කන්ද උඩරට ගෝල්ෆ් රාජධානියට යමු..
කන්ද උඩරට ගෝල්ෆ් රාජධානිය
Victoria Golf Resorts 2016™
අපේ රටේ දකින්න පුලුවන් ඒත් නොදැකපු සුන්දරත්වයන් අපමණයි.සෙන්කඩගල පුරවරය වගේම ඒ අවටත් තියෙන්නේ ඒ වගේ සැඟවුන සුන්දර ස්ථාන.හැබැයි සහමර සැඟවී ගිය සුන්දර බිම්කඩවල් පසුව ඒවා දකින්න පෙරුම් පුරන පිරිස වෙනුවෙන් අපූර්ව සංචාරක බිම්කඩවල් බවට පත්වෙනවා.
අද අපි ඔබත් එක්කගෙන යන්නේ සෙන්කඩගල පුරවරයට මදක් ඔබ්බෙන් පිහිටි,අපේ රටේ අපූරුතම අත්දැකීම් රැසක් එකම තැනකින් ගන්න පුලුවන් තැනකට.මේක තමයි මහනුවර පහුකරලා තැන්නේකුඹුර, බලගොල්ල හරහා දිගනට ගිහින්. එතැනින් වික්ටෝරියා ගෝල්ෆ් පාර දිගේ ගියාම මුණගැහෙන වික්ටෝරියා ගෝල්ෆ් ඇන්ඩ් කන්ට්‍රි රිසෝට් (Victoria Golf and Country Resort) එක.
මහනුවර ඉඳලා මෙතැනට හරියටම කිලෝමිටර් 25ක් වගේ තියෙන්නේ.නම අහපු ගමන් හිතෙන්නේ මේක ගෝල්ෆ් සෙල්ලම් කරන්න විතරක් තියෙන තැනක් කියලා.නෑ.මෙතන තවත් බොහෝ පහසුකම් තියෙනවා.පිහිනන්න අවශ්‍ය විශාල තටාකයක්, ටෙනිස් හා ටේබල් ටෙනිස් සෙල්ලම් කරන්න අවශ්‍ය ක්‍රීඩාගාර පහසුකම්, යෝග හා භාවනා සඳහා අවශ්‍ය නිස්කලංක වටපිටාව හා පහසුකම්, බැඩ්මින්ටන් පිටියක් වගේම අශ්වයෝ පදින්න, බෝට්ටු පදින්න විතරක් නෙවෙයි, මෙතන තියෙන අපි දැකපු වැදගත්ම දේ තමයි උපරිම පුද්ගලිකත්වයක් සමඟ නවාතැන් ගැනීමේ පහසුකම්.මධුසමය ගතකරන්න ඔබ රටේ හොඳම තැනක් හොයනවා නම් මේක ඒ සඳහා ගැලපෙන අපූරු ස්ථානයක්.මොකද කිව්වොත් අක්කර 558ක් පුරා විහිදිලා තියෙන ලංකාවේ ලොකුම හෝටලයක ගෝල්ෆ් සෙල්ලම් කරන්නේ අක්කර 220ක විතරයි.ඉතිරි කොටස සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නේ "Resort" සඳහා.
අක්කර දෙසීයක් විතර පරාසයක මහා ගොඩාක් නවාතැන් තියෙනවා කියලා ඔබ හිතුවා නම් ඒක වැරදියි.මේ මුලු රෙසෝට් එකටම තියෙන්නේ ෂැලේ 10ක් හා විලාස් 13ක් විතරයි.ඉතින් හිතාගන්න පුලුවන් නේද මේවායේ නවතින යුවලකට තියෙන පුදුම සහගත නිදහස ගැන.
මේ ෂැලේ ආකාරයේ නවාතැනක මිල ඇහුවොත් ඔබ තවත් පුදුම වේවි.මෙතරම් සුවිසල් මට්ටමේ හෝටලයක් වුනත් ෆුල් බෝඩ් ෂැලේ එකක් මධුසමය ගතකරන්න එන යුවලකට රුපියල් විසි දහසක් වැනි මුදලකට ගන්න පුලුවන්.ඒ වගේම තමන් වෙත එන එවන් යුවලකට නොමිලේ පළතුරු බඳුනක් වගේම ඔවුන්ගේ ඡායාරූප ගැනීම් සඳහා නොමිලයේම තම හෝටල් භූමිය ලබාදෙන්නත් Victoria Golf and Country Resort කළමණාකාරීත්වය සැදීපැහැදී ඉන්නවා.
ඔබ මෙහි නතර වෙන්න එනවා නම් ඔබට පේරාදෙණිය මල්වත්ත වගේ දෙගුණයක විතර මහා බිම් ප්‍රදේශයක් හිතේ හැටියට ඔබේ ආදරවන්තයා/ආදරවන්තිය සමඟ ඇවිදින්න පුළුවන්.අර මුලින් කිව්ව මංගල ඡායාරූපකරණ කටයුතු සඳහා මේ තරම් ගැලපෙන පසුබිම් ඔබට ලෙහෙසියෙන් හොයාගන්න නම් ලැබෙන්නෙ නෑ.අක්කර 500ක ඇවිදින්න අවශ්‍යය විදුලි රථ හෙවත් "Buggy" රථයක් ඔබට සුළු මුදලක් ගෙවලා තාවකාලිකව මෙතනින් ගන්න පුලුවන්.ඊට පස්සේ ඒකේන් ඇවිදින එකයි තියෙන්නේ..
හෝටලයකට යද්දි ඔබ එහි ආහාර පාන ගැනත් හොයනවා ඇති.Victoria Golf and Country Resort කියන්නේ ලෝකයේ විවිධ දිශාවලින් ගෝල්ෆ් සෙල්ලම් කරන්න පුද්ගලයින් පැමිණෙන තරු පංතියේ හෝටලයක්.ඉතින් අලුතින් මෙතැන ආහාරපාන ගැන කියන්න දෙයක් නෑ.A la Carte ආකාරයට වගේම බුෆේ අනුවත් ඔබට ආහාර ගන්න පුලුවන්.
තව දෙයක් තියෙනවා.ඒ තමයි මෙතැන විවාහ මංගල්‍ය උත්සව සඳහා වෙන්කරගන්න පුලුවන්.මෙතන විවාහ මංගල්‍ය උත්සවය තියනවා කියන්නේ විශාල වත්තක තිව්වා වගේ තමයි.ඒ සඳහා සාමාන්‍ය ආකාරයේ වෙඩින් හෝල් එකක් දෙනවාට වඩා Victoria Golf and Country Resort විසින් ඔබට ඒ සඳහා විශේෂිතම වූ මාක්වීස් (Marquees) ආකාරයේ ස්ථානයක් හදලා දෙනවා.මේ භූමියේ සුන්දරම ස්ථානයක් ඔබට ඒකට වෙන්කරවාගන්න පුලුවන්.එක පසෙකින් මහවැලි ගඟ ගලාගෙන යද්දි, ඔබේ නවාතැනේ ජනේලයෙන් බැලුවම වික්ටෝරියා වේල්ල පෙනෙද්දි, බැලු බැලු අත නිමක් නැති තෘණ බිම් මැද කන්ද උඩරට රාජ්‍යයේ සුන්දරම නිවාඩුවකට මේ තමයි තැන.
මෙතැන ගෝල්ෆ් සෙල්ලම් කරන්න යන්න බලාපොරොත්තුවෙන ඔබටත් යමක් ලිවිය යුතුයි.1999දි විවෘත කල Victoria Golf and Country Resort එක 2007 වසරේ ඉඳලා මේ වනතෙක්ම ආසියා පැසිෆික් කළාපයේ හොඳම ගෝල්ෆ් පිටියට හිමි සම්මානයන් හිමිකරගෙන තියෙනවා.ඒ රටවල් ගණනක් අතුරින්.18 holes ආකාරයේ ගෝල්ෆ් ක්‍රීඩාංගණ පහසුකම මෙහි තියෙනවා.ඒ වගේම දිනපතා උදෑසන 6.30හේ පටන් සෙල්ලම් කරන්නත් පුලුවන්.වාර්ෂික සාමාජිකත්වය මේ වනවිට ඉතාමත් පහසු මුදලකට ලබාදෙන්න වගේම සාමාජික ඔබට අනෙකුත් සියලුගෙවීම් වලදී 15%ක වට්ටමකුත් ලබාදෙන්න ඔවුන් සූදානම්.
ලෝකයේ හොඳම ගෝල්ෆ් පිටි තනන්නන් අතර ඉහලම සිටින ඩොනල්ඩ් ස්ටීල් විසින් නිර්මාණයක් කල මේ පිටිය John Keels Group හි අසමසම සේවයෙන් පරිපූර්ණයි.මුලින්ම ගෝල්ෆ් සෙල්ලම් කරන්න පුරුදු වෙන්නත් මෙතැන තරම් තවත් තැනක් කොහේද. මේසියල්ලෙන් සපිරි දිගන Victoria Golf and Country Resortහි එළැඹෙන නිවාඩුවට පවුල පිටින් ගිහින් එන්න අපූරු තැනක්..
(මෙහි පලවන ඡායාරූප සියල්ල 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ සංරක්ෂණය කරන ලදි.මිතුරන් අතර බෙදාහැරීමට (Share)පමණි.උපුටාගැනීම සපුරා තහනම්.)
ඡායාරූප බලලම යන්න..
තවත් ඡායාරූප හා අපූරු සංචාරක සටහන් විස්තරත්මකව දකින්න,
එන්න අපේ ෆේස්බුක් පිටුවටත්...
මෙතන කොටන්න walk121
ස්තූතියි....!!!