හාට් කේස්, බයි පාස්, සිංහල බෙහෙත්
මෙහෙමයි මචන්ලා. මගෙ තාත්තට ඉස්සෙල්ලම හාට් ඇටැක් එකක් ආව 1999 දී. ගොඩක් අමාරු උනා. මට මතක විදිහට මාසයක් විතර හොස්පිට්ල් හිටිය. ඊට පස්සෙ කවදාවත් ලොකු අමාරුවක් ආවෙ නෑ. හැබැයි පොඩි පොඩි අමාරු නම් ආව. එක පාරක් කතා කරන්න බැරුව වචන ගොතගැහෙන්න ගත්ත. හොස්පිට්ල් හිටිය දවස් 4 ක් 5 ක් විතර. ඊට ගොඩ කාලෙකට පස්සෙ ආයෙ ඒකම ආව. කලින් තරම් ලොකුවට නෙමෙයි. ඒත් දවස් 4 ක් විතර නැවතිලා හිටිය. ආයෙ මේ ලඟකදී බඩේ කැක්කුමක් ආව. ගැස්ට්රයිටිස් කියල හිතුවෙ. බෙහෙත් වලට අඩු උනේ නැති නිසා නිකමට ECG එකක් ගත්තම එතන අවුලක් තිබුන. ආයෙ හොස්පිට්ල් හිටිය දවස් 4 ක් විතර. දැන් මාස 5 ක් විතර ඇති. දිගටම ක්ලිනික් ගියා. පෙරේද කියල තිබුන තාම හොඳටම හොඳ වෙලා නෑ. සමහර විට බයිපාස් එකක් කරන්න වෙන්න ඉඩ තියෙනව කියල. මගෙ නම් වැඩි කැමැත්තක් නෑ ඒකට. බයිපාස් එකටත් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න වෙනවනෙ. ඒ කාලෙ ඇතුලත සිංහල බෙහෙත් කරල බලන්න අදහසකුත් තියෙනව. උඹලගෙ අදහස් මොනවද? හොඳම දේ මොකද්ද? සාර්ථක විදිහට සිංහල බෙහෙත් කරන තැන් තියෙනව? කාට හරි අත්දැකීම් තියෙනවද? මොනවද කරන්න පුළුවන්?
ප්රයිවට් නම් අමාරු තත්වයක් තියෙන්නෙ. කොළඹින් කලත් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න ඕනෙ. මාස 6ක් වත් ඉන්න වෙයි කියල තමයි කියන්නෙ. හැබැයි සමහර විට ඊට වැඩිය වැඩි වෙන්නත් පුළුවන්.