HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතිකඩ
මේගැන විස්තර එක්ක THREAD එකක් දාන්න කියලා කිරියෙන් කල ඉල්ලීම නිසා දාන්නම් . මුලින්ම කියන්න ඕනේ කාගේවත් BUSINESS එකකට ගහන්නවත් මට BUSINESS අරගන්නවත් නෙවි මේ POST එක දාන්නේ.
මුලින්ම සරලව කියන්නම් වහනයක් ගෙන්වා ගන්නා ආකාරය.
කවුරුත් දාන්නම SIMPLE METHOD එක ::: ONLINE AUCTION එක බැලුවා ORDER කරා ගෙනාවා - මේක තමා ඕනෑම කෙනෙක් ගෙන් ඇහුවම කියන SIMPLE ම METHOD එක. නැහැ මීට වඩා ගොඩක් ලොකු PROCESS එකක් තියෙනවා . මේ PROCESS එක නොදැන කරන්න ගියොත් අනිවා ඇන ගන්න වෙනවා.
නමුත් මේ පහසුකම ලංකාවේ ප්‍රදාන පෙලේ වාහන ආනයනය කරන අය මෙන්ම කුඩා ප්‍රමාණයේන් වාහන ආනයනය කරන පුද්ගලයන් ගෙන් පවා ලබාගන්න පුළුවන්. නමුත් මෙහිදී ගොඩක් අයට සීමිත පරාසයක් තුල පමණයි සියලුම දේ කලහැක්කේ. තමන්ට වහනයක් ගන්නට හෝ ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම කරන්න ඕනේ ක්ෂේත්‍රය තුල බොහොම පළපුරුද්ද ඇති කෙනෙකුව තෝරා ගන්න එක. නමුත් මෙය තනිවම තමන්ට කරන්න පුළුවන් කියා හිතන්න පුළුවන් එහිදී සිදුවන ලබය කෙසේවෙතත් පාඩුව සදහා වගකියන්න කෙනෙක් නැහැ.
අපි AUCTION එකක් තුලින් වහනයක් මිලදී ගන්නවානම් මුලින්ම AUCTION AGENT කෙන්ක්ව තෝරා ගන්න ඕනේ . නමුත් ලංකාවේ දැනට මම දන්නවිදියට AUCTION AGENTS ලා නැහැ.. ලංකාව තුල ලොකු SALE සහ පොඩියට කරන AUCTION AGENT කියලා ලොකුවට BOARD ගහගෙන ඉන්න කිසිම කෙනෙකු AUCTION AGENT කෙනෙක් නෙවි. AUCTION AGENT කෙනෙක් වෙනවා කියන්නේ ලොකු PROCESS එකක්.
ජපානය තුල AUCTION AGENT කෙනෙක් වෙන අයුරු.
මුලින්ම REGISTER COMPANY එකක් තියෙන්න ඕනේ (විදේශිකයකු ජපානය තුල COMPANY එකක් REGISTER කරනවානම් ජපනුන් අවම දෙදෙනෙකු සදහා රැකියා දෙන්න ඕනේ ) ඒ සදහා යෙන් 5.0M අවම මුදලක් ජපානය තුල තැන්පත් කරන්න ඕනේ. කාර්යාල පහසුකම් මෙන්ම TURNOVER එකට සරිලන බදු මුදලක් ගෙවීමට සිදුවෙනවා. මුලින්ම COMPANY එක REGISTER කරන විට පවසන අවම අපනයනය කරන්න බලාපොරොත්තු වාහන ප්‍රමාණයකට YARD පහසුකම තියෙන්න ඕනේ. එසදහා බදු කාල සීමාවකට ගෙවිය යුතු අවම ගානත් ගෙවන්න වෙනවා මේ සියල්ලම කරගත් පසු සියලුම AUCTION HOUSE වලට අදාළ LICENCE එකක් ගන්න ඕනේ. ඒ අවසර පත්‍රය ලබාගත් පසු අපිට LIVE AUCTION HOUSE එකට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා මෙය AUCTION BID කරන එක ක්‍රමයක්.
අනෙත් ක්‍රමය වෙන්නේ AUCTION HOUSE එක මගින් ලබාගන්න AUCTION KEY කියන උපකරණය . මෙය අදාල SOFTWARE එක KEY එක සමග අපිට ලැබෙනවා මෙය අපේ පරිගණකය ට සම්බන්ද කර LIVE AUCTION එකට BID කරන්න පුළුවන්. මෙහිවන අවාසිය වෙන්නේ STACK වීම් නිතරම වෙන්න පුළුවන් එහෙම වුනොත් අපිට කෙලවෙනවා . මේ හේතු නිසා ගොඩක් අය AUCTION KEY එක USE කරන්නේ LIVE AUCTION එක බලන්න.
ප්‍රයෝගිකව AUCTION KEY එකක් අපිට USE කරන්න අමාරුයි . වාහන AUCTION එකට එන්නේ QUEUE එකට අපි BID කිරීමට සුදානම් වෙන වහනය සදහා BOOKMARK කරගෙන ඉන්න ඕනේ . නැත්නම් අපිට සුදානම් වෙන්න වෙලා මදි . අපි BID කරන වහනය SCREEN එකට ඇවිත් තත්පර ගානකින් BID කරන්න ගන්නවා සමහර විට එක තත්පරයකට 10ක් විතර BID දානවා . තමන්ගේ ගානට BID කරලා අතහරියම SELLER ගේ SELLING PRICE එකට වඩා වැඩියෙන් ගහපු පලවෙනි කෙනාට වාහනේ එනවා නමුත් BID එක දිගටම යනවානම් වැඩිම මිලට වාහනේ විකිනෙනවා.
මේදවස් වල AUCTION වලනම් මේවිදිය යන්නේ මොකද පෙර්මිට් වලට වාහන ගන්න අය හරිම මෝඩ විදියට BID කරන්න ORDERS දෙන නිසා. එනිසා AXIO ,GRACE , PRIMIO සැහෙන මිල වැඩි වීමක් වෙලා තියෙනවා.
මෙන්න මේ විදිය තමා REAL AUCTION AGENT කෙනෙක්ගේ සියලුම වැඩ සිදුවෙන්නේ.
වංචාවෙන් සහ මුලාවෙන් ඔබ අසුවන හැටි.
මම මෙහෙම කියන්නේ අද කොලබ , කුරුණෑගල ,නුවර , අම්බලන්ගොඩ වගේ පැතිවල ලොකුවට පාර අයිනේ AUCTION AGENT කියලා BOARD දාගෙන ගොඩක් අය කරන්නේ බොරුවක්. ඒ කිසිම කෙනෙක් AUCTION AGENT කෙනෙක් නෙවි. ඔවුන් කරන්නේ ජපානයේ කවුරු හෝ EXPORTER කෙනෙක් අල්ලාගෙන වැඩේ කරන එකයි. COMMON AUCTION SITE වලින් වාහන බලලා ඒ වාහන ගන්න කියලා ජපානේ ඉන්න කෙනෙකුට හෝ ලංකාවේ ඉන්න කෙනෙකුට කියනවා. ඒ ජපානේ ඉන්න EXPORTER REAL AGENT කෙනෙකුත් නෙවි ඔවුනුත් තව කාටහෝ කියා BID කරව ගන්නේ. මොකද වාහන BID කරන්න ජපන් භාෂාව වගේම EXPERIENCE එකත් තියෙන්න ඕනේ.
ONLINE SITE හරහා BID කරන විදිය.
අපි EXPORTER කෙනෙකු තෝරාගත් පසු ඔවුන් අපිට ONLINE AUCTION SITE එකක් අපිට දෙනවා . මතක තියා ගන්න ඒවා LIVE නෙවි. ඉන් පසු එම SITE හරහා අපේ BID එක SUBMIT කරනවා .( නමුත් හැම විටම AUCTION කියන්නේ MANUEL BID කරන තැනක් ) එම SUBMIT කරන BID එක මුලින්ම යන්නේ එම SITE එක අයිති EXPORTER ට . සමහර විට එකම වහනයට BIDS 3ක් 4ක් එන්න පුළුවන් එවිට ඔවුන් කරන්නේ අඩුම BID එක අයින්කර වැඩිම BID එක දාන එක . මේක සමහර විට අපිට කෙලින්ම අවාසියි. අපේ BID එක ගේමක් නැතිවම විසිවෙන නිසා. මේවයේ වගකීම ඔය කියන AUCTION AGENT අරගන්නේ නැහැ.
මෙතන වෙන තව අවාසියක් නම් . SELLER ගේ PRICE එකට වඩා වැඩි මිලකට වහනය විකුණා එතනින් එන ලබය තමන්ගේ සාක්කුවේ දාගන්න එක . මේක කරන්නේ EXPORTER ඔය කියන AUCTION AGENT වත් එක රුපියල ලැබෙන්නේ නැහැ. එයත් කරන්නේ බලාගෙන හුල්ලන එක විතරයි.
අනිත් එක වෙන්නේ විකිනෙන්නේ නැති වහනයකින් බෙල්ල ලගට හිර කරලා ගාන කපන එක. එක කරන්නෙත් EXPORTER ඔය කියන AUCTION AGENT ලා පට්ට අසරණ වෙනවා ඔය වෙලාවට.
සමහර වෙලාවට AUCTION AGENT ලට කර ගන්න දේවල් පවා නැතිවෙනවා . උදාහරණයකට අපි ඔය කියන AGENT කෙනෙක්ට සල්ලි දීලා වහනයක් ගෙන්වන්න හදනවා AUCTION එකකින් . නමුත් අපි AUCTION AGENT ට EXPORTER CONTACT කරගන්න බැරිවෙනවා . ඒවගේ වෙලාවක අපි ගන්න හදන වාහනේ මිල වැඩියෙන් හෝ අඩුවෙන් විකිනෙන වෙලා තියෙනවා . ඒවගේ වෙලාවලට ඔය AGENT ලා ගහන්නේ විශ්වාශ කරන්න බැරි බොරු.
මෙන්න මේකයි AUCTION AGENT ගේ ඇත්ත තත්වය. කණගාටුවට කරුණ සමාජයේ උගතුන් කියලා කියන පිරිසත් මේවට රැවටෙන එක.
මේ මම සදහන් කලේ එක් කොටසක් පමණයි .
අනිත් ගැහිල්ල නම් උණ්ඩියල් ගැහිල්ලා මේකට ගොඩක් අය අහුවෙන්නේ අමුතුම විදියට . අපි මිල දීගත් වහනය සදහා ලංකාව තුල වටිනාකමක් රේගුව විසින් නිර්දේශ කර තියෙනවා . ඒ වටිනාකමට වඩා වැඩිපුර INVOICE එකෙහි සදහන් වෙනවානම් වැඩිම වටිනාකම තීරුබදු වලට අදාළ කර ගන්නවා . එනිසා අපි වහනය ගෙන්වන පුද්ගලයා හෝ සමගම විසින් INVOICE කර ඇති (LC වටිනාකම ) වටිනාකමට වඩා වැඩිපුර ඇති මුදල උන්ඩියල් එහෙම නැත්නම් TT කිරීමට අවශ්‍ය මුදල ලංකාවේ රුපියල් වලින් ඔවුන්ගේ ගිණුමකට බැරකරන ලෙස පවසනවා නමුත් මෙහිදී ඔව්න් එම මුදල ඉල්ලසිටින්නේ BLACK MARKET RATE එකටත් වඩා වැඩි මිලකට . මම පහත ලෙස විස්තර කරන්නම්,
TOYOTA ප්‍රාඩෝ රථයක් අප විසින් මිලදී ගත්තානම් එහි වටිනාකම යෙන් CIF 6 000 000.00 නම්
මෙම රථය සදහා CUSTOM එකෙහි වටිනාකම CIF 3 184 400.00 ලෙස සදහන් කරනවා නමුත් LC INVOICE එකෙහි මේ ගාන සදහන් කරන එක අවාසියි . එනිසා ගොඩක් වෙලාවට වාහන ගෙන්වන පුද්ගලයන් 3 178 000.00 උපරිම ලෙස සදහන් කරන අතර සමහරුන් මෙය ඉතාම අඩු අගයකට සදහන් කරනවා.
CIF - 6 000 000.00
LC CIF - 3 178 000.00
TT - 2 822 000.00 මෙම මුදල TT කිරීමට අනිවාර්යෙන් අවශ්‍යයි . නමුත් ගැහිල්ල වෙන්නේ මෙතනින් . මෙන්න මෙහෙමයි වෙන්නේ . සාමාන්‍ය BANK TT RATE එක 1.3415 නම් BLACK MARKET බොහෝදුරට 1.355 වගේ වෙන්නේ . නමුත් වෙන්නේ අපිව ගොනාට අන්දලා වහනය ගෙන්වන එකා 1.4 හෝ අසන්න ගානකට TT කරන්න අවශ්‍යයි කියලා එම මුදල අපෙන් අරගන්නවා නමුත් ඔව්න් එක ජපානෙට යවන්නේ NORMAL RATE එකට එතනින් ඔවුනට අවම 35000 ක පමණ ලාබයක් තියෙනවා.
මේකටත් විසදුමක් මම කියන්නම් කාටහරි BALANCE MONEY යවන්න තියෙනවානම් වහනය ගෙන්වා ගන්න අදාල පුද්ගලයට කියා හෝ EXPORTER ගෙන් BALANCE MONEY වල වටිනාකමට SPARE PARTS කීපයකට හෝ පරණ TYRE වලට TT INVOICE එකක් ගෙන්වා ගන්න. යන්න බැංකුවට INVOICE එක පෙන්නලා කියන්න මේ බඩු වලට TT එකක් යවන්න ඕනේ කියලා FORM එක FILL කරලා TT එක යවන්න. මෙහිදී මුදල් අදාල සමාගමට යන අතර ඔව්න් එකට බඩු එවන්නේ නැහැ BALANCE MONEY වලට එක කපාගන්නවා . නමුත් මේක දිගටම කරන්න බැහැ එක පුද්ගලයෙකුට එකවරයි කරන්න පුළුවන්. බැංකුවෙන් අපෙන් අහනවා බඩු ආවද කියලා . ඇහුවම කියන්න නැහැ මම ඇත ඇරලා දැම්ම කියන්න එච්චරයි. අපිට මේකෙන් මොකුත් වෙන්නේ නැහැ . බැංකුවෙන් අපෙන් ප්‍රශ්නකරන්නේත් නැහැ. නමුත් දෙවැනි වර කරන්න අපිට දෙන්නේ නැහැ කෙලින්ම BLACK LIST . අයෙත් කරනවා නම් වෙන කෙනෙකුගේ නමින් කරන්න. මේක ගොඩක් SALE වල වෙන දෙයක් මොකද ලැබේ ඔව්න්ට. මමනම් ගොඩක් වෙලාවට CUSTOMER ටම CHECK කරලා TT කරන්න කියනවා. කාට දුන්නත් TT ADVICE එක ඉල්ලා ගන්න .
ඔන්න ඔහොමයි ඔලුව අතගාලා බඩට අරින්නේ.
සමහරු ඉන්නවා DUTY වලින් ගේම ගහන වුන්. ඉක්මන්.LK එකේ ඉන්න ගොඩක් උන් අරින්නේ DUTY වලින් වහනය ගන්න පුද්ගලයා මේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. මේ ගේම ගහන වුන් DUTY කියන්නේ ලක්ෂයක් එකහමාරක් ADD කරලා . තමන් දැනුවත් වෙන්න හැම වෙලාවේම . DUTY දැනගන්න අවශ්‍යනම් මට කෝල් එකක් දෙන්න මම ඒවා ඔක්කොම කියන්නම් මගෙන් ගන්න ඕනේ නැහැ.. අනිවාර්යෙන් තමන් ගන්න වහනය ගැන හරි අවදානයක් තියාගන්න අඩුම ගානේ ගන්නේ මොකද්ද කියලා වත් දැනගන්න. එතකොට තම්බන්න බැහැ . හරි අවබෝදයක් ලබා ගන්න R GRADE ගත්තත් හොදට හොයලා ගන්න . මොකද සල්ලි උබලගේ .
අද දවසට PM BOX එකට ගොඩක් PM අවා ගොඩක් දෙනා කියලා තිබුන දෙයකට කෙටියෙන් පිළිතුරු ලියන්නම්
තමන්ගේ නමට වහනයක් ආනයනය කරගන්න හොදම ක්‍රමය මොකද්දකියලා අහලා තිබුනා . ඒවගේම AUCTION වලින් ගන්න එක හොදද කියලා තිබුනා . වහනයේ තත්වය ගැන සෑහීමකට පත්වෙන්න පුලුවන්නම් කොහෙන් ගත්තත් හොදයි. නමුත් AUCTION වලට එන වාහන බොහොමයක් RE AUCTION වෙන ඒවා . අකුරුහරි අරගත්ත වහනයක් නැවතත් AUCTION කරන්න පුළුවන්.
පුලුවන්නම් RE SELLER කෙනෙකුගෙන් වහනයක් ගන්න . AGENT කෙනෙකුගෙන් හෝ DEALER කෙනෙකුගෙන් වහනයක් ගන්න පුළුවන් නමුත් EXPORT කරන්න මාර කට්ටක් කන්න ඕනේ. සැහෙන කාලයක් එකට ගත වෙනවා . එක පොඩ්ඩක් විස්තර කරන්න අමාරුයි . අවශ්‍ය කෙනෙකුට පැහැදිලිකරලා දෙන්න පුළුවන් මට කතාකරන්න.
තමන්ගේ නමට වහනයක් ආනයනය කරගන්න එකේ තියෙන ප්‍රදාන වාසිය තමා හොදම තත්වයේ වහනයක් අඩුම මිලට ගෙන්වා ගන්න පුළුවන් වීම.
මේ මගේ පරණ පොස්ට් පොඩ්ඩක් බලන්න එතකොට අවබෝදයක් ලබාගන්න පුළුවන්.
01. HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: http://www.elakiri.com/forum/showthread.php?t=1676758
02. HOW TO OPEN A LC FROM SRI LANKA TO JAPAN - PART II COMPLETE DETAILS ::: http://www.elakiri.com/forum/showthread.php?t=1756875
AUCTION පිලිබදව
01. AUCTION GRADING AND AUCTION SHEET ::= http://www.elakiri.com/forum/showthread.php?p=18549903
02. මට වාහන auction මාරම ප්‍රශ්නයක්..? ::: http://www.elakiri.com/forum/showthread.php?t=1690885
වෙලාව තියෙන විදියට ලිවුවා . සංවාදයට OPEN උබලට හිතෙන ඕනෑම දෙයක් අහන්න මම දන්නා සියල්ල කියලා දෙන්නම්.
01.HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතිකඩ

Last edited:

mara uwamanawen chathurachamige ehema thread baluwa e kale. Habai dan ita wada mara complex wela wage therenawa industry eka ube threads kiyeweama. 