ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    එලකිරියේ ගොඩක් අය දන්නව ඇති අපි කාලෙක ඉඳන් ධර්ම දාන විදියට දහම්පොත්, පත්‍රිකා,බණ අන්තර්ජාලයෙන්, CD,DVD , මුද්‍රිතපොත් විදියට බෙදා දෙනවා.
    ධර්ම දානය කියන්නේ ලොකු පිනක්.. බුදුන් ප්‍රමුඛ සංඝරත්නයට දානයක් දෙනවට වඩා සතර පද ගාථාවකින් කරන ධර්ම දේශනයේ ආනිසංස වැඩියි කියල සඳහන් වෙනවා.

    අප විසින් scan කරල අන්තර්ජාලයට එක් කළ "කර්ම විපාක" පොත අද ගොඩක් දෙනෙක් විසින් මුද්‍රණය කරල පිටපත් දහස් ගණනින් නොමිලේ බෙදා දෙනවා.

    ඉතින් මීලඟ උත්සාහය ඒවගේම ඉතාමත් වැදගත් පොතක් මුද්‍රණය කරල නොමිලේ බෙදල දෙන්න. භාවනා කරන අයට,භික්ෂූන්ට ඉතාම වැදගත් නිවන ලඟා කරගන්න උපදෙස් දෙන පොතක්.

    පොත : "නිවන ඔබටත්"
    කතෘ: අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

    download : https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf


    මේ පොත දැනට තියෙන්නෙ scan pdf කොපියක්.
    මේක මුද්‍රණය කරන්න නම් Type setting කරන්න ඕනෙ.
    හොඳ පිට කවරයක් නිර්මාණය කරන්න ඕනෙ.

    ඉතින් එලකිරි යාලුවොන්ගෙන් මම ඉල්ලන්නෙ මේක කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න.
    පිටු කීපයක් හරි කමක් නෑ 10දෙනෙක් එකතු වුනොත් එක්කෙනා පිටු 10 ගානේ type කරොත් ඉක්මනට කරගන්න පුලුවන්.
    ඔක්කොම පිටු 85යි.

    මම දන්නේ unicode වලින් type කරන්න විතරයි.
    ප්‍රින්ට් කරන්න හරියයිද දන්නෙ නෑ.


    පිට කවර නිර්මාණයටයි අන්තිමට ඔක්කොම ටයිප් කරපුව එකතු කරල පොතක් විදියට හදල දෙන්න පුලුවන් අය ඉන්නව නම් කියන්න.
    මුද්‍රණ ක්ෂෙත්‍රයෙ අය ඉන්නව නම් ඒකට උදව්වක් දෙන්න.

    ලොකු පිනක්.
    තෙරුවන් සරණයි...
    E-mail: [email protected]


    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.
    Tb5Zt.gif



     
    Last edited:

    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පිටු දහයක් 21 ඉදලා 31 වෙනකන් ටයිප් සෙටිං කරලා දෙන්නම්.
    ෆොන්ට් එක FMAbhaya හොදයිනේ?
    දැනට කවරේ හදන්න කව්රුවත් ඉදිරිපත් වෙලා නැත්තං කවරෙත් හදලා දෙන්න පුලුවන්.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මම පිටු දහයක් 21 ඉදලා 31 වෙනකන් ටයිප් සෙටිං කරලා දෙන්නම්.
    ෆොන්ට් එක FMAbhaya හොදයිනේ?
    දැනට කවරේ හදන්න කව්රුවත් ඉදිරිපත් වෙලා නැත්තං කවරෙත් හදලා දෙන්න පුලුවන්.

    ස්තුතියි සහෝදරයා. එහෙනම් 21-31 වෙනකන් කරන්න,, යුනිකෝඩ් වලින් අනික් අය කරනව කිව්වෙ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්තුතියි සහෝදරයා. එහෙනම් 21-31 වෙනකන් කරන්න,, යුනිකෝඩ් වලින් අනික් අය කරනව කිව්වෙ..

    එහෙම උනොත් යුනිකෝඩ් වලට කන්වර්ට් කරන්නම්. ඕනි නම් ඔක්කොමලා ටයිප් කරන ඒවා ගැලපෙන වෙන ෆොන්ට් එකකට කන්වර්ට් කර ගන්නත් පුලුවන්නේ.
    කට්ටිය ඉදිරිපත් වීම අඩු උනොත් මම තව පිටු 10 ක් කරන්නම්.
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    31 - 41 mama baragannawoo...

    meeka ithaama hoda wadk mchanla.. me wade hodt krala thawa me wage wada krnn puluwn wenn kiyl praththaa krnawa