කොටිය ටැපළුනාද?

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
කොටියව ටැපළුනාද?

කොටිය ටැපළුනාද?

යාලුවනේ, මේ නූල දාන්න හිතුවෙ කට්ටිය කොටියයි, දිවියයි, ව්‍යාග්‍රයයි පටලවගෙන දඟලන බව පෙනුනු නිසා.

ඕං අහගනිල්ලා එහෙනං බළල් පවුලේ වරුනේ...


බළල් පවුලට අයිති ලංකාවෙ ඉන්න විශාලම සතා තමයි කොටියා. කොටියා ලංකාවට ආවේනික සතෙක්. රැජින වුනත් ආදරේට කියන්නෙ Sri Lankan leopard කියලයි. විද්‍යාත්මක නාමය 'පැන්තරා පාදුස් කොටියා' (Panthera pardus kotiya). ඔව්, කොටියා කියන නම විද්‍යාත්මක නාමයට එකතු වුනේ මේ සතා හඳුන්වන්න සිංහල අපි භාවිතා කරපු නම නිසාම තමා.
මේ ඉන්නේ කොටි රාළහමි කෙනෙක්:
1280px-Leopard_at_Wilpattu_National_Park.jpg


බළල් පවුලේ තවත් සාමාජිකයො පිරිසක් ලංකාවෙ ඉන්නව. ඒගොල්ලො තමයි හඳුන් දිවියා, සහ කොළ දිවියා.

අඳුන් දිවියා - රැජින මූට කිව්වෙ Fishing Cat කියලයි. මුගේ විද්‍යාත්මක නාමය Prionailurus viverrinus. මූ ප්‍රමාණයෙන් කොටියට වඩා කුඩායි, නමුත් මූ තමා ලංකාවෙ ඉන්න බළල් පවුලට අයිති දෙවැනි විශාලම සතා.
800px-Prionailurus_viverrinus_09.jpg


කොළ දිවියා - රැජින මූට නම තිබ්බ Rusty Sportted Cat කියල. විද්‍යාත්මක නාමය Prionailurus rubiginosus. මෙයා තමා ආසියාවෙ කැලෑ වල ඉන්න බළල් පවුලේ පුංචිම සාමාජිකයා.
320px-Rostkatze.JPG



මීට අමතරව වල් බළලාත් බළල් පවුලට අයිති සතෙක්.
වල් බළලා - රැජිනගෙ මූන පහුරුගෑවම මූට නම තිබ්බ Jungle Cat කියල. මුගේ විද්‍යාත්මක නාමය Felis chaus kelarti. මෙයාගෙ මම දැනට දැකපු ලස්සනම පිතුරේ මෙන්න මේක:
elusive-cover.jpg

(ඔය පොත අරන් බලපන්. පට්ට!)


මේ ඔක්කොම ෆෙලිඩේ (Felidae) කුලයට අයිති කට්ටිය. ඒත් කොටියා අයිති වෙන්නෙ පැන්තෙරා (Panthera) කියන ගණයට. අඳුන් දිවියා සහ කොළ දිවියා අයිති වෙන්නෙ Prionailurus ගණයට. වල් බළලා අයිති වෙන්නෙ Felis ගණයට. මෙයාල ඔක්කොම ලංකාවෙ ඉන්නව.

.
.

ඊලඟට කියන්න යන නපුරා නම් ලංකාවෙ නෑ. මූ ඉන්නෙ ඉන්දියාව, බංගලිදේශෙ, මියන්මාරෙ වගේ රටවල. මූට සිංහලෙන් කියන්නෙ ව්‍යාග්‍රයා කියල. රැජින හුරතලේට කියන්නෙ Tiger කියලයි. විද්‍යාත්මක නාමය Panthera Tigris Tigris. කොහොමද ලස්සන. ප්‍රමානයෙන් කොටියාට වඩා විශාලයි වගේම හරිම රවුද්‍ර සතෙක්.
512px-Tigress_at_Jim_Corbett_National_Park.jpg


දැන් හරිනේ. එහෙනං මීට පස්සෙ ව්‍යාග්‍රයට කොටියා කියන්න එපා.


අමාරුවෙන් මේක කෙටුවේ උඹලගෙ පැටලිල්ල ලෙහන්න. මේක නවත්තන්න කලින් කියන්න ඕනෙ පහුගිය කාලෙ සෑහෙන කොටින් ප්‍රමණයක් මිනිස්සුන්ගේ වරදින් අකාලෙ මලා.

3-1.jpg


1442840931_6677601_hirunews_Dead-Leopard.jpg


image_1465136449-825a9a20c2.jpg


image_1462791143-8a9cc7493c.jpg


image_1462791161-f802abe1a1.jpg


මේ සත්තු අපේ රටේ සම්පතක්. කොටියා අපේ රටට ආවේනික සතෙක්. උගුල් අටවලා, වාහන වල හප්පලා උන්ව වනසන්න එපා. වාහන පරෙස්සමෙන් දක්කපල්ලා. උගුල් අටවන එකාලව නම් පොලෝසියට අල්ලලා දෙන්න තමයි වෙන්නෙ. අපේ රටේ සම්පත් පිට එවුන් ඇවිත් රකින්නෙ නෑ බොලව්, අපිම රැක්කොත් මිසක්. නොදන්න එවුන්ට කියා දීපල්ලා. පොඩි එවුන්ට මේ සතුන් ගැන, උන්ගෙ වැදගත්කම ගැන කියාදුන්නම ඊලඟ පරම්පරාවත් මේ සත්තු රකින්න පෙරට එයි.

මේ රට ඉංදියන් සාගරේ අමුතු ඇටේ නොවී මුතු ඇටයම වේවා!

එළකිරියන්ට ජය!​


EDIT:
සමහර අය ඉන්ටනෙට් එකෙන් ඔප්පු කරන්න කියල කියන නිසා මෙන්න:


 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:no::no::no::no::no::no::no:

Famous vehicles in Syrian Civil War in these days. Especially Turkish Leopard getting fucked by ISIS

Tiger (Russia)

vs-003.jpg





Leopard (German)

leopard-2a4-02.jpg


 
Last edited:

KDH

Well-known member
  • Jul 4, 2014
    18,132
    8,176
    113
    රූකඩ රාජ්ජේ
    රටට සම්පතක් වෙච්ච මේ වගේ සත්තු මරණ එවුන්ට නම් හොදක් වෙන්න නරකයි...විල්පත්තුවේ ඉන්න කොටි ටිකත් තව ටිකදවසකින් නැතිවෙලා යයි.
    :(:(:(:(:(

    ++++

     
    • Like
    Reactions: Pissu_Matta

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    එතකොට අපි දිවියා කියන්නෙත් Panthera pardus kotiya මුටමද බන් :rolleyes:

    මේක යාලදී ගත්ත එකක් :P

    m8lthNl.jpg