යටගිය දේවල් යට ගියාවේ. උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ.
ඩිල්ෂාන් ඔය කුණුගොඩවල් අවුස්සපු නැති එක ලොකු දෙයක් ...
හෑම එකාම කියන්නේ තමන්ට අසාධාරනයක් වුනා කියල පරන එවුන්ගෙන්. වර්ණපුරලගේ ,අර්ජුනලගේ කාලේ ඉඳන්ම ඔහොමයි ...ඉස්සරහට එන පොඩි එවුනුත් කවදාහරි ඔහොම කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ .
එකාට එකෙක් නෑ ...එක කොඩියක් යට තව තව පොඩි කල්ලි හදා ගන්නවා .කල්ලි වලින් පිට එවුන්ට උගුල් අටවනවා ..ඊට පස්සේ කල්ලිය ඇතුලේ උගුල් අටවනවා පොර වෙන්න ...අර්ජුන අරවින්ද කල්ලියත් ඔහොම එකක් තමා ..(කල්ලිය ඇතුලේ ඇරගත්තේ නෑ ඒකයි එකම වෙනස World Cup එක ගන්නකොට..හිටපු එවුන් ඔක්කොම World Cup එක Focus කරගෙන ක්‍රීඩා කලා .. )...දින්නට පස්සේ කල්ලිය ඇතුලේ උගුල් ...කල්ලිය කැඩුනා ... සංගා මහේල මැතිව්ස් තව කල්ලියක්... World Cup එක දිනපු team එකේ seniors ලා මහේල/සංගා ට support කලේ නෑ කියලා උන් කියයි ..Seniors ලා කියයි සංගා /මහේල seniors තරම් දක්ෂ ක්‍රීඩකයෝ නෙමේ කියලා ...
අකමැත්තෙන් උනත් අපේ රටේ ඇත්ත කතාව මේක තමා හැමතැනම …
රටේ යුද්ධයක් තිබුණා ..රාජපක්ෂ ෆොන්සේකා කල්ලි තිබ්බත් ඔක්කොටම ඕනේ උනේ ඒක Focus කරලා ඉවර කරගන්න..ඉවර උනාම කල්ලිය ඇතුලේ උගුල් ...අපිටම කෙලවගන්නවා උගුල් අටවලා .. රජයේ කාර්යාල ,පෞද්ගලික කාර්යාල ,පාර්ලිමේන්තුව ,ක්‍රීඩාව ,පන්සල් (නිකාය) ඔක්කොම ….
අපේ රටේ මිනිස්සුන්ගේ බහුතරයකගේ තමන් කරන රස්සාවේ professionalism එකක් නෑ ..රස්සාවක් /ක්‍රීඩාවක් කරන්න ඕනේ යුතුකමක්,වගකීමක් විදිහට රට ගැන හිතලා ..
..එහෙම නැතුව කල්ලි හදලා එක එකාට උගුල් අටවන්න ,තව අපේම එකෙක් පාගලා උඩට යන්න නෙමේ ...තරගකාරීත්වය කියන්නේ යටි උගුල් අටවන එක නෙමේ කියලා අපේ එවුන් තේරුම් ගන්නේ නෑ ..ඔහොම කරන තාක් කල් දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට බොරුවට ජාති වාදයක් හදලා කෑ ගහලා වැඩකුත් නෑ ….