට එවන්නේ කුණු ගොඩවල් .වෙන රටවලනම් ඔය සෙල්ලන් බහ .තත්ත්ව වාර්තාවයි ආරක්ෂාවයි නැත්නම් ජපන් නෙමේ ජර්මන් වුනත් ගෙන්වන්න ලැබෙන්නේ නැහැ .එනිසා ඉන්දියන් කාරය නෙමේ චීන වුනත් දෙන්නේ කොලිටි වාහන .

    අපේ රජයක් කියල එකක් තියෙන්නේ මිනිස්සුන්ව තුරන් කන්න මිසක් ආරක්ෂා කරන්න නෙමේ .එක එදත් එකයි අදත් එකයි හෙටත් එහෙමමයි
    :sorry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,745
    113
    හෙල බිමේ
    praskruz කියන කතාවේ යම් දුරකට ඇත්තක් තියනවා. අපි පරණ ජපන් වාහන ගන්නේ Air bag, ABS තියන නිසානේ. නමුත් කොහොමද ඔය Air Bag එක වැඩ කරන තත්වේ තියනවද කියල බලන්නේ? හප්පලා බලන්නද, පත්තු වෙනවා කියල?. දැන් කියයි indicator තියනවා කියල. නමුත්. indicator එක වැඩ කරන්නෙත් යම් sensor reading එකක් මත. සෙන්සර් එක කෙලවෙලා false data නම් එන්නේ අපිට දැන ගන්න ක්‍රමයක් නෑ.ABS උනත් එච්චරයි.
    ගිය සෙනසුරාදා නුවර ගියා. මග 121 එකක් (දැක්ක විදියට) හැපිලා තිබ්බ බස් එකක. මුණ තැලිලා චෝර වෙලාම ගිහින් කාර් එකේ. මම යන ගමන් බැලුවේ ඩ්‍රයිවර් සයිඩ් එක අතුල. air bag එක පත්තු වෙලා තිබ්බේ නෑ. සමහර විට ඩ්‍රයිවර් සිට් බෙල්ට් එක දාගෙන ගියේ නැද්ද දන්නේ නෑ. නමුත් ඩොක්ටර් කෙනෙක්ගේ වහනයක් (වීදුරුවේ cross එක තිබ්බ). එක නිසා සිට් බෙල්ට් දන්නේ නැතුව ගිය කියල හිතන්නත් අමාරුයි. සිට බෙල්ට් දාල නම් ගියේ air bag එක පත්තු වෙන්න ඕන.

    ඉන්දියන් වාහන වලට වැඩ structural integrity එක නම් පරණ උනත් ජපන් වහනෙක හොඳයි, මොකද ඒවා හදන්නේ හරියට ගණන් මිනුම් බලල.(මේක වැලිඩ් වෙන්නේ structural integrity එක කෙළවෙන විදියට හැපිලා නැති හෝ, කවදාවත් හැපිලා නැති ඒවාට විතරයි.)

    structural Integrity එක කෙල උනාට පස්සේ පරණ ජපන් එකයි අලුත් ඇල්ටෝ එකෙයි වෙනසක් නෑ. හැපුනම දෙකම ඇතුලේ උන් එක්කම පපඩම්

    බුද්ධියෙන් කල්පනා කරලා බලන්න.

    airbag එකක ආයු කාලය අවුරැදු 10 .ඊට පස්සේ හැපුනත් නැතත් all airbags මාරැ කරන්න ඔින. නැත්නම් හරියාකාරව ක්‍රියාකරන්නේ නැති වෙන්න පුලුවන්. ලංකාවෙි ගොඩක් ඔවා cheak කරන්නේ නැ නේ. engine oil මාරැ කරනවා විතරයි.