WW3 ළගදීම

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕනෑම දරුණු අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානමින් සිටින්න!! සැබෑම යුද්ධය ඕනෑම මොහාතක‘ – තෙවන ලෝක යුද්ධයක පෙර නිමිති පහළවේ



    කොරියානු අර්ධවීපයේ මේ වන විට ඇත්තේ දැඩි උණුසුම්කාරි වාතාවරණයකි.

    ඒ උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල හතරක් ජපානයට අයත් මුහුදට පසුගියදා පතිත කිරීම හේතුවෙනි.

    ජපාන වෙරළ තීරයට සැතපුම් 200 එහායින් පතිත වූ මෙම මිසයිල,එරට ආර්ථික කළාපයකට අයත් පෙදෙසකට පතිත වූවායි කියති.

    දකුණු කොරියාවේ හමුදා අංශ පවසන්නේ උතුරු කොරියා චීන උතුරු දේශසීමාවේ පිහිටි ටොංචංග්- රී කළාපයෙන් මෙම මිසයිල ගුවන් ගත කර ඇති අතර මිසයිල කුමන වර්ගයේ ඒවාද යන්න පැහැදිලි නැති පවයි.

    ජපාන අගමැති ෂින්සෝ අබේ මෙය හැඳින්වුයේ “නව අදියරක තර්ජනයක්” ලෙසිනි.

    දකුණු කොරියාව හා ඇමෙරිකාව අතර පැවැත්වෙන ‘ෆෝල් ඊගල්’ නම් වූ හමුදා අභ්‍යාසයට ප්‍රතිචාර දක්වූ ප්යෝන්ග්යැන්ග් පාලනය, මිසයිල විදින බවට පසුගිය සිකුරාදා තර්ජනය කළේය. දකුණු කොරියාව හා ඇමෙරිකාව අතර වාර්ෂිකව පැවැත්වෙන හමුදා අභ්‍යාසය උතුරු කොරියාව විසින් සළකනු ලබන්නේ සිය රටට එරෙහි ආක්‍රමණයක සුදානමක් ලෙසිනි.

    උතුරු කොරියාවට කවර වර්ගයක හෝ මිසයිල පරීක්ෂා කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරනු ලැබ ඇත.

    ඇමරිකානු හමුදා සාමාජිකයන් 54000 ජපානයේ සිටිති.

    උතුරු කොරියානු මාධ්‍ය වාර්තා පවසන ආකාරයට ‘‘ඕනෑම දරුණු අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානමින් සිටින ලෙසත්, සැබෑම යුද්ධය ඕනෑම මොහාතක ඇතිවිය හැකි බවත්‘‘ කිම් ජොන් අන් එරට ජනතාවට පවසා තිබේ.

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ උතුරු කොරියානු තනාපතිවරයා ආරක්ෂක මණ්ඩළයට ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ ඇමරිකාවේ හා දකුණු කොරියානු ක්‍රියා කලාපයන් න්‍යෂ්ඨික යුද්ධයක් ඇති කරවීමට හේතු විය හැකි බවයි.

    තවද,උතුරු කොරියානු පාලනය විසින් මැලේසියානු ජාතිකයන්ට උතුරු කොරියාවෙන් පිටවීම තහනම් කරමින් නියෝගය නියෝගයක් නිකුත් කෙරිණ.

    උතුරු කොරියාව විසින් පනවනු ලැබූ නියෝගයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අගමැති නජීබ් රසාක් මැලේසියාවේ සිටින උතුරු කොරියානු වැසියන්ට රටින් පිටවීම තහනම් කළේය.

    පසුගිය මාසයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සොහොයුරු කිම් ජොන් නාම් ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේ දී ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් මැලේසියාව විසින් දියත් කරනු ලැබූ අපරාධ පරීක්ෂණය මෙම ආරවුලට තුඩු දී තිබේ.

    රට තුළ සිටින බවට විශ්වාස කෙරෙන තවත් උතුරු කොරියානු සැකකරුවන් කීප දෙනෙකුගෙන් කිම් ජොන් නාම් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මැලේසියාව බලාපොරොත්තු වේ.

    මැලේසියාවේ සිටින උතුරු කොරියානු වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් වශයෙන් මෙම තහනම් නියෝගය පැනවීමට ක්‍රියා කළ බව උතුරු කොරියාව පවසයි.

    උතුරු කොරියානු ජාතිකයන් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට මැලේසියාවේ සිටින නමුත් උතුරු කොරියාවේ සිටින්නේ මැලේසියානු ජාතිකයන් එකොළොස් දෙනකු පමණි.



    THAAD.png


     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පීටර් සිමන්ඩ්ස් විසිනි,2016 මාර්තු 08
    උතුරු කොරියාව විසින් පසුගිය ජනවාරියේ සිදු කරන ලද සිව්වන න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් ද පසුගිය මාසයේ රොකට්ටුවක් අත්හදා බැලීමෙන් ද පසුව, කොරියානු අර්ධද්වීපයේ ආතතිය ඉහල නැඟී ඇති තත්වය හමුවේ, ඇමරිකාව හා දකුනු කොරියාව 07දා දැවැන්ත මිලිටරි අභ්‍යාසයක් ආරම්භ කර තිබේ. වොෂින්ටනයේ පීඩනය යටතේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය, මේ දක්වා පියොන්යෑන් පාලනයට එරෙහිව වඩාත්ම දුර දිග යන සම්බාධක පනවනු ලැබූ අතර එමඟින් එරට ඛනිජ අපනයන සීමාවී අස්ථාවර පාලන තන්ත්‍රය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරමින්, ආර්ථික අර්බුදය ද උත්සන්න වනු ඇත.
    හැමවිටම උග්‍ර ලෙස ප්‍රකෝපකාරී වූ, කී රිසොල්ව් හා ෆොල් ඊගල් යන වාර්ෂික යුද අභ්‍යාසයට, උතුරු කොරියාව සමග යුද්ධය සඳහා පෙරහුරුවක් ලෙස දකුනු කොරියානු මිලිටරියේ සෑහෙන තරම් සම්පත් ද එරට රඳවා සිටින ඇමරිකානු මිලිටරිය ද බලමුලු ගන්වනු ලබයි. මෙවර අභ්‍යාසය මෙතෙක් පැවති විශාලතම එක වන අතර දකුනු කොරියාවේ තුන් ලක්ෂයක හමුදාවක් ද ඇමරිකානු මිලිටරියේ භටයින් 17,000ක් ද ඊට සහභාගී වන අතර ගුවන් හා නාවික බලය ද අති නවීන අවි ද යොදාගනු ඇත.
    කෙසේ වෙතත් වඩාත්ම වැදගත් කාරනය නම්, මේ වසරේ අභ්‍යාස, නව මෙහෙයුම් සැලැස්මක් වන ඕප්ලෑන් 5015 මත පදනම්ව, උතුරු කොරියාවට එරෙහිව, නාමික වශයෙන් ආරක්ෂක යුද්ධයක සිට ප්‍රහාරාත්මක යුද්ධයක තැනට හරවා තිබීමයි. මාධ්‍ය වෙත කාන්දුවී ඇති තොරතුරු වලට අනුව එම සැලැස්ම, උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල් මධ්‍යස්ථාන වලට පූර්ව භංග ප්‍රහාර එල්ල කිරීම ද කිම් ජොන් උන් ද ඇතුලු එරට නායකයින් ඝාතනය කිරීම ද “කරටියෙන්ම සිඳලන” විශේෂ බලකා ආක්‍රමන ද සම්බන්ධ වූ සමස්ත කොරියානු අර්ධද්වීපයම අල්ලා ගැනීමේ පූර්විකාවකි.
    දකුනු කොරියාවේ යොන්හැප් පෝස්ට් පත්‍රය වාර්තා කලේ, ඒකාබද්ධ හමුදා, අනාවරනය කිරීම, අඩාල කිරීම, විනාශ කිරීම හා උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල් ආම්පන්න තොගයෙන් ආරක්ෂාවීම ඇතුලු නව “4ඩී” මෙහෙයුම් සැලැස්මක් අත්හදා බැලීමට නියමිත බවය.
    ඔප්ලෑන් 5015 අත්සන් තැබුවේ පසුගිය නොවැම්බරයේය. (කොන්ප්ලෑන්) සංකල්ප සැලැස්ම 5029 ද ඒ සමඟ යෙදෙන අතර එය, පියොන්යෑන් තන්ත්‍රයේ දේශපාලන බිඳ වැටීමක් හෝ උතුරු කොරියාවේ අභ්‍යන්තර කැරැල්ලක් වැනි හදිසි අර්බුදයක් වෙත යොමු වෙයි. ඇමරිකානු හා දකුනු කොරියානු හමුදා, දැනටමත් උතුරු කොරියාවේ ජන ඝාතක අවි විනාශ කිරීමේ විශේෂ කර්තව්‍ය බාර ඒකකයක් ද පිහිටුවා ඇත. යුද්ධ තත්වයකදී, දකුනු කොරියාවේ රඳවා ඇති 28,500න් සමන්විත බල ඇනි ද සිය හමුදා කඳවුරු ද නවීකරනයේ යෙදී සිටින ඇමරිකාව, දකුනු කොරියානු මිලිටරියේ පූර්න මෙහෙයුම් ආඥාපතිත්වය දරනු ඇත.
    ඔප්ලෑන් 5015 ගෙනහැර දක්වා තිබෙන ආක්‍රමනික පියවරයන්ට අනුව පෙන්ටගනය, මේ වසරේ යුද අභ්‍යාස වලට යොදාගැනීම පිනිස න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරිනයක් ද බී-2 මූලෝපායික බෝම්බ හෙලන යානාවක් ද ඇතුලු න්‍යෂ්ටික බලය සහිත මෙවලම් එහි යවා ඇත. චීනයට එරෙහිව දකුනු චීන මුහුදේ පසුගිය සතිය තුල සිදු කල ප්‍රකෝපකාරී මැදිහත්වීමට සම්බන්ධවූ ප්‍රහාරක ගුවන් යානා වලින් සන්නද්ධ ජොන් සී ස්ටෙනිස් හා එහි පරිවාරක යුද නැව් කන්ඬායම ද ඊට සම්බන්ධ වීමට නියමිතය.
    “මෙම අභ්‍යාසයේ කුපිතකාරී නොවන ස්වභාවය” ගැන අභූත අවධාරනයක් ද සමඟ, එය පැවැත්වෙන දින වකවානු පිලිබඳව කොරියාවේ ඇමරිකානු ආඥාපති, පියොන්යෑන් වෙත නිල නිවේදනයක් යවා ඇත. දකුනු කොරියාව නිදහස් කර ගැනීමේ හා ඇමරිකාවට පහර දීමේ මෙහෙයුම් සැලැස්මක් තමන්ට ද ඇති බව කියා සිටින යුදවාදී නිවේදනයක් ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියානු මිලිටරිය විසින් නිකුත් කරනු ලැබින. “ප්‍රකෝපකරනයේ සියලු මධ්‍යස්ථාන ක්ෂනයකින් දවා හලු කරන” ප්‍රහාරක මෙවලම් තමන් යොදාගන්නා බව එහි සඳහන්ය.
    ඕනෑම අවස්ථාවක තම න්‍යෂ්ටික අවි යොදාගැනීමට සූදානම්ව සිටින ලෙස උතුරු කොරියානු නායකයා, පසුගිය සතියේදී මිලිටරියට නියෝග කලේය. “සතුරන් වෙත පූර්ව භංග ප්‍රහාරයක් එල්ල කිරීමේදී අපගේ මිලිටරි ප්‍රතික්‍රියාකාරක යොදාගැනීමට කාලය එලඹ ඇතැයි” එහි සඳහන්ය. මෙම යුදවාදී කථා හා සිය ප්‍රාථමික (නොදියුනු) න්‍යෂ්ටික අවි තොග පෙලගැස්වීමේ උත්සාහයන් තරයේම ප්‍රතිගාමීය. ජාතිකවාදය හා මිලිටරිවාදය ඇවිස්සීම මඟින් ජනතා සහාය රැලිකර ගැනීමේ උත්සාහය තුල, කන්ඩායමික බෙදීම් වලින් ඉරී ගොස් ඇති තන්ත්‍රය, උතුරු කොරියානු කම්කරුවන්, දකුනු කොරියානු, ආසියානු මෙන්ම ලෝකය පුරා ද ඔවුන්ගේ සහකරුවන්ගෙන් බෙදා වෙන්කරලන අතර, කෙලින්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දෑත් ශක්තිමත් කරයි.
    පසුගිය විසිපස් වසර පුරාවටම වොෂින්ටනය, කොරියානු අර්ධද්වීපයේ ආතතීන් හිතාමතාම උත්සන්න කර ඇත. ඒ උතුරු කොරියාව මත පමනක් නොව චීනය මත ද පීඩනය දැඩි කිරීමේ මාධ්‍යයක් ලෙසය. පියෝන්යෑනයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ සාකච්ඡා පැවැත්වීම ගැන ඔබාමා පාලනය කටින් බතලකොල සිටුවා ඇති නමුත් ඊට පෙර උතුරු කොරියාව විශාල සහන පිරිනමන්නේ නැති නම්, චීනයේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන සය පාර්ශවික සාකච්ඡා කොහොමටවත් යලි ඇරඹීමට විරුද්ධ වී ඇත.
    වත්මන් ආතතිය වොෂින්ටනය විසින් ගසාකනු ලබන්නේ, ඊසානදිග ආසියාවේ තම මිලිටරි තරකිරීම් යුක්තිසහගත කිරීමටය. ඊට, චීනයට මෙන්ම රුසියාවට ද එරෙහි පෙන්ටගනයේ න්‍යෂ්ටික යුද සැලසුම්වල ප්‍රධාන අංඟයක් වන, තාඩ් යන ඉහල අභ්‍යවකාශ ආරක්ෂක බැලිස්ටික් මිසයිල් නාශක පද්ධතියක් දකුනු කොරියාව තුල ගොඩනැඟීමේ, දැන් පැවැත්වෙන සාකච්ඡා ද ඇතුලත්ය. උතුරු කොරියාවට පීඩනය යොදන, දකුනු කොරියාවේ “පෙරනොවූ විරූ” ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස මෙන්ම පියොන්යැන්හි තර්ජනාත්මක ප්‍රකාශ ද මොස්කෝවේ හෙලා දැකීමට ලක්ව ඇත.
    කොරියානු අර්ධද්වීපය පිලිබඳව ඔබාමා පාලනයේ ක්‍රියාකාරකම්, එහි “ආසියාවට හැරීමේ” එක් අංඟයක් පමනි. එය වනාහි චීනය, රාජ්‍යතාන්ත්‍රිකව, ආර්ථිකව හා මූලෝපායික වශයෙන් යටත් කිරීමේ එල්ලය සහිතව ඉන්දු-ශාන්තිකර කලාපය පුරා ඇමරිකානු ආධිපත්‍යය පිහිටුවීමේ ලා දියත් කර තිබෙන වැඩ පිලිවෙලේ කොටසකි.
    දකුනු කොරියාවේ ඇමරිකානු හමුදා ප්‍රතිව්‍යුහගත කිරීම, 2020 වන විට එරට ගුවන් හා නාවික බලයෙන් සියයට 60ක් ආසියාව තුල රැඳවීමේ පුලුල් මිලිටරි සැලැස්මක කොටසකි. එමෙන්ම චීනය වැටලීමේ ලා සන්ධාන, මූලෝපායික හවුල්කාරිත්වයන් හා කඳවුරු සවිමත් කිරීම ද ඊට ඇතුලත්ය.
    කොරියානු අර්ධද්වීපයේ ආතතීන් උත්සන්න කිරීමේ වොෂින්ටන්හි තීන්දුව, තරයේම අදූරදර්ශීය. යුද මුක්ත කලාපය දිගේ කුමන පාර්ශවයකින් හෝ සිදුවිය හැකි සුලු අත්වැරදීමක් හෝ වැරදි ගනන් බැලීමක්, හැම විටම අන්තරායකාරී වූ ගිනි පුපුරක් යුද්ධයක් බවට පත්වීමේ හැකියාව ඇති කරයි. ගිනි අවුලුවන කයිවාරු ගසන්නේ පියොන්යෑන් පාලනය පමනක් නොවේ. හිටපු ඇමරිකානු ගැති ආඥාදායකයා වූ පාක් චුන් හීගේ දියනිය වන ජනාධිපති පාක් ගියුන් හයිගේ දක්ෂිනාංශික ආන්ඩුව වෙතින් ද පල වන්නේ එවැනිම ප්‍රකාශයන්ය. දකුනු කොරියානු මිලිටරිය 07දා පැවසුවේ, “උතුර අපගේ අනතුරු ඇඟවීම් නොතකා ප්‍රකෝපකාරී ලෙස කටයුතු කලොත්, අපි තදින්ම හා නිර්දය ලෙස ප්‍රතිචාර දක්වන්නෙමු” යනුවෙනි.
    ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්බි උතුරු කොරියානු ප්‍රකාශ කෙරේ ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, “අපි නිසැකවම මේ වර්ගයේ තර්ජන බැරෑරුම් ලෙස සලකන්නෙමු....එසේම පියොන්යෑන් වෙත අප පවසන්නේ ප්‍රකෝපකාරී හා තර්ජනාත්මක කයිවාරු වලින් වැලකී සිටින ලෙසයි.”
    විශ්ලේෂකයින්, උතුරු කොරියාවට සිය නොදියුනු න්‍යෂ්ටික අවි ක්ෂුද්‍රකෘත කර මිසයිලයක් මත තැබීමට ඇති හැකියාව ගැන දැඩි ලෙස සැක කරයි. උතුරු කොරියාවේ පුහු තර්ජන බැරෑරුම් ලෙස සලකන බවට වොෂින්ටනය කියා සිටීමෙන්, ඔවුන් සැලසුම් කරන්නේ කුමක් ද යන ප්‍රශ්නය මතු වෙයි. ඔවුන් තම ආක්‍රමනකාරී නව ඔප්ලෑන් 5025 සැලසුමට අනුව තමන්ම මිලිටරි ප්‍රකෝපකරනයක් සූදානම් කරයි ද?
    ඇමරිකානු-දකුනු කොරියා මිලිටරි සන්ධානයේ වෙනස්වන භූමිකාව ගැන ජනවාරියේ පල කල බෘකිංස් ආයතනයේ වාර්තාවක්, කොරියානු අර්ධද්වීපයට සීමාවූ යුද්ධයක අතීත මූලෝපායික පදනම “නොසෑහෙන හෝ යල්පැන ඇතිවා” විය හැකි යයි අනතරු ඇඟවීය. ඇමරිකානු ඒකාබද්ධ මාන්ඬලික ප්‍රධානී ජෙනරාල් ජෝසෆ් ඩුන්ෆර්ඩ්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් එය සඳහන් කරන්නේ, උතුරු කොරියාව සමඟ කුමන හෝ ගැටුමක්, “අන්තර් කලාපීය, බහු පාර්ශවික හා බහු ක්‍රියාකාරී” තත්වයකට පත් වීම නොවැලැක්විය හැකි බවයි.
    කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් වෙත, චීනය හා රුසියාව ඇතුලු අනෙකුත් බලවතුන් ද ඉක්මනින්ම ඇදගනු ලැබීමේ හැකියාව ගැන පෙන්ටගනය හොඳින්ම දැන සිටියි.
    මිලිටරි භාෂාවට පරිවර්තනය කල විට ඩුන්ෆර්ඩ්ගේ ප්‍රකාශ, ගොඩබිම, මුහුද, ගුවන හා සයිබර් අවකාශය යන සෑම තැන්හිම එනම් ලෝක යුද්ධයක් සඳහා වන “අන්තර් කලාපීය” සටනක් සඳහා පෙන්ටගනයේ සූදානම සැලකුනු කරයි. එයට න්‍යෂ්ටික අවි ද ඇතුලු පවත්නා සියලු සම්පත් යොදාගන්නේය.
    http://www.wsws.org/sinhala/2016/2016mar/ussk-09m.html
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද තව ටිකක් කල් උන්න නම් ලංකාවත් උතුරු කොරියාවක් වෙලා තමයි නවතින්නෙ. මහින්දගේ හොදම යාළුවොනේ ගඩාෆි, උතුරු කොරියා ජනාධිපති & ස්වාසිලන්තේ ගස් වැද්ද.
     
    • Like
    Reactions: skymicro

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඌ කොහොමත් කාලෙන් කාලෙට ඔයවගේ ආතල් දෙනවනේ :rofl:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මහින්ද තව ටිකක් කල් උන්න නම් ලංකාවත් උතුරු කොරියාවක් වෙලා තමයි නවතින්නෙ. මහින්දගේ හොදම යාළුවොනේ ගඩාෆි, උතුරු කොරියා ජනාධිපති & ස්වාසිලන්තේ ගස් වැද්ද.
    මයිත්‍රි 2020 වෙනකන් හිටියොත් නම් ලංකාවත් සමනල් ලන්තයක් වෙලා තමයි නවතින්නෙ. මයිත්‍රීගේ හොදම යාළුවොනේ රනිල්, මංගල & සාගල
    පනතකුත් සම්මත කරන්න ගියා නේ බන් :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: peter001

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,293
    2,354
    113
    මයිත්‍රි 2020 වෙනකන් හිටියොත් නම් ලංකාවත් සමනල් ලන්තයක් වෙලා තමයි නවතින්නෙ. මයිත්‍රීගේ හොදම යාළුවොනේ රනිල්, මංගල & සාගල
    පනතකුත් සම්මත කරන්න ගියා නේ බන් :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    එහෙන් මෙහෙන් ගහ ගන්න මිසයිල් එකක් මිස් වෙලා ලංකාවටවත් ආවොත් තමයි කෙල වෙන්නේ. කොහොම නමුත් ආයෙම ලෝක යුද්ධයක් ආවොත් ගොඩක් ධරුණු වෙයි තාක්ෂනය දියුනු නිසා :eek:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    එහෙන් මෙහෙන් ගහ ගන්න මිසයිල් එකක් මිස් වෙලා ලංකාවටවත් ආවොත් තමයි කෙල වෙන්නේ. කොහොම නමුත් ආයෙම ලෝක යුද්ධයක් ආවොත් ගොඩක් ධරුණු වෙයි තාක්ෂනය දියුනු නිසා :eek:

    mama danna tharamin nam saho aye loka yuddayak awoth pruthuwiye jiwayak pawathina ekak ne...america wa hari russia wa hari patan gaththoth ati
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,634
    2,470
    113
    නිධානයක් උඩ
    bkyiwqpnme88tbr1tda2.jpg


    දෙවන ලෝක යුද්දේ නියුක්ලියර් පවර් එකත් එක්ක බලපුවහම දැන් තියන ඒවායේ පවර් එක..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    මයිත්‍රි 2020 වෙනකන් හිටියොත් නම් ලංකාවත් සමනල් ලන්තයක් වෙලා තමයි නවතින්නෙ. මයිත්‍රීගේ හොදම යාළුවොනේ රනිල්, මංගල & සාගල
    පනතකුත් සම්මත කරන්න ගියා නේ බන් :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol: