එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
එකෝමත් එක ආදරයක්

පොඩි කතාවක් ලියන්න යන්නේ... මේ මං ගැන. මේක මගේ හිතේ තියන මට දැනෙන සංවේදි කතාවක්. මේක කියවන උඹලට මොන වගේ දැනෙයිද දන්නෙ නෑ. නමුත් නම් ගම් නැතුව ලියන සත්‍ය කතාවක් මේක. විවේක තියන විදිහට කොටස් වශයෙන් දාන්නම්. වැඩිය දිගට විස්තර ලියන්නෙ නැ. :yes: කට්ටියගේ ප්‍රතිචාර අනුව කතාව ලියන්නම්.

ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.

මේ කතාව ඇරඹේන්නේ අදක ඊයෙකින් නම් නෙවෙයි. මේක මගේ කුඩා සංදිය වෙතම දිව යන්නක්. මා සහෝදරයින් තිදෙනෙකින් සමන්විත පව්ලේ වැඩිමලා ය. කුඩා කාලයේදී ඉගෙනීමට එතරම් දක්ශ නොවූ මා (දැනුදු වැඩි වෙනසක් නැත) පන්තියේ කිසිදිනක පළමු 5 දෙනා අතරට පැමිණ නැත. :nerd: නමුත් ඒ පිළිබදව මම පසුතැවිලි නොවෙමි.
සහෝදරියක් නැති සහෝදරයින්ට දැනෙන සේ සහෝදරියකගේ අගය මටද දැනුනි. නමුත් කිනම් හෝ අභාග්‍යයකට අපගේ පව්ලට සහෝදරියක් එකතු වූයේ නැත.
නමුත් මටම කියා සහෝදරියක නොසිටියද මාගේ ලොකු අම්මාගේ දියනිය කුඩා කළ පටන් මට සහෝදරියක් බදුය. නිතර දෙවේලේ ඇය මුණ නොගැසුනද ඇය මාගේ සහෝදරිය යැයි මට සිතින. එහෙත් එය අරුමයක්ද නොව් සැබෑවටම ඇය නෑ කමින් මගේ භාග සහෝදරියයි. මේ කතාව පුරාවට සිටින ඈ මම 'පුර්ණි නංගි' යන අනුවර්ථ නමින් හදුන්වන්නෙමු. කුඩා කළ සිට ඇයට අවශ්‍ය පාඩම් පොත් ආදිය ඉල්ලා ගන්නේ මගෙනි. අවස්තාවක් ලැබුනු විටදී ඇය සමග දොඩමළු වන්නට මාද ඉතා කැමතිය. මේ ආකාරයෙන් කාළය ගතවෙමින් අප පාසල් වල ඉහල පංතිදක්වා ආවෙමු. ඒ අතර තුරේ ඇතැම් කාළවලදි ඇයව මුන ගැසෙන්නේ මාස කීපයකට වරකි. අද මෙන් ජංගම දුරකතන නොතිබූ ඒ යුගයේ දුරකතන ඇමතුම්ද නැත. ෆේස් බුක් පවා පරිගණකද නැත. කෙසේ හෝ මම උපෙළ කරන කාලයේදි ඇයව ප්‍රවේශමෙන් නිවසට ඇරලවීමේ වගකීමද විටින් විට මම දැරුවේ ය. මට වඩා වසරක් පමණක් වයසින් බාල වූ ඇය සමග පාරේ යන විට බොහෝ මිතුරන් සිතුවේ ඇය මාගේ පෙම්වතිය කියාය. ඇයගේ මිතුරියන්ද එසේම සිතන්නට ඇත. නමුත් එය ඇයට හෝ මට ගැටලුවක් නොවිය. මන්ද යත් අපගේ සිත්වල අප භාග සහෝදරයන් යන්න දැනෙන නිසා, ලෝකයා සිතන දෙයින් අපට පලක් නැති බැවිනි. ඇය සහ මම පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවද උසස්පෙළ කාළයේදී බොහෝ විට අප දෙදනාට මුන ගැසෙන්නට සිදුවුනි. ඒ මුලින් කිවාක් මෙන් ඇතැම් විට ඇයව නිවසට ඇරලීමටය. තවත් විටක වෙනත් අවශ්‍යතාවයකටය. නමුත් ඇතැම් විට එසේ මුන ගැසෙන කාළය අතර පැවති මුන නොහැසෙන කාළය මාස කීපයක් වූ අවස්තාද නැතුවාම නොවේ.

මතුසම්බන්ධයි...
2 කොටස දෙවන පිටුවේ

http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=2
 
Last edited:

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,768
    30,808
    113
    "මම කැමතී නෑනට නෑන කැමති නෑ මට"ඕක නේද මචං කතාව:D:D
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ko bn kathawa

    හෙට ටිකක් වැඩිපුර ලියන්න ඉන්නේ. අද ආරම්භයක් හැටියට තමයි පොඩි කොටසක් ලියලා බැලුවේ. :sorry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    tumblr_inline_o6tlbgL3991t8wtzm_500.gif
    76774-tyrion-lannister-eyebrows-appr-ySbV.gif
     
    • Like
    Reactions: Bathiya2005

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    2 කොටස
    කුඩා කළ පාඩම් වැඩසදහා එතරම් උනන්දුවක් නොදැක්වුවද උසස්පෙළ වාණිජ පන්තියට ඇතුළු වීමෙන් පසුව එහි වැඩ ඉතා උනන්දුවෙන් කරන්නට මාතුළ පෙළඹවීමක් ඇතිවිය. මිට හේතුව වූයේ පන්තියේ දක්ෂ ළමුන් අතරට යෑමට මා සිත තිබු ආසාවත් කැම්පස් බලාපොරාත්තුවත්ය. එමෙන්ම උසස්පෙළ පන්තියේදී දැනෙන නැව්ම් හැගීම නිසා ඕනෑම අයෙකුට උනන්දුවෙන් වැඩකරන්නට සිතීම සාමාන්‍ය දෙයකි. පුර්ණි නංගි ට මගේ සිතේ ප්‍රමුඛස්තානයක් තිබුනද ඇය පිළිබදව සහෝදර සීමාවෙන් එපිට සිතීමට මගේ සිත යොමුවූයේ නැත. නොදැක සිටියද ඇයව මට දිනකට වාර කීපයක් මතක් වෙයි. ඊට හේතුව මට සහෝදරියක් නොවීම වන්නට පුළුවනැයි මම මටම අවධාරනය කරගත් වාර අපමණය.

    මේ සමයේදී උසස්පෙළ පන්තියට වෙනත් පාසලකින් සිසුවියක පැමිණෙයි. ඇය දැකුමෙන් ප්‍රිය උපදවන තැනැත්තියකි. කෙසේ නමුත් දැකුමෙන් පුර්ණි නංගි තරමට ප්‍රිය උපදවන්නේ නම් නැත. පාසලට අලුතින් ආ ඇය මම 'නිමාෂා' යනු අනුවර්ත නාමයෙන් හදුන්වමි. ටික කළක් ගතවෙත්ම නිමාෂා මගේ හොද යෙහෙලියක් වුනි. එපමණ කාළයක යහලුවකු විලසින් හෝ පුර්ණි නංගි හැර වෙනත් ගැහැනු ලමයෙකු ආශ්‍රය නොකල මා හට නිමාෂාගේ මිත්‍රත්වය විශේෂ එකක් විය. පාසලේ ගුරුවරුන් නැති කාළ පරිච්චේදවල නිමාෂා සහ මා කතා කරමින් සිට ඇත. දිනක් මගේ මිතුරෙකු ඇසුවේ 'උඹ නිමාෂා හට උඹ ලයින් දමන්නේදැයි' කියාය. එවිට එවැන්නක් නැතැයි මා ඔහුට කියා සිටියද, එය සත්‍ය නොවේ. කෙසේ වෙතත් මගේ සිතෙහි දළුලා වැඩෙමින් තිබූ නිමාෂා කෙරෙහිව තිබූ ආදරය නිමාෂා ට නොදැනුනද මාගේ බොක්ක ෆිට් මිතුරු කැළට එය සැගවිමට හැකි වූයේ නැත. ඔව්න් කියා සිටියේ නිමාෂා හට මගේ මෙම අදහස කියන ලෙසයි. එසේ නැත්නම් එහා පංතියේ සිට නිමාෂා හට පැණි හලන කොල්ලා මට වඩා ඉක්මන් වි ඇගේ සිත ලබාගනිතැයි ඔව්න් විටින් විට මට කියන්නට ගත්තේය. එහෙත් ගැටලුවකි, දැඩි මිත්‍රත්වයෙන් සිටින ඇය හට මා මෙය කියන්නේ කෙසේද? කිව්වද නිමාෂා මට අකමැති නම් මිතුරු කමද නැතිවී මට බකංනිලාගෙන බඩ උලාගෙන ඉන්නට සිදුවෙනු නොඅනුමානය. කෙසේ නමුත් එහා පංතියේ පොරගේ ක්‍රියා කාරිත්වය එන්න එන්නම වැඩි උනි. දැන් නිමාෂා හට මගේ සිතේ තිබෙන හැගිම ප්‍රකාෂ කරන්නට පමාවේ නම් අරූ ෂුවර් එකටම මට වඩා ඉක්මන් වී දිනුම් කණුව කරා යනු ඇත.

    මේ නිසා නිමාෂා ට මේ බව කෙසෙ හෝ පවසන්නට මාගේ සිත තුළ දැඩි පෙළඹවීමක් ඇති කලේය. දිනය අගහරුවදා දවසකි. කිසියම් හේතුවක් නිසා පාසලට ගුරුවරු පැමිණ තිබුනේ අඩුවෙනි. බොහෝ සිසුන්ද ක්‍රීඩා පිටියේය. මගේ මිතුරු කැළද මා පංතියේ තනි කර දමා 'උඹ අහපං' යැයි පවසා පංතියෙන් ගියේ. දැන් පංතියේ සිටින්නේ මාත් තව කොල්ලන් කිප දෙනෙක් හා ඇය සමග තව කෙල්ලන් කීප දෙනෙක් පමණි. වහාම ක්‍රියාත්මක වූ මා ඇයව පංතියෙන් මදක් එලියට කැදවාගෙන ගියේය. ඇය මාගේ යෙහෙලිය වූ බැවින් එසේ ඇයව කැදවාගෙන යෑම අසීරු නොවීය. පංතියෙන් පිටතදී මා ඇයට අනපේක්ෂිත අන්දමින් පැවසූවේ මා ඇයට ආලය කරන වගය. මේ කතාව කියු සැනින් මා රත්විය. කන් දෙකෙන්, නහයෙන් දුම් දමනවා මෙන් හැගිමක් මා හට ඇති විය. නිමාෂා ගේ මුහුණද ඉතාමත් තදින් රතුවූ අතර ඇය එකවරම පංතිය තුළට දිව්වේය. මාද ක්‍රීඩා පිටිය වෙත හෙමින් සිරුවේ පිය මැන මිතුරු කැළට මේ බව පවසන ලදි. මිතුරන් මට සුභ පැතුවේ දැන් වැඩේ හරි යැයි පවසමිනි. එදින උන්ට මගෙන් ප්ලේන්ටී සහ මාළුපාං සංග්‍රහයක්ද ලැබිණ. නමුත් මගේ සිතේ තිබෙන්නේ දැඩි චකිතයකි.

    පහුවෙනිදා මා පාසලට යන්නේ අපේක්ෂාවන් සිත්හි තබාගනය. නමුත් අපේක්ෂා සියල්ල හිරු දුටු පිණි බිදු මෙන් වියැකී යන්නේ ඇය එදින පාසලට නොපැමිණෙන නිසාය. මිතුරන් මට විහිලු කරයි. 'උඹේ වචන ටික අහලා ඒකිට බඩ යන්න අරං අද ගෙදර නැවතිලා' යැයි එකෙක් කීය. තවත් එව්න් විවිධ කතා කියයි. ඒ සියල්ලට මුහුන දෙමින් දවස ගෙවන්නට මා හට සිදු විය. :nerd:

    අපහසුවෙන් උවද පහුවෙනිදා උදා කර ගන්නට හැකි වුනි. නැවතත් මා බලාපොරොත්තු හිසමත තබාගෙන පාසැලේ හිදී. එදින නම් ඇය පාසලට පැමිණෙන්නේ යැයි පාසල් ගොඩනැගිල්ලක ඉහල මහලේ සිට බලා සිටි මා දුටුවේය. වහා ක්‍රියාත්මක වූ මා ඇය වෙත ගොස් 'අර දේට මොකද කියන්නේ' යැයි ඇසුවෙමි. දැන් එවැන්නක් අසන්නට මම බය නැත. මක් නිසාදයත් නහය දක්වා දියේ ගිළුනු එකාට ඉතිරි ටික ගිලිම අව්ලක් නොවන බැවින්ය. :P


    මතු සම්බන්ධයි.
    3 කොටස 9 පිටුවේ ය.
     
    Last edited:
    Status
    Not open for further replies.