Philosophy - දර්ශනවාදය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෑ නෑ උඩහ කඩේ රීලොර්ඩ් දාන දර්ශන ගැන නෙවෙයි මේ වෙන එකක් ගැන , වරෙල්ල ඇතුලට.

    කාලෙකට පස්සේ ත්‍රෙඩ් දාන වැඩේට බහින්න හිතුනා , දාන්නේ මොකක්ද කියල හිත හිත ඉන්නකොට මතක් වුනා අද philosophy ගැන කතා කරන්න පටන් ගත්ත නං හොඳයි කියල .. මේක හැබැයි කියල ඉවර කරන්න බැරි දිගට දිගට ඇදෙන මාතෘකාවක් , ඉතින් අපි සරලව බලමු මොකක්ද මේ සීන් එක කියල :rolleyes:

    philosophy_by_dakine_kane-2.jpg


    philosophy , දර්ශනවාදය , එහෙමත් නැත්තන් දර්ශන විද්‍යාව කියන්නේ මොකක්ද ? අපි හැමදාම කතා කරන අපිට ඇහෙන දෙයක් තමයි "විද්‍යාව" කියන්නේ. එතකොට මේ දර්ශනවිද්‍යාව කියන්නේත් එක්තරා ආකාරයක විද්‍යාවක් තමයි. හැබැයි මේක අපි දන්නා සාමාන්‍ය විද්‍යාවට වඩා වෙනස්. අපි ඉස්සෙල්ල බලමු දෙයක් කොහොමද විද්‍යාවක් වෙන්නේ කියල .. :yes:

    අපේ රටේ ඉන්න සමහර අභිමානවත් පුරවැසියන් :rolleyes: කොට්ඨාශයක් ඉන්නවා විද්‍යාව කිව්ව ගමන් "බටහිර" කියන වචනේ මතක් වෙන. එහෙම අය කියන දෙයක් තමයි ඔය බටහිර විද්‍යාව බොරු, අපිට ඔයිට වඩා හොඳ ක්‍රම තිබ්බ අරකයි මේකයි බ්ලා බ්ලා බ්ලා . :rofl: ඔව්. එත් මන් නං හිතන්නේ විද්‍යාව කියන්නේ බටහිර ක්‍රමයක් නෙවෙයි. :no: විද්‍යාව කියන්නේ මිනිසා විසින් සහජයෙන් අරන් එන දෙයක්. ඒ විද්‍යාව තමයි ආදර්ශ ගොඩනගමින් , උපකල්පන හදමින් , නිගමන වලට එළඹෙමින් යම් දෙයක් ගැන තීරණ ගැනීම. ඕක අපි හැමෝම විද්‍යාව විද්‍යාව කිය කිය මෙනෙහි කරේ නැතත් අපේ එදිනෙදා ජීවිතේ අනිවාර්යයෙන්ම කරන සහ සිද්ධවෙන දෙයක්. :)

    philosophy-LRG.jpg


    එතකොට මොකක්ද මේ දර්ශන විද්‍යාව (මන් ඉස්සරහට philosophy කියන වචනේ පාවිච්චි කරන්නං) කියන්නේ. අපි භෞතික විද්‍යාවෙදී භෞතික වස්තු ගැන අධ්‍යනය කරනවා වගේ , තාරකා විද්‍යාවේදී විශ්වය ගැන අධ්‍යනය කරනවා වගේ, ආර්ථික විද්‍යාවේදී පරිභෝජනය වෙනුවෙන් මිනිසාගේ හැසිරීම අධ්‍යනය කරනවා වගේ, සමාජ විද්‍යාවේදී සමාජය ගැන අධ්‍යනය කරනවා වගේ මේ philosophy කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන අපිට තියෙන ප්‍රශ්න ගැන අධ්‍යනය කරන විෂයක්. :shocked: ඒක කරන්න නං, ඒ කිව්වේ හොඳ philosopher කෙනෙක් වෙන්න නං .. අපිට අර කලින් කිව්වා වගේ වෙනත් විද්‍යාවන්(අපි ඒවාට කියනව සමාජ විද්‍යාවන් කියල) ගැනත් යම්තාක් දුරකට දැනුමක් තියෙන්න ඕනේ.. :nerd: දැන් උදාහරණයක් විදිහට බලමු මොනා වගේද මේ philosophy එකකදී උත්තර හොයන ප්‍රශ්න කියල .. මේ ප්‍රශ්න අනිවා ඔයාටත් හිතිලා නැත්තන් ඔයා මනුස්සයෙක් වෙන්න බෑ .. :lol:


    • අපි ජීවත් වෙන්නේ මොකටද ?
    • දෙවියන් කියල කෙනෙක් ඉන්නවද ?
    • මිනිසාගේ ආරම්භය කොතනද ?
    • ඇයි මිනිහෙක්ට බඩගිනි එන්නේ ?
    • බඩගිනි උනහම ඇයි මිනිස්සු කන්නේ ?
    • අපි ඇයි සල්ලි කියල දෙයක් පාවිච්චි කරන්නේ ?
    • ඇයි මිනිස්සු සල්ලි පස්සේ දුවන්නේ ?
    • මිනිස්සු ඇයි දුප්පත් පෝසත් වශයෙන් බෙදෙන්නේ ?
    • මිනිස්සු ඇයි ගහගන්නේ ?
    • ඇයි මේ ලෝකේ ආගම් මෙච්චර තියන්නේ ?
    • මොකටද මිනිස්සු සුකන්නේ ?
    • සිකුවම කොහොමද ළමයෙක් එන්නේ ?
    • මිනිස්සු මොකටද ඒ ලමයව උස් මහත් කරලා මැරිලා යන්නේ ? බ්ලා බ්ලා බ්ලා ..


    ඉතින් මෙන්න මේවා දිහා බැලුවම තේරෙනවා ඇති මේ විදිහට ඉවර නොවෙන ප්‍රශ්න තොගයක් මිනිස්සුන්ට තියෙනවනේ කියල, :rolleyes: ඔව්. ඉතින් philosophy කියන්නේ සරලවම කියනවා නං මිනිසාට ඇති වෙන ඕනෙම ප්‍රශ්නයකටම "හේතුව" .... මන් ආයෙත් කියනවා හොඳට බලන්න , "උත්තර" නෙවෙයි "හේතුව" සෙවීම. :yes: ඔව් .. ඒ කියන්නේ සමහර වෙලාවට හේතුව හොයාගත්තම උත්තරත් හම්බෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවල් තියෙනවා හේතුවත් හොයාගන්න බෑ උත්තරෙත් හොයාගන්න බෑ , අවසානයේ උපකල්පන පමණක් ඉතුරු වෙන වෙලාවලුත්. ඉතින් මන් මේක මෙහෙම කිව්වට තාම සමහරුන්ට අපබ්‍රංශ වගේ ඇති. :rofl: ඉතින් අපි සැබෑ ජීවිතෙන් උදාහරණය අරන් කතා කරමු. :dull:

    quote-philosophy-is-to-the-real-world-as-masturbation-is-to-sex-karl-marx-347463.jpg


    ඔයා ඔයාගේ ජීවිතේ ඔහේ ගෙවෙන්න දුන්නට , ඔයා නොදැනුවත්වම මේ philosophy කියන වචනේ ඔයාට සම්බන්ධයි. :D මේ philosophy විවිධ මාතෘකා වලින් සබ්ජෙක්ට් වලින් තියෙනවා, මනස ගැන , ආර්ථිකය ගැන , දේශපාලනය ගැන , ආගම් ගැන .. ඉතින් අපි බලමු අපිට සැබෑ ජීවිතේදී හම්බෙන philosophy කිහිපයක්.. :yes:


    • ධනවාදය (ඇඩම් ස්මිත් ගේ philosophy එකක්)
    • කොමියුනිස්ට්වාදය (කාර්ල් මාක්ස් ගේ මාක්ස්වාදය philosophy එකත් සමඟ ෆෙඩ්රික් එංගල්ස් එකතු වෙලා හදපු philosophy එකක්)
    • සමාජවාදය ( කොමියුනිස්ට්වාදය වැඩි දියුණු කරලා බිහිකර ගත්ත එකක්)
    • ෆැසිස්ට්වාදය (ආරම්භය පැහැදිලි නැතත් , බෙනිටෝ මුසොලිනී ගේ philosophy එකක් )
    • බෞද්ධ දර්ශනය ( බුදු හාමුදුරුවන්ගේ philosophy එක කවුරුත් දන්නවනේ)

    ඉතින් තව මේ වගේ philosophies සෑහෙන ප්‍රමාණයක් තියෙනවා , :yes: මේ ලින්ක් එක බැලුවොත් තේරෙයි කොච්චර තියෙනවද කියල .. :shocked:
    https://en.wikipedia.org/wiki/List_of_philosophies

    හොඳට බැලුවොත් තේරෙන දෙයක් තමයි , මේ හැම philosophy එකකින්ම මිනිස්සුන්ට තියෙන විවිධ ප්‍රශ්න දිහා වෙනස් වෙනස් විධි වලින් බලල තියෙනවා. ඒ වගේම සමහර විසඳුම් දීලත් තියෙනවා. එතකොට මන් දැන් කියන්නන් මේ මාතෘකාව අපිට කොහොමද වැදගත් වෙන්නේ කියල ... :)

    මිනිස්සු වෙන අපිට මේ philosophies උදව් වෙනවා අපේ ප්‍රශ්න දිහා වෙනස් විදිහට බලන්න. ඒවාට විසඳුම් හොයන්න. අපිව මේ ලෝකේ සාර්ථක , සාධාරණ , බුද්ධිමත් මිනිස්සු කොට්ඨාශයක් බවට පත් කරන්න. :cool: අපේ රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය .. නමුත් ගොඩක් දෙනා ප්‍රජාතාන්ත්‍රික , සමාජවාදී කියන දෙකේ තේරුම ඇහුවම උඩ බිම බලනවා.. :lol: ඉතින් තමන් ජීවත් වෙන සමාජය හැසිරෙන්නේ කොහොමද , ඒ සමාජයේ තමන් හැසිරෙන්න ඕනේ කොහොමද , ඒ සමාජය වෙනස් කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න , දැනගන්න අපිට මේ විවිධ philosophies වැදගත් වෙනවා. :love:


    evolution.jpg


    ඉතින් මන් කියන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් හැමෝවම දොස්තරලා , ඉංජිනේරුවෝ , එකවුන්ටන්ට් ලා කරලා තව කෙනෙක්ගේ පඩියකට වැඩ කරන්න සුදානම් කරවනකොට කාටවත් හිතෙන්නේ නෑ තමන්ට philosopher කෙනෙක් වෙන්න ඕනේ කියල . :angry: ඒක අපේ අවාසනාව .. ආනන්ද කුමාරස්වාමි , ඩේවිඩ් කළුපහන , නලින්ද සිල්වා වගේ අය ඇතුළු බොහොම සුළු කිහිප දෙනෙක් විතරයි ලංකාවේ අපිට හම්බෙන ප්‍රසිද්ධ philosophers ල.. :(

    ඉතින් මන් කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමේ ඇතුලේ මේවා අපිට මේවා ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ .. :no: ඉස්සර පරම්පරාව නං මේවා ඉගෙන ගත්තේ පොත් කියවල.. එත් දැන් ඉන්ටර්නෙට් එකෙන් පුලුවන් .. :rolleyes:ඉතින් මේවා හොයල බලන්න .. ටිකක් බලනකොට තේරෙයි ආතල් එකක් තියෙනවනේද කියල .. ඒ වගේම හිතෙයි සමහර philosophers ල කියල තියෙන දේවල් හරි , සමහර ඒවා වැරදි , ඒවගේම හරි වැරදි දෙකම තියෙනවා නේද කියලත් ..
    :baffled:


    ඉතින් අවසානයේ කියන්නේ තියෙන්නේ .. "දැනුම හොයන්න" , එතකොට තමන් ඉන්න තැනින් අඩියක් පැත්තකට තියෙල තමන් කලින් හිටියේ හරි තැනද කියල හිතන්න පුළුවන් ශක්තියක් අපිට ලැබෙනවා. :cool: අපේ රටේ ප්‍රශ්න වලට මුලත් ඕක නැති කම තමයි .. :oo:

    අපි ඉස්සරහට මේ ඉවරයක් නැති එක එක philosophers ලගේ එක එක philosophy ගැන වෙන වෙනම කතා කරමු .. ! :D

    ජය වේවා !

    11.gif

    -Robinhood wage ekek @ Elakiri.com -

     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Philosopher කෙනෙක් මචං නිදහස් චින්තනයක් තියෙන කෙනෙකුට නේද ? මට පෙන්නේ අපේ රටේ ඉන්න අතලොස්සත් හරි Philosophers ල නෙමේ ..දරුණු ලෙස දේශපාලනීකරණය වුනු අය .. (Ex : Prof.නලින් ද සිල්වා )

    අපි හැමෝම දන්න දේ තමා මහින්ද ,මෛත්‍රී ,රනිල්අනුර ඔය කිසිම කෙනෙක් දැන් මේ රට තියෙන තත්වයෙන් ගොඩගන්න පුළුවන් හරි නායකයෝ නෙමේ කියන එක...එහෙම තියෙද්දී Philosophers ල කොහොමද එක එක නායකයන්ට කඩේ යන්නේ ?
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Philosopher කෙනෙක් මචං නිදහස් චින්තනයක් තියෙන කෙනෙකුට නේද ? මට පෙන්නේ අපේ රටේ ඉන්න අතලොස්සත් හරි Philosophers ල නෙමේ ..දරුණු ලෙස දේශපාලනීකරණය වුනු අය .. (Ex : Prof.නලින් ද සොයිසා)

    අපි හැමෝම දන්න දේ තමා මහින්ද ,මෛත්‍රී ,රනිල්අනුර ඔය කිසිම කෙනෙක් දැන් මේ රට තියෙන තත්වයෙන් ගොඩගන්න පුළුවන් හරි නායකයෝ නෙමේ කියන එක...එහෙම තියෙද්දී Philosophers ල කොහොමද එක එක නායකයන්ට කඩේ යන්නේ ?

    Nalin de silva
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කොච්චර කිව්වත් විද්‍යාව බටහිර තමා :dull: :dull:
    You must spread some Reputation around before giving it to Robinhood wage ekek again.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Philosopher කෙනෙක් මචං නිදහස් චින්තනයක් තියෙන කෙනෙකුට නේද ? මට පෙන්නේ අපේ රටේ ඉන්න අතලොස්සත් හරි Philosophers ල නෙමේ ..දරුණු ලෙස දේශපාලනීකරණය වුනු අය .. (Ex : Prof.නලින් ද සිල්වා )

    අපි හැමෝම දන්න දේ තමා මහින්ද ,මෛත්‍රී ,රනිල්අනුර ඔය කිසිම කෙනෙක් දැන් මේ රට තියෙන තත්වයෙන් ගොඩගන්න පුළුවන් හරි නායකයෝ නෙමේ කියන එක...එහෙම තියෙද්දී Philosophers ල කොහොමද එක එක නායකයන්ට කඩේ යන්නේ ?

    :baffled:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Philosopher කෙනෙක් මචං නිදහස් චින්තනයක් තියෙන කෙනෙකුට නේද ? මට පෙන්නේ අපේ රටේ ඉන්න අතලොස්සත් හරි Philosophers ල නෙමේ ..දරුණු ලෙස දේශපාලනීකරණය වුනු අය .. (Ex : Prof.නලින් ද සිල්වා )

    අපි හැමෝම දන්න දේ තමා මහින්ද ,මෛත්‍රී ,රනිල්අනුර ඔය කිසිම කෙනෙක් දැන් මේ රට තියෙන තත්වයෙන් ගොඩගන්න පුළුවන් හරි නායකයෝ නෙමේ කියන එක...එහෙම තියෙද්දී Philosophers ල කොහොමද එක එක නායකයන්ට කඩේ යන්නේ ?

    Nalin ge philosophy eka awilla minihage mathe pili noganna un eniya udew christhiyani batahira bla bla bla :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Philosopher කෙනෙක් මචං නිදහස් චින්තනයක් තියෙන කෙනෙකුට නේද ? මට පෙන්නේ අපේ රටේ ඉන්න අතලොස්සත් හරි Philosophers ල නෙමේ ..දරුණු ලෙස දේශපාලනීකරණය වුනු අය .. (Ex : Prof.නලින් ද සිල්වා )

    අපි හැමෝම දන්න දේ තමා මහින්ද ,මෛත්‍රී ,රනිල්අනුර ඔය කිසිම කෙනෙක් දැන් මේ රට තියෙන තත්වයෙන් ගොඩගන්න පුළුවන් හරි නායකයෝ නෙමේ කියන එක...එහෙම තියෙද්දී Philosophers ල කොහොමද එක එක නායකයන්ට කඩේ යන්නේ ?

    මෙහෙමයි බන් , ගොඩක් වෙලාවට philosophers ලට තමන්ගේම දේශපාලනයක් තියෙනවා තමයි .. එත් නලින්ද සිල්වා ගේ තියෙන්නේ දේශපාලන දර්ශනයක් නෙවෙයි , එයා කියන්නේ විද්‍යාත්මක ක්‍රමය කියන්නේ බොරුවක් , එකෙන් හොයා ගන්න දැනුම බොරුවක් , අපිට මේ පේන සියල්ල බොරුවක් කියල .. ඉතින් ඕක දේශපාලනයට සම්බන්ධ කරන්න අමාරුයි ඒ නිසා මිනිහ තමන්ගේ philosophy එකට ගැලපෙන දේශපාලන දර්ශනය ට කඩේ යනවා වෙන්න පුළුවන් .. හැබැයි මිනිහගේ සබ්ජෙක්ට් එකෙදී , ඒ කිව්වේ ඔය විද්‍යාත්මක ක්‍රමය සහ මනස කියන එකේදී පොරට තියෙන්නේ නිදහස් චින්තනයක් :rolleyes: මොකද ඒක වෙන කවුරුත් හිතල නෑ නේ ..

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා , මගේ මතය තමයි මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙක්ටම තමන්ගේම දර්ශනයක් තියෙනවා .. හැබැයි ඒක philosophy එකක් වෙන්න නං ඒක පිළිගන්න , අනුගමනය කරන පිරිසකුත් ඉන්න ඕනේ .. උදාහරණයක් විදිහට අපිට අපේම දර්ශනයක් තිබ්බට ඒක වෙන කවුරුත් දන්නෙත් නැත්තන් , අනුගමනය කරන්නෙත් නැත්තන් අපි philosopher කෙනෙක් නෙවෙයි .. ඒ වගේම කෙනෙක් ගේ philosophy එකක් වැරදි හෝ හරි වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට නලින් ද සිල්වා ගේ එකම ගමු. දැන් නලින් ද සිල්වා කියන ඔය විද්‍යාත්මක ක්‍රමය බොරුවක් කියන දේ හරි වෙන්නත් පුළුවන් , වැරදි වෙන්නත් පුළුවන් .. අපිට ඒක තහවුරු කරන්න ක්‍රමයක් නෑ ... ඉතින් ඒක පිළිගන්න සහ නොපිළිගන්නා විදිහට කොටස් දෙකකුත් ඉන්නවා .. ඒ වගේම එකෙන් අපේ සැබෑ ජීවිතේට ගන්න තියෙන ප්‍රයෝජනත් අඩුයි. මොකද නලින්ද සිල්වා පවා ජීවත් වෙන්නේ විද්‍යාත්මක ක්‍රමයක් පදනම් වෙච්ච ලෝකෙක නිසා .. නමුත් ඒක හරි හෝ වැරදි හෝ ඒකෙන් අපිව අලුත් විදිහට හිතන්න පුරුදු කරනවා .. අන්න ඒකයි වැදගත් .. :yes:
     
    • Like
    Reactions: sanjaya22

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ කොච්චර කිව්වත් විද්‍යාව බටහිර තමා :dull: :dull:
    You must spread some Reputation around before giving it to Robinhood wage ekek again.

    පිස්සුද බන් .. ගෝලීයකරණය නිසා අපි දැන් බටහිර රටවල් වල දේවල් සම්මතය කියල පිලිගත්තට විද්‍යාව කියන්නේ මිනිස්සු සහජයෙන් අරන් එන දෙයක් .. අපි දැන් විද්‍යාව කියල හදුන්වන්නේ බටහිර රටවල් දියුණු කරපු සංකල්ප විතරයි (මන් කියන්නේ ඒවා බොරු හෝ වැරදි කියල නෙවෙයි හරිද) :dull: