බොහෝ දාන thread දැකල සහ සමහරු ඒවාට 20/4/10 rule type western රටවල market එකට හදපු ලංකාවට අදාලම නැති financial advice දෙනවා දැකල මේක ලියන්න හිතුවේ..
ලංකාවේ වාහනයක් දුවන්න හොඳම ක්‍රමය 5-10 year old වගේ good condition සාමාන්යෙන් හෝ market වාහනයක් ටිකක් අඩුවට ගත්ත 2 years use කල වික්ක.. used වලට බුදු බයනම් company දාල check කරලා ගන්න. මීට ගොඩක් පරණ ඒවා ගන්න පුළුවන් නම් තවත් ලාබය් නමුත් repair එන්න රිසක් එක වැඩි..
මේකෙදි ගන්න හෝ විකුනන්න හදිස්සි වෙන්න බැහැ, තමන්ට ඇත්තට දරන්න පුළුවන් වාහන විතරය් ගන්න ඕන, leasing දාන්න ගියොත් මේ ක්‍රමේ වාසිය අඩු වෙනවා..
මේක හොඳම වාසිය තියෙන්නේ මිලෙන් වැඩි වාහන වලට. alto එකක් අඩුවට හම්බෙනවා කියන්නේ market එකට වඩා Rs 30,000 අඩු එකට වෙන්න පුළුවන්.. නමුත් ප්‍රාඩෝ එකක් market එකට වඩා Rs ලක්ෂ 25 වත් අඩුවෙන හොයා ගන්න එක එච්චචර අමාරු නැහැ.. ඉතින් ඒ සල්ලි වලින් පෙට්රෝල් ගහල, service කරලා ඔක්කොමත් කරලා තව අතට ලාබෙකුත් තියනවා. ඕන නම් විකුනද්දී broker කෙනෙක්ට ඕකෙන් ලක්ෂ කීපයක් දුන්නම උ market එකටත් වැඩියෙන් ගන්න කොහේ හරි මුදලාලියෙක් හොයගෙනත් එනවා උඹේ වාහනේට. ඉතින් නිකන් දුවනවා වගේ..
උඹ හරකෙක් වගේ එලවන්නේ නැත්තන් සහ උඹට ඇත්තටටම prado එක දරන්න පුළුවන් තත්වෙක ඉන්නවා නම් full insurance වලට වියදම් කරන එක අත්‍යවශ්‍ය නැහැ. මොකද ඕක ලොකු වාහනයක් ඇවිත් ඇන්නොත් ඇරෙන්න වෙන පොඩි වාහන ඇවිත් හැප්පුවට උඹේ වාහනේට ලොකු damage එකක් වෙන්නේ නැහැ. අනික් වාහනේ light, front කුඩු වෙලා engine compartment එකට යම් damage එකක් වෙන්න තරම් හැප්පුනත් උඹේ එකේ buffer එක කැඩිලා ඉස්සරහ ටිකක් ඇද වෙලා වගේ ඊට ගොඩක් පොඩි දෙකින් නවතිනවා. එනිසා full insurance දාන නැති එක තමන්ගේ risk tolerance එක..
කොහොම නමුත් ලොකු වාහන විතරක් නෙමෙය් පොඩි වාහන වලටත් මේ ක්‍රමේ ඉතා හොඳින් ක්‍රියා කරනවා, මොකද ලංකාවේ අලුත්ම වාහන හැර අනිකාව depreciate වෙන්නේ ඉතා හෙමින්. ඉතින් දිගටම තියාගෙන depreciation එක අපි ගන්නේ නැතුව අවරුදු 2 වගේ අඩු කාලේදී අපිට වාසිදායක විදියට මාරු කරලා අපි පාඩුව අවම කරනවා හෝ ලාබෙකුත් ගන්නවා. හැබය් එක පාර චන්දෙ ගන්න ආණ්ඩුව tax අඩු කලොත් වගේ අවස්ථාවක මේකේ තාවකාලික පාඩුවක් තියනවා, එක එතකොට අපිට විතරක් නෙමෙය් වාහන තියන හැමෝටම වෙනවා. හැබය් චන්දෙට අඩු කලවගේම චන්දෙන් පස්සේ අවරුද්දකින් හරි වැඩි කරනවා ඉතින් උඹට දරන්න පුළුවන් වාහනයක් නම් ගත්තේ අල්ලන් ඉන්න තියෙන්නේ, එතකොට පාඩු වෙන්නේ නැහැ. අනික ඔය අඩු වෙන්ව වගේම උඹ ගත්තට පස්සේ එක පාර වාහන ගණන වැඩි කරන අවස්ථාත් එනවා. එතකොට දෙක normalize වෙනවා.
අතීතය ගත්තොත් අඩු වැඩි වල අවසාන ප්‍රතිපලේ වාහන වැඩි වෙලා තම නැවතිලා තියෙනේ..
මේක වාහන වේගෙන depreciate වෙන western රටවල කරන්න ඉතා අමරුය්, කරනවා නම් highly desirable GT3 RS වගේ වාහන, classics වලට විතරය් සාර්ථකව කරන්න පුළුවන්..
ඉතින් මොලෙන් වැඩ කරන්න, හදිසි වෙලා හිර වෙන්න එපා.. හැමෝගෙම වාහන සිහිනේ සැබෑ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..

