දඩෙන් බේරෙන්න මෙන්න විසඳුම
පාරේ වාහනයක් පදවන කෙනෙක්ද? High speed Rs. 25000 දඩේට බයද? මෙන්න එහෙනම් 100% *නොමිලේම විසඳුම!
හැමෝම දන්නවා ඇති නේ ලඟදි දඩ මුදල් වැඩි කරපු එක ගැන. දඩ වැඩි කරපු එකේ ඇත්තටම හොඳ කාරණා කීපයක්ම තියෙනවා මට හිතෙන මට්ටමට.
Insurance නොමැතිව රිය ධාවනය,
ලයිෂන් එකක් නැති අයෙක් වාහනයක් ධාවනය,
වමෙන් ඉස්සර කිරීම,
බීමත්ව රිය පැදවීම,
දුම්රිය හරස් ගේට්ටු වලින් අපරික්ෂාකාරී විදියට වාහන හරහා දාගෙන යන එක වගේ එකී මෙකී නොකී ගොඩක් කාරණා තියෙනව.
ඔක්කොමත් හරි ලොකූම ප්‍රශ්ණයකට තියෙන්නේ වේග සීමාව ඉක්මවා ගිහින් අහු වුනොත් රුපියල් 25000ක් දඩයක් ගහන එක. මේක නම් ටිකක් සාධාරණ මදි ඈත පලාත් වල ට්‍රැෆික් අඩු නිදහසේ යන්න පුළුවන් පාරක යනව නම්. උදාහරණයකට වාරියපොල - අනුරාධපුරේ, Trinco - කුරුණෑගල පාරේ යද්දි, නිකවැරටිය පැත්තෙ යද්දි වගේ.
ඉතින් මෙන්න ඒකට අපි හැමෝම (drivers and passengers) එකමුතු වුනොත් නොවරදින විසඳුමක්.
මේක ස්මාට්ෆෝන් එකට දාගන්න පුළුවන් ඇප් එකක්. ඇන්ඩ්‍රොයිඩ්, IOS, වින්ඩෝස් වගේ පද්ධති වලට මේක දැනටම තියෙනවා. හොඳම දේ කියන්නේ මේකත් ගූගල් සමාගමේම වැඩක්.
නමුත් ඒ අය මේක ගූගල් මැප්ස් වගේ ප්‍රසිද්ධව කරගෙන යන්නේ නෑ.
ඇප් එක තමයි Waze. අළුත්ම official වර්ශන් මෙතනින් බාගන්න.
(වින්ඩෝස් වලට නම් පරණ වර්ශන් තියෙන්නේ.
ගූගල් එකෙන් කොහොමත් මයික්‍රොසොෆ්ට් මොබයිල් ඕ එස් වලට සහයෝගයක් නෑ නෙ)
මේකේ වැඩ කෑලි නම් සෑහෙන්න තියෙනවා. මූලිකවම මේක navigation වලට පාවිච්චි වෙන ඇප් එකක්. ඇප් එක පාවිච්චියට ඩේටා කනෙක්ෂන් එකක් (GPRS/EDGE/3G/4G) ඕන (*නොමිලේ කිව්වට data charges යනවා). GPS on තියෙන්න ඕන (High accuracy). මීට අමතරව වාහනේ කා චාජර් එකක් සහ mobile phone/tablet මවුන්ට් කරන්න පුළුවන් car mobile phone/ tab mount/holder එකක් තියෙනව නම් ගොඩක් හොඳයි.
මේ ඇප් එක ඕපන් තිබ්බාම ගූගල් මැප්ස් වගේම තමයි. යන තැන පෙන්නනවා. Navigation දාගන්නත් පුළුවන්. ඊට අමතරව ඒ යන පාරේ උපරිම වේගය පෙන්නනවා වම් පැත්තේ පහලින්. එතනම ඔබ දැන් යන වේගයත් පෙන්නනවා. ඔබ උපරිම වේගයට වඩා වැඩියෙන් යනවිට වේගය වැඩි බව පෙන්වනවා සහ කියනවා.
මෙන්න මේකේ මම කැමතිම ෆීචර් එක.
පොලීසිය ඉන්න තැන් ගැන කිලෝමීටර් ගාණක් තියා දැනුම් දෙනවා. ඔබ එම ස්ථාන වෙත ලං වෙන්න වෙන්න එම ස්ථානයට ඇති දුර මීටර් වලින් පවා පෙන්නනවා. මෙතැනදී තමයි එකමුතු බව ඕන වෙන්නේ. ඔබ ගමන් කරන මාර්ගයේ හයි ස්පීඩ් පරීක්ෂාවට හෝ පොලීසියෙන් හෝ සිටිනවා නම් ඔබටම පුළුවන් ඒ බව waze මැප් එකට ඇතුල් කරන්න. දකුණු පස පහලින්ම ඇති බොත්තම ටැප් කරගෙනම සිටින විට පොලිසියෙන් සිටින බව රිපෝට් කල හැකියි. තව අයෙක් රිපෝට් කල එකක් වෙයි නම් සහ එය නිවැරදි නම් එයට thumbs up එකක් එකතු කිරීමට අමතක කරන්නත් එපා.
එමෙන්ම මාර්ගයක් වසා ඇති බවක්, අනතුරක්, ස්වභාවික ආපදා තත්ත්වයක්, සිතියමේ වැරැද්දක් ආදී දේවල්ද ඔබටම රිපෝට් කල හැකියි.
වේග සීමා තවමත් 100% නිවැරදි මට්ටමේ නැති අතර වැරදි වේග සීමා ඇති විටදී වේග සීමාව ටැප් කර නිවැරදි වේග සීමාව ඇතුල් කර රිපෝට් එකක් යොමු කල හැකියි (අවශ්‍ය නම්).
මීට අමතරව ඔබ යම් තැනකට පැමිණෙන වෙලාව ආදිය ශෙයා කිරීමට, යහළුවන් ඩ්‍රයිව් කරන තැන් බලාගැනීමට, ඔබ ගමන් කල තැන්/ප්‍රදේශ බලාගැනීමට ආදී විශාල සේවාවන් ප්‍රමාණයක් මෙහි අන්තර්ගතව ඇත.
ඉතා වැදගත්: රිය පදවන විට ඒ සඳහාම දැඩි අවධානයකින් සිටින්න. මගී අසුනේ (passenger) අයක් වේ නම් ඔහුගේ සහය ලබාගන්න (මෙම app එකෙන්ද ඔබ රිය පදවන විට type කිරීමට ඉඩ නොදෙනු ඇත).
මෙම පෝස්ට් එක හේතුවෙන් හෝ මෙහි පල කල කාරණා හේතුවෙන් සිදුවන අනතුරු (accidents) හෝ සිදුවන අතුරු ප්‍රතිඵල ගැන මම වගකියනු නොලැබේ. සැමවිටම ඔබේ අවධානය ඉදිරි මාර්ගය, පැති කණ්නාඩි, පදවන රථය හා ඔබගේත් අන් අයගේත් ආරක්ෂාව සඳහාම යොමු කරන්න.
පාරේ වාහනයක් පදවන කෙනෙක්ද? High speed Rs. 25000 දඩේට බයද? මෙන්න එහෙනම් 100% *නොමිලේම විසඳුම!
හැමෝම දන්නවා ඇති නේ ලඟදි දඩ මුදල් වැඩි කරපු එක ගැන. දඩ වැඩි කරපු එකේ ඇත්තටම හොඳ කාරණා කීපයක්ම තියෙනවා මට හිතෙන මට්ටමට.
Insurance නොමැතිව රිය ධාවනය,
ලයිෂන් එකක් නැති අයෙක් වාහනයක් ධාවනය,
වමෙන් ඉස්සර කිරීම,
බීමත්ව රිය පැදවීම,
දුම්රිය හරස් ගේට්ටු වලින් අපරික්ෂාකාරී විදියට වාහන හරහා දාගෙන යන එක වගේ එකී මෙකී නොකී ගොඩක් කාරණා තියෙනව.
ඔක්කොමත් හරි ලොකූම ප්‍රශ්ණයකට තියෙන්නේ වේග සීමාව ඉක්මවා ගිහින් අහු වුනොත් රුපියල් 25000ක් දඩයක් ගහන එක. මේක නම් ටිකක් සාධාරණ මදි ඈත පලාත් වල ට්‍රැෆික් අඩු නිදහසේ යන්න පුළුවන් පාරක යනව නම්. උදාහරණයකට වාරියපොල - අනුරාධපුරේ, Trinco - කුරුණෑගල පාරේ යද්දි, නිකවැරටිය පැත්තෙ යද්දි වගේ.
ඉතින් මෙන්න ඒකට අපි හැමෝම (drivers and passengers) එකමුතු වුනොත් නොවරදින විසඳුමක්.මේක ස්මාට්ෆෝන් එකට දාගන්න පුළුවන් ඇප් එකක්. ඇන්ඩ්‍රොයිඩ්, IOS, වින්ඩෝස් වගේ පද්ධති වලට මේක දැනටම තියෙනවා. හොඳම දේ කියන්නේ මේකත් ගූගල් සමාගමේම වැඩක්.
නමුත් ඒ අය මේක ගූගල් මැප්ස් වගේ ප්‍රසිද්ධව කරගෙන යන්නේ නෑ.
ඇප් එක තමයි Waze. අළුත්ම official වර්ශන් මෙතනින් බාගන්න.(වින්ඩෝස් වලට නම් පරණ වර්ශන් තියෙන්නේ.
ගූගල් එකෙන් කොහොමත් මයික්‍රොසොෆ්ට් මොබයිල් ඕ එස් වලට සහයෝගයක් නෑ නෙ)
මේකේ වැඩ කෑලි නම් සෑහෙන්න තියෙනවා. මූලිකවම මේක navigation වලට පාවිච්චි වෙන ඇප් එකක්. ඇප් එක පාවිච්චියට ඩේටා කනෙක්ෂන් එකක් (GPRS/EDGE/3G/4G) ඕන (*නොමිලේ කිව්වට data charges යනවා). GPS on තියෙන්න ඕන (High accuracy). මීට අමතරව වාහනේ කා චාජර් එකක් සහ mobile phone/tablet මවුන්ට් කරන්න පුළුවන් car mobile phone/ tab mount/holder එකක් තියෙනව නම් ගොඩක් හොඳයි.
මේ ඇප් එක ඕපන් තිබ්බාම ගූගල් මැප්ස් වගේම තමයි. යන තැන පෙන්නනවා. Navigation දාගන්නත් පුළුවන්. ඊට අමතරව ඒ යන පාරේ උපරිම වේගය පෙන්නනවා වම් පැත්තේ පහලින්. එතනම ඔබ දැන් යන වේගයත් පෙන්නනවා. ඔබ උපරිම වේගයට වඩා වැඩියෙන් යනවිට වේගය වැඩි බව පෙන්වනවා සහ කියනවා.

මෙන්න මේකේ මම කැමතිම ෆීචර් එක.
පොලීසිය ඉන්න තැන් ගැන කිලෝමීටර් ගාණක් තියා දැනුම් දෙනවා. ඔබ එම ස්ථාන වෙත ලං වෙන්න වෙන්න එම ස්ථානයට ඇති දුර මීටර් වලින් පවා පෙන්නනවා. මෙතැනදී තමයි එකමුතු බව ඕන වෙන්නේ. ඔබ ගමන් කරන මාර්ගයේ හයි ස්පීඩ් පරීක්ෂාවට හෝ පොලීසියෙන් හෝ සිටිනවා නම් ඔබටම පුළුවන් ඒ බව waze මැප් එකට ඇතුල් කරන්න. දකුණු පස පහලින්ම ඇති බොත්තම ටැප් කරගෙනම සිටින විට පොලිසියෙන් සිටින බව රිපෝට් කල හැකියි. තව අයෙක් රිපෝට් කල එකක් වෙයි නම් සහ එය නිවැරදි නම් එයට thumbs up එකක් එකතු කිරීමට අමතක කරන්නත් එපා.
එමෙන්ම මාර්ගයක් වසා ඇති බවක්, අනතුරක්, ස්වභාවික ආපදා තත්ත්වයක්, සිතියමේ වැරැද්දක් ආදී දේවල්ද ඔබටම රිපෝට් කල හැකියි.
වේග සීමා තවමත් 100% නිවැරදි මට්ටමේ නැති අතර වැරදි වේග සීමා ඇති විටදී වේග සීමාව ටැප් කර නිවැරදි වේග සීමාව ඇතුල් කර රිපෝට් එකක් යොමු කල හැකියි (අවශ්‍ය නම්).
මීට අමතරව ඔබ යම් තැනකට පැමිණෙන වෙලාව ආදිය ශෙයා කිරීමට, යහළුවන් ඩ්‍රයිව් කරන තැන් බලාගැනීමට, ඔබ ගමන් කල තැන්/ප්‍රදේශ බලාගැනීමට ආදී විශාල සේවාවන් ප්‍රමාණයක් මෙහි අන්තර්ගතව ඇත.
ඉතා වැදගත්: රිය පදවන විට ඒ සඳහාම දැඩි අවධානයකින් සිටින්න. මගී අසුනේ (passenger) අයක් වේ නම් ඔහුගේ සහය ලබාගන්න (මෙම app එකෙන්ද ඔබ රිය පදවන විට type කිරීමට ඉඩ නොදෙනු ඇත).
මෙම පෝස්ට් එක හේතුවෙන් හෝ මෙහි පල කල කාරණා හේතුවෙන් සිදුවන අනතුරු (accidents) හෝ සිදුවන අතුරු ප්‍රතිඵල ගැන මම වගකියනු නොලැබේ. සැමවිටම ඔබේ අවධානය ඉදිරි මාර්ගය, පැති කණ්නාඩි, පදවන රථය හා ඔබගේත් අන් අයගේත් ආරක්ෂාව සඳහාම යොමු කරන්න.
බොරු දාන්න බෑ මචන්. දැම්මත් ඊලඟට එතනින් යන කෙනා යද්දි එතන පොලීසිය නෑ නම් එයාට ඒක තම්බ් ඩවුන් කලෑකි. අනික එහෙම පොලීසිය ඉන්නවා කියලා රිපෝට් කලාම ඒක වලංගු වෙන්නේ විනාඩි 30ක් පමණයි. විනාඩි 30ක් ඇතුලත කෙනෙක් ඒකට තම්බ්ස් අප් නොකලොත් ඒක මැප් එකෙන් අයින් වෙනවා. (ප්‍රායෝගිකව මේක හොඳයි. මොකද බොරු රිපෝට් නිකම්ම අයින් වීම සහ හැමදාම එකම තැන පැය ගණන් පොලීසියෙන් ඉන්නේ නැති වීම)