බුද්ධාගම බොරුයි කියල කියන්නේ කවුරුත් කියන්නේ නෑ (එකම එක කොපි පේස්ට් බුවෙක් ඇර), එත් සමහර දේවල් ගැන සැකයක් තියෙන්නේ, මේවා ඇත්තටම බුද්ධ දේශනාවෙන් ආපුවද නැත්තන් පස්සේ කාලේ එකතු උන දේවල්ද, නැත්තන්හ සාහිත්‍ය කාරයො ශ්‍රද්ධාව වැඩි කමට එකතු කරපුවද කියල. උදාරනෙකට දිවය ලෝක අපාය තියෙනවද, පෙරේතයෝ ඉන්නවද, නැවත ඉපදීමක් තියෙනවද, බුද්ධ චරිතයේ සමහර සිද්ධි ඇත්තටම සිද්ද වුන දේවල්ද (නෙලුම් මල් උඩින් ඇවිදීම, උපන්න ගමන් කතා කිරීම වගේ). තව ඕකට එකතු වෙනව බුද්ධාගම දෙවියෝ ආරක්ෂා කරනවද, ගංවතුරට පිළිම ගහගෙන නොයන්නේ එක හින්දද ? ධාතුන් වහන්සේලාට ප්රාතිහාර්ය පාන්න පුලුවන්ද වගේ දේවල්.
ඒවගේ දේවල් ඇර ප්‍රායෝගික ජීවිතේට ගන්න පුළුවන් දේවල් ගැන කවුරුත් විවේචන කරනව මම අහල නෑ. ඔය උඩින් කියපු දේවල් ගැන තමා ගොඩක් වාද විවාද යන්නේ. ඕව හරි කියල ඔප්පු කරලත් නෑ වැරදි කියල ඔප්පු කරලත් නෑ නෙ.