මා හිදගෙන සිටින්නේ බසයේ ඉදිරිපෙළ අසුනකය. ඇය මා අසලින් හිදගෙන සිටි. ඇය රුමත්ය. පැහැපත්ය. මාගේ සිතෙහි ඇය කෙරෙහි ආදරයක් පවතී. එය රාගය නොවන බව ඕනෑම තැනක දිව්රා කීමට මට හැක. ඇගේ බද වටින් මම මගේ අත යැව්වෙමි. ඇය කිසිත් නොකිවාය. ඒ වෙනුවට මා දෙසට බර වී මගේ පපුවේ හිස තබා ගැනීමට උත්සහ කලාය. බොහෝ වෙලාවක් ඇයට එම ඉරියව්වෙන් සිටීමට අපහසු බව තේරුම් ගත් මා, බද වටේ යැවූ අත ගෙන ඇගේ ගෙල වටේ යවමින් ඇයව තදින් තුරුළු කර ගත්තේය. මගේ හදවත ගැහෙන රාවය අසමින් ඇය දෑස පියාගෙන සිටි. ඇගේ හිස පිරිමදිමින් ඇගේ විසිරුනු කෙහෙරැලි එකට එක් කරමින් තව තවන් ඇයව මාගේ පපුවට තුරුළු කර ගතිමි. බසයට නගින බහින මිනිසුන් අපදෙස බලන බව මට පෙනේ. නමුත් මට එය එතරම් ගානක් නොවිය. මා ඇගේ උණුසුමද, ඇය මගේ උණුසුමද විදිමින් ඉතාම සුවපහසුවෙන් ගමන් කරමින් සිටි. මේ ආකාරයට කොතරම් දුරක් ගියේද යන්න මට හරි හැටි අදහසක් නැත. හිටිහැටියේම මාගේ දෑස් වලින් කදුළු ගලාගෙන යනු මට දැනුණි. පසුව මා ඉකිගසමින් හඩනු මට දැනුණි. මා හඩන බව දැනුණු නිසාවෙන් ඇය මා දෙස හැරි බැලුවාය. එය සිහිනයකි. දැන් මා අවදිව සිටි. නමුත් තවමත් මා ඉකිගසමින් හඩයි. මාගේ දෑස් වලින් දෙපසට ගලන කදුළු වලින් මා නිදාගෙන සිටි කොට්ටය තෙමි ඇත. වේලාව උදේ 6.00 ට පමණ ඇත. එය වැඩ දිනයක් වූ නමුත් වැඩට යාමට තරම් සුදුසු මානසිකත්වයක් මට නොවේ. මා වැඩට නොගියහොත් විශාල වැඩ ප්රමාණයක් අතපසු වනු ඇත. එය අන් අයටද බලපානු ඇත. මෙසේ කල්පනා කල මා සයනයෙන් බැස නාන කාමරයට ගියේ වැඩට යාම සදහා මුහුණ සෝදා ගැනිමටය. ඇය කවුද?
ps: na ban. me kella thama mama kalin love karapu kella.
but eyata sanipa nathi una. doctor kiwa eyata badinna epa kiyala.
gedarin mewa gana mokuth danne na. gedarin me dawas wala mata proposal balanawa.
dan girl kenek katha karala thiyanawa. but yati hithen mama thamath first ekkenata love.
e siddiya thama mata heenen penila thiyenne
heenen mata adunu palaweni para meka thama ban. samahara sindu wala heenen adana seen kiyaddi issara hina yanawa. mona magulakda nidaganne nathuwa ada ada inne kiyala. but onama kenekta onama welawakadi onama deyak wenna puluwan

Last edited: