ඩස්ට්බින් එළ කොල්ලෙක්....
[FONT="]අපිට මිනිස්සු මනින්න වෙන්නේ ඔහු කියන[/FONT], [FONT="]කරන දේ අනුවයි.... මොකද අපිට ඔවුන්ගේ හිත ඇතුලට කිදා බැහැල සැබෑ ස්වරූපය දැන ගන්න අපිට හැකියාවක් නැති නිසයි.... ඉතිං අපි කරන්නේ මිනිස්සු කියන කරන දේ අනුව ඔවුන් පිළිබදව මිම්මක් හදා ගන්න එකයි.... අවාසනාවට අපේ ඒ මිම්ම ගොඩක් වෙලාවට වැරදෙනවා... අන්තිමට අපි කියන්නේ [/FONT]”[FONT="]මම නම් හිතුවේ නෑ එයා එහෙම කෙනෙක් කියලා....[/FONT]” [FONT="]කියන සුපුරුදු වාක්‍යයයි.... මම මෙහෙම වටින් ගොඩින් ආවේ [/FONT]‘[FONT="]ඩස්ට්බින් [/FONT]’ [FONT="]කියන අපූරු කොල්ලා ගැන කියන්නයි... [/FONT]
[FONT="]ඩස්ට්බින් මට හමුවෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ උසස් අධ්‍යාපන ආයතනයකදී.... හීන් සිරුරකින් යුත් ගැඹුරු බැල්මකින් යුත් ඔහු නිශ්ශබ්ද චරිතයකි.... ඔහු සෑම විටම සිටියේ බර කල්පනාවකිනි.... කොහේදෝ තැනක තිබුණු අරමුණක් වෙනුවෙන් ඔහු බලන් ඉන්න බවකියි මට හිතුනේ... ඔහු කවදාවත් ඔහුගේ පවුලේ විස්තර කාටවත් පැවසුවේ නැත... ඔහු පවසා සිටියේ පදිංචිය කුරුණෑගල...... ඉන්නේ බෝඩිංවෙලා කියන ටික විතරයි.... හැබැයි අපිට කවදාවත්ම ඔහුගේ බෝඩිම තියෙන තැනක් හරියට කිව්වේ නෑ..... මම නම් හිතුවේ ඌ ඉන්න තැන අපිට කියන්න ලොකු අකමැත්තක් දක්වන බවයි....[/FONT]
[FONT="] මුලදී ඩස්ට්බින්ගේ හැසිරීමේ වෙනසක් නොදැක්කත් කල් යත්ම ඔහුගේ හැසිරීමේ වෙනස අපිට දැනෙන්න ගත්තා.... කොල්ලෙක් ෆෝන් කාඞ් එකක් හූරලා බිම දැම්මත්[/FONT], [FONT="]කඩදාසියක් ගුලි කරල දැම්මත්[/FONT], [FONT="]ටොෆි කොලයක්[/FONT], [FONT="]චොක්ලට් දවටනයක් දානවා දැක්කොත් ඒක අහුලගෙන ඩස්ට්බින් එකක් හොයනවා... එහෙම තිබ්බේ නැත්නම් සාක්කුවේ දාගෙන ගිහිල්ලා ඩස්ට්බින් එකක් දැක්ක හැටියේ ඒකට දානවා.... මුලදී මුගේ හැදිච්චිකම කියල හිතුවත් පස්සේ ඒකේ මොකක්දෝ ඕවර් ඇක්ටිං එකක් දැක්ක... කොහේ හරි ගමනක් යන කොට අපිළිවෙලට විසිරිලා තියෙන කුණු ගොඩක් දැක්කොත් කකුලෙන් හරි ෂේප් එකෙන් එක්තැන් කරනවා..... මේවායින් අන්තිම ප්‍රතිඵලය වුණේ කොල්ලා [/FONT]‘[FONT="]ඩස්ට්බින්[/FONT]’ [FONT="]කියල ප්‍රසිද්ධ වුණ එකයි.... කොල්ලාට [/FONT]”[FONT="]කුණු ලොල්ලා[/FONT]” ”[FONT="]ඩස්ට්බින්[/FONT]” [FONT="]වගේ වචනවලින් විහිලූ කරන කොට ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ අහිංසක සිනාවකින්....[/FONT]
[FONT="]මේ මොනව වුණත් කොල්ලා දක්ෂයා.... ඔහු කුණුවලට වගේම ඉගෙන ගන්නත් දැක්වූයේ පුදුම කැමැත්තක්.... දවසක් තී‍්‍රවිල් එකක ගමනක් යද්දී දැකපු දෙයින් මම තක්බීර් වුණා.. හුස්ම නැවතුණා... ඉන්න තැනත් අමතක වුණා..... මෙන්න බොලේ ඩස්ට්බින් ඉදලක් අරගෙන පේව්මන්ට් එක අතුගානවා.... මම තී්රවිලරය නවත්තන්න කියලා උනන්දුවෙන් බැලූවා.... ලේන්සුවකින් මුහුණ වහගෙන හිටියට මේ නම් අපේ ඩස්ට්බින්ම තමයි.... ෂුවර් එකටම මුගේ පිස්සුව තදවෙලා.... පව්.... මම ඩස්ට්බින් ළගට ගියා නෙවෙයි යැවුණා.... මාව දැකපු ගමන් ඩස්ට්බින් පුදුම වූ බව දැක්කා... ඒ වුණත් මාව නොදැක්ක ගාණට අනෙක් පැත්තට හැරුණා.... ඒ මාව මගහරින්න... මම ඔහුගේ නම කියල කතා කලාට පස්සේ මගේ පැත්තට හැරුණා... කොල්ලා ලේන්සුව පහත් කළා.... මුහුණේ ලැජ්ජාවෙන් රතු වෙලා.... ඇස්වල කදුඵ.... [/FONT]”[FONT="]මොකෝ මචං මේ පිස්සු වැඩ කරන්නේ.... පාරවල් අතුගාන්න නගර සභාවෙන් මිනිස්සු දාලා තියෙනවා.... උඹ ඒවා කරන්න එපා.... බලපං මේක අපේ එකෙක් දැක්කනම් උඹගේ කාඞ් කුඩු....[/FONT]” [FONT="]මම කියවගෙන ගියා.... නිහඩව සිටි ඔහු කට හඩ අවදි කලා...[/FONT]
”[FONT="]මචං මේ ගැන කාටවත් කියන්න එපා.... මට පිස්සු නෑ... මේ වෙලාවෙ මගෙන් මොකුත් අහන්න එපා.... ඒ වුණත් මම ඇත්ත විස්තරේ උඹට දවසක කියන්නම්.... උඹ මට උදව්වක් විදියට මේ ගැන කාටවත්ම කියන්න එපා....[/FONT]” [FONT="]උගේ අසරණ මුහුණ දැනුත් මැවිල පේනව වගේ... මොනව වුණත් මම මේ කතාව කාටවත් කිව්වේ නෑ... කාලය ගෙවිලා ගියා.... ඩස්ට්බින් පුලූවන් තරම් තනියෙන් ඉන්න උත්සහා කළා.... මාව දකින කොට එදා තිබ්බ අසරණකම ආයෙත් මතුවෙනවා.... මම කොයිතරම් සාමාන්‍යයෙන් කතා කරන්න ගියත් ඩස්ට්බින් මාව මග හරින බවක් පෙනුනා.... අන්තිමට පාඨමාලාව ඉවර වෙලා අපි වෙන් වෙන දවසත් ආවා.... හැම එකාම එකිනෙකාට සුබ පතාගෙන වෙන් වෙනවා.... අන්තිමට ඩස්ට්බින්ගෙන් වෙන්වෙන වෙලාව.... [/FONT]
”[FONT="]මචං මම යනවා.... උඹ පරෙස්සමෙන් වැඩක් කරපං හිටපං...[/FONT]”
”[FONT="]මචං උඹ යන්න ඉස්සරවෙලා මට පුංචි කතාවක් කියන්න තියෙනවා.... එදා සිද්දිය ගැන ඇත්ත කිව්වේ නැත්තං උඹ මම පිස්සෙක් කියලා හිතයි....[/FONT]”
”[FONT="]අවුලක් නෑ බං.... මම දන්නවා උඹට පිස්සු නෑ කියලා.... ඒ ගැන අමතක කරපං....[/FONT]”
”[FONT="]නෑ... නෑ... මම මේක අද කියන්නේ ගොඩක් ආසාවෙන්....[/FONT]”
[FONT="]අන්තිමට අපි දෙන්නා බංකුවකට බර දුන්නා.... ඌ කතා කරනවා... මම අහගෙන ඉන්නවා...[/FONT]
”[FONT="]මචං මම මෙහෙ බෝඩිංවෙලා ඉන්නවා කිව්වේ බොරුවට.... මගේ ගෙවල් තියෙන්නේ මෙහෙ.... ඒක ගෙයක් කිව්වට බං පැල්පතක්.... බාගයක් බ්ලොක්ගල්.... බාගයක් ලෑලි... වහලේ ටකරං.... අපි ගොඩක් දුප්පත් .... මම හිතන්නේ මේකේ කෝස් එක කරන්න ආපු එවුන් එක්ක බලපුවම මම හිගන්නෙක්.... කෝස් එකට සල්ලි හොයාගත්තේ මම පුංචි කාලෙ ඉදල තාත්තා මගේ එකවුන්ට් එකට මාසයක් ගානේ දාපු රු. [/FONT]500[FONT="] න්.... අපේ අම්මටයි තාත්තටයි මම විතරයි.... මම පුංචි කාලේ ඉදලම කළේ ඉගෙන ගත්ත එක්ක විතරයි.... වෙන මොනවත් කරන්න තරම් සල්ලියක් තිබුණේ නෑ.... මට ඕන වුණේ මේ කරුම ජීවිතෙන් ගොඩ එන්න.... මගේ තාත්තා කීයක් හරි හොයාගත්තේ උදේට ඔෆිස් අතු ගාලා... හැන්දෑවට නගර සභාවේ පාට් ටයිම් පාර අතු ගාලා... වෙලාවකට මම පාරෙ මේ පැත්තේ උඹලත් එක්ක කතාව දාගෙන යන කොට මගෙ තාත්තා එහා පැත්තේ පාර අතු ගානවා... තාත්තා මාව දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා.... මමත් තාත්තව නොදැක්ක වගේ යන්නේ ලැජ්ජාවට නෙවෙයි අසරණකමට.... ඒ වෙලාවට මට කෑ ගහල අඩන්න හිතෙනවා.... මට පාරේ කුණු දාන එවුන් පේන්න බෑ.... මම ටොෆි කොලයක් වුණත් ඇහිදලා ඩස්ටිබින් දාන්නේ මගේ තාත්තව මතක් වෙලා... එදා උඹ මම පාර අතු ගානවා දැක්ක දවසේ මම ඒ වැඬේ කලේ තාත්තා වෙනුවට.... තාත්තට කොන්ද අමාරුවක් හැදිල දවස් ගාණක් ගෙදර... අන්තිමට තාත්තත් එක්ක නගර සභාවේ වැඩ කරන කෙනෙක් ඇවිල්ලා කිව්වා තාත්ත වැඩට ආවේ නැත්තන් අයින් කරලා වෙන කෙනෙක් ඒකට දානවා කියලා.... මොකද තාත්තා නගර සභාවේ වැඬේ කළේ පාට් ටයිම් නිසා.... ඒ හින්ද පහුවදා තාත්ත ගිහින් අත්සන් කරල ගෙදර ගියා... තාත්තා වෙනුවට මම වැඩ කලා.... නැත්තම් ඒ පාරේ එවුන් කම්ප්ලේන් කරනවා පාර සුද්ද කරල නෑ කියලා... ඉතිං මම දවස් [/FONT]02[FONT="] ක් තාත්තගේ ඩියුටිය කලා.... දැන් මම බය නෑ.... කුණු කියන්නේ මගේ ජීවිතේ කොටසක්.... දැන් මම ඒ ලෙවල් පාස්.... හොද කෝස් එකක් කලා.... ටික දවසකින් ජොබක් සෙට් කරගන්නවා.... දැන් උඹ දන්නවනේ මම පිස්සෙක් නෙවෙයි කියලා ඒ මට ඇති[/FONT]”
[FONT="]එදා වෙන් වුණාට පස්සේ අද වෙනකම්ම ඩස්ට්බින්ව මට හමුවෙලා නෑ... ඌ කොතන හරි හොද ජීවිතයක් ගත කරනවා ඇති.... ඒ සිදුවීමෙන් මම ඉගෙන ගත්ත දෙයක් තමයි මේ සමාජෙ මිනිස්සුන්ගේ හැසිරීම දිහා බලල තීරණ ගන්නවත්[/FONT], [FONT="]ඔහුව තක්සේරු කරන්නවත් හොද නෑ කියන එක.... [/FONT]
[FONT="]එදා කෝස් එක කරපු හැම එකාටම අදටත් ඩස්ට්බින්ව පිස්සෙක්.... කුණු ලොල්ලෙක්.... ඒ වුණත් ඔහු මගේ ජීවිතේ සදා නොමැකෙන එළ කොල්ලෙක්..... එච්චරයි....[/FONT]
[FONT="]ඩස්ට්බින් එළ කොල්ලෙක්....[/FONT]

Thanks for sharing.