කාල තියෙනවද යේමන් රොටි? අහලවත් නැති උනත් අලුත් රොටි වර්ග 4ක් හදන හැටි
1. Sweet Potato Roti
බතල කන්නෙ තම්බලා හරි උයලා හරි විතරනෙ. කාල තියෙනවද බතල රොටි? බතල කන්න හොර බබාලට මෙන්න මෙහෙම රොටි හදල දුන්නොත් නොකා ඉන්න එකක් නෑ. මේ විදියටම අල වලිනුත් හදන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
2. Naan
නාන් වර්ග කීපයක්ම තියෙනව. ප්ලේන් නාන් එක හදලා ඒකට උඩින් බටර් ගෑවම බටර් නාන්, නාන් එක මැදට කැමති චීස් වර්ගයක් තියල හැදුවම චීස් නාන්, බටර් වලට කොත්තමල්ලි කොල ටිකක්, සුදු ලූනු පේස්ට් ටිකක් එකතු කරල නාන් එක උඩින් ගෑවම ගාලික් නාන්. මෙන්න මේ නාන් වර්ග හදාගන්න ප්ලේන් නාන් එකක් ලේසියෙන්ම හදන්නෙ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
3. Pooran Poli/Puram Puri
මේ රොටිය හවස තේ වෙලාවට කෑමට ගන්න පුළුවන් පැණි රස රොටි වර්ගයක්
අවශ්‍ය ද්‍රව්‍ය:
4. Yemeni Malawah Bread
මේක යේමනයේ හදන රොටි වර්ගයක්. වෙනසකට තියෙන්නෙ තැටියක පුච්චනවා වෙනුවට අවන් එකක පුච්ච ගැනීම.

- පාන් පිටි කප් 2
- තම්බා පොඩි කරාගත් බතල කප් 2
- ලුණු
- කැමති නම් හීනියට ලියාගත්තු ලූනු අමු මිරිස් ටිකක්
- සේරම එකට දාලා හොඳට අනාගන්න. රොටි පදමට එන්න බතල වල තෙත ගතිය මදි වගෙ නම් වතුර ස්වල්පයක් එකතු කරගන්න.
- අතේ තෙල් ටිකක් ගාගෙන තුනී කරගෙන නන්ස්ටික් තැටියක පුච්ච ගන්න.
නාන් වර්ග කීපයක්ම තියෙනව. ප්ලේන් නාන් එක හදලා ඒකට උඩින් බටර් ගෑවම බටර් නාන්, නාන් එක මැදට කැමති චීස් වර්ගයක් තියල හැදුවම චීස් නාන්, බටර් වලට කොත්තමල්ලි කොල ටිකක්, සුදු ලූනු පේස්ට් ටිකක් එකතු කරල නාන් එක උඩින් ගෑවම ගාලික් නාන්. මෙන්න මේ නාන් වර්ග හදාගන්න ප්ලේන් නාන් එකක් ලේසියෙන්ම හදන්නෙ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි කප් 2
- යෝගට් 1
- ලුණු
- ගී (ගිතෙල්) මේස හැඳි 2
- සීනි තේ හැන්දක්
- යීස්ට් තේ හැඳි 1
- ඉහත සියල්ල එකට මිශ්‍ර කර වතුර එක් කරමින් මෘදු බෝලයක් අනාගන්න.
- එය තෙමා මිරිකාගත් පිරිසිදු රෙද්දකින් වසා අවම පැය 2ක් පමණ පිපෙන්න තබා තරමක් ඝණකමට තුනී කර තැටියක පුළුස්සා ගන්න.
3. Pooran Poli/Puram Puri
මේ රොටිය හවස තේ වෙලාවට කෑමට ගන්න පුළුවන් පැණි රස රොටි වර්ගයක්
අවශ්‍ය ද්‍රව්‍ය:
- හොඳින් තම්බා පොඩි කරගත් කඩල පරිප්පු කප් 1/4
- හකුරු කප් 1/4
- කරදමුංගු කුඩු තේ හැඳි 1/4
- සීනි තේ හැන්දයි
- ගී (ගිතෙල්) තේ හැන්දයි
- පාන් පිටි කප් 1/2
- ලුනු සහ කහ ස්වල්පයක්
- ගී තේ හැඳි 3
- ගී තේ හැඳි 3, පාන් පිටි, ලුණු සහ කහ එකට මිශ්‍ර කර වතුර ස්වල්පයක් දමා රොටි පදමට අනාගන්න.
- හකුරු වලට සීනි එක් කර වතුර ටිකක් එක් කර නූලක් ආකාරයට වැක්කෙරෙන තුරු උණු කරගන්න. එයට පොඩි කරගත් පරිප්පු, කරදමුංගු කුඩු සහ ගී මේස හැන්ද එක් කර මිශ්‍ර කරගන්න.
- කලින් සාදාගත් රොටි මිශ්‍රණයෙන් කුඩා බෝලයක් ගෙන පැතලි කර පරිප්පු සහ හකුරු මිශ්‍රණයෙන් කුඩා බෝලයක් ඒ මැදින් තබා එය ආවරණය කර තුනී කරගෙන තැටියක දමා දෙපැත්ත පුළුස්සාගන්න.
4. Yemeni Malawah Bread
මේක යේමනයේ හදන රොටි වර්ගයක්. වෙනසකට තියෙන්නෙ තැටියක පුච්චනවා වෙනුවට අවන් එකක පුච්ච ගැනීම.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි කප් 2
- වතුර කප් 3/4
- ලුණු තේ හැන්දයි
- ගී (ගිතෙල්)
- තල ඇට
- තල ඇට හැර අනෙක් සියල්ල හොඳින් මිශ්‍ර කර අතේ නොඇලෙන මෘදු ඩෝ එකක් සාදා එය කොටස් දෙකකට කඩා තෙමා මිරිකා ගත් රෙද්දකින් වසා විනාඩි 20ක් පමණ තබන්න.
- එක බෝලයක් ගෙන එය සෘජුකෝණාස්‍රාකාර විදියට තුනී කර දෙපැත්තේම ගී ආලේප කර රෝල් කරගන්න. මෙය දඟරයක් ආකාරයට ඔතා නැවත විනාඩි 20ක් පසෙකින් තබන්න. දෙවෙනි කොටසත් ඒ ලෙසටම සාදාගන්න.
- සෙල්සියස් 260ට අවන් එක රත් වෙන්න තබා පිටි ඩෝ එක තුනී කරගන්න. උඩින් තල ඇට ඉස විනාඩි 7-8ක් හෝ රන් වන් පාට වන තුරු බේක් කරගන්න.
Last edited: