SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    CCTV මිලදී ගන්න කලින් මේ ලිපිය කියවලා ඉන්න



    ඉස්සර අපේ ගෙවල් වල, ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රියා පිළිවෙත් බොහොම ප්‍රාථමික ඒවා කියලා කිව්වොත් නිවැරදියි.
    අතීතයේදී ගෙදරක නම් එළියෙන් ගිණි මැලයක් ගැසීම, ගෙදර ගෘහ මුලිකයා එළියේ පිළේ නවාතැන් ගැනීම, ආරක්ෂාවට බල්ලෙක් ඇති කිරීම වගේ දේවල් තමයි ආරක්ෂාව සම්බන්ධයෙන් කලේ.
    ව්‍යාපාරික ස්ථානයක එහෙම නැතිනම් කඩයක නම්, කඩයේ සේවය කරන අතවැසියා හෝ කඩයේ මුදලාලිම කඩයේ නතර වීම තමයි කලේ. හැබැයි කාලයක් තිස්සේ මේ ක්‍රියාවලි කරගෙන යනකොට එහෙම ජීවත් වෙන අයට තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් තිබෙන තර්ජනය කෙමෙන් කෙමෙන් තේරුම් යාමත් එක්ක බොහෝ දෙනා විකල්ප සොයන්නට යොමු වුනා කිව්වොත් හරි.
    අන්න ඒ වගේ කාලයක තමයි හොරුන් කොටුකරගන්න උදවුවන නවීන තාක්ෂණික ක්‍රමයක් හැටියට CCTV ගැන ලංකාවෙ අපිටත් අහන්න ලැබෙන්නෙ. එහෙම ආරම්භ වෙන CCTV සේවාව අද වෙනකොට විශාල ව්‍යාපාරයක් වෙන තරමට දුර ගිහින්, ඒ මදිවට ඒ වෙනුවෙන් නීති රීති පද්ධතියකුත් හැදිලා. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැනයි.

    1. CCTV ඉතිහාසේ

    CCTV-101-aniwa-01.jpg
    Source – chemco.com.sg


    CCTV කියන අකුරු හතර දිග හැරියොත් අපිට කියවන්නට ලැබෙන්නේ Closed Circuit Television කියන තේරුමින් තමයි. මේ තාක්ෂණයේ ආරම්භය 1940 ගණන් තරම් ඈතට දිවගියත් CCTV මුලින්ම ජනතාව අතරට යන්නේ වසර 1970 තරම් පසු කාලයකයි. එයට හේතුව VCR යන්ත්‍ර බිහිවීමත් සමග වීඩියෝ පටිගත කිරීම් සහ දත්ත ගබඩා කිරීමේ පහසුකම් වැඩි දියුණු වීමයි. ඉස්සර වීඩියෝ ඩිකෝඩර් එකකට ලැබෙන ඇනලොග් සිග්නල් එකක් ඇසුරින් රූප විතරක් ගබඩා කරගන්න සිස්ටම් එකක් විදියට තමා මේ ක්‍රමය පැවතුනේ.

    2. වර්තමානය

    CCTV-101-aniwa-02.jpg
    Source – alibaba.com


    මේ වෙනකොට දර්ශන පටිගත වීම විතරක් නෙවෙයි. එහි ආශ්‍රිත හඬ පවා පටිගත කරන තාක්ෂණය මේ තුලට ඇතුලත් වෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා තමන් සතුව තිබෙන ඕනෑම වීඩියෝ නැරඹීමේ උපාංගයක් මගින් මේ කැමරාවල දර්ශන නරඹන්නට ඇති හැකියාව නිසා බොහෝ අය මනුස්ස ආරක්ෂකයින්ටත් වඩා මේ කැමරා ගැන විශ්වාසය තියන්නට පටන් අරගෙන.
    3. මේ සම්බන්ධව නීතියක් තියෙනවද?

    CCTV-101-aniwa-03.jpg
    Source – dailymirror.lk


    ඔව් මේ සම්බන්ධව ලංකාවේ පිළිගත් නීතියක් තිබෙනවා. ඒ අනුව කිසිදු පෙර දැනුම් දීමකින් තොරව CCTV හරහා දර්ශන පටිගත කරන්නට තහනම්.




    4. ආරක්ෂක හේතුන් මත වුනත්?

    CCTV-101-aniwa-04.jpg
    Source – redrockdecals.com


    නැතුව! ආරක්ෂක හේතුන් මත වුනත් අපි අපේ දේපල තුල පටිගත කරන්නේ අනුන්ගේ පුද්ගලිකත්වය නේ. එතකොට අර ඉහතින් කියූ නීතිය අදාළ වෙනවා.
    මෙන්න මේ හේතුව නිසා තමයි CCTV ආරක්ෂක කැමරා අටවා තිබෙන සෑම තැනකම පාහේ “ ඔබව ආරක්ෂක කැමරා මගින් නිරීක්ෂණය කරයි” එහෙමත් නැතිනම් “දුරස්ථ කැමරා මගින් නිරීක්ෂණය කෙරේ” වගේ දැන්වීම් පුවරු අදාළ පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබෙන්නේ, සැලකිල්ලෙන් බැලුවොත් ඔබට ඒවා දකින්නට පුළුවන් වේවි.

    5. එතකොට කඩේක සවි කරලා තියෙන CCTV කැමරා අපිට බලපාන්නේ කොහොමද?

    CCTV-101-aniwa-05.gif
    Source – primogif.com


    සරලයි. මෙහෙම හිතන්න, යම් පාරිභෝගිකයෙකු වෙළඳ සලට පැමිණිලා යම් භාණ්ඩයක් මුදලාලිට නොදන්වා සාක්කුවේ දමාගෙන ගියොත්, එවැනි අවස්ථාවක අපි නිතිය ක්‍රියාත්මක කරන්න ගියොත් අර පුද්ගලයාට තර්කයක් ගෙනෙන්නට පුළුවන් මම මේ භාණ්ඩය ගත්තේ වෙනත් වෙළඳසලකින් කියන්න. එහෙම වුනොත් වෙලඳසල අයිතිකරු සතුව සාක්ෂි තිබුනත් ඔප්පු කරගන්නට හැකියාවක් නැති නිසා. අසරණ වෙනවා.
    නමුත් CCTV කැමරා පද්ධතියක් තිබුනොත් අදාළ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් සාක්ෂියක් ලෙස අධිකරණයට හෝ පොලිසියට ඉදිරිපත් කරන්නට පුළුවන් කම තිබෙනවා. එවිට වඩාත් විනිවිද අයුරින් යුක්තිය විසඳන්නට ඉඩකඩ ලැබෙනවා.

    6. එතකොට ඒ වාසිය මුදලාලිට විතරද?

    CCTV-101-aniwa-06.gif
    Source – wifflegif.com


    නැහැ. වෙළඳ සල තුලදී ඔබට යම්කිසි කෙනෙකු අතින් කරදරයක් හිරිහැරයක් වුනොත්, ඒ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂියක් ලෙස අර කඩේ තිබුණු CCTV කැමරාවේ feed එක යොදාගන්නට පුළුවන්කම ලැබෙනවා.

    7. එතකොට මේ CCTV කැමරා පද්ධතියක කොටස් මොනවාද?

    CCTV-101-aniwa-07-a.jpg
    Source – newlink.lk



    රෙකෝඩරය
    CCTV-101-aniwa-07-b.jpg
    Source – aliexpress.com


    සියලු කැමරා වල දර්ශන පටිගත වන්නේ මේ තුලයි. වර්තමානයේ මේ රෙකෝඩරය වෙනුවට පරිගණකයක් වුනත් සම්බන්ධ කරන්නට හැකියි.
    කැමරා
    ඉහතින් කියූ රෙකෝඩරය තුලට දර්ශන සියල්ල පටිගත වෙන්නේ මේ කැමරා හරහායි. මේ කැමරා ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදෙනවා.

    මොනවද ඒ කැමරා වර්ග?
    වෙළඳ නාම ගැන කියනවා නම් සිය දහස් ගණනක් කියන්නට පුළුවන්. නමුත් කැමරා වර්ග ප්‍රධාන වශයෙන් වර්ග හතරක් ලෙසට පෙන්වා දෙන්නට පුළුවන්.


    i. Wireless camera
    CCTV-101-aniwa-08.jpg
    Source – spycameracctv.com


    වයර්ලස් කැමරා බොහොම වෙලාවට තිබෙන්නේ ඉතා සුලු නිවාස ප්‍රමාණයකයි. මෙයට හේතුව එහි තිබෙන මිල අධික බවයි. ඒ වගේම රැහැන් නොමැති නිසා සොරුන්ට වුවත් මේවා අක්‍රිය කරන්නට ඉතා අපහසු වෙනවා. මේ කැමරා වල තවත් ප්‍රධාන වාසියක් වන්නේ මේ කැමරා ස්ථානගත කරන්නට ඉතා පහසු වීමයි. කැමරාව සවිකර බලය ලබාදීම පමණයි කරන්නට තිබෙන්නේ.

    ii. Night vision camera
    CCTV-101-aniwa-09.jpg
    Source – ebay.com


    බොහොමයක් කැමරා වලට රාත්‍රී කාලයේදී දර්ශන මනාව පෙනෙන්නට ආලෝකය අවශ්‍ය වෙනවා. නමුත් මේ වර්ගයේ කැමරා වලට ඉතා අඩු ආලෝක තත්ත්වයන් හිදී වුනත් පැහැදිලි රූප ලබා දෙන්නට හැකියාව ඇති නිසා අපේ ආරක්ෂාව උපරිම තලයකට ඔසවා තබන්නට හැකියාව ලැබෙනවා.

    iii. Indoor/outdoor camera
    CCTV-101-aniwa-10.jpg
    Source – fpc-security.com, safewise.com


    මෙම ඉන්ඩෝර් කැමරාවන් සවිවන්නේ නිවස තුල දර්ශන ලබාදෙමින් නිවසේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නටයි. බොහෝ වෙලාවට නිවාස ඇතුලත විවිධ ස්ථාන වල කැමරා අටවා තබන්නට හැකි අතර එය නැරඹීමේ පහසුව ප්‍රධාන නිදන කාමරයට හෝ කාර්යාල කාමරයට ලබා ගන්නට ලංකාවේ ජනතාව පුරුදු වී සිටිනවා.
    අවුට්ඩෝර් කැමරා වල ප්‍රධානතම කාර්යය වෙන්නේ නිවසේ සාමාජිකයින්ව පිටස්තර පුද්ගලයින්ගෙන් ආරක්ෂා කරගැනීමයි. එවිට එළියේ අටවා තිබෙන මේ කැමරා හරහා අපට නිවසට හෝ භූමියට ඇතුලුවන්නේ කවුරුන්දැයි දැනගන්නට පුළුවන්.

    iv. Motion detection camera
    CCTV-101-aniwa-11.jpg
    Source – cctvcameradvrs.com


    මේ වර්ගයේ කැමරා වල නිතරම පටිගත වෙන්නේ නැහැ. යම් සතෙක් හෝ පුද්ගලයෙක් අදාළ පරිශ්‍රය පසු කරගෙන යනවා නම් ක්ෂණයෙන් තම කටයුතු පටන් ගන්නා කැමරාව පටිගත කිරීම් අරඹනවා.

    කේබල්
    CCTV-101-aniwa-12.jpg
    Source- ebay.co.uk


    කැමරාවේ සිට රෙකෝඩරය දක්වා දත්ත රැගෙන යන්නේ මේ කේබල් හරහායි. ඒ වගේම මේ කේබල් සවි කරන විට ඒවායේ දිග ගැන සැලකිලිමත් වීම වැදගත්. මොකද උවමනාවට වඩා දිගින් වැඩි වුවොත් එහි ගලන දත්ත වලට ප්‍රතිරෝධය නිසා බාධා පැමිණෙන්න පුලුවන්.

    රවුටරය
    CCTV-101-aniwa-13.jpg
    Source – alarmsforfarms.com


    ඔබේ CCTV හරහා එන දත්ත අන්තර්ජාලය හරහා නිරීක්ෂණය කරන්නට උවමනා නම්, ඔබ රවුටරයක් භාවිතා කලයුතු ම වෙනවා. එහිදී, ඔබ සිටින තැන කොතන වුවත් ඔබ සතුව තිබෙන ස්මාර්ට් උපාංගය හරහා නිවසේ කැමරා පද්ධතියේ IP ලිපිනය යෙදීමෙන් ඒ හා සම්බන්ධ වන්නට හැකියාව තිබෙනවා.

    8. CCTV install කරන්නට පෙර සැලකිය යුතු කාරණා.

    CCTV-101-aniwa-14.jpg
    Source – tracker057.blogspot.com



    1. නිවසේ කැමරා සවිකලයුත්තේ කොතනටද කියලා සැලසුමක් හදාගන්න. ඉන් පසුව ඩිකෝඩරය සහ කැමරාව අතර දුර අනුව දත්ත වලට වන බාධා ගැන කාර්මිකයා සමග කතා බහ කර විසඳුමකට එන්න.
    2. තමන් කැමරා යොදන ස්ථානයේ වැඩි ප්‍රදේශයක් ආවරණය වන ආකාරයෙන් කැමරා සවි කරන්න
    3. හොඳම කැමරා මොනවාද කියල කාර්මිකයා හෝ ආයතනය සමඟ කතා බහ කරන්නට කලින් ඔබ සතුව ඒ වර්ග වල නම් තොරතුරු ඇතිනම්, අන්තර්ජාලයේ සෙවුමක් දමා ඒ ගැන ඇති reviews කියවන්න.
    4. ඔබ සතුව යම් තාක්ෂණික දැනුමක් තිබෙනවා නම් කරුණාකර ඔබම ඔබේ නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ස්ථාපනය කරගන්න එක හොඳයි. එය ඔබේ කාලයත් මුදලත් ඉතිරිකරනවා වගේම ආරක්ෂාවත් වැඩි කරාවි.
    5. දෙවරක් හිතන්නේ නැතිව හොඳම කැමරා සහ උපාංග තෝරා ගන්න. ඔබ මේ වියදම් කරන්නේ ලබන අවුරුද්දේ ආපහු කැමරා දමන්නට නොවන නිසා. මිල අධික වුනත් කල්පැවැත්ම සහ වගකීමක් සහිත තැනකින් ඔබේ මිල දී ගැනීම් කරන්න.
    6. කැමරා සඳහා වන වයර සියල්ලම pvc බට තුලින් රැගෙන යන්නට හැකි නම් අගෙයි. මෙයට හේතුව වන්නේ ඒවා මීයන් වැනි සතුන් ගෙන් ආරක්ෂා කරන්නට උවමනා නිසයි.
    7. මුරපද ආරක්ෂා කරන්න. කිසිවිට අන්සතු කරන්න එපා. හැකි නම් මාස 6 කට වරක් හෝ මුරපද වෙනස් කරන්න.


    උපුටා ගැනීම - http://www.aniwa.lk/2017/03/11/1703112-cctv-101/
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    වැදගත් ලිපියක්. REP+ අනිවා එකේ ලිපි නම් සෑහෙන්න වැදගත් ඒවා යන්නේ. මචන් මේකේ දාලා තියෙන විදියට අපි ගෙදර CCTV එකක් සෙට් කරනවා නම් ඒකට කොහෙන් හරි අවසර ගන්න වෙනවාද?
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    වටින විස්තරයක්
    rep + 11
    :)

    tq mcn...

    වැදගත් ලිපියක්. REP+ අනිවා එකේ ලිපි නම් සෑහෙන්න වැදගත් ඒවා යන්නේ. මචන් මේකේ දාලා තියෙන විදියට අපි ගෙදර CCTV එකක් සෙට් කරනවා නම් ඒකට කොහෙන් හරි අවසර ගන්න වෙනවාද?

    dnn widhta ne bn...hebai pena thenka board ekk ghnn one cctv thynwa kyla.....


    vatinava bn
    rep ++++

    ela mcn



    tq wewa..
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    cctv cam.equipments ganna puluwan place tikakut contatc details ekka danna puluwan nam watinawa.a sambandawa danna aya.
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    තෑන්ක් you මචන්
    රේප්

    එල බ්‍රෝ....

    rep added

    ස්තුති


    || BUMP ||

    11.gif
    11.gif
    11.gif


    A. සිරියා;21334835 said:

    ස්තුති

    patta..
    rep denda balu

    එල.. අවුලක් නැ...

    cctv cam.equipments ganna puluwan place tikakut contatc details ekka danna puluwan nam watinawa.a sambandawa danna aya.

    මන් නම් අරන් නැ මචන්..... Elakiri help එකේ thread එකක් දාපන්... දන්න අවුන් අනිවා උදව් කරයි....


    11.gif
    11.gif
    11.gif



    ස්තුති


    11.gif
    11.gif
    11.gif



    11.gif
    11.gif
    11.gif



    11.gif
    11.gif
    11.gif