කරන්ට් එකවුන්ට් එකක කොහොමත් minimum amount එකක් maintain කරන්න ඕනෙ. එක දවසකට හරි ඒ ගානට වඩා අඩු චාර්ජ් එකක් වදිනව. බැංකුවෙන් බැංකුවට ඒක වෙනස්. 300 වගේ ගානක් කැපෙනව.
ඔයා දෙන චෙක් වර්ගෙ අනුව ඩිපෙන්ඩ් වෙනව.
ජනවාරි 30 ඩේට් දාල,
1.ක්‍රොස් චෙක් එකක් නම් දෙන්නෙ ඒක බැංකුවට එන්නෙ 31 වෙනිද. 31 උදේ 9.30ට කලින් සල්ලි දැන්ම නම් ඇති. හැබැයි ටිකක් ගනුදෙනු කරල විස්වාසයක් හදා ගත්තහම OD කරල චෙක් ගෙවනව. ඒ කියන්නෙ ඔයා පස්සෙ සල්ලි දාන පොරොන්දුව පිට. මේ OD එක වෙනම පොලියක් වදිනව. එක දවසක් තිබ්බත් දවසෙ පොලිය වදිනව.
2.ඔන් කවුන්ටර් චෙක් එකක් නම් 30 උදේ 9 වෙනකොට සල්ලි තියෙන්න ඕනෙ.
කාඩ් එක අකවුන්ට් කීපයක් එක්ක ලින්ක් කරන්න පුලුවන්. සාමාන්යෙන් ප්‍රයිමරි ලින්ක් කරපු අකවුන්ට් එකෙන් විතරයි කාඩ් එක යූස් කරද්දි සල්ලි කැපෙන්නෙ. අනිත් අකවුන්ට් වල සල්ලි කෝටියක් තිබ්බත් ප්‍රයිමරි එකේ සල්ලි නැත්නම් කාඩ් එක ඩික්ලයින් වෙනව පේමන්ට් වලදි. හැබැයි ATM එකෙන් සල්ලි ගනිද්දි ඕන එකකින් ගන්න පුලුවන්. ATM එකෙන් අහනව මොන අකවුන්ට් එකෙන්ද සල්ලි ඕනෙ කියල.
අයියා ලඟදි ඉස්කෝලේ පැත්තේ එහෙම ගියේ නැද්ද? 

2007/08 Batch එකද ඔයා ?


