2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
    පාලු සිතේ විඩා නිවෙයි
    මේ සුවිසල්පුර තනිව ඉන්නට
    මට ඔය සිත සවිය ගෙනෙයි....
    තුරු හිස සිඹ සිඹ වැද මදනල
    මුමුනන විට ගී සවනට
    අපි ඇල්හේනේ පැල් මැස්සේ
    ගැයූ ගීත එයි සිහියට
    හිත වාවනු බැරිවී එන්නට
    හිතුනත් ආපසු ගම රට
    හෙට අදට වඩා හොඳ වේ යැයි
    කොඳුරයි රහසින් යටි හිත...............
    අග හිඟ මාලය ගෙල ලාගෙන
    දුක විඳින්න බැරි හින්දම
    මට වෙස්සන්තර රජු වාගේ
    දරු දන් දෙනු බැරි හින්දම
    පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
    උන් හැටි සිහියට අරගෙන
    හොඳ පරිස්සමෙන් මන් එනතුරු
    ඉන්නවා නේද මගෙ රන්කඳ..............
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටනම් මතක් වෙන්නේ අපිට මේ විදිහට දුක් විදින්න සිද්ද කරපු දේශපාලක්යින්ගේ අම්මලා
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සඳ දන්නේ නැහැ ඉර නැතිනම් එයාගේ පැවැත්මක් නෑ කියලා :rofl: