සතුට යනු?

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
සතුටින් ඉන්න මුදල් ද අනිවා සාධකයක් වෙලා.... මිනිස්සු වර්ග දෙකක්ම අරන් බලන්න ... මුදල් අඩුපාඩු මිනිහටයි මුදල් හොඳට තියෙන මිනිහටයි දෙන්නටම හාර්ට් ඇටැක් එකක් හැදෙනවා...... සල්ලි නැති එකා රජයේ රෝහලේ බෙහෙත් අරන් ලිස්ට් එකෙන් බලන් ඉන්නවා ඔපරේෂන් එක කරගන්න... අතර මග අමාරු වෙලා උ මැරෙනවා හැබැයි සල්ලි තියෙන එකා ඒක පටස් ගලා කරගෙන ටිකට් කපන් ගෙදර එනවා... එදාම දුප්පත් එකා පෙට්ටියෙන් ගෙදර එනවා,..එක පවුලක් සතුටින් අනිත් පුවලම දුකින්... ගෙනාපු යුෂත් සල්ලි මත තීරණය වෙන අවස්ථාද නැතුව නොවේ.. හැම වෙලාවෙම එහෙම නෑ නමුත් වෙන වෙලාවකුත් තියෙනවා මෙහෙම දේවල් දැක්කම....

ලෙඩට දුකට ගන්න සල්ලි ඉතුරු කර තබා ගැනීම නුවනට හුරුයි.....:yes::yes::yes::yes:

ඔබ ලෞකික ජීවිතයේ සතුට සොයන බව වැටහේ. නමුත් මා කියන මාර්ගය ඔබ කියන මගට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධයි. මිනිසුන් සැමවිටම සිතන්නෙ තමන් අත්පත් කර ගන්නා භෞතික දේවල් තුල සතුට පවතින බව. ඔබ සිටින්නේත් එම මතයේ.
 
DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඔබ ලෞකික ජීවිතයේ සතුට සොයන බව වැටහේ. නමුත් මා කියන මාර්ගය ඔබ කියන මගට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධයි. මිනිසුන් සැමවිටම සිතන්නෙ තමන් අත්පත් කර ගන්නා භෞතික දේවල් තුල සතුට පවතින බව. ඔබ සිටින්නේත් එම මතයේ.

    එසේ නම් ඔබ පවසන්නේ කුමක්ද? බෞතික දේවල් වලින් අප ඈත් වී කෙසේද සතුට සොයා යන්නේ මේ ලෝ තලේ?? :P:P
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    DJ චි කේ යි යා;21329516 said:
    එසේ නම් ඔබ පවසන්නේ කුමක්ද? බෞතික දේවල් වලින් අප ඈත් වී කෙසේද සතුට සොයා යන්නේ මේ ලෝ තලේ?? :P:P

    ;)

    ඔබ මේ පිලිඹඳ උනන්දු වීම මා අගයමි. මුලින්ම මා කිව යුතුයි භෞතික දේවල් වලින් ඈත් වීම තුල සතුට නොපවතින බවත්. මදක් සිතමු, සිඟන්නෙක් අත ඔහු සතුව කිසිම භෞතික වස්තුවක් නෑ. නමුත් ඔහු ජීවිත කාලයම භෞතික වස්තු සොයමින් විඳවනවා. ඒ වගේම සියලු යාන වාහන සතු යම් පොහොසත් කෙනෙක් සිටිනවා. ඔහු ඒ වස්තු පරිබෝජනය කරමින් සතුටු වෙන්න උත්සහ කරනවා. ඒවා නඩත්තු කරන්න, ඔහුට කැමති පරිදි පවත්තන්න ඔහු උත්සහ කරනවා.

    මං අහන ප්‍රශ්නය, ඔහු ගාව සතුට තිබෙනවනම්, ඔහු ඇයි තව දුරටත් භෞතික දේවල් තමාට ඕනෙ ලෙස පවත්වන්න උත්සහ කරන්නෙ? ඔහු කැමති පරිදි සියල්ලම ලැබිය යුතියි නේද? ඔහු ඒ දේවල් පවත්වන්න උත්සහ කරන්නෙ ඔහු තුල තවමත් සම්පූර්ණ නොවූ සතුට සම්පූර්ණ කර ගන්න නේද? ජීවිතය අවසන් වනතුරු ඔය ටික නේද ඔහු කරන්නෙ?

    ඒ කියන්නෙ භෞතික වස්තු තමා සතු නොවීම හෝ තමා සතු වීම තුල සතුට නොපවතී.

    තවත් උදාහරණයක් කියන්නම්.

    ඔබ විශාල මුදලක් දීල හොඳ කැමරාවක් ගන්නව. දැන් ඔබ එයට තදින් බැඳිල. මොකද එය ඔබට ගොඩක් වටිනව. ඔබ දැන් එයින් ඡායාරූප ගන්නෙත් ඉතාම සැලකිල්ලකින්. එය වැටිල කැඩෙයිද, අතින් ලිස්සයිද, එයට වතුර යයිද, ලෙන්ස් එකට පුස් එයිද යනුවෙන් ඉතාම සැලකිල්ලකින් ඉන්නෙ. නිතරම එය සුද්ද කරනවා, පිහිදනවා.

    දැන් අප මදකට සිතමු ඔබ එසේ කැමරාවක් මිලදී ගත්තෙ නෑ කියල. ඔබ එම වර්ගයේම කැමරාවක් ඔබේ හොඳම මිතුරෙකුගෙක් තාවකාලිකව ඉල්ල ගන්නව. ඔබට එම කැමරාව කෙරෙහි ලොකු බැඳීමක් නෑ. මොකද එය ඔබේ කැමරාව නොවෙවන නිසා. එය වැටෙයිද, එයට වතුර යයිද කියල ඔබට කිසි ගානක් නෑ. ඔබ ඒ කැමරාවෙන් නිදහසේ ඔබේ ඡායාරූප ටික ගන්නව. සිතට කිසිම අව්ලක් නෑ. කැමරාවත් අරන් ඕනෙම කන්දක, ඕනෙම ගසකට නැගීමට වුවත් ඔබට කිසි ගැටලුවක් නෑ.

    දැන් ඔබ සිතන්න කැමරාවට බැඳී එය පරිහරණය කිරීමෙයි, නොබැඳී පරිහරණය කිරීමෙයි වෙනස.

    91.jpg
     
    Last edited:

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    පතන සියලු දේ ලැබීමත්, කිසිවක් ප්‍රාර්ථනා කරන්න නොසිතීමත්....
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    සතුටින් ඉන්න මුදල් ද අනිවා සාධකයක් වෙලා.... මිනිස්සු වර්ග දෙකක්ම අරන් බලන්න ... මුදල් අඩුපාඩු මිනිහටයි මුදල් හොඳට තියෙන මිනිහටයි දෙන්නටම හාර්ට් ඇටැක් එකක් හැදෙනවා...... සල්ලි නැති එකා රජයේ රෝහලේ බෙහෙත් අරන් ලිස්ට් එකෙන් බලන් ඉන්නවා ඔපරේෂන් එක කරගන්න... අතර මග අමාරු වෙලා උ මැරෙනවා හැබැයි සල්ලි තියෙන එකා ඒක පටස් ගලා කරගෙන ටිකට් කපන් ගෙදර එනවා... එදාම දුප්පත් එකා පෙට්ටියෙන් ගෙදර එනවා,..එක පවුලක් සතුටින් අනිත් පුවලම දුකින්... ගෙනාපු යුෂත් සල්ලි මත තීරණය වෙන අවස්ථාද නැතුව නොවේ.. හැම වෙලාවෙම එහෙම නෑ නමුත් වෙන වෙලාවකුත් තියෙනවා මෙහෙම දේවල් දැක්කම....

    ලෙඩට දුකට ගන්න සල්ලි ඉතුරු කර තබා ගැනීම නුවනට හුරුයි.....:yes::yes::yes::yes:

    Solution here http://www.elakiri.com/forum/showthread.php?t=1788582
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සතුට යනු සීනී දවටන ලද තවත් තිත්ත බෙහෙතක් මෙනි. සෑම අනිත්‍ය සතුටක් තුලම දුක ගැබ්ව පවතී. යමෙකු අට ලෝ දහමෙන් කම්පා නොවී සිටිත්ද ඔහු සැමදා සතුටින් සිටී!!
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අපි ජොබ් එකෙක් කරන්නෙ ජීවත් වෙන්න උනත් අපිටත් නොදැනීම ජොබ් එක ජීවිතෙ වලා. එත කොට අපිට ජීවත් වෙන්න අමතක වෙලා.

    ආයෙමත් හිතෙනව ජීවත් වෙන්න. සතුට හොයන්න.:dull:
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    සතුට යනු සීනී දවටන ලද තවත් තිත්ත බෙහෙතක් මෙනි. සෑම අනිත්‍ය සතුටක් තුලම දුක ගැබ්ව පවතී. යමෙකු අට ලෝ දහමෙන් කම්පා නොවී සිටිත්ද ඔහු සැමදා සතුටින් සිටී!!

    :)
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    අපි ජොබ් එකෙක් කරන්නෙ ජීවත් වෙන්න උනත් අපිටත් නොදැනීම ජොබ් එක ජීවිතෙ වලා. එත කොට අපිට ජීවත් වෙන්න අමතක වෙලා.

    ආයෙමත් හිතෙනව ජීවත් වෙන්න. සතුට හොයන්න.:dull:

    හරියටම හරි. ජොබ් එකක් කරන්න හිතුවෙ සතුටක් ලබන්න. නමුත් අන්තිමට කරන්නෙ ජොබ් එක විතරයි සතුට අමතකයි. ලැබුනු සතුටක් නෑ. වයසට ගිය බොහෝ දෙනෙක් කල්පනා කරල බැලුවාම ඔවුන්ගේ වගකීම් වැඩි වුනු කාලයේ පටන් ජීවිතේ විඳීම වෙනුවට ඔවුන් කරල තියෙන්නෙ විඳවීම. ඕනෙ කෙනෙක්ට ජීවිතේ සුන්දරම කාලය ළමා කාලය වන්නෙ මේ නිසයි. කුඩා කාලයේ අනවශ්‍ය ප්‍රශ්ණ හිතේ නෑ. ඒ නිසා ඔවුන් ඉතා නිදහස්.