නෝලන්ගෙ අලුත්ම "ඩන්කර්ක්" ෆිල්ම් එක

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    නෝලන්ගෙ අලුත්ම "ඩන්කර්ක්" ෆිල්ම් එක

    2014 දි ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකෙන් පස්සෙ නෝලන්ගෙ ෆිල්ම් වලට ආදරය කරන අය දින ගනිමින් බලන් හිටියෙ මොකක්ද නෝලන්ගෙ ඊළඟ ෆිල්ම් එක, කවද්ද අපිට බලන්න හම්බෙන්නෙ කියලනෙ. :yes:
    ඔන්න ඊයෙ නිල වශයෙන්යෙන්ම තොරතුරු ඉදිරිපත් කෙරුණ නෝලන්ගෙ ඊළඟ ෆිල්ම් එක මොකක්ද කියන එකයි, ඒකෙ රිලීස් ඩේට් එකයි.:rofl::P:rofl:

    නෝලන්ගෙ අලුත්ම චිත්‍රපටය තමයි "ඩන්කර්ක්":eek:

    MV5BMTY0NTI5NTY5NF5BMl5BanBnXkFtZTgwMjEwODM2OTE@._V1_.jpg


    මේ චිත්‍රපටයට පදනම වෙන්නෙ දෙවෙනි ලෝක යුද්දයේ දී සිදුවුනු භිහිසුණු හා විශ්වාස කිරීමට අපහසු "ඩන්කර්ක් මුදවාගැනීම" ,"ඔපරේශන් ඩයිනමෝ " එහෙමත් නැත්නම් "ඩන්කර්ක් ප්‍රාතිහාර්ය" ගැනයි.:shocked:

    දෙවෙනි ලෝක යුද්දයේදී ජර්මන් හමුදාව විසින් ප්‍රංශයේ ඩන්කර්ක් වාරායේ දී කිසිදු ආකාරයකින් බේරීමට නොහැකි ලෙස කොටුකරගෙන සිටින මිත්‍ර පාර්ශවයේ ලක්ෂ 3කට අධික සෙබළුන් පිරිසක් මුදවා ගැනීමේ මෙහෙයුම තමයි ඩන්කර්ක් චිත්‍රපටයේ කතාව.:nerd:

    මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනව අති දක්ශ හා නෝලන්ගෙ ෆිල්ම් වල අපිට ගොඩක් වෙලාවට දකින්න පුලුවන් රංඟන ශිල්පීන් කීපදෙනෙක්ම.
    මේ අතරින්,

    "ඉන්සෙප්ශන් " හි ෆිශර් ලෙස, "බැට්මෑන් බිගින්ස් " හි ඩොක්ටර් ජොනතන් ක්‍රේන්/ස්කෙයාක්‍රෝ අතුලු බොහොමයක් නෝලන්ගෙ ෆිල්ම් වල ඉන්න කිලියන් මර්ෆි, ;)
    "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" චිත්‍රපටයෙ බේන් විදියට රඟපාන සුපිරි නලු ටොම් හාඩි හා,:love:
    "වන් ඩිරෙක්ශන්" සංගීත කණ්ඩායමේ හැරී ස්ටයිල්ස් විශේෂයි.:yes:

    14735982-large.jpg


    වෝනර් බ්‍රදර්ස් සමාගම ඊයෙ නිකුත් කලා මේ ඩන්කර්ක් ෆිල්ම් එකේ ටීසර් ට්‍රේලර් එක.
    හාන්ස් සිමර් ගෙ අද්විතීය සංගීත අධ්‍යයක්ශණයෙන් මේ ටීසර් එකේ අතිකරන කුතුහලය හා භය නම් ඉතාම ඉහලයි.:sorry::sorry::sorry::sorry:

    ඒවගේම තමා මටනම් පෞද්ගලිකව ඇත්තටම ටීසර් ට්‍රේලර් එකක් හා ට්‍රේලර් එකක් වෙන්න ඕනෙ කොහොමද කියන එක තේරුණේ මේකෙන්.:baffled::baffled::baffled:
    මේක බලපුවම ෆිල්ම් එක නෙමෙයි, ඔෆීශියල් ට්‍රේලර් එක එනකම්වත් ඉවසිල්ලක් නැතිවෙයි.:frown:

    හැබැයි ඉතින් දුකෙන් වුනත් මේ ෆිල්ම් එක බලන්න ගොඩ දවසක් ඉන්න වෙනව, මොකද මේක රිලීස් කරන්න සැලසුම් කරල තියෙන්නෙ 2017 ජූලි 21. :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    එහෙනම් කතා නවත්තල බලන්නකො ඔෆීශියල් ඩන්කර්ක් ටීසර් ට්‍රේලර් එක. :rofl:



    තොරතුරු/මූලාශ්‍ර/රූප - https://en.wikipedia.org/wiki/Dunkirk_(2017_film)
    https://www.youtube.com/watch?v=yM9BWtppzko
    https://en.wikipedia.org/wiki/Dunkirk_evacuation
    http://www.imdb.com/title/tt5013056/
    http://www.somersetlive.co.uk/tom-h...t-next-month/story-29461565-detail/story.html
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,361
    2,361
    113
    දවල් දැක්කා.
    ඇඟත් එක්ක නිකන් මෙව්ව වෙලා යනවා නේහ්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    මෙකෙත් සී ජී අයි පාවිච්චි කරලාම නැහැ කියලා රාවයක් යනවා. ඒ කිව්වෙ ඒ කාලෙ දෙවන ලෝක යුද්ධ පරිසරය එහෙම්මම වගෙ නැවත ප්‍රතිනිර්මාණය කරලා .