එකෝමත් එක ආදරයක්
පොඩි කතාවක් ලියන්න යන්නේ... මේ මං ගැන. මේක මගේ හිතේ තියන මට දැනෙන සංවේදි කතාවක්. මේක කියවන උඹලට මොන වගේ දැනෙයිද දන්නෙ නෑ. නමුත් නම් ගම් නැතුව ලියන සත්‍ය කතාවක් මේක. විවේක තියන විදිහට කොටස් වශයෙන් දාන්නම්. වැඩිය දිගට විස්තර ලියන්නෙ නැ.
කට්ටියගේ ප්‍රතිචාර අනුව කතාව ලියන්නම්.
ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
මේ කතාව ඇරඹේන්නේ අදක ඊයෙකින් නම් නෙවෙයි. මේක මගේ කුඩා සංදිය වෙතම දිව යන්නක්. මා සහෝදරයින් තිදෙනෙකින් සමන්විත පව්ලේ වැඩිමලා ය. කුඩා කාලයේදී ඉගෙනීමට එතරම් දක්ශ නොවූ මා (දැනුදු වැඩි වෙනසක් නැත) පන්තියේ කිසිදිනක පළමු 5 දෙනා අතරට පැමිණ නැත.
නමුත් ඒ පිළිබදව මම පසුතැවිලි නොවෙමි.
සහෝදරියක් නැති සහෝදරයින්ට දැනෙන සේ සහෝදරියකගේ අගය මටද දැනුනි. නමුත් කිනම් හෝ අභාග්‍යයකට අපගේ පව්ලට සහෝදරියක් එකතු වූයේ නැත.
නමුත් මටම කියා සහෝදරියක නොසිටියද මාගේ ලොකු අම්මාගේ දියනිය කුඩා කළ පටන් මට සහෝදරියක් බදුය. නිතර දෙවේලේ ඇය මුණ නොගැසුනද ඇය මාගේ සහෝදරිය යැයි මට සිතින. එහෙත් එය අරුමයක්ද නොව් සැබෑවටම ඇය නෑ කමින් මගේ භාග සහෝදරියයි. මේ කතාව පුරාවට සිටින ඈ මම 'පුර්ණි නංගි' යන අනුවර්ථ නමින් හදුන්වන්නෙමු. කුඩා කළ සිට ඇයට අවශ්‍ය පාඩම් පොත් ආදිය ඉල්ලා ගන්නේ මගෙනි. අවස්තාවක් ලැබුනු විටදී ඇය සමග දොඩමළු වන්නට මාද ඉතා කැමතිය. මේ ආකාරයෙන් කාළය ගතවෙමින් අප පාසල් වල ඉහල පංතිදක්වා ආවෙමු. ඒ අතර තුරේ ඇතැම් කාළවලදි ඇයව මුන ගැසෙන්නේ මාස කීපයකට වරකි. අද මෙන් ජංගම දුරකතන නොතිබූ ඒ යුගයේ දුරකතන ඇමතුම්ද නැත. ෆේස් බුක් පවා පරිගණකද නැත. කෙසේ හෝ මම උපෙළ කරන කාලයේදි ඇයව ප්‍රවේශමෙන් නිවසට ඇරලවීමේ වගකීමද විටින් විට මම දැරුවේ ය. මට වඩා වසරක් පමණක් වයසින් බාල වූ ඇය සමග පාරේ යන විට බොහෝ මිතුරන් සිතුවේ ඇය මාගේ පෙම්වතිය කියාය. ඇයගේ මිතුරියන්ද එසේම සිතන්නට ඇත. නමුත් එය ඇයට හෝ මට ගැටලුවක් නොවිය. මන්ද යත් අපගේ සිත්වල අප භාග සහෝදරයන් යන්න දැනෙන නිසා, ලෝකයා සිතන දෙයින් අපට පලක් නැති බැවිනි. ඇය සහ මම පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවද උසස්පෙළ කාළයේදී බොහෝ විට අප දෙදනාට මුන ගැසෙන්නට සිදුවුනි. ඒ මුලින් කිවාක් මෙන් ඇතැම් විට ඇයව නිවසට ඇරලීමටය. තවත් විටක වෙනත් අවශ්‍යතාවයකටය. නමුත් ඇතැම් විට එසේ මුන ගැසෙන කාළය අතර පැවති මුන නොහැසෙන කාළය මාස කීපයක් වූ අවස්තාද නැතුවාම නොවේ.
පොඩි කතාවක් ලියන්න යන්නේ... මේ මං ගැන. මේක මගේ හිතේ තියන මට දැනෙන සංවේදි කතාවක්. මේක කියවන උඹලට මොන වගේ දැනෙයිද දන්නෙ නෑ. නමුත් නම් ගම් නැතුව ලියන සත්‍ය කතාවක් මේක. විවේක තියන විදිහට කොටස් වශයෙන් දාන්නම්. වැඩිය දිගට විස්තර ලියන්නෙ නැ.
කට්ටියගේ ප්‍රතිචාර අනුව කතාව ලියන්නම්.ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
මේ කතාව ඇරඹේන්නේ අදක ඊයෙකින් නම් නෙවෙයි. මේක මගේ කුඩා සංදිය වෙතම දිව යන්නක්. මා සහෝදරයින් තිදෙනෙකින් සමන්විත පව්ලේ වැඩිමලා ය. කුඩා කාලයේදී ඉගෙනීමට එතරම් දක්ශ නොවූ මා (දැනුදු වැඩි වෙනසක් නැත) පන්තියේ කිසිදිනක පළමු 5 දෙනා අතරට පැමිණ නැත.
නමුත් ඒ පිළිබදව මම පසුතැවිලි නොවෙමි. සහෝදරියක් නැති සහෝදරයින්ට දැනෙන සේ සහෝදරියකගේ අගය මටද දැනුනි. නමුත් කිනම් හෝ අභාග්‍යයකට අපගේ පව්ලට සහෝදරියක් එකතු වූයේ නැත.

Last edited: