ප්‍රථම නාවික හමුදා මැරීන් බලඇණියේ විසිරයාමේ උත්සවය
ප්‍රථම නාවික හමුදා මැරීන් බලඇණියේ විසිරයාමේ හා ලාංඡන පැළදවීමේ උත්සවය සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාභරණ වයඹ නාවික නෞකා ප්‍රධාන මූලස්ථානයේ දී පැවැත්විණි. මුල්ලිකුලම් වෙරළ තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකාය ඉදිරිපත් කළ සතුරු කඳවුරකට කඩාවැදී මෙහෙයුම් සිදු කිරීම විදහා දක්වන සංදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. නාවික හමුදාපති වයස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, වයඹ, නාවික ආඥාපති රියාර් අද්මිරාල් පී.ආර්.බී.දිසානායක යන මහත්වරුන් ඇතුලු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුලු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.