That international licence is useless. I just got it, because I could not find my s/l licence.
Why ?? doesn't it allow to drive globally ??
That international licence is useless. I just got it, because I could not find my s/l licence.
තවම එක පාරයි දඩ කෑවේ... මීට අවුරුද්දකට උඩදි කඩයක් ඉස්සරහ නවත්තලා මම ගියා බඩු වගයක් ගන්න... ඒ දවස් වල ඔතන පාරත් හදනවා... ඒ වෙලාවේ ට්‍රැෆික් එහෙමත් තිබ්බේ නෑ... මෙන්න මම බඩු අරන් එද්දි පොලිස් ගොබිලෙක් ඇවිත් ලියනවා පාර අවහිරවන ලෙස නවත්තන් හිටියලු.. ට ඉකෙන්න... මම උගෙත් එක්ක ආගිව් කලා... හරිගියේ නෑ... මම උට රාළහාමි කියලා නෝන්ඩියට කථා කලේ.. උට ඒකටත් මල... පස්සේ දඩේ ගෙව්වා රැපියල් 500ක්...
--------------------------------------------------------------------------------
මේක නම් මේ දඩ සම්බන්ධ සිද්ධියක් නෙමේ.. ඒත් ලියන්න හිතුනා... මීට දවස් 5 කට වගේ උඩදි මුළු බස්නාහිර පළාතෙම හදිසි වැටලීමක් කලානේ පොලීසියෙන්... කොහොම හරි එදා මම පරණ යාළුවෙක් හම්බුවෙන්න ගියා.. ඌ ටිකක් ජොයින්ට් ගහන පොරක්... කෝම හරි මූ මාවත් දාගෙන වල්ගම පැත්තේ ගෙදරකට ගියා කථා කරන්න.... යද්දිත් ගෙදර කොල්ලෝ 10ක් විතර පිරිලා.. මම හිතුවේ මුගේ අඳුරන ගෙයක් කියලා... ඉතින් බයක් සැකක් තිබ්බේ නෑ... කෝම හරි කථා බස් කරලා රෑ 8 ට විතර මම ආයේ එන්න ගේට්ටුව ගාවට එනකොට මෙන්න බොලේ සිවිල් සෙට් එකක් ආවේ නැතෑ.. මම ඉස්සරහ හිටියේ ගේට්ටුව ගාව.... මම කොට ශෝටක් ඇඳන් හිටියේ.. මූ මගේ යට ඉඳන් උඩට බලලා තමුසේ මොකද මෙතන කරන්නේ කියලා ඇහුවා.. මම හිතුවා වෙන කොල්ලෝ සෙට් එකක් මුන්ට ටිකට නෙලන්න ඇවිත් තමයි කියලා.. මට චූ නොගිය ටික විතරයි... මම කිව්වා හෝව් මම මේ යාළුවෙක් හම්බවෙන්න ආවේ මම මුකුත් දන්නේ නෑ කියලා... ලොල්.. පස්සේ ඌ ආත බූත කඩාගෙන ඇතුලට ගියා.. මුට පිටිපස්සෙන් මාංචු දාගෙන දෙන්නෙක් අරන් එනවා.. ට හිකෙයි.. එවෙලේ තමා මට තේරුනේ මුන් පොලිසියෙන් කියලා.... මට හීන් දාඩිය දැම්මා... මම එළියට හොරෙන් පයින්න එද්දිම තව පොළිස් කාරයෙක් ආවා... ඌත් මාව ගනන් ගන්නේ නැතුව ඇතුලට ගියා... ඇතුලේ ඔක්කෝලවම චෙක් කරන්වා.. මට කට උත්තර නෑ.. මම එහෙම්ම එතන තිබ්බ පාළු ඉඩමට ගියා ගිහින් ලඟ යාළුවෙක්ට ඉක්මනට කෝල් එකක් අරන් ටක් ගාලා වරෙන් කිව්වා.. මට දැන් ඒ ගේ ඉස්සරහින් යන්නත් බෑ වෙඩි තියයි කියලා... විනාඩි 5ක් යද්දි යාළුවා ආවා... ගැහි ගැහි මම උගේ වාහනේ නැගලා විදලා ආවා... හම්මේ මග දිගට යාළුවා බයිනවා මට පළු යන්න.. යකෝ තෝ දන්නේ නැතුවද ඔතනට ගියේ... ඔතන ගංජා පොට් එකක්නේ කියලා.. මම කිව්වා ඉතින් කවුද දන්නේ කියලා.... යාන්තම් ගේ ගාවින් බැහැලා ෆෝන් එකත් ඔෆ් කලා... බයටම... ගෙදර පයින් යද්දි ට හිකෙන්න එකෙක්ට ගහනවා හෝ ගලා.. ඌ අනේ සෑර් ආයේ ගන්ජා විකුනන්නේ නෑ ගානවා.. මල උට්ටයි... ගහෙන් වැටිච්ච එකාට ගොනා ඇන්නා සීන් එක මට උනේ.. අපේ ගේ ඉස්සරහට අලුතින් සෙට් එකක් ආවා.. කොල්ලෝ.. උන් අරෙහේ මෙහේ ජොබ් කිව්වට බලන් ගියාම උනුත් ගන්ජා විකුනලා... මාව වෙව්ලලා ගියා.. උනුත් සිවිල්.. එකෙක් ඇහුවා කොහෙද යන්නේ කියලා.. මම කිව්වා මම මේ අල්ලපු ගෙදර ඉන්නේ, කඩේට ගිය කියලා... තව පොඩ්ඩෙන් ගූ ගිහින් මැරෙන්නේ.... ආපු බයටම කාලා නිදා ගත්තා කලින්ම....
අහුවෙච්ච යාළුවා පහුවෙනිදා කෝල් කලා.. වෙලාවටලු මම ගියේ.. නැත්නම් මමත් කූඩුවේ.. මුන් ඔක්කොටම 7500 දඩ ගහලා උසාවි දාලා.. එක නයිට් එකක් කුඩුවේ.. අනේ මන්දා මගේ පෙර පිනකට මම බේරුනා.. ලොල්.. මතක් වෙද්දිත් බයයි... මාවත් අහු උනා නම් වසලා හමාරයි...

koheda ban spot eka
matath ekak ganna![]()
yako uba iskole yana kaleth ohoma bonawada



...පලවෙනි වතාවනේ ඉතින් ....මම සියලු කියවිලි අරගෙන බැස්සා ...එතකොට පොලිස් මාමා මන් ලගට ඇවිත් "ආ සර් එන්න එන්න " කිව්වා ....මොකද හදිස්සි ඇහුවා ....දන්නවද කරපු වරද ඇහුවා .....මන් ගල් වෙලා හිටියා ....මේක නම් උසාවි තමයි කිව්වා ....ඔහොම වාහන පැද්දොත් හොදට තියෙයි කිව්වා ....දන්නවද කරපු වරද කියලා ආපහු ඇහුවා ....හැබැයි පොර ටිකක් සුහදව කතා කරපු නිසා මගේ බය නැති වුණා ...මගේ ලයිසන් එක අරගෙන මේක ලියන්න වෙනවා කියල පැන අරන් දිනේ දාල අත්සන ගැහුවා ....මන් එතකොට පෑන අල්ලගෙන අනේ සර් ලියන්න එපා කිව්වා ....කීයක් හරි දීලා ශේප් වෙන්න පුළුවන් වගේ දැනුණා ...හැබැයි එහෙම අහන්න බය හිතුණා .....තමුසේ පගාව දෙන්න හදනවද කියලා ඇහුවොත් ඉවරයිනේ ඉතින්....
???........එදයින් පස්සෙ මම බීලා එලවන එක නම් නෑවෑත්තුවා.හෑබෑයි පොලිසියට බයේ නම් නෙවෙයි.හේතුව කලර් ලයිට් නොපෙනුනු මට පොඩි එකෙක් වගේ පාර එහෙම පෑන්න නම් මොනවයින් මොනවා වෙයිද කියලා නිකන් කල්පනා උනු නිසා.![]()

.....අම්මපා මන් එතකොටයි දන්නේ වාහන 2ක් එකට ඉස්සර කරන්න බෑ කියලා ....සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද???
එක එකාගේ විදිය වෙනස් බන්. මම නම් බොහෝම යටහත් පහත්ව කතා කරනවා..patta thread eka. paga parak denna police mamita talk karana tricks tikak dapallako![]()

සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද
බාධක මත ඉස්සර කිරීම වරදක් කියලා දන්නවද ඇහුවා .....මන් කිව්වා ඉතින් සර් බාධක නැති නිසානේ ඉස්සර කරේ කියලා .....අම්මපා මන් එතකොටයි දන්නේ වාහන 2ක් එකට ඉස්සර කරන්න බෑ කියලා ....සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද???
ඔව් බන් එක පාර වාහන එකකට වඩා ඉස්සර කරන්න තනහම් 
මේ සීන් එක වෙලා දැන් මාස 6ක් වගේ වෙනවා .....මම වැඩ කරන්නේ තංගල්ලේ ...නිවාඩුවක් සෙට් වෙලා ගෙදර යන්න රත්නපුර හරහා කලවානේ යනගමන් තමයි මේක වුණේ ....
මම හවස 7ට විතර තංගල්ලෙන් පිටත් වුණා ...බස් එකේ යනවනම් නෝනාගම හරහා ඇඹිලිපිටියට ඇවිත් යන්නේ ....එදා මම කාර් එකේ ඇවිත් හිටපු නිසා මිද්දෙනිය හරහා ඇඹිලිපිටියට ඇවිත් එතනින් රත්නපුරට යන්න තමයි ගමන ප්ලෑන් කලේ .....
මම සමහර දවසට උදේට ගෙදර ඉදන් (කලවානේ ඉදන් ) පැය 2.15 ට තංගල්ලට එනවා කාර් එකේ ඇඹිලිපිටිය පැත්තෙන් ...ඉතින් පැය 2.15 වෙලාව ඔලුවේ තියාගන තමයි මම හවස පිටත් වුණේ ...ඒ කියන්නේ 9.30 වගේ වෙනකොට ගෙදර යන්න පුළුවන්නේ කියල .....
විනාඩි 50න් වගේ ඇඹිලිපිටියට ආවා ....එතන ඉදන් යනවා යනවා ඉවරයක් නෑ ......පට්ට trafic එකක් තිබුණේ එදා .....වාහනයක් ඉස්සර කරන්න පට්ට ගේමක් දෙන්න වුණා ....මට එපා වෙලා හිටියේ ....යන්තම් පැල්මඩුල්ලට අවා .....වෙලාව 10.15 එතකොට ...
ටවුන් එක පහු වුණාට පස්සේ මම 80ට විතර පාගල ගියා ......ටික දුරක් යද්දී මට ඉස්සරහින් ලොරියකුයි බස් එකකුයි බවුසරයකුයි එක පේලියට යනවා ...බැලුව බැලුව ඉස්සර කරන්න විදියක් තිබුනෙම නෑ ...එකින් එක ඉස්සර කරන්න විදියකුත් නෑ මුන් තුන්දෙනා ලග ලගම යනවා .....ඉස්සර කරන්න හදනකොටම ඔන්න තනි ඉරක් නැත්තම් ඉස්සරහින් වාහනයක් එනවා ....ඔහොම ටිකක් යද්දී මෙන්න පාර clear ...කඩ ඉරකුත් සෙට් වුණා ....අර වාහන තුනම එක සැරේ ඉස්සර කරා .....බවුසරේ ඉස්සර කරද්දීම පොලිස් මාමා පාරට පැනලා මාව නැවැත්තුවා කියහන්කෝ ......සිරාවටම මගේ ජිවිතේ පලවෙනි වතාවට තමයි ඒ පොලිසියෙන් මාව නතර කලේ ....ඒ අතරේදී මං අර ඉස්සර කරපු ලොරියේ ඩ්‍රයිවරයා කින්ඩි හිනාවකුත් දැම්ම බන් ........
සිරාවටම මම හොදටම බය වෙලා හිටියේ...පලවෙනි වතාවනේ ඉතින් ....මම සියලු කියවිලි අරගෙන බැස්සා ...එතකොට පොලිස් මාමා මන් ලගට ඇවිත් "ආ සර් එන්න එන්න " කිව්වා ....මොකද හදිස්සි ඇහුවා ....දන්නවද කරපු වරද ඇහුවා .....මන් ගල් වෙලා හිටියා ....මේක නම් උසාවි තමයි කිව්වා ....ඔහොම වාහන පැද්දොත් හොදට තියෙයි කිව්වා ....දන්නවද කරපු වරද කියලා ආපහු ඇහුවා ....හැබැයි පොර ටිකක් සුහදව කතා කරපු නිසා මගේ බය නැති වුණා ...මගේ ලයිසන් එක අරගෙන මේක ලියන්න වෙනවා කියල පැන අරන් දිනේ දාල අත්සන ගැහුවා ....මන් එතකොට පෑන අල්ලගෙන අනේ සර් ලියන්න එපා කිව්වා ....කීයක් හරි දීලා ශේප් වෙන්න පුළුවන් වගේ දැනුණා ...හැබැයි එහෙම අහන්න බය හිතුණා .....තමුසේ පගාව දෙන්න හදනවද කියලා ඇහුවොත් ඉවරයිනේ ඉතින්....
බාධක මත ඉස්සර කිරීම වරදක් කියලා දන්නවද ඇහුවා .....මන් කිව්වා ඉතින් සර් බාධක නැති නිසානේ ඉස්සර කරේ කියලා .....අම්මපා මන් එතකොටයි දන්නේ වාහන 2ක් එකට ඉස්සර කරන්න බෑ කියලා ....සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද???
කොහොම හරි වැඩේ ගොඩ යන පාටක් නෑ ...පොර ලියන්නමයි හදන්නේ ...පොර ඊට පස්සේ ඇහුවා මොකද ලියන්න එපා කියන්නේ ....ගෙවන්න එන්න අමාරුයිද ඇහුවා .....මන් කිව්වා ඔව් සර් ...මන් වැඩ කරන්නේ තංගල්ලේ ...හෙට ආපහු යනවා කියලා ....ඔන්න එතකොට පොර කියපි ගෙවන්න එන්න අමාරුයි නම් සල්ලි දීලා යන්න අපි ගෙවන්නම් කිව්වා ....බළලා පැන්නා කියහන්කෝ මල්ලෙන් එලියට ....මන් කිව්වා හා සර් එහෙම කරමු කියලා ....දඩේ කීයද ඇහුවා ....500යි පුතා කියලා ලයිසන් එක මට දුන්නා දැන් වැඩේ ගොඩ කියලා දැනගත්තා ...
මන් ගාව තිබ්බේ 1000 කොලේකුයි 100 කොල දෙකකුයි ...1000 දුන්නොත් බඩු හම්බෙන නිසා මන් කිව්වා සර් 500ක් නෑ මන් බැංකුවෙන් අරන් දෙන්නද ඇහුවා ....පොර කියනවා ඕකනේ ඉතින් ඔයාලත් එක්ක මොනාවත් කරන්න බෑනේ තියන ගානක් දීලා යන්න කිව්වා ....මන් 200 අරන් මෙච්චරයි තියන්නේ කමක් නැද්ද ඇහුවා ....හ්ම් හ්ම් කමක් නෑ ඉතින් කියල 200 ගත්තා .......
මන් බොහොම ඉස්තුති සර් යන්නම් කියලා ආවා .....එතකොට පොර මගේ පිටට තට්ටුවක් දාලා ...තරුණ වයසනේ පුතා ...පරිස්සමින් යන්න කිව්වා ......
තව දෙයක් කියන්න තියනවා .....මෙතන දෙපැත්තක් තියනවා ....පොලිස් මාමලා ඉන්නේ අපේ ආරක්ෂාවට ......එයාලා අපෙන් සල්ලි ගන්න එකත් වැරදි .....අපි සල්ලි දෙන තත්වෙට වැඩ කරන එකත් වැරදි ....කොහොම හරි වෙලාවේ හැටියට අපි සල්ලි දීලා එන එක පහසුයි අපේ කාලය වියදම එක්ක බලනකොට ....අපි එහෙම කරලා ඒක වීඩියෝ කරලා FB අරෙහෙ මෙහෙ දාපුවම ඒ මිනිස්සුන්ගේ රස්සාවට ඒක බලපාන එක ගැනත් අපි හිතන්න ඕනි ....මොකද දෙගොල්ලොම කරන්නේ වරදක් ......
මේ නුලේ පොඩි ගතියක් තියනවා .....ඒ නිසා එක එකාගේ සිද්දි ටික අපි බෙදා ගමු ......නම් ගම් ටික ලියද්දි පොඩ්ඩක් හිතමු නේද ?? මොකද නැත්තම් ඒ පොලිස් මාමලාට හොද නැනේ ....මටත් කොටලා ඉවර වුණාමයි මතක් වුනේ ......
තව කතා දෙක තුනක් තියනවා.....පස්සේ හිමිට ලියන්නම්කො.....

එක එකාගේ විදිය වෙනස් බන්. මම නම් බොහෝම යටහත් පහත්ව කතා කරනවා..
1.අත දාලා නැවැත්තුවම පුළුවන් නම් උන්ව පාස් නොකර උන්ගේ ඉස්සරහින්ම නවත්තගනින්.
2.වමෙන් නේ අත දාලා නවත්වන්නේ. අනිවාර්යෙන්ම වමට අයින් කරනකොට වම් පැත්තේ සිග්නල් එක දාලා අයින් කරපන්.
3.නවත්තපු එකා ලඟට එන්න කලින් උඹ වාහනෙන් බැහැපන්. බහින්න කලින් ලඟට ආවොත් ඇතුලේ ලයිට් එක දාපන්.
4. "සර්" කියන්න යන්න එපා. එක්කෝ ඔෆිසර් කියපන්. නැත්තම් රාලහාමි කියපන්. (රාලහාමි කියන එක මට කියල දුන්නේ තාත්තා)
5. උඹේ අතේ වැරැද්දක් තිබුනා හෝ නැතා හෝ වාද කරන්න යන්න එපා. පුළුවන් තරම් හොඳින් කතා කරපන්. එහෙම කතා කලාම උසාවි කේස් දඩකොළ වලට පස්සගන්න පුළුවන් කිසි ගේමක් නැතුව.
6. බැරිම උනොත් විතරක් ජරාව දීපං. ඔය තරුණ පහේ එවුන් ජරාව ගන්නේ නෑ දැන්. උන් නිතියට වැඩ. ඩයල් එක එක්ක කතා කරද්දී තේරෙනවා ඉතින්.
7. මොනා උනත් අමතක කරන්න එපා උන් උදේ හවස පාරේ ඉඳන් ගහන්නේ පොඩි පහේ ගේමක් නෙමෙයි. අපිට දවල් වරුවට ඔෆිස් එකෙන් එළියට ආවම අවුවට රස්නෙට කොච්චර අමාරුද. ට්‍රැෆික් උන්ට කොහොම ඇතිද. ඒ නිසා උනුත් ඉන්නේ පට්ට මහන්සියක සහ ස්ට්‍රෙස් එකක. කතා කරද්දි ඒක හැමතිස්සෙම ඔළුවෙ තියන් කතා කරපං.
මේ අවුරුදු 10ම පාරේ එලවලා තියෙන්නේ ඔය විදියට තමා. බොහෝම බරපතල වැරදි පවා ශේප් කරගෙන තියෙනවා..![]()




අවුරුදු 4ක් විතර බයිසිකල් පැද්දේ ඔය න්‍යායටම තමයි.. වාහනේක ගියත් ඒ විදිහට තමයි මමත් කරන්නේ..
ම්ම්ම්ම්ම්...
දෙයියනේ කියල දඩනම් කාලම නෑ.. කන්න ඔන්න මෙන්න ගිහින් ෂේප් කර ගත්ත ඒව දැම්මට කමක් නැද්ද ත්‍රෙඩ් එකේ..