මෙතන කවුරුවත් ඇරගන්න ඕනේ නැහැ පැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වෛරසය මගින් ඇති කරන ඉතාමත්ම බෝවන සුළු රෝගයකි.
පැපොල රෝගය සඳහා පෙති සහ ක්රීම් වශයෙන් ඖෂධ ලබා ගත හැකියි. ඒ වගේ ම රෝගයෙන් වැළකී සිටීමට ප්රතිශක්තිකරණ එන්නතක් ද තිබෙනවා. එම වැක්සීනය එක් වරක් ලබා ගැනීමෙන් මුළු ජිවිත කාලයටම ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේ ම පැපොල රෝගය වැලඳේ යැයි අවදානමට ලක්වී සිටින අයට තාවකාලිකව එම රෝගයෙන් මිදීමට ‘lmmunoglobulins’ නම් ප්රතිදේහ විශේෂයක් ද නිපදවා තිබෙනවා.
දින හතකින් ම නැහැවිය යුතු යැයි නියමයක් නෑ. රෝගියාට සිරුරට අපහසුවක් නොවේ නම්, සීතල ගතියක් හෝ උණක් හෝ නැතිනම් නෑවීම ප්රශ්නයක් වන්නේ නෑ. එහෙත් රෝගය උත්සන්න වී ඇති විටෙක දින හතක් ගත වී යැයි නැහැවීම කිසිසේත් සුදුසු වන්නේ නෑ. මා දන්නා රෝගියකු පැපොල රෝගය උත්සන්න වී සිටි අවස්ථාවක, දින හත ගෙවුණා යැයි, උදෑසනම පිහිල්ලකින් සීතල වතුර නෑමෙන් පසු නිව්මෝනියාව වැලඳී මරණයට පත් වුණා.