වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dreyhart

Member
Jan 12, 2009
22
0
1
පරණ ජපන් 1ක් ලක්ෂ 15කට අරගෙන හදන්න තව කියක් විතර යාවිද? soluna 1ක නම් ගොඩක් අය හොදයි කියනවා ගොඩක් වාහන තියෙන්නේ 200000KM විතර දුවපු ඒවා ඒවගේ engin රෙපයාර් එහෙම එන්න පුළුවන් නේද ? මම මේ වාහන subject 1කට අලුත් එලකිරියෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තේ
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.:)

    වැඩේ පටන් ගත්තෙ ටික කාලෙකට කලින් power steering rack එකේ මවුන්ට් එකක් ගිහිල්ල ගැරෙජ් එකට දාපු වෙලාවක මවුන්ට් එක මාරු කරන්න. මේකෙ මවුන්ට් එක තියන තැන ඉඩ කඩ බොහොම අඩු හින්ද ටිකක් අමාරුයි වැඩේ කරන්න. කොහොමහරි ගැරෙජ් එකේ එකා ඉඩමදිවෙලා හරි මොකක්හරි වෙලා පවර්ස්ටියරින් rack එකේ ගලවන්න ඕනෙ නැති බටයක් ගලවල තිබ්බ. කොහොමහරි වැඩේ ඉවර වුනාට පස්සෙ කාර් එකේ පවර්ස්ටියරින් ඔයිල් අඩුවෙන්න ගත්ත කාලයක් දුවනකොට.

    ලීක් වෙන්න අරන් තිබ්බෙ අර ගලවපු බටෙන්. ඔහොම ටික කාලයක් විතර දිව්ව. ඔහොම දිව්ව ටිකේ කේස් එක වුනේ ලීක් එකෙන් වැටෙන ඔයිල් කෙලින්ම වැටෙන්නෙ rack එකේ මවුන්ට් එක උඩට. මවුන්ට් එක ටික කාලයක් යද්දි දොදොල් වගේ වෙලා කැඩිල යනව.

    wW9yDdu.jpg

    මේ කෙහෙල්මල හරියන්නෙ නැතිනිසා මං වෙලාව තිබ්බ දවසක් අල්ලලා ඔන්න ගැලෙව්ව බලන්න ඔය ලීක් වෙන බටේ.:yes::yes::yes:

    ඔන්න සිංහලු බටේ ගලවලා බලුවම තමා මට දෙලෝ රත්වුනේ.:no: ගැරෙජ් එකේ ගලවපු එකා බටේ ගලවලා පිට පොට යවලා ආපහු දමල හයිකරල. මේ ෆොටෝ එක ගහගත්තෙ පස්සෙ මං. මේ තියෙන්නෙ වෙලා තිබ්බ සීන් එක.:dull:

    7rw3Zdg.jpg

    මේ ඇවිල්ල සිංහලු ඔය පේන පොඩි බට දෙකෙන් එකක්. මේක අම්බානක ප්‍රෙෂර් වෙන තැනක්. ඉතින් පොට ගියාම හිතාගන්න පුලුවන්නෙ.:dull:

    Toyota-Land-cruiser-steering-rack-pinion-002.jpg

    මේ වෙලා තියන සීන් එක දැක්කම නම් එපාම වුනා මට. ඔලුවක් ඇතුව වැඩක් කරන අයිය කෙනෙක් ඉන්නව පොර හිටියෙ නෑ මේ දවස් ටිකේ. ආපහු වැඩේ කරපු ගැරෙජ් එකට දාන්න කැමැත්තක් තිබුනෙත් නෑ. ඒ වගේම පොට ගියපු හවුසින් එකට කරන්න ප්‍රතිකර්මයක් තීරණය කරල තිබුනෙත් න. අන්තිමට ඉතින් ඕන මගුලක් කියල ගලවන්න තීරණය කලා. rack එක එලියට අරගෙන මොකද කරන්නෙ කියල හිතනව කියල හිතාගෙන ගලවන වැඩේට ලෑස්තිවුනා. :yes:

    ලෑස්තිවුනාට සිංහලු අවුල් කීපය තිබ්බ. මූලික දේ තමා රෝද දෙකම උඩ තියාගන්න ඕනෙ දිගටම. කොට තියල යට රිංගන්න මගෙ ආසාවක් තිබ්බෙ නෑ. ඉතින් මුලින්ම කලෙ ඇවිදල ජැක් ස්ටෑන්ඩ් දෙකක් ගත්තු එක. (ඕක කෙනෙක් ඉන්න්වනම් කියන්න ගත්ත තැන කියන්නම්.)

    z51DuDp.jpg

    ඒ වගේම තව හොඳ කොලිටි බොක්ස් හැඬ්ල් එකකුයි ඩීප් සොකට් කෑලි කීපයකුයිත් ගන්න වුනා.

    ඔන්න සිංහලු ජැක් ස්ටෑන්ඩ් උඩ තියල රෝද ගලෝගෙන rack එන්ඩ් එහෙම පන්නල(සයිලන්සරෙත් ගලවල) බුදු ගේමක් දීල rack මවුන්ට් දෙකත් ගලවලා rack එක එලියට ගන්න ට්‍රයි කලා.

    gVFPxoT.jpg

    පුදුම සන්තෝසයි සිංහලුනේ මේ මගුල එලියට ගන්න බෑ. තව උඩ වදින කෑලිත් ගලවලා බැලුවා මේ මගුල එලියට ගන්න විදියක් නෑ. ඒපාර දමල ගහල බැලුව යූටියුබ් එකේ. මේ කෙහෙල්මල එලියට ගන්න නම් එන්ජිමට යටින් තියන සේරම ටික ගලවන්න ඕනෙ.

    ඒ කිව්වෙ ලොවර් කන්ට්‍රෝල් ආර්ම්. එන්ජින් මවුන්ට්, ක්‍රොස් මෙම්බර් අනම් මනම් සේරම ටික ගැලවිලා එලියට එන්න ඕනෙ මේක ගන්න. දවසක් ඉවරයි දැන්. පහුවදා ඔන්න ආයිත් වැඩ පටන් ගත්ත ඒ පාර සේරම ගලවන්න.

    yb3zVBX.jpg

    ඔය යට පැත්තෙ තියන හැම එකක්ම ගලවලා ඉන්න ඕනෙ මේක එලියට ගන්න. ඉතින් ඔන්න එකෙන් එක ගැලෙව්ව.

    A4J9LXm.jpg

    ගැලෙව්ව ටික ඉතින් මේන්න මේව. තනියම කරපු නිසා වැඩිය ෆොටෝ ගහන්න වුනේ නෑ. අනිත් එක rack එකට කරන දේ ගැන තීරණයක් නැතුව වැඩේ කලේ.

    RH0Lrg8.jpg

    ofgMBVn.jpg

    jgVHCCh.jpg

    යට පැත්තෙ සේරම ගලවපු නිසා ඉතින් එන්ජිමට ජැක් ගහල තමා තියාගත්තෙ.:baffled:

    l4lsdAN.jpg

    ඔන්න යන්තම් සේරම ටික ගලවගත්තට පස්සෙ එලියට ගන්න පුලුවන් වුනා මෙන්න මෙයාව.:love::love::love:

    J3p5iJM.jpg

    දැන් ඉතින් හතර අතේ කල්පනා කලා මේකට මොකද කරන්නෙ කියල. හවුසින් එකේ පොට ගිහිල්ල හොඳටම. මං ගලවනකොට පොට කෑලි එක්ක එලියට ආවෙ බටේ.

    අන්තිමට හරි තීරණයක් නැතුව ක් එක පිටින්ම උස්සන් ගියා අපේ පැත්තෙ පට්ටලේක වැඩකරන වයසක අංකල් කෙනෙක් ගාවට. පොර බලල බලල කිව්ව හවුසින් එකේ කට පොඩ්ඩක් ලොකු කරල ඒකට ඇඩැප්ටර් කෑල්ලක් ගහල බටේ අනිත් පැත්තත් ටේපර් එකක් තියන කෑල්ලක් ගහල හදල බලමු කියල.(මේකෙ තිබ්බෙ ටේපර් එකක් නෙමේ ෆ්ලැට් මුහුනතක්)

    ෆොටෝ ගහගන්න බැරිවුනා සිංහලු. කරේ හවුසින් එකේ තිබ්බ එකට වඩා ලොකු පොටක් කැපුව. ඊට පස්සෙ ඒ පොටට හරියන්න කෑල්ලක් ලියවලා ඒකෙ අනිත් පැත්ත බටේ නට් එකට හරියන්න පොට කැපුව ඇතුලෙ ටේපර් එකකුත් කැපුව. බටේ කෙරවලත් වෙනස් කලා. අන්තිමට ඉතින් මෙන්න මෙහෙම තමා තිබ්බෙ.:yes:

    7Op6Vyv.jpg

    යන්තම් ඔලුවෙ තිබ්බ බරෙන් බාගයක් නිදහස් වුනා මේක හදාගත්තට පස්සෙ. ඔන්න ඉතින් ගෙදර උස්සන් ඇවිත් හයිකරන්න පටන් ගත්ත.

    ERPL2kV.jpg

    එදා දවස ඉවර වෙද්දි ඔන්න යන්තම් rack එක හයිකරගත්ත.:yes:

    ඔයිල් දාලා ඒපාර ස්ටාර්ට් කලා.:yes:

    සන්තෝසයි සිංහලුනේ වැඩේ ගොඩ. ලීක් නැත. පොඩි රවුමකුත් දැම්මා.:D:D:D

    DX1wthu.gif

    බයවෙන්න එපා ඉවරයි කියල හිතුවට ඉවර නෑ... යට කෑලි ටික ආපහු හයිකරගෙන යනකොට සිංහලුනේ තව තෑග්ගක් හම්බවෙලා තිබ්බ.

    කියන්න සන්තෝසයි එක පැත්තක CV බූට් එකක් ඩැමේජ් වෙලා. rack එක හයිකරල ඕක දැක්කම පස්වනක් ප්‍රීතියෙන් පිනාගියා ඉතින්. කොහොමහරි rack එක හයිකරල ඉවර වෙනකොට දෙවෙනි දවසත් ඉවරයි.

    දැන් ඉතින් දාපල්ලකො CV බූට්. තනියම ඔය ටික කරල ඇතිවෙලා හිටියෙ. ඒ මදිවට CV බූට් දැමිල්ල කරගන්න ගැරෙජ් එකක් තිබ්බෙ නෑ. ඒපාර ගත්ත අපේ Wickzට කෝල් එකක්. පොරගෙ CV බූට් ත්‍රෙඩ් එක මතක් වෙලා. පොර කරපු තැන එච්චරම වැඩ කොලිටි නෑ වගේ කියල කිව්ව. තව තැනක් කිව්ව හැබැයි ඒ තැන චැනල් කරල වගේ යන්න වෙනව කිව්ව.

    ඒපාර ඉතින් ඕන ලබ්බක් කියල ඒකත් ඔන්න ඔහෙ ගලවනව කියල හිතාගත්ත ඊලඟ දවසෙ.වන් මෑන් ෂෝ දාලා ඔන්න පණකඩාගෙන ඒකත් ගලවගත්තා සිංහලු.

    8tLpXOx.jpg

    මේ තියෙන්නෙ තෑගි.

    qntX9AQ.jpg

    ඔන්න ඉතින් ෂාෆ්ට් එකෙ කෑලි බෑලි ටික පන්නල එහෙම අලුත් බූට් එක දාගත්ත. (දෙපැත්තම මාස 6කට විතර කලින් මාරුකලා මේ පැත්ත යන්න ඇත්තෙ මොකක්හරි වැදිලවත් වෙන්න ඕනෙ. අනිත් පැත්තෙ කේස් එකක් තිබ්බෙ නෑ.)

    8a5uFnd.jpg

    kHxrgzQ.jpg

    මෙහෙම ලේසියෙන් කිව්වට මාර ගේමක් දෙන්න වුනා ඩ්‍රය්ව් ශාෆ්ට් එක එලියට ඇදගන්න. ඒකටත් සෑහෙන ප්‍රමාණයක් ගැලවෙන්න ඕනෙ.

    කොහොම කොහොමහරි යන්තම් හවස් වීගෙන එනකොට වැඩ කටයුතු සේරම ඉවරකරගෙන ඔක්කොම කෑලි ටික හයිකරගත්ත. ආ කියන්න බැරිවුනානෙ අලුත් මවුන්ට් දැම්ම rack එකට.:yes:

    ආපහු වටයක් එහෙම දාල බැලුව. යන්තම් ලීක් ඉවර වුනා. දඟලලා දඟලල CV එක පන්නගෙන බූට් එකත් මාරුකරගත්ත. අතපයත් තුවාල කරගත්ත. බොක්ස් හැඬ්ල් එකක් ඇදවුනා යට පැත්තෙ සමහර ඇණ ගලවද්දි. ටූල් කඩේ අක්කත් මාත් එක්ක fit වුනා. :P:P:P හැබැයි ඉතින් හිතේ හැටියට අවුල් ටික හදාගත්ත හෙමින් සැරේ.

    Lx7kA1Z.gif

    ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ව්තර තිස්සෙ කාර් එක යට හිටියෙ. අමාරුවෙන් කියෙව්වට බොහොම ස්තූතියි.:yes::D:D

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.:)

    වෙනදා වගේ නියම වැඩක් මචන් හරියටම කරලා තියෙනවා :yes::yes:
    මමත් ඹක අටවගනන්න ගිහින් ටිකක් දැගලුවා :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.:)

    මරු කට්ට, TFS Rep+++
    අර සුපියල් 60 ට තියෙන ග්ලවුස් දෙකක් දාගත්තොත් වැඩේ අමාරුද, :confused: ඔහොම අතේ ගාගන්න හොඳ නෑ ඕව :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙනදා වගේ නියම වැඩක් මචන් හරියටම කරලා තියෙනවා :yes::yes:
    මමත් ඹක අටවගනන්න ගිහින් ටිකක් දැගලුවා :sorry:

    එල.:Dමං දවස් තුනක් විතර එක දිගට දැඟලුව බන්. :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.:)

    කටුත් දැක්කා මේ වගේ කටු නොදැක්කා...:rofl::dull::baffled:
    පට්ට යකෝ.... තනියෙම ගලෝගෙන ගලෝගෙන යද්දි ආතල් නේ... මොකක් හරි කෑල්ලක් ගෙන්න ගන්න වත් එකෙක් නැති උනාම :dull:
    ඕක තමා වැඩේ... බස් වල වෑන් වල නං ඉඩ තියෙනවා ටිකක් හරි.... මේවාගේ ඔක්කොම එක ගොඩේ... ගලවද්දියි හයි කරද්දියි ජපනාව මතක් වෙනවා ගොඩාක් නේහ්..
    ආ උඹට මතක් වෙන්න ඇත්තේ පොට වරද්දලා තද කෙරුව එකාව සහ මෑනියන්ව වෙන්ඩ ඇති :sorry::eek:

    කට්ට කෑවා උනත් ඉගෙන ගත් දේ සෑහෙන වටිනවා නේහ්...
    ලගදිම එන්ජිමයි ගියර් පෙට්ටියයි බාලා පළු කරලා නැවත සවි කරලා මවුන්ට් කරන එකක් දායි කියලා හිතනවා :rofl::cool::cool::cool:
    රෙප් +
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.:)

    ආපහු වටයක් එහෙම දාල බැලුව. යන්තම් ලීක් ඉවර වුනා. දඟලලා දඟලල CV එක පන්නගෙන බූට් එකත් මාරුකරගත්ත. අතපයත් තුවාල කරගත්ත. බොක්ස් හැඬ්ල් එකක් ඇදවුනා යට පැත්තෙ සමහර ඇණ ගලවද්දි. ටූල් කඩේ අක්කත් මාත් එක්ක fit වුනා. :P:P:P හැබැයි ඉතින් හිතේ හැටියට අවුල් ටික හදාගත්ත හෙමින් සැරේ.

    Lx7kA1Z.gif

    ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ව්තර තිස්සෙ කාර් එක යට හිටියෙ. අමාරුවෙන් කියෙව්වට බොහොම ස්තූතියි.:yes::D:D

    Uraj බඩාගේ අනික් එකද මූ ?? :confused::confused::confused:

    පවර් ස්ටියරින් කටු නම් ඕනි නෑ..
    EPS හොඳයි ඒ අතින්...කෙල උනා...අලුතින් දැම්ම...

    හා හා පුර කියල උසාවි ගියෙත් පවර් ස්ටියර්න් කේස් එකක් හන්දා වාහනයක් හැප්පිලා...
    පවර් ස්ටියර්න් නෑ... හැබැයි හිතුන ගමන් ඇවිල්ල යනවා... :rofl: :rofl:
    ඕවර්ටෙක් කරන්න හිතන් අතේ හයිය දාල කපල ගත්ත පවර් නෑනේ කියල... කරුමෙට ඒ වෙලාවේ පවර් ඔන් උනා... අංශක 180ක් කැරකිලා, පාරේ අයිනේ තියෙන වැටවල් 2කුත් ගලවාගෙන, ඇල්ටෝ එකක දකුණු පැත්තේ දොරවල් දෙකකුත් තලාගෙන නැවතුනේ...:P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මරු කට්ට, TFS Rep+++
    අර සුපියල් 60 ට තියෙන ග්ලවුස් දෙකක් දාගත්තොත් වැඩේ අමාරුද, :confused: ඔහොම අතේ ගාගන්න හොඳ නෑ ඕව :yes:

    අපෝ පුලුවන් අවුලක් නෑ.:yes: හැබැයි මං ඉතින් ගොඩක් වෙලාවට මජන් නානව. :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Uraj බඩාගේ අනික් එකද මූ ?? :confused::confused::confused:

    පවර් ස්ටියරින් කටු නම් ඕනි නෑ..
    EPS හොඳයි ඒ අතින්...කෙල උනා...අලුතින් දැම්ම...

    හා හා පුර කියල උසාවි ගියෙත් පවර් ස්ටියර්න් කේස් එකක් හන්දා වාහනයක් හැප්පිලා...
    පවර් ස්ටියර්න් නෑ... හැබැයි හිතුන ගමන් ඇවිල්ල යනවා... :rofl: :rofl:
    ඕවර්ටෙක් කරන්න හිතන් අතේ හයිය දාල කපල ගත්ත පවර් නෑනේ කියල... කරුමෙට ඒ වෙලාවේ පවර් ඔන් උනා... අංශක 180ක් කැරකිලා, පාරේ අයිනේ තියෙන වැටවල් 2කුත් ගලවාගෙන, ඇල්ටෝ එකක දකුණු පැත්තේ දොරවල් දෙකකුත් තලාගෙන නැවතුනේ...:P:P:P:P

    :angry::angry:දැනුත් මොනවහරි ගන්න ගියාම අහනව තාම ඕක හදනවද කියල.:P:P

    යකෝ බෙල්ල කඩල යන මගුලක්නේ. මේවගෙ පවර් නැතිවුනාම නෝමල් පවර් ස්ටියරින් ආවෙ නැති එකක් වගේ නෙමේ පට්ටම විදියට තද වෙනවනේ. මට හිතාගත්තැකි උඹ කපපු විදිය.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටුත් දැක්කා මේ වගේ කටු නොදැක්කා...:rofl::dull::baffled:
    පට්ට යකෝ.... තනියෙම ගලෝගෙන ගලෝගෙන යද්දි ආතල් නේ... මොකක් හරි කෑල්ලක් ගෙන්න ගන්න වත් එකෙක් නැති උනාම :dull:
    ඕක තමා වැඩේ... බස් වල වෑන් වල නං ඉඩ තියෙනවා ටිකක් හරි.... මේවාගේ ඔක්කොම එක ගොඩේ... ගලවද්දියි හයි කරද්දියි ජපනාව මතක් වෙනවා ගොඩාක් නේහ්..
    ආ උඹට මතක් වෙන්න ඇත්තේ පොට වරද්දලා තද කෙරුව එකාව සහ මෑනියන්ව වෙන්ඩ ඇති :sorry::eek:

    කට්ට කෑවා උනත් ඉගෙන ගත් දේ සෑහෙන වටිනවා නේහ්...
    ලගදිම එන්ජිමයි ගියර් පෙට්ටියයි බාලා පළු කරලා නැවත සවි කරලා මවුන්ට් කරන එකක් දායි කියලා හිතනවා :rofl::cool::cool::cool:
    රෙප් +
    :baffled::angry:
    හම්මෙ කියල වැඩක් නෑ බන්. සමහර තැන් වලට දාන්න වෙනම එක්ස්ටෙන්ෂන් කෑලි ගන්න වුනා. මට තාම හිතාගන්න බැරු මොන මගුලකට ඔය බටේ ගැලෙව්වද කියල. ඕකට අතවත් තියන්න ඕනෙ නෑ ඔය කිසිම වැඩකට.:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::angry:
    හම්මෙ කියල වැඩක් නෑ බන්. සමහර තැන් වලට දාන්න වෙනම එක්ස්ටෙන්ෂන් කෑලි ගන්න වුනා. මට තාම හිතාගන්න බැරු මොන මගුලකට ඔය බටේ ගැලෙව්වද කියල. ඕකට අතවත් තියන්න ඕනෙ නෑ ඔය කිසිම වැඩකට.:dull:
    අපේ එකේ රැක් එකේ රෙපෙයාර් එකක් කලා... කෙලිංම ජැක් එකට දාලා උස්සලා කලේ..
    එහෙම කරලත් බාසා දවස් 2ක් ඇද්දා... ( පට්ටල් වැඩටත් එක්ක ) ඉතිං උඹ ගෙදර ගලවලා තනියෙං වැඩ කරලා දවස් 3න් ගොඩ දැම්මා කියන්නේ අති විශිෂ්ඨයි බං ..:cool:
    11.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    අංශක 180ක් කැරකිලා, පාරේ අයිනේ තියෙන වැටවල් 2කුත් ගලවාගෙන, ඇල්ටෝ එකක දකුණු පැත්තේ දොරවල් දෙකකුත් තලාගෙන නැවතුනේ...:P:P:P:P

    ගුරුන්ටත් අකුරු වැරදේ... :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගුරුන්ටත් අකුරු වැරදේ... :yes::yes::yes:
    නිකං එකෙක් නං ඌ බයටම ලෙඩේ හදා ගන්නවා ගැරජ් එකකට දාලා.. ඒත් මූ වැඩේ ගැන A-Z දන්න නිසා... අන්තිම වෙනකංම දුවනවා... මගදි කෙලවෙන අවස්ථාද තියෙනවා
    අර කතාවකුත් තියෙන්නේ දොස්තරලගෙ වාහන ගන්න එකයි ඉන්ජොන්ගෙ වාහන ගන්න එකයි ගැන...
    ඔටු ගදක් එනවා... දුවං එයි දැං :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    නිකං එකෙක් නං ඌ බයටම ලෙඩේ හදා ගන්නවා ගැරජ් එකකට දාලා.. ඒත් මූ වැඩේ ගැන A-Z දන්න නිසා... අන්තිම වෙනකංම දුවනවා... මගදි කෙලවෙන අවස්ථාද තියෙනවා
    අර කතාවකුත් තියෙන්නේ දොස්තරලගෙ වාහන ගන්න එකයි ඉන්ජොන්ගෙ වාහන ගන්න එකයි ගැන...
    ඔටු ගදක් එනවා... දුවං එයි දැං :rofl:

    :rofl::rofl::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මරු කට්ට, TFS Rep+++
    අර සුපියල් 60 ට තියෙන ග්ලවුස් දෙකක් දාගත්තොත් වැඩේ අමාරුද, :confused: ඔහොම අතේ ගාගන්න හොඳ නෑ ඕව :yes:

    Workshop/Mechanic Safety Gloves වෙනම තියෙනවා ගන්න...

    Cut Resistant, Impact Resistant, Disposable Rubber Gloves, Welding Gloves...
    වෙන වෙනම ඒ ඒ වැඩේට ඩිසයින් කරපුව තියෙනවා ගන්න... ගොඩක් අයට හැබැයි ග්ලවුස් දාගෙන වැඩ කරන්න පුරුදු නෑ..

    ඔය ගොඩක් බයික් පදින උන්ටත් GAUNTLET GLOVES දාල පදින්න බෑ කියනවනේ.. වැටිලා ඇඟිලි කෑලි ගියාට පස්සේ කියනවා අපරාදේ අමාරුවෙන් හරි පුරුදු උනා නම් කියල... :rofl: :rofl: :rofl:

    Gloves

    Sleeves

    ඔන්න ඔය අයිටම් දෙක මන් ගව තිබ්බ.. ග්ලවුස් දෙක සෑහෙන කාලයක් පාවිච්චි කරා.. Sleeve දෙකත් අවුරුදු 1.5ක් විතර පාවිච්චි කරා...
    බය නැතුව පිච්චෙන්නේ නැති ඕනි අස්සකට අත දාගෙන වැඩ කරන්න පුළුවන්...
    :yes::yes::yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :angry::angry:දැනුත් මොනවහරි ගන්න ගියාම අහනව තාම ඕක හදනවද කියල.:P:P

    යකෝ බෙල්ල කඩල යන මගුලක්නේ. මේවගෙ පවර් නැතිවුනාම නෝමල් පවර් ස්ටියරින් ආවෙ නැති එකක් වගේ නෙමේ පට්ටම විදියට තද වෙනවනේ. මට හිතාගත්තැකි උඹ කපපු විදිය.:baffled:

    පවර් ස්ටියරින් ආපු නැති ඒවගේ Steering Ratio එක වැඩි බන් පවර් ආපු එකකට වඩා... ඒ හින්දා පවර් උපතින්ම නැති එක හරවන්න ලේසි පවර් වැඩ නැති එකකට වඩා...

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    Workshop/Mechanic Safety Gloves වෙනම තියෙනවා ගන්න...

    ඔව් ඒත් මොකුත් නැතුව වැඩ කරන වෙලේ අර එළවලු පලතුරු කඩෙත් විකුණන්න තියෙන ග්ලවුස් දෙකක් වත් දාගන්න තිබ්බේ ඔය ඔයිල් පිළිකාකාරක :yes:
     
    Status
    Not open for further replies.