චෙක්_එක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
චෙක් එක

cheque_validation.jpg

මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ හරිම කටුක විදිහට. අතේ සත පහ නැහැ. හැමදාම උදේට ගිනි පත්තු වෙනවා වගේ බැංකුවට චෙක් එනවා. එන්න කලින් දවසේ මොකක් හරි රෝලක් ගහල චෙක් එක රිටර්න් වෙන එක නවත්වා ගන්නවා.

ඊයේ ගොඩක් රෑ වෙනකන් වැඩ කළා. එක නිසා අද ටිකක් එලි වෙනකන් නින්ද ගියා. මට හීනෙන් වගේ ෆෝන් එක රින් වෙනවා ඇහුනා. නිදිමතේම වගේ phone එක අතට අරගත්තා. හරියටම වෙලාව උදේ 8.30 වගේ ඇති. කෝල් එක නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙනි. මට දෙලෝ රත්විණි. අනිවා මොකක් හරි ගින්නකි.

මම දුරකථනය අන්ස්වර් කලෙමි. " හෙලෝ Good Morning " ගුඩ් මෝර්නින් සර් මම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේන් කතා කරන්නේ. මම නිකිතා . සර්ගේ චෙක් එකක් ඇවිල්ල තියනවා එක අපට ගෙවන්න සර්ගේ එකවුන්ට් එකේ කෑෂ් මදි. " එවිට මා ඇයට ඉතා මුදු වචනෙන් මෙසේ ඇමතුවෙමි. " නිකිතා අනේ ප්ලිස් ඩු මේ අ ෆෙවර් . ඕක OD කරලා ගෙවලා දාන්න පුළුවන් ද. මම හෙට වෙනකොට සල්ලි දාන්නම් එකවුන්ට් එකට. සොරි සර් එක නම් කරන්න බැරිවෙයි මොකද සර් ගේ ගිය සිකුරාදා ආපු රුපියල් 78000 චෙක් එකකුත් OD කරලා ගෙවලා තියනවා. එක තවම ක්ලෝස් වෙලත් නැති නිසා මට මෙතනින් OD කරන්න බැහැ. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක මා මැනේජර් අමතා සහන ලබාගෙන OD කර පියවා ඇත. එවිට් මා " නිකිතා මැනේජර් ඉන්නවද.? සොරි සර් මැනේජර් අද නිවාඩු. " දැන් නම් ඉතින් මල හත්තිලවූවයි.. අනාත සාගරයකි. සර් කොහොම හරි උදේ 10 කලින් සල්ලි දැම්මොත් චෙක් එක රිටර්න් වෙන්නේ නැහැ කියා ඇය රිසිවරය තැබුවාය.

චෙක් එක රිටර් වෙන්න දිය නොහැකිය. මන්ද මා මෙය ලබා දී ඇත්තේ මාගේ එක්සෑම් එකේ අවසාන විභාගයට ය. යම් හෙයකින් රිටර්න් උනොත් මට විවිද ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු නොවනු මානයි.

යාලුවන්ගෙන් ඉල්ලා නොන්ඩි විය නොහැකිය. කරන්න දෙයක් නොමැති කමින් දන්නා කියනා ගැහැණු ළමයෙකු ඇමතුවෙමි. ඇය නිශා ය. ඇය මා පිලිබඳ බලාපොරොත්තු තබා ගත් ගැහැණු ලමයකි. අය මට ගැලපෙන්නේ නැති බැවින් ඇයව මා ආශ්‍රය කලේ යහළුවෙකු පරිද්දෙනි.

කෝල් එකක් ගෙන " නිශා මට පොඩි උදවුවක් කරන්න . මට පුලුවන්නම් හදිසි වැඩකට රුපියල් 35000 දෙන්න. මම හෙට ඔයාට අපහු දෙන්නම්. ඇය එකෙන්ම දීමට කැමති විය. එහෙනම් ඔයා එන්න බොරැල්ල ට . මගේ ඔෆිස් එක ලඟට. මම දෙන්නම් යයි කිවය.

එසැනින් මා වහනය ගෙන විදුලි වේගයෙන් බොරැල්ල වෙත බලා ගියෙමි. මන්ද මා මුදල් උදේ 10 ට කලින් තැන්පත් කලයුතු බැවිනි. යම් හෙයකින් ප්‍රමාදයක් සිදුවුනහොත් චෙක් පත අනිවාර්යයෙන්ම රිටර්න් වනු ඇත. කරුමෙක මහත බොරැල්ල මංසන්ධියේ ට්‍රැෆික් ය.

මා ට්‍රැෆික් එකේ ඉන්න අවස්ථාවේ විශ්වවිද්‍යාල ශිෂයෝ කිහිප දෙනෙකු මහා ශිෂ්‍ය සංගමයට ආධාර පිණිසයි පවසා කැටයක් රැගෙන මා අසලට පැමිණියේය. මා ඔවුනට රුපියල් 20 කින් ආධාර කලෙමි.

මා මෙතනින් කියන්න උත්සහ කරන අවසාන දේ මෙන්න මේක.

මේ ශිෂයෝ මහා පාරේ කාලේ කකා එක එක දේශපාලන උසි ගැන්වීම්වලට අවනත වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතුවත් හරියාකාරව සිදු නොකර ගනිමින් පාරවල් ගානේ වේලෙන හැටි. අපි මේ අහස පොලව පෙරළන් හරි ජිවිතේ ගොඩ යන්න දඟලනවා. මේ ළමයි පිස්සු කෙලිනවා. මේ වගේ දේවල් නිසා තමයි අපි හැමදාම දුප්පත් වෙලා ඉන්නේ. වෙන රටවල ශිෂයෝ එලි වෙනකන් හෝටල් වල ඩිෂ් වොෂ් කරනවා. සුද්ද පවිත්‍ර කරනවා. ෂෙඩ් වල පෙට්‍රල් ගහනවා. නොවිදිනා දුක් විඳලා තමයි සල්ලි උපයාගෙන විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්නේ. මෙහෙම දුක් විඳගෙන ඉගෙන ගෙන උපාධිය අවසන් කරන බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රටේ ඉහලම තැන් වලට යනවා. විවිධ සමාගම් වල ලොකු තනතුරු , සයන්ටිස්ට් ල , ඉංජිනේරුවෝ . එකට අපේ රට. රජයෙන් උපාදිය නොමිලයේ ගෙන එලියට ගිහින් කෑගනවා උද්ගෝෂණය කරනවා අපිට රැකියා දියවූ කියල. අඩුම තරමේ ඔය මහපාරේ කාලේ කන වෙලාවේ තමන්ගේ වුර්තිමය හැකියාවන් දියුණු කරගන්නවානම් උපාධියෙන් පසුව මොකක් හරි රස්සවක් තාවකාලිකව හොයා ගන්න පුලවන්.

ධම්මික පෙරේරාට විශ්වවිද්‍යාල යන අවධියේ මොරටුවේ හෝටලයක් තිබිලා තියනවා. එතකොට ධම්මික පෙරේරාගේ වයස අවුදු 24 පමණ වෙනවලු . සේවකයෝ පමණක් 40 වඩා ඉඳලා තියනවා. මේ හෝටලේ උදේ හවා මිනිස්සු පිරිලා. විකුණුවේ දවල් බත් , ෂෝර්ට් ඉට්ස් , ප්ලේන්ටි වගේ ඒවා. ධම්මික පෙරේරාත් මේ වගේ යුනියන් කර කර කාලේ විනාශ කලේ නම් අද නිකමෙක් වෙලා.
 
Last edited:

vito

Well-known member
  • May 5, 2008
    10,911
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    උබ අර තේ කඩේ නංගිගෙන් ඉල්ලුවනන් හරිනේ?......
    එක්ක්කෝ ඒක වෙන storyline එකක්ද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් උබ දේශපාලනේට කඩේ යන එක නැවැත්තුවද? :P
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ අර තේ කඩේ නංගිගෙන් ඉල්ලුවනන් හරිනේ?......
    එක්ක්කෝ ඒක වෙන storyline එකක්ද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් උබ දේශපාලනේට කඩේ යන එක නැවැත්තුවද? :P

    True story
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ කතාව අයිති වෙන timeline එක මොකක්ද?
    මේක වර්තමානේ සීන් එකක්ද?
    බත් කඩේ නංගි එක අතීතයේ සීන් එකක්ද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Final Exam fees walata post dated cheque walin pay karanna puluwanda?
    Hari shok ne...
    And ubala vage flat out evunta Bank OD denavada? :p

    No they don't accept PD cheques. They have a diffrent bank account. Mine is Nations Trust. Normally taking up to 2 working days for clearance. Thats the procedure of cheque clearance.

    Dan uba dannawa ne cheques clear wenne kohomada kiyala.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ කතාව අයිති වෙන timeline එක මොකක්ද?
    මේක වර්තමානේ සීන් එකක්ද?
    බත් කඩේ නංගි එක අතීතයේ සීන් එකක්ද?

    බත් කඩේ නංගිගේ හුටපට ඔක්කොම කොලොස් . මම මේ අද උදේ වෙච්ච සිදියක් කිවේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බත් කඩේ නංගිගේ හුටපට ඔක්කොම කොලොස් . මම මේ අද උදේ වෙච්ච සිදියක් කිවේ.

    උඹ සැහෙන්න අමාරුවෙන් ජීවත් වෙන එකෙක් වගේ,
    බයවෙන්න එපා ඕව මගේරෙයි,
    හැමදාම දුක් විදින්න වෙන්නේ නැ
    සිගරට් බීම නවත්තාපන්
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    No they don't accept PD cheques. They have a diffrent bank account. Mine is Nations Trust. Normally taking up to 2 working days for clearance. Thats the procedure of cheque clearance.

    Dan uba dannawa ne cheques clear wenne kohomada kiyala.

    Ane boss ape bank wala nam
    Same bank same day another bank next day after 2.30 PM CRN kiyala system ekak thiyenne Nations Trust Anatha bank ekak vage ne
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹ සැහෙන්න අමාරුවෙන් ජීවත් වෙන එකෙක් වගේ,
    බයවෙන්න එපා ඕව මගේරෙයි,
    හැමදාම දුක් විදින්න වෙන්නේ නැ
    සිගරට් බීම නවත්තාපන්

    උබේ කමෙන්ටුව appreciate කරනවා .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ane boss ape bank wala nam
    Same bank same day another bank next day after 2.30 PM CRN kiyala system ekak thiyenne Nations Trust Anatha bank ekak vage ne

    same day වෙන්නේ මචන් එකම බෑන්ක් එකක නම් විතරයි.

    සාමාන්‍යයෙන් අපි චෙච්ක් එක දුන්නම එදාම බෑන්ක් කරන්නේ නැහැ ගොඩක් ආයතන. පස්සෙන්ද හෝ දවස් කිහිපයකින් තමයි වෙන්නේ. අද මගේ චෙක් එකක් බැංකුවට දැම්මොත් හෙට උදේ වෙනකොට මගේ එකට එනවා. ප්‍රතිලභියාට ලැබෙන්නේ ඊළඟ දවසේ.

    මල්ලි තවම චෙක්ස් ගැන මොකුත් දන්නේ නැති පාටයි.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    මේ ශිෂයෝ මහා පාරේ කාලේ කකා එක එක දේශපාලන උසි ගැන්වීම්වලට අවනත වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතුවත් හරියාකාරව සිදු නොකර ගනිමින් පාරවල් ගානේ වේලෙන හැටි. අපි මේ අහස පොලව පෙරළන් හරි ජිවිතේ ගොඩ යන්න දඟලනවා. මේ ළමයි පිස්සු කෙලිනවා. මේ වගේ දේවල් නිසා තමයි අපි හැමදාම දුප්පත් වෙලා ඉන්නේ. වෙන රටවල ශිෂයෝ එලි වෙනකන් හෝටල් වල ඩිෂ් වොෂ් කරනවා. සුද්ද පවිත්‍ර කරනවා. ෂෙඩ් වල පෙට්‍රල් ගහනවා. නොවිදිනා දුක් විඳලා තමයි සල්ලි උපයාගෙන විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්නේ. මෙහෙම දුක් විඳගෙන ඉගෙන ගෙන උපාධිය අවසන් කරන බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රටේ ඉහලම තැන් වලට යනවා. විවිධ සමාගම් වල ලොකු තනතුරු , සයන්ටිස්ට් ල , ඉංජිනේරුවෝ . එකට අපේ රට. රජයෙන් උපාදිය නොමිලයේ ගෙන එලියට ගිහින් කෑගනවා උද්ගෝෂණය කරනවා අපිට රැකියා දියවූ කියල. අඩුම තරමේ ඔය මහපාරේ කාලේ කන වෙලාවේ තමන්ගේ වුර්තිමය හැකියාවන් දියුණු කරගන්නවානම් උපාධියෙන් පසුව මොකක් හරි රස්සවක් තාවකාලිකව හොයා ගන්න පුලවන්.

    ධම්මික පෙරේරාට විශ්වවිද්‍යාල යන අවධියේ මොරටුවේ හෝටලයක් තිබිලා තියනවා. එතකොට ධම්මික පෙරේරාගේ වයස අවුදු 24 පමණ වෙනවලු . සේවකයෝ පමණක් 40 වඩා ඉඳලා තියනවා. මේ හෝටලේ උදේ හවා මිනිස්සු පිරිලා. විකුණුවේ දවල් බත් , ෂෝර්ට් ඉට්ස් , ප්ලේන්ටි වගේ ඒවා. ධම්මික පෙරේරාත් මේ වගේ යුනියන් කර කර කාලේ විනාශ කලේ නම් අද නිකමෙක් වෙලා.

    Fee Education kiyanne minissunge aithiyak ban. Kawuruth igena ganna dish wash karanna one na.

    Gov. eka free education eka denna ona. Oya pitaratawal wala inna ewunuth po*nayo wage inne nethiwa parawal walata behela picket karanna ona Lankawe wage.

    Dahmmika Perera la nan family ekama issara idanma (Thaththala/Seeyala) salli karayo.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    Dahmmika Perera la nan family ekama issara idanma (Thaththala/Seeyala) salli karayo.

    ධම්මික පෙරේරා උපතින් සල්ලි කාරයෙක් නොවෙයි. අඩුම තරමේ ධම්මික පෙරේරාගේ දෙමවුපියෝවත් නෑයෙක්වත් සල්ලි කාරයෝ නොවෙයි.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ධම්මික පෙරේරා උපතින් සල්ලි කාරයෙක් නොවෙයි. අඩුම තරමේ ධම්මික පෙරේරාගේ දෙමවුපියෝවත් නෑයෙක්වත් සල්ලි කාරයෝ නොවෙයි.

    Dahammika Perera ge thatha hena salli karayek ban. Ships ehemath thibunalu.

    Apith Kaluthara thamai. Oya Dahammika Perera ge gewaluth api dannawa.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    finnaly a good post from u. ada udgoshana hinda traffic eke idan kaapu katta mathak wenakota ithn age maalu natanawa.