commercal Bank

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machanla mama ada commercial bank eke current account ekak open karaa

    25000k daala..... eyala kivva 10,000k hold karanawa ituru 15,000 use karanna puluwan kiyala

    etakota mata card 2kuth dunna ekak atm only anika shopping debt crd ekak kivva

    mata cheque book eka enne dawas 3kin kivva

    mata tiyena prasne

    card dekak denne ai?
    tiyena 15 shopping debt card eken ganudenu karanna puluwanda?

    chkbk eka use karana widiya kohomada

    danna un kiya diyalla
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    api nam sampath.

    Sampath eke current account eka open karanna kiyak danna onada ban??

    Mage NRFC acc eka tiyenne Commercial bank eke. karanna deyak nati kamata open kale UAE walin. ekenma current acc ekat open kalot nam hodai mokada eka bank ekak ekka relationship ekak hadaganna eka godak hodai ne. eth mun hamba case nisa mama asa na ban..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Sampath eke current account eka open karanna kiyak danna onada ban??

    Mage NRFC acc eka tiyenne Commercial bank eke. karanna deyak nati kamata open kale UAE walin. ekenma current acc ekat open kalot nam hodai mokada eka bank ekak ekka relationship ekak hadaganna eka godak hodai ne. eth mun hamba case nisa mama asa na ban..

    bump.

    kawda ban hamba case. Combank ekada?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    Sampath eke current account eka open karanna kiyak danna onada ban??

    Mage NRFC acc eka tiyenne Commercial bank eke. karanna deyak nati kamata open kale UAE walin. ekenma current acc ekat open kalot nam hodai mokada eka bank ekak ekka relationship ekak hadaganna eka godak hodai ne. eth mun hamba case nisa mama asa na ban..

    rs 1000i.sampath patta.sampath wishwa eken ona rataka idan account balance eka balanna,transfer ehema karanna puluwan.:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    card dekak denne ai?

    මේක සමහරවිට උඹේ ලේසියට වෙන්න ඇති දෙන්න ඇත්තේ..එකවුන්ට් එක ඕපන් කරපු එකාගෙන්ම අහන්න :yes: එකක් Maestro අනිත් එක VISA හෝ MasterCard ද?

    tiyena 15 shopping debt card eken ganudenu karanna puluwanda?

    මීට කලින් උඹට Combank එකේ Savings A/C එකක් තිබුනේ නැත්තන් Current A/C එකත් එක්කම Savings A/C එකකුත් ඕපන් කරන්න ඇතිනේ..එහෙම නැත්තන් කලින් Savings එකක් තිබුනා නම් අවුලකුත් නැහැ..කොහොම උනත්, ඔය දීල තියෙන Shopping Debit Card එක උඹේ කරන්ට් එකවුන්ට් එකටත් ලින්ක් කරලා නම් තියෙන්නේ සහ කාඩ් එකේ primary account එක විදියට තියෙන්නේ Current Account එක නම් විතරක් උඹට පුළුවන් කාඩ් එක පාවිච්චි කරන්න shopping කරද්දී..

    කාඩ් ඇප්ලිකේෂන් එක පුරවද්දී ඕවා ටික පුරවන්න ඕනේ උඹ සාමන්යෙන්..කාඩ් application එකේ තියෙනවා account හතරක් (මට මතක විදියට) සඳහන් කරන්න..එකේ මුලින්ම දෙන එකවුන්ට් එක තමයි Primary Account එක වෙන්නේ..ඒ කියන්නේ කාඩ් එකේන් shopping/internet transaction (not eBanking) එහෙම කරනවා නම්, සල්ලි කැපෙන්නේ Primary Account එකෙන්..ATM එකෙන් සල්ලි ගද්දි නම් අහනවා මොන එකවුන්ට් එකෙන්ද සල්ලි ඕනේ කියලා..තේරුනේ නැත්තන් තව අහපන්.. :)

    chkbk eka use karana widiya kohomada

    ගාන අකුරෙන් ලියන්න තියෙන තැන ගාන අකුරින් ලියන්න..දකුණු පැත්තේ කොටුවේ ගාන ඉලක්කමෙන් ලියන්න..දිනය හරියට දාන්න..දිනය දානකොට දාන්න ඕනේ උඹ චෙක් එක ලියන දිනයම නෙමෙයි..චෙක් එක ලබාගන්න එක්කෙනා බැංකුවට චෙක් එක තැන්පත් කර යුතු දිනය (හෝ කවුන්ටරෙන් චෙක් එක දීල සල්ලි ගන්න ඕනේ දිනය)..

    ඕකේ උඹ කාටහරි සල්ලි ගෙවනවා නම් උඩම තියෙන තීරුවේ Cash කියලා ලියන්න..Cash ලිව්වොත් ඕනේ එකෙක්ට ඔය චෙක් එක අරන් ගිහින් සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන්..

    Cash කියල ලියලා cross කරොත් (ඒ කියන්නේ චෙක් එකේ උඩින් කොහෙහරි පොඩි සමාන්තර රේඛා දෙකක් ඇන්දොත්), ඔය cheque එක අනිවාර්යෙන් Current Account එකකට (හෝ සමහර විශේෂ අවස්ථාවල Savings A/C එකකට) deposit කරන්නම ඕනේ..කවුන්ටර් එකෙන් සල්ලි ගන්න බැහැ..

    Cash නැතුව කාගෙහරි නමක් ලියලා අනතිමට තියෙන "හෝ රැගෙන එන්නාට" කියන එක කැපුවේ නැත්තන් cheque එක අරන් එන ඕනේ එකෙක්ට සල්ලි දෙනවා කවුන්ටර් එකෙන්..

    නමක් ලියලා "අණට" කියන එක තිබුනොත් ඒ නම තියෙන එකාට විතරයි සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන් හෝ බැංකුවට තැන්පත් කරන්න පුළුවන්..

    දකුණු පැත්තේ පල්ලෙහායින් හරියට අත්සන දාන්න..

    CommercialBankOfCeylon_LK.png
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    math com unge current ekak open karanna giya,unge pada scene tika balanna epaye.customer service un managerslada ban mata *neuth hina.ara form ekai mae form ekai ara sign ekai.man tiyaganin kiyala sampath giya.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    card dekak denne ai?

    මේක සමහරවිට උඹේ ලේසියට වෙන්න ඇති දෙන්න ඇත්තේ..එකවුන්ට් එක ඕපන් කරපු එකාගෙන්ම අහන්න :yes: එකක් Maestro අනිත් එක VISA හෝ MasterCard ද?

    tiyena 15 shopping debt card eken ganudenu karanna puluwanda?

    මීට කලින් උඹට Combank එකේ Savings A/C එකක් තිබුනේ නැත්තන් Current A/C එකත් එක්කම Savings A/C එකකුත් ඕපන් කරන්න ඇතිනේ..එහෙම නැත්තන් කලින් Savings එකක් තිබුනා නම් අවුලකුත් නැහැ..කොහොම උනත්, ඔය දීල තියෙන Shopping Debit Card එක උඹේ කරන්ට් එකවුන්ට් එකටත් ලින්ක් කරලා නම් තියෙන්නේ සහ කාඩ් එකේ primary account එක විදියට තියෙන්නේ Current Account එක නම් විතරක් උඹට පුළුවන් කාඩ් එක පාවිච්චි කරන්න shopping කරද්දී..

    කාඩ් ඇප්ලිකේෂන් එක පුරවද්දී ඕවා ටික පුරවන්න ඕනේ උඹ සාමන්යෙන්..කාඩ් application එකේ තියෙනවා account හතරක් (මට මතක විදියට) සඳහන් කරන්න..එකේ මුලින්ම දෙන එකවුන්ට් එක තමයි Primary Account එක වෙන්නේ..ඒ කියන්නේ කාඩ් එකේන් shopping/internet transaction (not eBanking) එහෙම කරනවා නම්, සල්ලි කැපෙන්නේ Primary Account එකෙන්..ATM එකෙන් සල්ලි ගද්දි නම් අහනවා මොන එකවුන්ට් එකෙන්ද සල්ලි ඕනේ කියලා..තේරුනේ නැත්තන් තව අහපන්.. :)

    chkbk eka use karana widiya kohomada

    ගාන අකුරෙන් ලියන්න තියෙන තැන ගාන අකුරින් ලියන්න..දකුණු පැත්තේ කොටුවේ ගාන ඉලක්කමෙන් ලියන්න..දිනය හරියට දාන්න..දිනය දානකොට දාන්න ඕනේ උඹ චෙක් එක ලියන දිනයම නෙමෙයි..චෙක් එක ලබාගන්න එක්කෙනා බැංකුවට චෙක් එක තැන්පත් කර යුතු දිනය (හෝ කවුන්ටරෙන් චෙක් එක දීල සල්ලි ගන්න ඕනේ දිනය)..

    ඕකේ උඹ කාටහරි සල්ලි ගෙවනවා නම් උඩම තියෙන තීරුවේ Cash කියලා ලියන්න..Cash ලිව්වොත් ඕනේ එකෙක්ට ඔය චෙක් එක අරන් ගිහින් සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන්..

    Cash කියල ලියලා cross කරොත් (ඒ කියන්නේ චෙක් එකේ උඩින් කොහෙහරි පොඩි සමාන්තර රේඛා දෙකක් ඇන්දොත්), ඔය cheque එක අනිවාර්යෙන් Current Account එකකට (හෝ සමහර විශේෂ අවස්ථාවල Savings A/C එකකට) deposit කරන්නම ඕනේ..කවුන්ටර් එකෙන් සල්ලි ගන්න බැහැ..

    Cash නැතුව කාගෙහරි නමක් ලියලා අනතිමට තියෙන "හෝ රැගෙන එන්නාට" කියන එක කැපුවේ නැත්තන් cheque එක අරන් එන ඕනේ එකෙක්ට සල්ලි දෙනවා කවුන්ටර් එකෙන්..

    නමක් ලියලා "අණට" කියන එක තිබුනොත් ඒ නම තියෙන එකාට විතරයි සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන් හෝ බැංකුවට තැන්පත් කරන්න පුළුවන්..

    දකුණු පැත්තේ පල්ලෙහායින් හරියට අත්සන දාන්න..

    CommercialBankOfCeylon_LK.png

    ammo pin siddawenawa ban;....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ammo pin siddawenawa ban;....

    ඔය A/C Payee Only කියල දාල තියෙන්නේ..එහෙම දැම්මොත් අනිවාර්යෙන්ම ඒ චෙක් එකේ ලියලා තියෙන එකාගෙම එකවුන්ට් එකට deposit කරන්නම වෙනවා..Over the counter සල්ලි ගන්න බැහැ :yes:

    මොකක්ද බ්‍රාන්ච් එක?

    බ්‍රාන්ච් එකෙන් ඇහුවම ඕවා කියලා දෙනවා බන් :)
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඔය A/C Payee Only කියල දාල තියෙන්නේ..එහෙම දැම්මොත් අනිවාර්යෙන්ම ඒ චෙක් එකේ ලියලා තියෙන එකාගෙම එකවුන්ට් එකට deposit කරන්නම වෙනවා..Over the counter සල්ලි ගන්න බැහැ :yes:

    මොකක්ද බ්‍රාන්ච් එක?

    බ්‍රාන්ච් එකෙන් ඇහුවම ඕවා කියලා දෙනවා බන් :)

    kello set ekak inna nisa ahuwe na lajjawata ban
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    card dekak denne ai?

    මේක සමහරවිට උඹේ ලේසියට වෙන්න ඇති දෙන්න ඇත්තේ..එකවුන්ට් එක ඕපන් කරපු එකාගෙන්ම අහන්න :yes: එකක් Maestro අනිත් එක VISA හෝ MasterCard ද?

    tiyena 15 shopping debt card eken ganudenu karanna puluwanda?

    මීට කලින් උඹට Combank එකේ Savings A/C එකක් තිබුනේ නැත්තන් Current A/C එකත් එක්කම Savings A/C එකකුත් ඕපන් කරන්න ඇතිනේ..එහෙම නැත්තන් කලින් Savings එකක් තිබුනා නම් අවුලකුත් නැහැ..කොහොම උනත්, ඔය දීල තියෙන Shopping Debit Card එක උඹේ කරන්ට් එකවුන්ට් එකටත් ලින්ක් කරලා නම් තියෙන්නේ සහ කාඩ් එකේ primary account එක විදියට තියෙන්නේ Current Account එක නම් විතරක් උඹට පුළුවන් කාඩ් එක පාවිච්චි කරන්න shopping කරද්දී..

    කාඩ් ඇප්ලිකේෂන් එක පුරවද්දී ඕවා ටික පුරවන්න ඕනේ උඹ සාමන්යෙන්..කාඩ් application එකේ තියෙනවා account හතරක් (මට මතක විදියට) සඳහන් කරන්න..එකේ මුලින්ම දෙන එකවුන්ට් එක තමයි Primary Account එක වෙන්නේ..ඒ කියන්නේ කාඩ් එකේන් shopping/internet transaction (not eBanking) එහෙම කරනවා නම්, සල්ලි කැපෙන්නේ Primary Account එකෙන්..ATM එකෙන් සල්ලි ගද්දි නම් අහනවා මොන එකවුන්ට් එකෙන්ද සල්ලි ඕනේ කියලා..තේරුනේ නැත්තන් තව අහපන්.. :)

    chkbk eka use karana widiya kohomada

    ගාන අකුරෙන් ලියන්න තියෙන තැන ගාන අකුරින් ලියන්න..දකුණු පැත්තේ කොටුවේ ගාන ඉලක්කමෙන් ලියන්න..දිනය හරියට දාන්න..දිනය දානකොට දාන්න ඕනේ උඹ චෙක් එක ලියන දිනයම නෙමෙයි..චෙක් එක ලබාගන්න එක්කෙනා බැංකුවට චෙක් එක තැන්පත් කර යුතු දිනය (හෝ කවුන්ටරෙන් චෙක් එක දීල සල්ලි ගන්න ඕනේ දිනය)..

    ඕකේ උඹ කාටහරි සල්ලි ගෙවනවා නම් උඩම තියෙන තීරුවේ Cash කියලා ලියන්න..Cash ලිව්වොත් ඕනේ එකෙක්ට ඔය චෙක් එක අරන් ගිහින් සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන්..

    Cash කියල ලියලා cross කරොත් (ඒ කියන්නේ චෙක් එකේ උඩින් කොහෙහරි පොඩි සමාන්තර රේඛා දෙකක් ඇන්දොත්), ඔය cheque එක අනිවාර්යෙන් Current Account එකකට (හෝ සමහර විශේෂ අවස්ථාවල Savings A/C එකකට) deposit කරන්නම ඕනේ..කවුන්ටර් එකෙන් සල්ලි ගන්න බැහැ..

    Cash නැතුව කාගෙහරි නමක් ලියලා අනතිමට තියෙන "හෝ රැගෙන එන්නාට" කියන එක කැපුවේ නැත්තන් cheque එක අරන් එන ඕනේ එකෙක්ට සල්ලි දෙනවා කවුන්ටර් එකෙන්..

    නමක් ලියලා "අණට" කියන එක තිබුනොත් ඒ නම තියෙන එකාට විතරයි සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන් හෝ බැංකුවට තැන්පත් කරන්න පුළුවන්..

    දකුණු පැත්තේ පල්ලෙහායින් හරියට අත්සන දාන්න..

    CommercialBankOfCeylon_LK.png
    මම තව චුට්ටක් එකතු කරන්නම්..

    චෙක් එක ලියද්දි කොහේ හරි වැරදුනොත් එතන වැරැද්ද හදල ඒ ලගින්ම හෝ චෙක් එකේ යටින් තව අත්සනක් දාන්න ඕනෙ. වැරදීම් ගානට සමානව වැඩිපුර අත්සන් දාන්න ඕනෙ. ඒ කියන්නෙ තැන් පහක වැරදුනොත් තැන් පහේම අත්සන් දාන්න ඕනෙ. චෙක් කොල ඉරන්න එපා. අපරාදෙනෙ රු10.. ඒ නිසා වෙන කෙනෙකුට ලියපු චෙක් එක පස්සෙ ඕනෙ නෑ කියල හිතුනොත් ඒ චෙක් එකේ විස්තර අදාල තැන් වලින් තනි ඉරකින් කපල අලුත් කෙනාට ගැලපෙන විදියට හදල දෙන්න.

    චෙක් එක ක්‍රොස් කලොත් ආයිත් ඒ ක්‍රොසින්ග් එක කැන්සල් කරල වෙන අයට චෙක් එක දෙන්න බෑ. ඒක පිලිගන්නෙ නෑ.. හැබැයි චෙක් එකේ අයිතිකරුට "All crossing canceled" කියල ලියල අත්සනක් දාල කවුන්ටරෙන් සල්ලි ගන්න පුලුවන්.

    ඔයා ඔයාගෙම චෙක් එකක් කවුන්ටරේට දානවනම් "පිටසන් කිරීම" කරන්න ඕනෙ. ඒකට පිටිපස්සෙ අදාල තැන ඔයාගෙ නම, ලිපිනය, දුරකතන අංකය සමග අත්සන් 2ක් දාල කවුන්ටරේට දෙන්න.

    පිට කෙනෙක්ගෙ චෙක් එකක් අකවුන්ට් එකට ඩිපෝසිට් කරනව නම් තමන්ගෙ බැංකුවේ චෙක් එකක් නෙමේ නම් ක්ලියරන්ස් දාන්න ඕනෙ. ඒකට කවුන්ටරේ නෙමේ වෙනම ටේබල් එකක පොරක් ඉන්නව. එයා ලගට ඩිපෝසිට් ස්ලිප් එකක් පුරෝල "පිටසන් කිරීම" කියන තැන "කරුණාකර <ගිනුම් අංකය> ට බැර කරන්න" කියල අත්සනක් දාල දෙන්න. සමහර බැංකු වල ක්ලියරන්ස් දාන්න ඕනෙ මැශින් එකකින්. එතකොට ස්ලිප් එකයි චෙක් එකයි ෆයිල් කට්ටකින් අමුනල මැශින් එකෙන් හරියට දාල මැශින් එකේ එන ස්ලිප් එක ගන්න ඕනෙ.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    කාඩ් ඇප්ලිකේෂන් එක පුරවද්දී ඕවා ටික පුරවන්න ඕනේ උඹ සාමන්යෙන්..කාඩ් application එකේ තියෙනවා account හතරක් (මට මතක විදියට) සඳහන් කරන්න..එකේ මුලින්ම දෙන එකවුන්ට් එක තමයි Primary Account එක වෙන්නේ..ඒ කියන්නේ කාඩ් එකේන් shopping/internet transaction (not eBanking) එහෙම කරනවා නම්, සල්ලි කැපෙන්නේ Primary Account එකෙන්..ATM එකෙන් සල්ලි ගද්දි නම් අහනවා මොන එකවුන්ට් එකෙන්ද සල්ලි ඕනේ කියලා..තේරුනේ නැත්තන් තව අහපන්..

    tayrune na
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    dan ethakota

    mama oyata date eka daala chek ekak denawa janawari 30 ta etakota mama janawari 29 salli daala tiyanna onada ekapaara nathnum podda podda daala gaana hadala tiyanna onada

    salli daanne savings ekatada?
    කරන්ට් එකවුන්ට් එකක කොහොමත් minimum amount එකක් maintain කරන්න ඕනෙ. එක දවසකට හරි ඒ ගානට වඩා අඩු චාර්ජ් එකක් වදිනව. බැංකුවෙන් බැංකුවට ඒක වෙනස්. 300 වගේ ගානක් කැපෙනව.

    ඔයා දෙන චෙක් වර්ගෙ අනුව ඩිපෙන්ඩ් වෙනව.
    ජනවාරි 30 ඩේට් දාල,

    1.ක්‍රොස් චෙක් එකක් නම් දෙන්නෙ ඒක බැංකුවට එන්නෙ 31 වෙනිද. 31 උදේ 9.30ට කලින් සල්ලි දැන්ම නම් ඇති. හැබැයි ටිකක් ගනුදෙනු කරල විස්වාසයක් හදා ගත්තහම OD කරල චෙක් ගෙවනව. ඒ කියන්නෙ ඔයා පස්සෙ සල්ලි දාන පොරොන්දුව පිට. මේ OD එක වෙනම පොලියක් වදිනව. එක දවසක් තිබ්බත් දවසෙ පොලිය වදිනව.

    2.ඔන් කවුන්ටර් චෙක් එකක් නම් 30 උදේ 9 වෙනකොට සල්ලි තියෙන්න ඕනෙ.

    කාඩ් ඇප්ලිකේෂන් එක පුරවද්දී ඕවා ටික පුරවන්න ඕනේ උඹ සාමන්යෙන්..කාඩ් application එකේ තියෙනවා account හතරක් (මට මතක විදියට) සඳහන් කරන්න..එකේ මුලින්ම දෙන එකවුන්ට් එක තමයි Primary Account එක වෙන්නේ..ඒ කියන්නේ කාඩ් එකේන් shopping/internet transaction (not eBanking) එහෙම කරනවා නම්, සල්ලි කැපෙන්නේ Primary Account එකෙන්..ATM එකෙන් සල්ලි ගද්දි නම් අහනවා මොන එකවුන්ට් එකෙන්ද සල්ලි ඕනේ කියලා..තේරුනේ නැත්තන් තව අහපන්..

    tayrune na
    කාඩ් එක අකවුන්ට් කීපයක් එක්ක ලින්ක් කරන්න පුලුවන්. සාමාන්යෙන් ප්‍රයිමරි ලින්ක් කරපු අකවුන්ට් එකෙන් විතරයි කාඩ් එක යූස් කරද්දි සල්ලි කැපෙන්නෙ. අනිත් අකවුන්ට් වල සල්ලි කෝටියක් තිබ්බත් ප්‍රයිමරි එකේ සල්ලි නැත්නම් කාඩ් එක ඩික්ලයින් වෙනව පේමන්ට් වලදි. හැබැයි ATM එකෙන් සල්ලි ගනිද්දි ඕන එකකින් ගන්න පුලුවන්. ATM එකෙන් අහනව මොන අකවුන්ට් එකෙන්ද සල්ලි ඕනෙ කියල.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    dan ethakota

    mama oyata date eka daala chek ekak denawa janawari 30 ta etakota mama janawari 29 salli daala tiyanna onada ekapaara nathnum podda podda daala gaana hadala tiyanna onada

    salli daanne savings ekatada?

    අපි හිතමු උඹට මට අද චෙක් එකක් දෙනවා..ඒ චෙක් එකේ දිනය තියෙන්නේ ජනවාරි 30..මීට පස්සේ වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා..

    1 අවස්තාව (මගේ කරන්ට්/savings එකවුන්ට් එක Combank Account එකක් වීම)

    මට මේ චෙක් එක deposit කරන්න පුළුවන් ජනවාරි 30 වෙනිදට විතරයි..ජනවාරි 29 ගිහින් දුන්නට බැංකුවෙන් ගන්නේ නැහැ...

    2 අවස්තාව (මගේ current/savings account එක Combank නොවන වෙනත් බැංකුවක එකක් වීම)

    මේ වගේ අවස්තාවක ඉතින් සල්ලි over the counter ගන්න බැහැනේ කොහොමත්..වෙන බැංකුවක් නිසා..ඉතින් deposit කරන්න විතරයි පුළුවන්..

    මට ඕනේ නම් පුළුවන් චෙක් එක චෙක් එකේ දිනයට කලින් bank working day එකේදී deposit කරන්න..ඒ කියන්නේ මට පුළුවන් ඕනේ නම් මේ චෙක් එක ජනවාරි 29 වෙනිදට උනත් deposit කරන්න..(හැබැයි සමහර බ්රාන්චස් වලින් මේ දේ කරන්නේ නැහැ, මොකද සමහරු දන්නේ නැහැ ඔහොම පුළුවන් කියලා)..නැත්තන් ඉතින් ජනවාරි 30 වෙනිදට හෝ ඊට පසු මාස හයක් ඇතුලත ඕනෑම දිනයක deposit කරන්න පුළුවන්..(චෙක් එකක සාමාන්‍ය validity period එක මාස හයයි..හැබැයි සමහර චෙක් වල ගහල තියෙනවා validity period එක..ඒවායේ ඉතින් ඒ සඳහන් කරලා තියෙන කාලය විතරයි..මාස හයක් නැහැ)

    මේ කලින් දවසේ ඩිපොසිට් කරන්න පුළුවන් හේතුව තමයි චෙක් එක ජනවාරි 29 දැම්මොත් ඒ බැංකුවෙන් චෙක් එක clearance වලට යවනව LankaClear ඒකට..ඊළඟ දවසේ තමයි එතකොට චෙක් එක realize වෙන්නේ...මේක ගැන කියන්න ගියොත් තව දික් වෙනවා උත්තරේ..පස්සේ කියන්නම්..

    -----------------

    දැන් උඹේ ප්‍රශ්නෙට උත්තරේ..උඹ චෙක් එකේ දිනය ජනවාරි 30 නම්, අනිවාර්යෙන්ම ජනවාරි 30 උදේ 7 වෙනකොටවත් උඹේ එකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕනේ (ඉතින් ජනවාරි 29 වෙනකොටවත් සල්ලි දාල තියන්න පුළුවන් නම් හොඳයි)..උදේට මැනේජර් ගේ අතට රිපෝට් එක යනවා උදේ 8-9 වෙනකොට..ඒ නිසා ජනවාරි 30 වෙනකොට උඹ දීපු චෙක් වල එකතුවට හරියන මුදල් ප්‍රමාණයක් එකවුන්ට් එකේ තියෙන්න ඕනේ..හදිසියෙවත් සල්ලි නැත්තන්, උඹේ එකවුන්ට් එකත් අලුත් නම්, ගොඩක් ලොකු සම්බාවිතාවයක් තියෙනවා උඹේ චෙක් එක රිටන් කරන්න..සමහරවිට Hold කරලා තියෙන නිසා, උඹේ චෙක් එකේ ගාන hold කරපු ගානට වඩා අඩුයි නම්, රිටන් නොකරන්නත් ඉඩ තියෙනවා..සම්පූර්ණ තීරණය උඹ එකවුන්ට් එක ඕපන් කරපු බැංකුවේ මැනේජර් සතුය :yes:

    සල්ලි පොඩ්ඩ පොඩ්ඩ කලින් දාන්න ඕනේ කියල එකක් නැහැ..චෙක් එක එන දවසට අදාල චෙක් එකේ ගානට එකවුන්ට් එකේ සල්ලි තිබුන නම් හරි..

    සල්ලි දාන්න ඕනේ Current Account ඒකට..උඹේ චෙක් සම්බන්ද ගනුදෙනු ඔක්කොම වෙන්නේ Current Account එකත් එක්ක..Savings එක ගැන වැඩිය හිතන්න යන්න එපා..

    me deka genath kiyanna

    එකක් Maestro අනිත් එක VisaCard

    Maestro Card එකෙන් පුළුවන් ATM එකේන් සල්ලි ගන්න විතරයි..

    Visa/MasterCard වලින් පුළුවන් ATM එකේන් සල්ලි ගන්න වගේම shopping කරන්නත්..

    කාඩ් ඇප්ලිකේෂන් එක පුරවද්දී ඕවා ටික පුරවන්න ඕනේ උඹ සාමන්යෙන්..කාඩ් application එකේ තියෙනවා account හතරක් (මට මතක විදියට) සඳහන් කරන්න..එකේ මුලින්ම දෙන එකවුන්ට් එක තමයි Primary Account එක වෙන්නේ..ඒ කියන්නේ කාඩ් එකේන් shopping/internet transaction (not eBanking) එහෙම කරනවා නම්, සල්ලි කැපෙන්නේ Primary Account එකෙන්..ATM එකෙන් සල්ලි ගද්දි නම් අහනවා මොන එකවුන්ට් එකෙන්ද සල්ලි ඕනේ කියලා..තේරුනේ නැත්තන් තව අහපන්..

    tayrune na

    මේ වගේ ඇප්ලිකේෂන් එකක් උඹ පුරවන්න ඇති..

    image.jpg

    එකේ තියෙනවා මේ වගේ පොඩි කොටසක්..

    image.jpg

    ඕකේ ඔය Savings/Current Account/s to be linked කියන එක යටතේ නේ තියෙන්නේ එකවුන්ට්ස් හතරක් දාන්න..මේ කියන්නේ උඹ ඉල්ලන කාඩ් ඒකට පුළුවන් එකවුන්ට්ස් හතරක විස්තර දෙන්න..ඒ කියන්නේ උඹට එකවුන්ට්ස් හතරක් තියෙනවා නම් ATM එකෙන් සල්ලි ගද්දි අහනවා මොන account එකේ තියෙන සල්ලිද ඕනේ කියලා..දැන් උඹට තියෙන්නේ accounts දෙකයිනේ..ඒ නිසා ඔතන අංක 1 යටතේ එක එකවුන්ට් එකකුත් අංක 2 යටතේ අනිත් එකවුන්ට් නම්බර් එකත් දාන්න ඕනේ..

    උඹ අංක 1 ට දාන එකවුන්ට් එකෙන් තමයි උඹ shopping කරද්දී සල්ලි අඩුවෙන්නේ (Primary Account for POS කියල තියෙන්නේ ඒකයි)..අංක 1 ට දැම්මේ කරන්ට් එකවුන්ට් එක නම් උඹ කඩෙන් ATM එකෙන් බඩු ගද්දි සල්ලි අඩුවෙන්නේ කරන්ට් එකවුන්ට් එකෙන්..අංක 1 ට දැම්මේ Savings එක නම් බඩු ගන්නකොට සල්ලි අඩුවෙන්නේ Savings එකෙන්..

    ඉස්සර නම් ඔතන ඔය Primary Account for POS කියන එක අදාළ වුනේ අංක 1 ට තියෙන එකවුන්ට් ඒකට විතරයි..දැන් අංක 2 ට අදාළ එකවුන්ට් එකටත් දාල ඒක..මම හිතන්නේ අංක 1 ට තියෙන එකවුන්ට් එකේ සල්ලි නැත්තන් අංක 2 ට අදාළ එකවුන්ට් එකෙන් සල්ලි තියෙනවා නම් එකෙන් කැපෙනවා ඇති :yes: මම බෑන්ක් එකේ වැඩ කරලා අයින් වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා..ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් දැන් වෙලා ඇති :yes:

    ඕක උඹට මතක නැත්තන් ගිහින් බැංකුවෙන් කෙලින්ම අහපන් මම ATM එකෙන් shopping කරද්දී සල්ලි කැපෙන්නේ Current එකෙන්ද නැත්තන් Savings එකෙන්ද කියලා :yes:

    අප්පේ අතත් රිදෙනවා උඹට රිප්ලයි කරලාම :P