ඇලඩින්ගෙන් ඉල්ලන්න ඕන දේවල් 5 ක්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඇලඩින්ගෙන් ඉල්ලන්න ඕන දේවල් 5 ක්

    අපේ මිනිස්සු බුදුන්ගෙන් ඉල්ලන ඒත් ඇලඩින්ගෙන් ඉල්ලන්න ඕන දේවල් 5 ක්


    මේක නිරාගමික සටහනක් කියලා හිතුවත් නොහිතුවත් කමක් නෑ. අනිවා අපි කවදාවත් එක එක කුලකවල නෑ. පක්ෂ විපක්ෂ, ආගමික නිරාගමික ඕන එකක් අපිට එකයි. මේ කියන්න යන්නෙ අපි දැකපු අවුලක්. ලෝකෙ තියෙනවලුනෙ ආගම් හාරදාහක් විතර. ඔය ආගම් හාරදාහෙම “අනුගාමිකයො” කියන්නෙ තමුන්ගෙ එක හරියි කියලයි. ඒ නිසා අනිත් තුන්දාස් නමසිය අනූනමේම වරදින්නත් පුළුවන්, සමහරවිට හාරදාහම වරදින්නත් පුළුවන්. මේ කියන්න යන්නෙ ඒ ඒ ආගම් ශාස්තෘන් කියපුවා කනකට ගන්නැතුව තමුන්ගෙ වාසියට ඉල්ලීම් ඉල්ලන මිනිස්සු ගැන. ඒ ශාස්තෘන් කියපු දෙයින් හොඳ විදියකට ජීවත් වෙනවා මිසක් තමුන්ගෙ අඩුපාඩු තමුන් සලසගන්නෙ නැතුව ඒ ඒ ශාස්තෘන්ගෙන් ඒ දේවල් ඉල්ලන එක ඉතින් හුඟක් අවුල්. එවුව ඉල්ලන්න ඕන ඇලඩින්ගෙ පහනෙ භූතයගෙන්. මෙවුව කිවුවයි කියල අපිව ඉගිල්ලෙන ස්පැගටි රාක්ෂයාගෙ අනුගාමිකයො ගාණට දාන්නෙපා හො‍ඳේ.



    1. මැච්!
    vP3pw22.jpg

    රටේ ඉන්නවනෙ මැච් පිස්සො. ඔය අස්සෙ ඉන්නව පට්ටාගමික සහ මැච් පිස්සුව ලෙසටම තියෙන උන්. සාමාන්‍ය මැච් පිස්සන්ට තමුන්ගේ රට තියෙන මැච් එකක් පට්ට ඉන්ටෙන්ස්. අන්තිම ඕවර් දෙහෙකට වගේ සෙට් වුනහම, නියපොතු කැවෙනව චූ බරවෙනව වගේ සාමාන්‍ය දේවල්නෙ සිද්ධ වෙන්නෙ. ඒත් මේ කියන විදිහෙ සැට් එක කරන්නෙ දේවාලෙට ගිය නාකි ආච්චිල වගේ ටීවී එක ඉස්සරහ වැඳගෙන දෙවියන්ට, බුදුන්ට කියන එක. “අනේ බුදු හාමුදුරුවනේ අන්තිම ඕවරේට හයේ හයක් ගස්සවල දෙන්න හාමුදුරුවනේ. අම්මප මේ තිස්හය වැදුනොත් මං අම්ම එක්ක හැම ඉරිදම පන්සල් එනවමයි අවුරුද්දක් එකදිගට.“ඔන්න ඔය වගේ උන් බුදු හාමුදුරුවො එක්කත් අවුරුද්දෙ කන්ට්‍රැක්ට් ගහන්නෙ.



    2. කෙල්ලො
    G8VEwdA.jpg

    හුඟක් අය තමන්ගෙ ආගම තෝරගන්නෙ ඒවායේ කියන ධර්මයගැන දැනගෙන නෙමෙයිනෙ. අම්මල තාත්තලගෙ ආගම වීම නිසා තමයි ඒ තොරාගැනීමසිද්ධ වෙන්නෙ. පස්සෙන් පහු කාලෙක උනත් තමන් අදහන ආගම දර්ශනය ගැන හොයාබැලිල්ලක් අධ්‍යයනයක් කරන අය හරි අඩුයි. ඉතිං එහෙම දැනුමක්තේරුමක් නැතුව ඉන්නකොට තමුන්ට තමුන් වෙනුවෙන් කරගන්න කොන්දක් නැති දේවල් දෙයියන්ට, බුදුන්ට බාර දිලා නිකං ඉන්නවා. ඔය පොරවල් ක්ලාස් එහෙකට යන්නෙත් බුදුන්ට වැඳලා. ඒ ඉගෙනගන්න දේවල් පිහිටන්න ශක්තිය ලැබේවා වගේ පැතුමකින් නෙමෙයි. ඒ අය ඉල්ලන්නෙ “මේ පන්තියෙන්නං ඕන් කෙල්ලෙක් ඕනමයි බුදුහාමුදුරුවනේ හො‍ඳේ. අයෙ ආයෙනං ක්ලාස් මාරු කරන්න බෑ මට. මං ගිහින් හිතන කෙල්ලවම ඕන මට.”



    3. විභාගෙ
    Q21EQMg.jpg

    ඔය විදියට කෙල්ලො දිහා බල බල ඉඳලා දැන් ඔන්න එනව විභාගවලට. ආවම තමයි තදියම තේරෙන්නෙ. ඉතිං ආයෙත් පිහිටට ඉන්නෙ බුදු හාමුදුරුවො තමයි. මුං මුලින්ම අමතක කරනව උන්නාන්සෙ දේශනා කරපු දෙයක්. ඒ තමයි තමුන් කරපු පවුවලට තමුංම කරගහන්න ඕන කියන දේ. ඕක අමතක කරලමයි උන් ගේමට සෙට් වෙන්නෙ. ඉතිං ඉල්ලනව බුදුන්ගෙන් රිසල්ට්ස් ගොඩ දාලා දෙන්නැයි කියල. ඔයිට හපං කේස් වෙනවා. දැන් ඔය සෞන්දර්ය විෂයයක් කරපු දෙන්නෙක් හිටියා. ඒදෙන්න ඉස්කෝලෙක ටීචිං ඉල්ලුව. දෙන්නටම බැහැනෙ. එක්කෙනයි ගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් පුළුවන් කෙනා වරම දෙන්න කියල සරස්වතී දේවිගෙන් ඉල්ලුව, තියරි පුළුවන් කෙනා ගණ දෙයියොන්ගෙන් වරම ඉල්ලුව. දැන් ගණ දෙයියොයි සරස්වතී දේවියි මූණට මූණ බලන්නෑ මුං හැම බම්බුවම දෙයියොන්ට දාන හින්දා.



    4. නඩුව
    9WJfaXt.jpg

    සමහර ඩයල් ඉන්නව කෙලින්ම හේට් ස්පීච්. බුදුන් ගාවදි වුනත් කියාගෙන යද්දි ‍ටිකක් වෙලා යනකොට ඔක්කොම අමතක වෙනවා. “අනේ බුදුහාමුදුරුවනේ, මං ජූන්ඩක් වැට එහාට කරා තමයි. ඒක වැරදි තමයි. මං දන්නව තමයි. හැබැයි අරූට නං දිනුම ලබාදෙන්න ඉඩක්වත් දෙන්නෙපා බුදුහාමුදුරුවනේ. ඕක මං වගේ නෙමෙයි. ඕක පෝයට පන්සල් එන්නෙත් නෑ. ඉඩං කේස් එකනං ඌට වාසි කරවන්නෙපා!”



    5. කුලේ
    dPUgq7S.jpg

    තව ප්‍රධාන වශයෙන්ම බුදුන්ට කියන දෙයක් තමයි ලවු කැඩීම. “අනේ බුදු හාමුදුරුවනේ අපේ එකාගෙ හිත ඔය කෙල්ලගෙන් අහක් කරල දෙන්ඩෝන. ඕකි මායමෙන්මයි අපේ එකාව අල්ලගත්තෙ. මෙච්චරකල් පන්සලේ පස් පාගපු නැති එකා දැන් ඕකි නිසා පන්සලේමයි. මං බලාගෙන දැන් පොතුත් කියෝනව. අනේ කොල්ල හොඳටෝම වෙනස් වෙලා බුදු හාමුදුරුවනේ. ඉස්සර යාළුවො එක්ක රෑ වෙනකං ඉඳල ගෙදර ඇවිල්ලත් සන්තෝසෙන් හිටපු කොල්ල. දැන් අරකි එක්කමයි. ඕකිගෙ අම්මත් නල්ලමලේ බඩ්ඩ. අනේ ඕං ඕක කඩල දෙන්න ඕනමයි හො‍ඳේ. මං හැමදාම පන්සල් එනවනෙ හවසට.”


    උපුටා ගැනීම http://www.aniwa.lk/2017/03/26/1703261-what-our-people-ask/
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,942
    2,109
    113
    sirawata..
    habai eka wasiyak thiyanawa oke, hamadaama ohoma wadagath deyak prarthana karana eken thamange targets hamathissema mathak wenawa, eka samaharawita e targets walata yanna udawwak wenna puluwan.

    Eth budu pilimayak issaraha wandagena oya wage prarthna karana eken wenna bududahamath anith aagam ganayatama watena eka. Ape upasaka ammala godak bana ehema ahanna bududahama gana hari daneemakin newei. Haamuduruwo banak kiyala iwaraunahama kattiya kiyanne "Shook bana kathaawa" kiyala. Eke haraya therumganna aya sahenna adui.
     
    • Like
    Reactions: Dishta Didin

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    sirawata..
    habai eka wasiyak thiyanawa oke, hamadaama ohoma wadagath deyak prarthana karana eken thamange targets hamathissema mathak wenawa, eka samaharawita e targets walata yanna udawwak wenna puluwan.

    Eth budu pilimayak issaraha wandagena oya wage prarthna karana eken wenna bududahamath anith aagam ganayatama watena eka. Ape upasaka ammala godak bana ehema ahanna bududahama gana hari daneemakin newei. Haamuduruwo banak kiyala iwaraunahama kattiya kiyanne "Shook bana kathaawa" kiyala. Eke haraya therumganna aya sahenna adui.

    සම්පුර්ණයෙන් එකගයි කථාවට මමත් බුදු දහම හිස් මුදුනින්ම පිලිගන්නවා ජොතිෂය සහ බොරු මිත්‍යා විස්වාස නම් පෙන්නන්න බෑ ඒත් මොනවා කරන්නද අම්මා තදින්ම ජොතිෂය විස්වාස කරනවනේ:baffled::baffled::baffled: