macOS Sierra PC එකට දාමු (Hackintosh)

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    macOS Sierra PC එකට දාමු (Hackintosh Guide)

    මුලින්ම මට hackintosh try කරන්න හිතුනේ .amda සහෝදරයා දාල තිබ්බ thread එක දැකල. මම පලවෙනි පාර දාද්දී ආපු ප්‍රශ්න වලටත් එයා උදව් කලා. ඒක නිසා එයාට ඉස්සල්ලම ස්තුතිවන්ත වෙනව. තව I love JS සහෝදරයත් උදව් කලා. :D

    .amda සහෝදරයා මේක ගැන විස්තරාත්මක thread දාල තිබ්බ නිසා හැම මූලික දෙයක් ගැනම දාන්න යන්නෙ නෑ මම. එයාට දාන්න බැරි උන දේවල් ටිකකුයි ගොඩක් අය එයාගෙ thread එකේ අහල තිබ්බ මූලික ප්‍රශ්න ටිකකට මම හොයාගත්ත විදිහට උත්තරයි මම ඉස්සල්ලම දාන්නම්.
    තව දෙයක් තමා මේ විදිහට macOS install karanna nam වැඩ කරන mac/hackintosh එකක් ඔනේ. මම නම් කලේ .amda ගෙ විදිහට 10.10 දාල ඒකෙන් bootable usb එක හදාගත්තා. නැත්නම් යාලුවෙක්ට mac එකක් තියනවනම් එහෙම එකකින් කරගන්න.

    .amda දාල තිබ්බ එක OS X distro එකක්. ඒකට පොඩි පොඩි modifications කරල තියනවා. ඒත් මේක genuine macOS. ඒත් දෙකේ වෙනසක් ඇත්තේම නැති තරම්.
    මේක ඉතින් අලුත්ම release එක හින්දා performance/graphics improvements තියනවා. සමහර apps වල අලුත්ම versions 10.10 වලට සපෝට් නෑ.
    අනික මේකෙ සිරි අක්කත් ඉන්නවා :love::P

    හරි එහෙනම් පටාන්ගමු :lol:

    1. දැනට හාඩ් එකේ තියන දේවල් ඔක්කොම delete වෙනවද?

    ඔව්. macOS පාවිච්චි කරන්නේ වෙනම file system එකක්. ඒක නිසා හාඩ් එක full format කරන්න වෙනව. ඒත් පස්සේ තනි හාඩ් එකෙන් macOS+Windows dual boot කරන විදිහට හදාගන්න පුලුවන්. ඒක කරන විදිහ ඉස්සරහට දාන්නම්.

    2. මේක දාන එකේ ප්‍රයෝජනය මොකක්ද?

    ගොඩක් වෙලාවට ඉතින් ඇග කහනවට, නිකන් ඉන්න බැරි කමට, *කේ අමාරුවට වගේ තමා :rofl::rofl::rofl:

    මේක ගොඩක් fast. ඒ වගේම smooth. Windows වගේ lags, hiccups, stuck වෙන සීන් එහෙම නෑ.
    Graphic Designer කෙනෙක්ට වගේනම් ගොඩක් වටිනවා. Adobe CC එහෙම windows වලට වඩා smooth & responsive.
    අනික තමා virus ඇත්තේම නැති තරම්. .exe files මේකේ වැඩ කරන්නේ නැති නිසා. ගොඩක්ම virus .exe files හැටියටනේ තියෙන්නෙ. :dull:


    3. මොන PC වලටද දාන්න පුලුවන්?

    එහෙම දෙයක් නෑ. ගැලපෙන mb+cpu+gpu combination එක තියනවනම් දාන්න පුලුවන්.
    දැනට තියන අලුත්ම macOS versions තුන, ඒ කියන්නෙ 10.10(yosemite), 10.11(el capitan), 10.12(sierra) කියන ඒව ගොඩක්ම සපෝට් කරන්නෙ intel 4th gen haswell core i3/i5/i7 & 6th gen skylake core i3/i5/i7 cpu වලට.

    මදර්බෝඩ් ගත්තොත් intel LGA 1150 H81, B85, H97, Z97 or intel LGA 1151 H110, Z170 වගේ ඒව ගන්න පුලුවන්.
    මෙහෙම කිව්වට මදර්බෝඩ් brand එක අනුව පොඩි පොඩි දේවල් වෙනස් වෙනව. ඒක නිසා කොහොම කිව්වත් දාල බලලම තමා බලන්න ඔනේ. Gigabyte & Asus MB තමා ගොඩක් අය hackintosh වලට recommend කරන්නේ.

    GPU වලටනම් ගොඩක් වෙලාවට nvidia maxwell GTX 700 series & 900 series ඒව out of the box ගොඩක් වෙලාවට සපෝට් කරනවා. තව පරන කාඩ් එකක් තියනව GT 210 කියල ඒකත් ගොඩක් උන් කියන හැටියට out of the box support.

    සපෝට් කරන seperate vga එකක් තිබ්බොත් VGA display output එකක් ගන්න පුලුවන්. :yes:

    onboard graphics නම් හොදටම සපෝට් කරන්නේ 4th gen core i3/i5/i7 cpu එක්ක එන intel HD graphics 4600 කියන එක. හැබැයි එහෙමනම් අනිවා dvi or HDMI display output එකක් ඔනේ. මදර්බෝඩ් එක පිටිපස්සේ තියන VGA පෝට් එකෙන් display ගන්න නම් බෑ. :no:

    RAM වලටනම් කේස් එන්නෙ නැති තරම්. 4GB තිබ්බොත් ඇති. 8GB තිබ්බොත් වඩා හොදයි. ඔය කිව්වට මගෙත් තාම 4GB තමා :rofl:

    4. laptop වලට දාන්න පුලුවන්ද?

    බැරිකමක් නෑ. ඒත් desktop වලට වඩා කට්ටක් කන්න ඔනේ. audio/network/touchpad අවුල් තමා ගොඩක් වෙලාවට එන්නෙ. අනික laptop brand අනුව motherboard එක වෙනස්. ඒකයි දාන්න ටිකක් අමාරු. හරියට ගැලපෙන විදිහට bootable USB එක හදාගන්න වෙනව. නැත්නම් boot වෙන්නෙ නෑ :sorry:
    තමන්ගේ '(laptop model) hackintosh' කියල google කරල බලන්න. වාසනාවක් තිබ්බොත් full guide එකක් හොයාගන්න පුලුවන් වෙයි. මේවගෙත් 4th gen/6th gen i3/i5/i7 වලට සපෝට් කරන්න තියන චාන්ස් එක වැඩියි. අනික තමා switchable graphics(nvidia/ati seperate vga) තිබ්බොත් කේස් එන්න පුලුවන්. :sorry:
    10.12 setup එකනම් මගෙ ලැප් එකේ boot උනා, data backup කරල දාගන්න පුලුවන් උනොත් මෙතන update එකක් දාන්නම් :D


    හරි එහෙනම් බලමු කොහොමද bootable USB එක හදාගන්නේ කියලා.

    1. mac appstore එකට ගිහිල්ල තමන්ගෙ apple ID එකෙන් log වෙන්න. ඊටපස්සෙ macOS Sierra කියල search කරල sierra installer එක download කරගන්න.(about 5GB)

    2 https://www.tonymacx86.com/ සයිට් එකට ගිහිල්ල register වෙලා log වෙන්න. 'Downloads' section එකට ගිහින් Unibeast 7 & Multibeast 9 - Sierra දෙක download කරගන්න.

    3. දැන් පෙන් එක ගහන්න. disk utility open කරගන්න. පෙන් එක select කරල 'erase' tab එකට යන්න. කැමති නමක් දාල(මම දැම්මේ USB කියල), format එක 'OS X Extended (Journaled)' හැටියට දීල erase කරන්න.

    r12TBqo.png

    4. Unibeast open කරගන්න. දිගටම 'continue' දීල 'agree' වෙන්න. 'destination' එකේදි කලින් හදාගත්ත පෙන් එක select කරන්න. 'OS' එකට macOS Sierra දෙන්න. 'bootloader config' එකේදී UEFI select කරන්න. මදර්බෝඩ් එක පරනයි නම් legacy එක තමා select කරන්න ඕනේ. 'graphics config' එකේදි ගැලපෙන එක බලල select කරන්න ඕනේ. ඒ options ගැන පහලිනවන් වැටෙනව. දැන් 'continue' කරල USB එක හදාගන්න. ඉවර උනාට පස්සේ download කරගත්ත multibeast app එක පෙන් එකට කොපි කරගන්න.

    5. BIOS settings. මේක ගොඩක් වැදගත්. හරියට හදාගත්තේ නැත්නම් USB එක boot වෙන්නෙත් නෑ.
    ඉස්සල්ලම Optimized Defaults ලෝඩ් කරල රීස්ටාට් කරන්න. දැන්,

    VT-d Disable
    CFG-Lock Disable
    SATA mode selection AHCI
    Secure Boot Mode/Fastboot Disable
    Parallel port & Serial port Disable
    OS Type to Other OS
    xHCI mode auto
    XHCI Handoff Enable
    EHCI Handoff Enable

    මේ ඔක්කොම options නැතිවෙන්න පුලුවන්. තියන ඒව විතරක් කරන්න.

    6. රීස්ටාට් කරල F8/F12 ගහල boot menu එකට යන්න Pen එක UEFI mode එකෙන් boot karanna. දැන් එන clover screen එකෙන් 'boot mac os x from USB(or පෙන් එකට දුන්න නම)' එක select karanna. ටිකක් වෙලා යයි files load වෙන්න.
    ඔක්කොම හරියට උනා නම් මේ විදිහට macOS setup එක එනවා. :rolleyes:

    snapshot-9-png.152355

    7. හරි දැන් language එක select කරල next කරන්න. දැන් උඩ taskbar එකේ තියන utilities --> disk utility open කරගන්න. දැන් ක්‍රම දෙකක් තියනවා කරන්න.
    (i) හාඩ් එකට සම්පූර්ණයෙන් macOS දානවනම් හාඩ් එකම select කරල,
    erase --> choose a partition name(eg- macOS) --> format : OS X Extended (Journaled) --> scheme GUID --> erase

    (ii) හාඩ් එක දෙකට බෙදල macOS & Windows dual boot කරන්න ඕනේ නම් :oo:,

    select hdd --> partition --> add 2 partiions --> 1(macOS) with OS X Extended (Journaled) format and other(windows) with MS-DOS(FAT) format --> partition

    තනි හාඩ් එකකට දාන එක කෝකටත් හොදයි. බැරි වෙලා හරි macOS partition එකට අවුලක් වෙලා macOS විතරක් ආයේ දැම්මොත් windows partition එකටත් කෙල වෙන්න පුලුවන් :baffled:

    8. installation volume එක අහද්දී කලින් හදාගත්ත macOS volume එක select කරන්න. හරි දැන් install කරන්න. install වෙලා ඉවර වෙලා PC එක restart වෙයි.

    9. දැන් clover bootloader screen එකෙදි 'boot os x from macOS කියන එක select කරන්න. වැඩේ හරි ගියොත් OS X first start setup menu එකට එනවා :yes:

    10. හරි දැන් setup එක complete කරල macOS start screen එකට යන්න.

    11. දැන් multibeast එක පෙන් එකෙන් pc එකට කොපි කරගන්න. ඊටපස්සේ පෙන් එක eject කරන්න.

    12. multibeast run කරන්න. තමන්ගෙ pc එකේ specs අනුව අවශ්‍ය ඒවා select කරල install කරන්න. අලුත් මදර්බෝඩ් එකක් නම් UEFI mode තමා, පරනයි නම් legacy mode එක දීල බලන්න. nvidia card එකක් තියනවනම් macOS version එකට ගැලපෙන web driver එක nvidia site එකෙන් අරන් දාගන්න.

    මෙන්න තියනව tonymacx86 ගේ sierra guide එක. ඕක බලාගෙන තමා මමත් දැම්මේ. ;)
    ඔය site එක නිකන් home of hackintosh වගේ තමා. හොදටම සපෝට් කරන pc builds, ඒ වගේම අනික් මෙම්බර්ස්ලගෙ hackintosh guides එහෙමත් තියනවා. ඕව බලාගෙන කරොත් කරගන්න බැරිවෙන්නේ නෑ :)

    හරි එහෙනම් ඔන්න මගෙ pc එකේ screenshots ටිකකුත් දැම්මා එහෙනම්. :cool:

    ZO3qLEk.jpg

    3pADak1.jpg

    ltD8D2V.jpg

    u0TxhAm.jpg

    8xDe0AS.jpg

    xrjyZiG.jpg

    yqxy91W.jpg

    eFJ5rhJ.jpg

    හරි එහෙනම්, කියන්න ඕනේ එක දෙයක් තමා මේක windows installtion එක වගේ එකපාරින් හරි යන චාන්ස් එකනම් ගොඩක් අඩුයි. මමත් දවස් ගානක් කට්ට කෑවා :lol: (ගොඩක් කිව්වට ගොඩක්මත් නෙවේ :P) 10 පාරක් විතර format කර කර දාල තමා හදාගත්තේ. ඒක නිසා ටිකක් ට්‍රයි කලොත් බැරිවෙන්නෙ නෑ. :yes: ;)

    දාපු අය මෙතන photos එහෙම දාන්න. අවුලක් ආවොත් අහන්න. පුලුවන් විදිහට උදව් කරන්නම්. windows එක්ක dual boot කරන විදිහ පස්සේ දාන්නම්. අත රිදෙනවා ටයිප් කරලම :lol:

    හොදයි නම් thread එකට reply එකක් දාල යන්න. ;) :P

    එහෙනම් කට්ටියටම ජය වේවා. !!!
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    occhara katu kala mac danawata wada hodai apple lap ekak ganna eka. useless thread.

    ඉතින් ගනින්කෝ. කව්ද එපා කිව්වෙ? :lol::lol::lol:
    උබ මේ විනාඩි 5ට මුලු thread එකම කියෙව්වද? අනේ නිකන් පලයන් බන් යන්න. :P
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    ඉතින් ගනින්කෝ. කව්ද එපා කිව්වෙ? :lol::lol::lol:
    උබ මේ විනාඩි 5ට මුලු thread එකම කියෙව්වද? අනේ නිකන් පලයන් බන් යන්න. :P

    oya pal hali kiyawanna kammli nisa tama yako kiwwe :lol::lol:
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    occhara katu kala mac danawata wada hodai apple lap ekak ganna eka. useless thread.

    ubata wadagath nattam uba balanta ela..pala wesi yanta..apita me thread aka wadagath..tho elakiri akata hoda deyak dilath na akane rathu wela inne wesi..akek hoda deyak dammahama ubata irisiyai nee..ela ela ban..rep 5+..oye wesiyo kiyane awa ganan ganne epa ban..
     
    • Like
    Reactions: RiFTeR

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ubata wadagath nattam uba balanta ela..pala wesi yanta..apita me thread aka wadagath..tho elakiri akata hoda deyak dilath na akane rathu wela inne wesi..akek hoda deyak dammahama ubata irisiyai nee..ela ela ban..rep 5+..oye wesiyo kiyane awa ganan ganne epa ban..

    පව් බන් ඒ අසරනයා :lol: දැක්කාම හිතාගන්න පුලුවන් තත්වේ. ඒකයි මම මොකුත් කිව්වෙත් නැත්තේ.

    ඔව් බන් ඒකනම් ඇත්ත. වැඩකට ඇති දෙයක් දැම්මොත් කීයෙන් කීදෙනාද බලන්නේ :sorry:
    වැඩක් නෑ බන් කතා කරලා :dull:
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Ela bro keep it up. Watinawa. PC ekak thiyan ohe inna huththalata mewa useless tama bn. Un karanne film ekak game ekk gahana eka tma redda. Ub dapan bn.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    lap ekak thiynne bn :baffled: 3rd gen ekak meka kela wenawa owa karoth :lol:

    Data ටිකනම් ඔක්කොම delete වෙනවා. :sorry:
    ඉස්සල්ල උබේ model එකට දාන්න ට්‍රයි කරපු එවුන් ඉන්නවද බලපන්.
    හරියටම sure නැත්නම් කරන්න යන්න එපා. නිකන් මොකටද ඉල්ලන් ටිංකිරි ගාගන්නේ :lol:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    machan apple id ekak hada ganne kohomada?
    apple device na machan apita.
    rep++++++

    Ara first post eka damma eka kiyapu eka ganan ganna epa machan.
    godak wedagath post ekak meka.
     
    • Like
    Reactions: RiFTeR

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,479
    16,274
    113
    :love::love::love: දාන්න ට්‍රයි එකක් දෙනවා 75gb හර්ඩ් එකක් හෑව්. :D
    ++
     
    • Like
    Reactions: RiFTeR

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    machan apple id ekak hada ganne kohomada?
    apple device na machan apita.
    rep++++++

    Ara first post eka damma eka kiyapu eka ganan ganna epa machan.
    godak wedagath post ekak meka.

    apple id ekak free hadaaganna puluwan bn.

    Create apple ID

    mac ekak one bootable usb eka hadaaganna witarai. samahara wita windows walinma hadaaganna method ekakuth athi. hambunoth daannam.

    nathi hinda thama meka damme. mehema ekak hariyata set karagaththoth mac ekak gaththa wage thama. one welawata mac, anith welawata windows :P