අයියණ්ඩිය බිය නොවන්න. Refලා ගන්නා හැටි මම පෙන&

Malinda LK

Member
Feb 16, 2017
52
88
0
Referrals ලා දා ගන්නා හැටි මම පෙන්වන්නම්

refs.png



පටන් ගමු.

අන්තර් ජංජාලය ඔස්සේ මුදල් උපයන්න එන එන හැම කෙනෙක්ම වගේ ආසාවෙන් බලාපොරොත්තු වෙන මාතෘකාවක් ගැන මම කතා කරන්න යන්නේ. referrels ලා, ඒ කිව්වෙ අනුගාමිකයෝ හැකි තරම් අද්දවා ගැනීම. දැන් ඉතින් කට්ටිය බලයි කෝ කෝ කොයි සයිට් එකේ ලින්ක් එකක්ද මූ දාලා තියෙන්නෙ? නැත්නම් බොට් එකක්ද?


මැශිමක් නෙවෙයි.

ඔයාලා බලාපොරොත්තු වෙන්නෙ මේ පැත්තෙන් බොත්තම එබුවම එහා පැත්තෙන් රෙෆ්ලා හැලෙන ජාතියෙ මැෂිමක් නම්, නෑ එහෙම දෙයක් මම ගාව නෑ. මම කියන්න යන්නේ කොහොමද හරියාකාරව රෙෆ්ලා හදාගන්නේ කියලා සහ ඔවුන්ව කොහොමද හැමදාටම තියාගන්නෙ කියලා. මේ ලිපියේ දැන් ඉඳලා මම රෙෆ්ලා කියන වචනය භාවිත කරන්නෙ නෑ. ඒක ඇහෙනකොට නැත්නම් කාගෙ හරි රෙෆ් කෙනෙක් කියනකොටත් නිකන් මදි කමක් වගේ දැනෙනවා ඇති. එහෙම තමයි අපේ ලංකාවෙ බහුතරයක මනස වැඩ කරන්නේ. ඒක තේරුම් අරගෙන වැඩ කරන එක ගොඩක්ම වැදගත්. මෙතන ඉදන් මම කියන්නේ යාලුවෝ කියලා. අවුලක් නෑනෙ?


අපත වෙන්න එපා පුතී.

නිකන්ම නිකන් අපතයෙක් වගේ කොහේවත් ලින්ක් එකක් හලාගෙන යන්න එපා මචන්ලා. ඒකෙන් වෙන්නෙ ඔයාගෙ නම කැත වෙන එක විතරයි. මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ ඒ වගෙ වැඩ කරන අයව. ඇත්තටම යාලුවෝ ඇද ගන්න නම් ඇත්තටම තියෙන්නෙ ක්‍රම දෙකයි.



  1. එකක් තමයි හීන පෙන්නන එක.
  2. අනික තමයි පාර පෙන්නන එක.


හීන පෙන්නන එක තමයි දැන් වැඩියෙන්ම කෙරෙන්නෙ. ලේසියි, පහසුයි. කට්ටිය සෙට් වෙනවා හෝ ගාලා. එතකොට ඒක කරන්නේ කොහොමද? ඔයා ඔයාගෙ ලින්ක් එක ප්‍රොමෝට් කරනවා මෙන්න මෙහෙම.


"මාසෙකට මෙච්චරක් උපයන්න කැමතිද? එහෙනම් මගෙත් එක්ක එකතු වෙන්න"
"මචංලා, නියම සයිට් එකක් හම්බ උනා. දාන්න ඕනි අච්චරයි, මාසෙකට මෙච්චරයි. මෙන්න පේමන්ට් ප්‍රූෆ්"
"බෙස්ට් ඊ මනී සයිට් එකක්. තාම ගෙවනවා, බෝනස් එකක් ගන්න දැන්ම රෙජිස්ටර් වෙන්න."
ඇයි මොකක්ද මේවයෙ අවුල?

මෙයාල බොරුද කියන්නෙ?

නෑ මචං. මෙහෙම කියලා ස්කැම් සයිට් දාන අයත් හිටියට මේ ක්‍රමය සාර්ථකයි එක විදියකට. ඔයා හරියට මේක දානවා නම් මුදල් ගෙවන බවට සහතික තියෙනවා නම් කට්ටිය එනවා. ඇයි ඉතින් නරකයි කියන්නෙ? හේතුව තමයි මචංලා මේ එන අය නිකන්ම නිකන් රෙෆ්ලා මිසක් ඔයාගෙ අනුගාමිකයෝ නොවීම. මොකද කියනවා නම් එයාලා එන්නෙ ඒ ඇඩ් එකට ඒ පෝස්ට් එකට මිසක් ඒක ඔයා දාපු නිසා නෙවෙයි. අනික තමයි නරකම කාරණාව, මේ ලින්ක් එකට කොටලා ඇත්තටම ඔයාගෙ යටතේ රෙජිස්ටර් වෙන්න එන්නේ මේක දැකපු අයගෙන් කීයෙන් කී දෙනාද? ඔයා ඇත්තටම ගොඩ නගා ගන්න ඕනි නිකන් ලින්ක් එක විතරක් කොටලා ගියත් ඒක හරහා රෙජිස්ටර් වෙන යාලුවො ටීම් එකක්. දැන් හිතන්නකෝ ඔයා මේ වගේ පෝස්ට් එකක් කොහේ හරි දැම්මා කියලා. කට්ටිය ටික දෙනෙක් ආවා. රෙජිස්ටර් උනා. ඉන්පස්සෙ මොකද වෙන්නෙ? ඔයාගෙ ඊලඟ එක ප්‍රොමෝට් කරන්න ඔයා මුල ඉඳන් කට්ට කනවා. මම කියන්නේ මේ වගේ පෝස්ට් දාන එක වැඩක් නෑ කියලා නෙවෙයි. දාන්න. ඒ වගේම කට්ටිය එකතු කරගන්න. හැබැයි ඒ එන අය දිගටම ඔයා එක්ක තියාගන්න මොකක්ම හරි ක්‍රමයක් හොයා ගන්න. එහෙම නැත්නම් ඔයාගෙ මහන්සිය අපරාදෙ. ආයෙ ආයෙ කට්ටිය හොයන්න ඕනි. ආයෙ ආයෙ මහන්සි වෙන්න ඕනි.


නම හදා ගන්න.

දෙවනි ක්‍රමය තමයි පාර පෙන්නන එක. ඒක කරන්නෙ ඔයා ඔයාවම බ්‍රෑන්ඩ් කරගෙන. ඒ කියන්නෙ ඔයා ෆීල්ඩ් එකේ ඔයාගෙම කියලා නමක් හදා ගන්න ඕනි. දැන් ඉතින් කෙළ ගිලින්න එපා. ඒක අමාරු නෑ. කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඔයා යමක් දන්නවා කියලා පෙන්නන්න. ඒ වගේම දන්න දේ ලෝබ නැතුව කියලා දාන්න. හැබැයි ඒවා අහන්න කැමති අය ඉන්න තැනක. වල ඉහගන්න එක පැත්තකින් තියලා තමන් දන්නා පොඩි හරි දෙයක් ලූස් නැතුව කියලා දෙන ඕනිම කෙනෙක්ට මේ සමාජයේ තැනක් ලැබෙනවා. විශ්වාසය ඇති වෙනවා. අන්න ඒ විශ්වාසය තමයි මචං යතුර. ඒ තැනට යන්න කට්ට කන්න වෙනවා. ඒත් ඒ විශ්වාසය හරි හම්බ කරගත්තු කෙනෙක්ට ආයෙ මුල ඉඳන් පටන් ගන්න ඕනි වෙන්නෙ නෑ. ඒ වගේම තමයි කාලයක් යද්දි මොකුත්ම නොකර බලන් හිටියත් එයාගෙ යාලුවො බේස් එක ලොකු වෙනවා. ඒ කොහොමද කියලා පස්සෙ කියන්නම්.


ඔයා තවත් කෙනෙක්ට පාර පෙන්නලා දෙන්න හදන්නේ කොහොමද? කියලා දෙන්නේ මොනවද? ඒ තීරනය කරන එක ඔයාම කරන්න ඕනි දෙයක්. තෝරගන්න නිච් එකක්. ඔයාට පුලුවන් ලිපි ලියන්න. ඕනි තරම් බ්ලොග් වල, ෆෝරම් වල, බුකියේ උනත් දැනුම බෙදා හරින්න කොහොමටවත් තහනමක් නෑ. එහෙම දැනුම ශෙයා තමන්ගෙ බ්‍රෑන්ඩ් එක හරියට ගොඩ නගා ගත්තු කෙනෙක් තමයි තිරසාර ලියන ලක්ශාන් සහෝදරයා. එයා එයාගෙ ටීම් එක හදාගත්තෙ විශ්වාසය හදා ගත්තෙ තනිකරම දැනුම බෙදා දීලා. කවදාවත් මම දැකලා නෑ ලක්ශාන් තමන්ගේ ලාභ ප්‍රයෝජනයක් වෙනුවෙන් විතරක් කරපු දෙයක්. ඔයාලට ලිපි ලියන්න බැරි නම් වීඩියෝ හදලා යූටියුබ් එකට දාන්න. අහලා ඇනිනෙ චනුක්ස් බ්‍රෝ කරන වීඩියෝ ගැන? ටෙක් ෆීල්ඩ් එක ගැන අලුත් අයිටම් එකක් ගැන දැන ගන්න නම් අන්න සුප්පා ප්ලේස් එක. දන්න සිංහලෙන් තේරෙන්නම කියලා ඇති. දැන් නිකමට හිතලා බලන්නකෝ, ඔයා ලක්ශාන්ව දන්නවා නම් එයා දෙන ඕනිම ලින්ක් එකක් හරහා ගිහින් දෙපාරක් නොහිතා රෙජිස්ටර් වෙනවා නේද? චනුක්ස් කිව්වොත් මොකක් හරි ටෙක් ගැජට් එකක් එළ කියලා, ඔයා ඒක ගන්නවා නේද? අන්න ඒ විශ්වාසය තමයි අපිත් හදාගන්න ඕනි. ඒත්....

ඔයා ඔයාම වෙන්න.
ඔයාට බෑ ලක්ශාන් වගේ වෙන්න. ඔයාට බෑ චනුක්ස් වගේ වෙන්නත්. මම කියන්නෙත් එහෙම වෙන්න යන්න එපා. ඔයා ඔයාම වෙන්න. මමත් මේ මගේම කියලා පාරක් හදාගෙන යනවා. ඒ පාර යන හැටි මම හොඳට දන්නවා. ඔයාට ලිපි ලියන්න බැරි නම් ලියන හැටි මම කියලා දෙන්නම්. වීඩියෝ හදන්න බැරි නම් හදන හැටිත් පෙන්නලා දෙන්නම්. ඕනි තරම් ක්‍රම සහ විධි තියෙනවා ඔයා නොදන්න. ඉස්සරහට යන්න එක පැත්තක් තෝරාගන්න. ඒ ඔස්සේ දිගටම යන්න.
කියන්න දේවල් නම් බොහොමයි. කියන්න ආවෙ එකක් උනාට කියෙව්වෙ වෙන එකක්නෙ. යාලුවෝ හදාගන්න හැටි ගැන මගේ ලිපියේ ඉතුරු මාතෘකා ටික පෙල ගැහෙන්නෙ මෙන්න මේ විදියට.

  1. අපි කොහොමද කෙනෙක්ව ඇදිලා එන විදියට පෝස්ට් එකක් ලිපියක් හෝ වීඩියෝ එකක් කරන්නේ. (ලිපියක් ලියනවා නම් ඒකෙ මාතෘකාව ලියද්දිම ඔයා දැනගන්න ඕනි නියමාකාරව සිත් ඇදගන්නා විදියට ඒක ලියන්න. Emotional titles, සහ Copy writing කියන කාරණා දෙක ලිපියකදි ප්‍රධානයි.)
  2. අපි කොහොමද අපි ගාවට නිකමට හරි එන කෙනෙක්ට විශ්වාසය ඇති කරවන්නේ. (එයාලට අපි ගැන විශ්වාස නම් විතරයි මුදල් ආයෝජනය කරන්නේ)
  3. අන්න ඒ ආපු කෙනාව කොහොමද සදාකාලික මිතුරෙක් කරගන්නේ? (ආපු කෙනා වැඩේ කරගෙන යනවා නම් වැඩක් නෑනෙ? අපි එයාලව දිගටම තියාගන්නත් ඕනී)


තමන්ගෙම කියලා බ්ලොගියක් හෝ යූටියුබ් චැනල් එකක් කරගෙන ආටිකල්ස්, ලිපි ලියාගෙන ෆෝරම් වල ගෘප් වල දාගෙන තමයි ඔය කවුරුත් ට්‍රැෆික් ගන්නේ.



එච්චරද පුලුවන්?

ඔයාලා අහලා තියෙනවාද ඊමේල් ලිස්ට් බිල්ඩින් කරන එක ගැන. නැතත් කමක් නෑ. මේ ඊමේල් ලිස්ට් එක කියන්නෙ ඔයාගෙ ප්‍රධානම තුරුම්පුව ඔන්ලයින් මාකටින් වලදි. ඔයා අද ඔන්ලයින් මාකටින් වලට බහිනවා නම් අද ඉඳලා ඔයාගෙ ඊමේල් ලිස්ට් එක ගොඩ නගා ගන්න පටන් ගන්න ඕනි. මේ යාලු මිත්‍රයෝ එක්කහු කරගෙන එයාලව විශ්වාස ගන්වන්න සහ දිගටම තියාගන්න මම රෙකමන්ඩ් කරන ලොකුම තුරුම්පුව තමයි ඊමේල් ලිස්ට් එක. අනික ඉතින් ඊමේල් ලිස්ට් එකක් හදා ගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි. Landing page එකක් හදාගෙන ඒකට ට්‍රැෆික් දීලා තමයි ප්‍රධානවම ඊමේල් එකතු කරගන්නේ. ඔයා බ්ලොග් එකක් කරනවා නම් හරියට Call to actions හෙම දාලා පොප් අප් එකක් භාවිත කරන්න. ඔයාට සල්ලි තියෙනවා නම් ලේසියෙන් මේල් ලීස්ට් එකක් බිල්ඩ් කරගන්න පුලුවන්. සල්ලි තියේ නම් කට්ටිය සෙට් කරගන්න ක්‍රම ඕනෑ තරම්. ඒත් ඒ හැටි සල්ලි බාගෙ නැති, නැත්නම් ඇත්තෙම නැති අපිට කොයින්ද එච්චර චාන්ස්? කට්ට කෑම තමයි උරුම. කන හැටිත් මම කියලා දෙන්නම්.


බුකියෙත් ඉන්න, හරියට.

ගොඩක් අය ට්‍රැෆික් ගන්න අනික් තැන තමයි ෆේස්බුක් එක. ඔයාලා හැමෝටම තියෙනවනෙ? ඒත් ඊ මනී කරන ලංකාවෙ අයියලා කීයෙන් කී දෙනාද ඒ වැඩ වලට රියල් ෆේස්බුක් එකවුන්ට් එකක් පාවිච්චි කරන්නේ? ගොඩක් අය හරි හමන් ෆොටෝ එකක්වත් නැතුව සමහර විට කෙල්ලෙක්ගෙ ලා පලුවක් ප්‍රොෆයිල් පික්චර් එකකට දාගෙන කොල්ලො සෙට් එකක් ඇඩ් කරගෙන ලින්ක් හලනවා. ඉතාමත් ලැජ්ජා සහගතයි මිත්‍රවරුනි. ඔහොම නෙවෙයි ඒක කරන්නේ. ඇත්තටම කියනවා නම් තමන්ගෙ ඇත්ත එකවුන්ට් එකෙන් මාකටින් කරන්න ගියොත් ඉන්න යාලුවොත් නැති වෙනවා. සමාජ අපවාද අහන්නත් වෙනවා. ඔව් ඒක එහෙම තමයි. ඒකට හේතුව ඔයා හරියට කරන්න නොදන්න කම. ඔයා එහෙනම් හදාගන්නකො ෆේක් එකවුන්ට් එකක්? හැබැයි කෙල්ලො වගේ රඟන්න යන්න එපා. ඇත්තටම ඒකෙ ඔයාගෙ විස්තර දාලා ඔයා මොනවද කරන්නේ කියල පෙන්නලා ඔයාගෙ බ්‍රෑන්ඩ් එක හදාගෙන යන්න පටන් ගන්න. යාලුවොත් බේරගෙන, නමත් බේරගෙන, මාකටින් පාරත් ගොඩ දාගෙන යන හැටි ඔය කියන තරම් අමාරු නෑ. වෙන්න ඕනි එකම දේ ඒ එකවුන්ට් එක ඇතුලේ ඔයා ඔයාගෙ දැනුම බෙදා දෙන එක විතරයි. ඔයා මොනවා හරි දන්නවා කියලා පෙනුනොත් රික්වෙස්ට් එනවා හෝ ගාලා.


එලියට බහින්නත් ඕනි.

අනික තමන් අන්තර්ජාලය හරහා මුදල් උපයනවා කියන එක ලෝකෙට හංගන්න හදන්න එපා මචන්ලා. ඇත්තටම ඔයාල ජංජාලෙන් එලියට බැස්සට පස්සෙ අල්ලපු ගෙදර එකා එක්කවත් වැලක් ගැන ඇරුණම ඉන්ටනෙට් මනී ගැන කතා කරන්නෙ නෑ නේද? ගොඩක් අය බයයි තමන් විහිලුවක් වෙයි කියලා. නැත්නම් කුහක කමක් ඇති මොනවා හරි කියලා දෙන්න වෙයි කියලා. ඒත් ඇත්තටම එලියේ ඉන්න අයත් ඇත්තටම දැනගන්න ඕනි ඔයා කවුද, මොනවද කරන්නේ කියන එක. ඔයාගෙ බ්‍රෑන්ඩ් එක මැශින් එකෙන් එලියට අරගෙන වටේ පිටේ අයටත් පෙන්වන්න. එලියට ගිහිල්ලා අල්ලපු ගෙදර සුදු නංගිටත් දැනගන්න අරින්න ඔයා ඉන්ටනෙට් එකෙන් සල්ලි හම්බ කරනවා කියලා. එයා ගිහිල්ලා කියයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා සෙට් එකට. උන් ඔයාව එලියෙන් හරි බුකියෙන් හරි සෙට් කරගෙන අනිවා අහනවා මචං මේ ගැන. ඒ වගේම උන් දෙපාරක් නොහිතා ඔයා කියන දේ විශ්වාස කරනවා. අනිවා ඉන්වෙස්ට් කරනවා. ඇයි ඒ? ඔයා රියල් ඇත්තටම ඉන්න පොරක්. විශ්වාසවන්ත පාරකින් ඔයා ගැන දැනගන්නේ. මෙන්න මේකට තමයි කියන්නේ මචං offline promoting කියලා. හැබැයි මෙතනදි ඔයා පරිස්සම් වෙන්න ඕනි. එයාලා ඔයා ගැන විශ්වාස කලාට මදි. ඔයාටත් එයාලව විශ්වාස කරන්න පුලුවන් වෙන්න ඕනි. එහෙම නැතුව කිසි දේකට ගාවගන්න එපා. මේ ලංකාවනෙ.


කියන්න දේවල් නම් තව බෝමයි. ඒත් එක පාර කියන්න අමාරුයි. කියන්නෙත් නෑ. ටිකක් අගේ කරන්න ඕනි. මේ ලිපියේ උනත් මම සරළව සඳහන් කරපු සංකල්ප ක්‍රියාවට නගද්දි ඔයාට එක එක ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඒවත් විසඳගෙන ඉස්සරහට යන හැටි මම දිගටම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අහන්න කැමති කට්ටිය ඉන්නවා නම්.


ඇත්තම කතාව මචන් මම සේරම එක පාර නොකියන්නේ ඒක පලක් නැති නිසා. අද ඔයා මේක කියවලා හිතට ගන්නවා මම මේක කරනවා කියලා. ඒත් ඇත්තටම මචන් උඹ ඒක කරන්නෙ නෑ. ටික දවසක් යද්දි ඔය රස්නෙ බැහැලා යනවා. කම්මැලි හිතෙනවා. අන්න ඒකයි මම ටිකෙන් ටික කියලා දෙන්න හදන්නේ. ඒකට ඉතින් මම කියලා දෙන දේවල් කලට වෙලාවට කරලා තියාගන්න වෙයි. එහෙම උනොත් ඔයාගෙ වටේ සෑහෙන යාලුවො සෙට් එකක් රැඳේවි කියලා මට ගොඩක් විශ්වාසයි. කැමති උන් රැඳේවා.

ප. ලි.
එළකිරියෙ මම දාන පලවෙනි පෝස්ටුව. ඒ නිසා වැරදි ඇතොත් සමාවෙන්න. මේ පෝස්ට් එක මෙහෙම්මම තව කිහිප තැනක පළ කරන්න මම අදහස් කරනවා. ඒ වගේම ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරි මග තීරණය කරනවා.
ලිපිය මගේ. ඒත් කොපි රයිට් මොකවත් හොයන්නෙ නෑ. ඕනි කෙනෙක් කොපි කලාට කමක් නෑ. අඩුම මම කවුද කියලාවත් සඳහනක් කලොත් ඒකත් ඇති. ඒත් පුතේ කොපි කරලා මම කියන පාරේ යන්න බැරි බව විතරක් මතක තියාගන්න.
 
Last edited:
Nov 27, 2009
2,139
107
0
mona huyannakda. referella onaye online salli hoyanna. freelance, web design walin koi tharam hoyanna puluwanda. mama dan 5 years wage salli hoyanne. referella ne. kauruth danneth ne. LOL
 

Malinda LK

Member
Feb 16, 2017
52
88
0
oya oya aniwa.lk, roar.lk wage site ekakata liyanawada?

නෑ බ්‍රෝ. ඉංග්ලිශ් බ්ලොග් විතරයි ලිව්වෙ. සිංහලෙන් ලියන්නෙ නෑ කියලා කාලයක් හිතාගෙන හිටියා. ඒත් අපේ උන්ටත් දෙයක් දෙන්න දැන් කාලෙ හරි.
 

Malinda LK

Member
Feb 16, 2017
52
88
0
mona huyannakda. referella onaye online salli hoyanna. freelance, web design walin koi tharam hoyanna puluwanda. mama dan 5 years wage salli hoyanne. referella ne. kauruth danneth ne. LOL
අනිවා බ්‍රෝ. මේ ආටිකල් එකෙන් හැමෝටම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි. ඒත් දෙයක් කියන්නම්. මාත් ගොඩක් කල් ෆයිවර් එකෙයි අප්වර්ක් එකෙයි වැඩ කලා. එව්වා අතෑරලා මෙව්වා කරන්නේ ඇයි කියලා කියන්නද? හේතුව තමයි ඇක්ටිව් ඉන්කම් සහ පැසිව් ඉන්කම් අතර තියෙන වෙනස.
(මොන හුයන්නක්ද?)
ඇක්ටිව් ඉන්කම් කියන්නෙ බ්‍රෝ, ඔයා වගේ තමන්ගෙ හැකියාවෙන් මහන්සියෙන් වැඩක් කරලා ඒකට අදාලව ආදායමක් ගන්න එක. ඔයා වැඩ කලේ නැත්නම් ඔයාට සල්ලිත් නෑ. කොච්චර වැඩ කරත් හැකියාව නැත්නම් ඒත් සල්ලි නෑ.

එතකොට පැසිව් ඉන්කම් කියන්නෙ මොකක්ද බ්‍රෝ? ඒකෙදි අපි මෙලෝ වැඩක් කරන්නෙ නෑ. අපේ සල්ලි අපි වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. හිතන්නකෝ ඉන්වෙස්ටින් ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඔයා ඒකට සල්ලි දානවා. දාලා ගිහින් නිදා ගන්නවා. ඔයා නිදි අතරේ අර සල්ලි පැටව් ගහනවා.

ඇක්ටිව් ඉන්කම් ක්‍රම වලින් තමයි බ්‍රෝ මමත් පටන් ගත්තෙ. හැබැයි අවුරුදු ගාණක් කලේ නම් නෑ. ටික කාලයක් කරලා යම් මුදලක් උපයලා, ඒවා ආයෝජනය කරලා දැන් නිදහසේ වෙන වැඩක් කරගෙන ඉන්නවා. මම වැඩ කරලා ඉවරයි. ඒත් ඔයා තාමත් අවුරුදු පහක් තිස්සේ කලා වගේ වැඩ කරනවා.

මේ ආටිකල් එක මම ලිව්වේ පැසිව් ඉන්කම් කේෂ්ත්‍රයත් එක්ක වැඩ කරන කිහිප දෙනෙකුට උදව්වක් වෙයි කියලා. ඒ වගේම මම දැන් කියපු දේ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න. නැත්නම් ඔයා හම්බ කරයි. හැබැයි ජීවිත කාලයේම මහන්සි වෙලා වැඩ කරමින්.
 
  • Like
Reactions: DGN

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    අනිවා බ්‍රෝ. මේ ආටිකල් එකෙන් හැමෝටම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි. ඒත් දෙයක් කියන්නම්. මාත් ගොඩක් කල් ෆයිවර් එකෙයි අප්වර්ක් එකෙයි වැඩ කලා. එව්වා අතෑරලා මෙව්වා කරන්නේ ඇයි කියලා කියන්නද? හේතුව තමයි ඇක්ටිව් ඉන්කම් සහ පැසිව් ඉන්කම් අතර තියෙන වෙනස.
    (මොන හුයන්නක්ද?)
    ඇක්ටිව් ඉන්කම් කියන්නෙ බ්‍රෝ, ඔයා වගේ තමන්ගෙ හැකියාවෙන් මහන්සියෙන් වැඩක් කරලා ඒකට අදාලව ආදායමක් ගන්න එක. ඔයා වැඩ කලේ නැත්නම් ඔයාට සල්ලිත් නෑ. කොච්චර වැඩ කරත් හැකියාව නැත්නම් ඒත් සල්ලි නෑ.

    එතකොට පැසිව් ඉන්කම් කියන්නෙ මොකක්ද බ්‍රෝ? ඒකෙදි අපි මෙලෝ වැඩක් කරන්නෙ නෑ. අපේ සල්ලි අපි වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. හිතන්නකෝ ඉන්වෙස්ටින් ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඔයා ඒකට සල්ලි දානවා. දාලා ගිහින් නිදා ගන්නවා. ඔයා නිදි අතරේ අර සල්ලි පැටව් ගහනවා.

    ඇක්ටිව් ඉන්කම් ක්‍රම වලින් තමයි බ්‍රෝ මමත් පටන් ගත්තෙ. හැබැයි අවුරුදු ගාණක් කලේ නම් නෑ. ටික කාලයක් කරලා යම් මුදලක් උපයලා, ඒවා ආයෝජනය කරලා දැන් නිදහසේ වෙන වැඩක් කරගෙන ඉන්නවා. මම වැඩ කරලා ඉවරයි. ඒත් ඔයා තාමත් අවුරුදු පහක් තිස්සේ කලා වගේ වැඩ කරනවා.

    මේ ආටිකල් එක මම ලිව්වේ පැසිව් ඉන්කම් කේෂ්ත්‍රයත් එක්ක වැඩ කරන කිහිප දෙනෙකුට උදව්වක් වෙයි කියලා. ඒ වගේම මම දැන් කියපු දේ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න. නැත්නම් ඔයා හම්බ කරයි. හැබැයි ජීවිත කාලයේම මහන්සි වෙලා වැඩ කරමින්.
    බොහොම වටිනව සහො දිගටම ලියමු