VPS එක්ක Sentora Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    VPS එක්ක Sentora Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය

    මම හිතුවා අද කියලා දෙන්න VPS එක්ක Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය ගැන. VPS එක්ක පහසුවෙන් වෙබ් සයිට් එකක් Host කරන්න නම් Web Hosting Control Panel එකක් Install කර ගන්න වෙනවා. ඒ වගේම VPS එකකින් Web Hosting එකක් කරන්න ඉන්නවනම් එයාලට මේ ලිපිය වැදගත් වෙයි.

    මුලින් ම 1GB RAM හෝ ඊට වැඩි Linux VPS එකක් අරන් Ubuntu 12.04 හෝ 14.04 Install කරගන්න. VPS එකේ Control Panel එකේ තියෙන OS Reinstall කියන එකෙන් පුලුවන් වැඩේ කරගන්න. Ubuntu 12.04 හෝ 14.04 වලට විතරයි Sentora Support කරන්නේ ඒක නිසා ඒ OS දෙකෙන් එකක් දාගන්න.

    0MSSIv6g.png


    AoDsH5R.png


    ඊට පස්සේ මෙතනට ගිහිල්ලා Putty Download කරගන්න.

    32-bit: https://the.earth.li/~sgtatham/putty/latest/w32/putty.exe
    64-bit: https://the.earth.li/~sgtatham/putty/latest/w64/putty.exe

    Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.

    gr2PkGi.png


    ඔය Security Aleat එක Yes ඔබන්න.

    Mz83O4C.png


    ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.

    ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කර ගමන් Paste වෙනවා.) ඊට පස්සේ Enter ඔබන්න.

    root ලොග් උනාම මෙන්න මේ වගේ

    ZUFllZB.png


    පහත command එකෙන් එක Type කරලා Enter ඔබන්න.

    Code:
    sudo apt-get update

    Code:
    sudo apt-get remove apache2

    Code:
    sudo apt-get remove bind9

    Code:
    sudo -i

    Code:
    cd

    Code:
    wget http://sentora.org/install

    Code:
    chmod +x install

    2pgjhDfg.png


    Code:
    sudo ./install

    ඊළගට Time Zone එක තෝරන්න එයි. Asia තෝරලා Enter ඔබන්න. ඊට පස්සේ Colombo තෝරලා Enter ඔබන්න.

    ZlVpNYEg.png


    ඊළගට අහනවා Panel එකට ලොග් වෙන්න පුළුවන් Sub Domain එකක්. ඒකට ඔයා VPS එකට එකතු කරන්න හිතං ඉන්න Domain එකේ Sub Domain එකක් එත්නට ලබා දෙන්න. panel.yourdomain.com වගේ එකක්.

    ඊළගට අහනවා VPS එකේ IP එක හරිද කියලා ඒක හරිනම් Enter ඔබන්න වැරිදි නම් නිවැරදි කරන්න.

    94mZ2pC.png


    accept කරන්න මෙහෙම එකක් අවොත් y කියලා Type කරලා Enter ඔබන්න. (මටනම් ආවේ නැහැ එහෙම එකක්)

    85YEncu.png


    දැන් ඔහොම Username Password ටික ලැබෙයි ඒක සිලෙක්ට් කළා නම් නිකන් ම Copy වෙනවා ඒක කොහේ හරි Save කරලා තියාගන්න.

    ඊට පස්සේ අහනවා VPS එක Reboot කරන්න ද කියලාඑකට y ඔබලා Enter ඔබන්න. එතකොට VPS එක Reboot වෙනවා.

    nTMfxIL.png


    ඊට පස්සේ ඔබේ VPS එකේ IP එක වෙබ් බවුසර් එකේ Address Bar එකේ ගහලා Enter ඔබන්න එවිට Sentora Login Page එක දිස්වෙයි.

    NOk7i7m.png


    මේ තියෙනෙන් Panel එක මේකේ එක අවුලයි තියෙනෙන් එකේ File Manger නැහැ filezila වලින් තමයි ඔකොම කරගන්න ඕනේ වෙනනම් අවුලක් නැහැ.

    X4Mj9bL.png


    දැන් Domain එක Panel එකට Add කරගන්න ඕනේ. ඔකොටම ඉසෙල්ලා Domain එක ගත්ත තැනට යන්න. Domain එකේ DNS Panel එකට Godaddy , namecheep හෝ Cloudflare නම් Cloudflare එකට ලොග් වෙන්න. වෙලා

    VPS එකේ IP එකට A Record 3 හදා ගන්න ඕනේ.

    Name එකට @ දාලා එක A Record එකක් හදන්න.
    Name එකට අර Panel එක Install කරනකොට දුන්න Sub Domain එක දාලා A Record එකක් හදන්න.
    Name එකට www දාලා A Record එකක් හදන්න.


    ඊට පස්සේ Domain ගිහිල්ලා Domain එක Add කරන්න

    0gQTWofg.png


    ඊට පස්සේ VPS එක Reboot කරන්න. VPS එකේ Panel එකෙන් පුලුවන් නැත්තම් Putty වලින් ලොග් වෙලා
    Code:
    reboot
    කියලා Type කරලා Enter කළා නම් Reboot වෙනවා ඒ ක්‍රමය ගොඩක් පහසුයි.


    දැන් Sentora Install කරනකොට ලබා දුන් Login URL එකෙන් Panel එකට ලොග් වෙන්න උත්සහා කරන්න එය දැන් ක්‍රියාත්මක වනු ඇත. ගැටළු තියෙනවනම් අහන්න. ඒ වගේම මේ ලිපියේ අඩු පාඩු තියෙනවනම් කියන්න.

    Install කරගන්න බැරිනම් Install කරලා දෙන්නම් මට P.M කරන්න හැබැයි Teemview එන්න කියන්න එපා.

    ඊළගට කියලා දෙන්නම් Kloxo Mr Panel එක ගැන ඒක මේකට වඩා ගොඩක් දේවල් තියෙන සුපිරිම Panel එකක්. නොමිලේ දෙන ඒවාගෙන් ලස්සනම. වැඩ කෑලි ගොඩක් තියෙන Panel එක තමයි Kloxo Mr කියන්නේ.

    ගොඩක් මහන්සි වෙලා එළකිරියේ මේ ගැන දන්නේ නැති අය වෙනුවෙන් මයි ලිව්වේ ඒක නිසා bump එකක්වත් දාගෙන යන්න.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    ..Elakiri Machan..

    ela machan

    +4

    Mchn dannawa nm vps ekak aran cod server ekak daganna hetit kiyala dennako

    ha man liyanam e ganath

    වටින වැඩක් කොල්ලෝ. 7+

    ela

    +4

    mchn VPS ekak hadana haida nathanm VPS ekak aragenada meka karanna oni? hariyata therune naha bn.
    REP+

    oya salli dila vps ekk aran meka karanna one. Elakiri ek aliman gen ganna vps eka menna mayagen http://www.elakiri.com/forum/member.php?u=156430 math gththa eyagen eyage vps hodai


    ela

    +4