ට්‍රැෆික් පොලිසියෙන් දොඩංගොඩදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙකුට බිම දාගෙන පහරදුන් අයුරු
රථවාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මහ මගදී පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අපට ලැබී තිබෙනවා. මෙම පහරදීම සිදුව ඇත්තේ දොඩංගොඩ මංසන්ධියේදී යි.
අණ නොතකා ධාවනය වූ බව කියන යතුරු පැදියක් මෙම නිලධාරීන් විසින් ලුහුබැඳ ඇති අතර පසුව එය දොඩංගොඩ මංසන්ධියේදී අනතුරට ලක්ව තිබෙනවා.
එමෙන්ම යතුරු පැදිකරුට රියැදුරු බලපත්‍රයක් නොමැති බව පසුව කළ සොයා බැලීමකදී හෙළි වී ඇති අතර මේ වන විට පහර කෑමට ලක්වූ යතුරු පැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.




ගුටිකාලා බේරුන එක ඇති.

