මගේ පෞද්ගලික අත්දැකීම කියන්නම්. මමත් විවාහ වෙලා ඉන්නෙ යෝජනාවකින්. මුල් කාලේ ප්‍රශ්නයක් තැතුව ආතල් එකේ හිටියා. හැබැයි අවු 4-5ක් යනකොට අපි දෙන්නටම කසාදේ එපා වෙලා වගේ හිටියේ. හේතුවක් හිතා ගන්න බෑ. මට දැනුනේ බිරිඳට මාත් එක්ක ජීවත් වීම එපා වෙලා වගේ. ඇහුවට කිසි දෙයක් කියන්නෙත් නෑ. මේ කාලේ මම නිවසක් ඉදිකරමින් හිටපු කාලේ. ඒ නිසාද මන්දා මගේ අවධානයෙන් ඇයව ගිලිහිලා ගිහිල්ලා තිබුනා. රෑට විතරක් ලඟට යන ස්වාමියෙක් බවට මම පත්වෙලා තිබුනා. මුලින් මුලින් ඇය මේ ගැන ඉඟි පලකලත් ඒවා වටහා ගැනීමට තරම් ඇය කෙරෙහි අවධානයක් මට තිබුනේ නෑ. ඇය හැගීම් විරහිතව ජීවත් වුනා. ලිංගික සම්බන්දය නීරස දෙයක් බවට පත් වුනා. ඇයත් මමත් අතර විවිධ දේවල් ගැන ගැටුම් ඇතිවුනා. ගැටුම් දුරදිග ගිය අවස්ථාවල ඇය දික්කසාදය පවා ඉල්ලා සිටියා. මමත් හිටියේ දික්කසාද වී හෝ මේ මර උගුලෙන් ගැලවෙන්න ඕනේ කියලා හිතාගෙන.
හැබයි හිතපු නැති අහඹු සිද්ධියකට පස්සේ අපි දෙන්නම මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න පටන් ගත්තා.එකෙන් බිරිඳගේ හිතට මාව දැනුන විදිය ගැන මට අවබෝධයක් ආවා. මගේ හිතේ තියෙන දේවලුත් මම අවංකවම ඇයට පැවසුවා. අපි දෙන්නගෙම හැඟීම්, අවශ්‍යතා ගැන හොඳ අවබෝධයක් අපි දෙන්නටම ලැබුනා. කොටින්ම කියනවා නම් මම ආදරේ දැනෙන්න ජීවත් වෙන්න පටන් ගත්තා.
දැන් අපි දෙන්නම සතුටින් ඉන්නවා. උඹලා කව්රුත් පවුල් කඩාගන්න එපා. ඒකෙන් අසරණ වෙන්නේ ළමයි. ආදරේ දැනෙන විදිහට ජීවත් වෙන්න.





.වේලිච්ච හාල්මැස්සෙක් තියාගෙන ගෑණිට කොරනවලු.

හම්මේ..මුගේ පච ඔය 

