Wellington to Auckland by 1950 Austin

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මෙන්න ට්‍රිප්. මේ ට්‍රිප් එක ගියේ මගේ හොඳම යාළුවො දෙන්නෙක්. වෙලින්ටන් ඉඳලා ඕක්ලන්ඩ් වලට 1950 ඔස්ටින් කාර් එකේ ආපු ගමන එයාලගේම වචන වලින්.

    වෙලින්ටන් සිට ඕක්ලන්ඩ් දක්වා මාර්ග චාරිකාව - ඉසුරු පතිරගේ සහ උමේද හෙට්ටිගොඩ විසින්

    වෙලින්ටන් සිට ඕක්ලන්ඩ් දක්වා යන මාර්ග චාරිකාව මම ඉසුරු පතිරගේ. මම ඉන්නේ නවසීලන්තයේ Wellington නගරයේ. මා කුඩා කල සිටම කාර් පිස්සෙක්. මගේ කාර් පිස්සුව නිසා ටික කලකට පෙර මම 1949-50 වසරේ මහා බ්‍රිතාන්‍යයේ නිපදවූ ඔස්ටින් ශියර්ලයින් (Austin Sherline) රථයක් ගත්තා. මෙම කාර් එක පළමුවෙන්ම නවසීලන්තයේ ලියාපදංචි කර ඇත්තේ 1950 වසරේ. ලබන මස මා රටෙන් ටික දවසකට බැහැර වන නිසා මගේ ඔස්ටින් කාර් එක රැක බලා ගැනීමට කෙනෙකු නොමැති බැවින් එය ඕක්ලන්ඩ් වල නංගි ගේ ගෙදර ගෙන ඒමට තීරණය කලා. වාහන ප්‍රවාහන කරන truck රථයක දමා ගෙන යනවට වඩා එය පදවාගෙන යාමෙන් ලබන සතුට වැඩි නිසා මාගේ හොඳම මිතුරෙකු වන උමේධ හෙට්ටිගොඩ සමග ඔස්ටින් කාර් එක පදවාගෙන යාමට සැලසුම් කලා. මම ගමන යනවට ගෙදර අය වත් අමාරුවෙන් කැමති කරගත්තා (මේ කාර් එකේ දුර ගමන් මම යනවට ගෙදර අය කැමති නැහැ). ගමන යාමට පෙර රථය සුපුරුදු කාර්මිකයා ලවා පරීක්ෂා කර ගත්තා. ලොකු ලෙඩක් තිබුනේ නැහැ. Classic කාර් වල තියන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබිල හදා ගත්තා. මෙම ගමන යෙදී ඇත්තේ නවසීලන්තයේ අගනුවර වන Wellington සිට Auckland දක්වා 700km ආසන්න දුරකින් යුත් හිම කඳු , දිය ඇලි , වනාන්තර, ගව පට්ටි, වැව් ආදී ඉතා අලංකාර දසුන් රැසක් පසු කරමින් යන මාර්ගයකය (State Highway 1). 19 ශතවර්ෂයේ මෙරට යටත් කරගත් බ්‍රිතාන්‍ය පාලකයන් ඔවුන්ගේ වෙළඳ ද්‍රව්‍ය වරායට ගෙන යාමට එකල මෙම මාර්ගය සහ ඊට එහායින් ඇති දුම්රිය මාර්ගය නිර්මාණය කරන ලදී. වසර 100කට වැඩි කාලයක් ගත වුවද තවමත් නවසීලන්තයේ ප්‍රධාන මාර්ගයක් ලෙස මෙය භාවිතා කරයි. පරණ බ්‍රිතාන්‍ය එන්ජිනේරු වන්ගේ දක්ෂ කම මෙම මාර්ගයෙන් පැහැදිලිවම පේනව. විටක මෙම මාර්ගය අලංකාර කඳු අතරින් යන අතර තවත් විටක ගඟක් උඩින් යයි. කදු ආශ්‍රිත පාරක් නිසා ඒ හා බැදුණ භයානක අනතුරු සහිත ස්ථාන රැසක් මෙහි පවතී. මම සහ උමේධ උදෙන්ම Wellington වලින් ගමන පටන් ගත්තා. ටික දුරක් යනවිට Dorri the Morris Minor හම්බවුනා (මා මීට පෙර Dorri ගේ photos එවා තියනවා). ඊට පසු Levin නගරයට පැමිණියා. ටිකක් රස්න ගතියක් දැනුන නිසා මදක් නවතා නැවත ආරම්භ කලා. තව ටික දුරක් යන විට නැවත රත් වන බව තේරුණා. නැවත නවතා එන්ජිම සිසිල් වූ පසු රේඩියේටර අලුත්වතුර coolent සමග දමා නැවත ආරම්භ කලා. ඉන් පසු ගමන පුරාම කිසිම රස්න ගතියක් අවේ නැහැ. කරදරයකින් තොරව Bulls නගරයට පැමිණ Waioru හරහා Desert Rd එකට ආවා. පැයට සැතපුම් 60 – 65 අතර සාමාන්‍ය වේගයක් තබාගනීමට අපිට හැකිවුණා. Desert Rd කියන්නේ එය වටා කිසිදු දෙයක් නැති නිසා. මෙම මාර්ගය Mount Tongariro , Mount Ruaphehu යන ගිනි කඳු අතරින් සාදා ඇත. සීතල කාලයට මෙම කදූ හිමෙන් වැසී පවතී. මෙහිදී තදින් වැසි ඇතිවුන නිසා වේගය අඩු කර ඉතා පරිසමින් පැමිණියා (මෙම ගමනේ video බලන්න). ගමනේ මෙම දුශ්කර කොටසේදී පැයට සැතපුම් 25 – 35 අතර සාමාන්‍ය වේගයක් තබාගනීමට අපිට හැකිවුණා. තද වර්ෂාව දිගටම පැවතියද කිසිදු කරදරයක් නැතිව Taupo නගරයට පැමිණියා. මෙම නගරයේ ඇති අලංකාර විශාල වැව නිසා නිල් පෙනුමක් ඇති වටේටම හිම කඳු පිරුණු Taupo නගරය එතාමත් අලංකාර නගරයක්. Taupo වැව නිසා පාර ටිකක් අමාරුයි. පොඩ්ඩක් හරි ලෙස්සුවොත් කාර් එක වැවට වැටෙනවා. එම නිසා අපි හිමින් ආව. Taupo නගරය පසුකර අපි පළමු දින නැවතුම් ස්ථානය වන Rotorua බලා පැමිණියා. Rotorua තවත් අලංකාර නගරයක්. වසර මිලියන ගණනකට සිට මෙම නගරය යටින් පොලොව රත් වෙනවා (Geo Thermal Active Zone). මෙම නිසා අලංකාර මීදුමක් සැමදාම වාගේ මෙම නගරයට උඩින් තියනවා. මෙහිදී wiper ක්‍රියා විරහිත වී ඇති බව දන ගත්තා. Wiper Motor එක overheat නිසා වැඩ කිරීම නැවතුනා. පසු දින අපගේ ගමනේ අවසාන කොටස අපි පටන් ගත්තා. වැස්ස නැති නිසා wiper අවශ්ය වුනේ නැහැ. මෙතන සිට ඇත්තේ කෙලින් ඇති කඳු අඩු මාර්ගයකි. කිසිම ප්‍රශ්නයකින් තොරව පැයට සැතපුම් 60 – 65 අතර සාමාන්‍ය වේගයක් තබාගනීමට අපිට හැකිවුණා. අවසානයේ අපි දෙන්නා Auckland නගරයට කරදරයකින් තොරව පැමිණියා. වසර 67 පරණ වුනත් ඔස්ටින් කාර් එක අදටත් දුවන්නේ හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නැහැ කියන පරණ කතාව සිහිකරවමින්. Many Thanks for my travel companion and faithful friend Umedha Hettigoda. All photos, videos and assistance to write the storey in Sinhala is by Umedha Hettigoda.

    15181698_1593026517390507_7963996780290592809_n.jpg


    15179213_1593026237390535_3461341901070782368_n.jpg


    15230592_1593026174057208_6660500092284579697_n.jpg


    15241366_1593025974057228_1791639765206361463_n.jpg


    15202761_1593026057390553_730950716530579318_n.jpg


    15178249_1593025844057241_1562973728979621249_n.jpg


    15232175_1593025927390566_4333392712904240168_n.jpg


    15135787_1593026020723890_5773023029262331837_n.jpg


    15181483_1593026304057195_8053613988047128988_n.jpg


    15181697_1593026264057199_234533427229647813_n.jpg


    15219393_1593026380723854_8822133326698238479_n.jpg


    15232271_1593026444057181_4886683718141263934_n.jpg


    15178141_1593026567390502_3372200497811797462_n.jpg


    15203397_1593026477390511_4723812435005133770_n.jpg


    15135909_1593026794057146_1926455159425124260_n.jpg


    15241405_1593026727390486_6331789460209946135_n.jpg


    15171016_10157753904510551_4436489081164503007_n.jpg


    15171226_1593026724057153_8849334161268343544_n.jpg


    15203121_1593026880723804_8024772082389169690_n.jpg


    14600926_1157654417644387_1859331836073467973_n.jpg

    උපුටා ගැනීම - https://www.facebook.com/CarPissuwa/photos/?tab=album&album_id=1593025727390586
     
    Last edited: