ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?
මම කලින් ලියපු 'එකෝමත් එක ආදරයක්' කතාව ඉවර උනාට පස්සේ එතනින් එහාට ජීවිතය හදා ගත්ත හැටි වගේම මගේ දැන් තත්වේ අහලා ගොඩක් හිත මිතුරන් ත්‍රෙඩ් එකේ පෝස්ට් දැම්මා, පුද්ගලික පණිවිඩ එව්වා. ගොඩක් අයගේ අදහස උනේ මම මේ කතාවේ ඉතිරියත් ලිවිය යුතුය කියලයි. ඒ බහුතර මතයට හිස නමලා ඔන්න මම කතාවේ ඉතිරි කොටස ලියන්නයි ලෑස්ති වෙන්නේ. මේක ලියන්න මත්තෙන් කලින් ත්‍රෙඩ් එකේ මට දිරියක් වෙන්න රැදිලා හිටපු සියලු මිතුරු මිතුරියනට මාගේ හදපිරි ස්තූතිය පුද කරන්න ඕනේ. ඔයාලා නිසයි මම ඒ කතාව හොදට ලිව්වා නම් ලිව්වේ. ඒ වගේම කතාව ඉවර උනාට පස්සේ මගේ හිත හදන්න කමෙන්ට් දාපු, මගෙන් විස්තර අහලා හිත අහදපු, හිත හදන්න පුද්ගලික පණිවිඩ එවපු හැමෝටම පිං සිදු වන්නේමය.
කලින් කතාව බැලුවේ නැත්තං මේ ලිංක් එකෙන් ගිහින් කතාව බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1766213
කලින් කතාව බැලුවේ නැත්තං මේ කතාවේ හරයක් දැනෙන එකක් නෑ.
ආදරයෙන් බිදුනු හදවත් ඇත්තවුන්ගේ හිත් සුවපත්වනු පිණිස,
මේ කතාව අංශුමාත්‍රයකින් හෝ දායක වෙනු ඇතැයි සිතමි.
1 කොටස.
එම පීඩාකාරී රැය කෙසේ පහන් වූයේදැයි මා නොදනිමි. කෙසේ නමුදු පූර්ණ රාත්‍රියේ නිදි වර්ජිතව සිටි මා පසුදා හිරු දුටුවේ ඉදිමුන දෑස් පියන්පත්යුග සමගිනි. එය උදෑසන රැකියාවට යන මගේ පියානන් හට නිච්චියක් නොවිය. නමුත් මාගැන විමසිල්ලෙන් සිටින මෑනියන්ගෙන් නම් මෙම තත්වය වසන් කරන්නට තරම් මා සමතෙකු නොවීය. මෑනියන් මගේ හිස අතගාමින් පැවසුවේ 'ජීවිතයේ ලැබෙන පරාජයන් සැම විටම අත්දැකිම් කරගත යුතු බවත්, එම අත්දැකීම් පාඩම් ලෙස තබාගෙන අනාගතය සාර්ථක කරගත යුතු බවත්ය'. මාගේ දයාබර මෑනියන් සාමාන්‍ය අයෙක් වුවද මා මානසික පීඩනයකින් සිටින හැම විටම ඒවා ඉවෙන් මෙන් හදුනාගන මනෝවෛද්‍ය වරයෙකු මෙන් මනසට ප්‍රතිකාර දෙන්නීය. මව මා සමග කියා සිටි තවත් කරුණකි එනම් පූර්ණී බොහෝ නෑදෑයින් සමග මගේ හොද කියා ඇති බවය. පූර්ණී මගේ මව සමග පවසා ඇත්තේ මා වැන්නවුන්ට මල්තබා වැදිමට සුදුසු බවය. ඇය එම කතාව දින කීපයකට උඩදී මව සමග කියා තිබුනද මව, මට එය කීවේ අදය. එය ඇසූ මට හිතට වේදනාවක් මෙන්ම සතුටක්ද දැනුනි. ඒ තරමට පූර්ණිගේ ජීවිතයට මා වටින්නේය. ඇය දැන් වෙනත් කෙනෙකුගේ බව සැබෑය. එනමුදු මම නිකන්ම නිකන් එක් නෑදෑයෙක් නොවේ. ඇයට මා වටින අයෙකි. අඩුම තරමේ මා මළ දිනයකදී ඇය මා අසලට විත් බොහෝ සෙයින් හඩනු ඇතැයි මට සිත්විය.
උදෑසන ආහරය වුනු මඤ්ඤොක්කා අල මා ඉතා ප්‍රිය කරන දෙයකි. එනමුදු පොල් සමග කටක් දෙකක් මා ගිල දැම්මේ මැණියන් සතුටු කිරිමට මෙන්ය. කෑවාට පොල් තැවරූ මඤ්ඤොක්කා කැබැල්ල උගුරෙන් පහලට යන්නේ නැති ගානය. කාගත නොහැකි වුවද මඤ්ඤොක්කා කැබැලි කීපයක් හොරෙන් විසි කර මා සිටි තත්වය මවගෙන් හැකි තරම් වසන් කරන්නට මට හැකි වුනි. දැන් මා දවස ගෙවන්නේ කෙසේද කෙසේ හෝ සිත පාළනය කරගත යුතුමය. සිත පාළනය කර ගන්නට සිතුවද පපුව දනවා මෙන් වේදනාවක් මට දැනෙයි. කාගේ හෝ මුහුණ බලා කතා කරන්නට තරම් දැන් මට ආත්ම ශක්තියක්ද නැත. දුක තරමක් හෝ පාළනය කර ගන්නට එක් උපායක් තිබේ. එනම් කලින් අර්ධයක් පමණ අවසන් කර ඇති 'කමාන්ඩෝස්' පරිගණක ක්‍රිඩාව වෙත යොමු වීමයි. එ දවස කමාන්ඩෝස් ගසන්නට පටන් ගත්විට තනිකරම අතථ්‍ය ලොව වෙත ඇදී යන්නේ නිරායාසයෙන්මය. එය අරමුනු කරගෙන පරිගණකය පණගැන්වුවා පමණි. නමුදු ඩෙස්ක්ටොප් එකෙහි ඇති කමාන්ඩෝස් අයිකනය ඩබල් ක්ලික් කරන්නට තරම්වත් මාගේ ඇගිලි වලට ශක්තියක් නැතිබව දැනුනි. නමුත් එය කෙසේ හෝ කළ යුතුය. එසේ නැත්නම් ගීත ඇසිය යුතුය. කෙසේ නමුත් ගේම් එක ගැසීමේ මගේ උත්සාහය අසාර්ථක වූයේ නැත. දැඩි උත්සාහයකින් පසුව ගේම් එක සමග බද්ධ වී අතත්යලොවක තනි වෙන්නට මා හට ශක්තිය ලැබුණි. විටින් විට මව විත් මා දෙස බලා යන්නීය. මම ගේම් එකට සම වැදී මෙන් පරිගණකය ඉදිරියේ සිටීම ඇයටද අස්වැසිල්ලක් විය යුතුය.
විලාප නගන සිත සිර කර තබන්නට පරිගණක ක්‍රීඩාද හොද බෙහෙතක් බව මා පසක් කරගත්තේ එදාය. සිත සිර කරන්නට ඇති අනෙක්, අනගි උපක්‍රමය වෙන්නේ ගීතය. බූට් ගීත අසා සිත තව තව ආගාදයට තල්ලු කර ගන්නනට මට අවශ්‍ය නැත. ලව් සිංදුද අසන්නට බැරිය. එයින් වන්නේද සිතපෑරීම පමණි. ඔය කුලක වලට අයත් නොවන ගීත සොයන අතරේ මුලින්ම මගේ සිතට නැගුනේ වික්ටරත්නායකයන් ගායනා කරන මේ ගීතයයි.
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී …
මෙහි තනුවේද මට දැනුනේ වැටුනු මාව නැගිට්ට වන්නට ඇති ධනාත්මක බවකි. එබැවින් මෙය නිතර නිතර අසන්නට මට සිත්වුනි. වික්ටරත්නායකයන්ගේ බොහෝ ගිත ඇසුවද 'දෛවයෝගයකින්' වැනි ගීත අසන්නේ නැතිව ඉන්නට තරම් මා සූක්ෂම විය. මෙවැනි පීඩා කාරී අවස්තාවලදී ඇසීමට සුදුසු බොහෝ ගීත පරිගණකයේ දෘඩ තැටියේ තිබීමද වාසනාවකි. වික්ටරත්නායක, ටීඑම් ජයරත්න, සුනිල් එදිරිසිංහ ගෙන් පටන්ගෙන කසුන් කල්හාර දක්වා විත් භාතිය සන්තුෂ්, දමිත් අසංක දක්වා බොහෝ කළාකරුවන්ගේ ගිත, මගේ සිතේ තිබු දුක සෙමෙන් පිස දමන්නට සමත් වූවායැයි කිම සැබෑවකි.
සතියක් පමණ ගතවුනි. මගේ දුරකථනය නාද වන්නේය. තිරය දෙස බැලූ මාගේ දෑස අදහාගන්නට බැරිය. මේ ඇමතුම ලැබෙන්නේ පූර්ණිගේ අම්මගේ දුරකථනයෙන්ය. එනම් කතා කරන්නේ පූර්ණි විය යුතුය. ඇමතුම ගත්තේ මා සුපුරුදු ලෙස 'නංගි' යනුවෙන් පවසමිනි. ඔව් ඒ කතා කරන්නේ ඇයයි. අනෙක් පසෙන් මට ඇසෙනනේ 'අයියේ ඔයා හොදින් නේද' යන වචනයි. මා හොදින් ඉන්නා බවත්, ඔබ හොදින්ද යන්නත් මා වෙව්ලුන ස්වරයෙන් ඇසුවා මතකය. එවිට ඇය පැවසුවේ ඇයද හොදින් බවය. එමෙන්ම 'අයියට ලෝකයේ සිටින හොදම බිරිද ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා' යැයි ඇය පැවසුවේය. මම නිශ්ෂබ්ධවී සුලු මොහොතකින් හඩ අවදි කලේ 'ඔයාගේ මහත්තයත් ලෝකේ ඉන්න හොදම මහත්තයා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා' කියා මාද පැවසුවේය. එම ප්‍රර්ථනය බොරුවක් නොවේ. මා මුළු හදවතින්ම කළ ප්රාර්ථනයකි. සුළු මොහොතක් නිහඩ වුනු ඇය වෙනදා මෙන් තිසරණසරණ පතා ඇමතුම විසන්දි කලේය. ඒ ඇය එදා මෙදා තුර මා වෙනුවෙන් ලබාගත් අවසන් දුරකථන ඇමතුමයි.
ඇගේ ඇමතුම් නැති එම දුරකතනය මට තව දුරටත් බාවිතා කරන්නට බැරිය. එහි රිංටෝන්, එස්එම්එස් ටෝන් පමණක් නොව ඩිස්ප්ලේ එකෙහි එලිය කී පෑඩය පවා මට සිහි කරවන්නේ ඇයවය. එම තත්වය රිංටෝන් මාරුකලැයි කියා මග හැරෙන්නේ නැත. එබැවින් පසුදිනම එතෙක් කලක් බාවිතා කළ ජංගම දුරකතනය විස්රාම ගන්වා වෙලද පොලෙහි තිබූ ඉතාම අඩුමිල දුරකතනයක් ගෙන සිම්පත යොදා ගත්තේය. එදා සිට අද දක්වාම එම පැරණි 6600 ජංගම දුරකතනය විශ්‍රාම සුවයෙන් මා සතුව පවති.

ඉතිං ඊට පස්සේ භාතිය..

මතුසම්බන්ධයි...
2 කොටස 8 පිටුවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1770550&page=8

ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
ඔබේ කමෙන්ට් එක, කතාව ලියන මට දිරියක්ම වන්නේය.

Last edited:

BUMP 

ඇයි මචං